ඇත්තටම මහින්ද පරාද උනේ ඇයි??

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    ඇත්තටම මහින්ද පරාද උනේ ඇයි??

    කාටවත්ම දිනන්න බෑ කිව්ව යුද්දෙ 2009 දී දින්නම හැමෝම හිතුවෙ රාජපක්ෂ ආණ්ඩුව ආයෙ අවු 10-15 යනකන් ගෙදර යවනවා බොරු කියලයි. UNP එකට ආයෙ සෑහෙනකලකට ආණ්ඩු පිහිටවනවා තබා හිතන්නත් බෑ කියන මතයක් තමා එදා තිබ්බෙ. නමුත් ඒවගේ ජනප්‍රියතාවයකින් තිබ්බ , මිනිස්සු ගෞරවයට මහරජානෝ කියලා පවා ඒකාලෙ කියපු මහින්ද අවුරුදු හයක් යන්න මත්තෙන් මේ වගේ පිට පිට දෙවරක් පරාජය වුනේ ඇයි? මම මට හිතෙන හේතු ටික කියන්නම්. උඹලත් කරුණු තව එකතු කරපල්ලා. මේක ටොයියා/බයියා ප්‍රශ්නයක් නෙවි. ඇත්තටම රටම ගරු කරපු කෙනෙක්ට මේවගේ තත්වයක් උදා උනේ ඇයි කියල විවෘතව හොයන එක ටොයියන්ට වගේම බයියන්ටත් හොඳයි. මහින්ද උනත් මේ ගැන මීට වඩා හිතුවනම් අද මේ වගේ තත්වයක්මට වැටෙන එකක් නෑ..

    මහින්දට වැරදුන තැන්

    1) යුද්දෙ දින්නම , මිනිස්සු ගෞරවේට මහරජානෝ කිව්වම හැමදාම ඒක මතක් කරකර ජන්දේ දේවි යැයි සිතීම. යුද්ද්ය සදාකල් මාර්කට් කළ හැකි දෙයක් යැයි සිතීම.
    2) යුද්ධයෙන් පස්සෙ මිනිස්සුන්ගෙ අතමිට සරු කරන්න, ජීවන බර අඩු කරන්න මීට වඩා කැපවිය යුතු බව නොසිතීම හෙවත් යුද්දෙ කාලෙ පටිතදකරගෙන ඉන්න කිව්වා. මිනිස්සු යුද්දෙ ඉවර වෙනකම් එහෙම හිටියා. ඊට පස්සෙ ඒ මිනිස්සුන්ගෙ පටි බුරුල් කරන්න ඕන යැයි නොසිතීම
    3) තම ප්‍රතිවාදී අපේක්ෂක උන ෆොන්සේකා මහත්තයට චන්දෙ ඉවර උනාට පස්සෙ කල දේවල් බහුතර අය අනුමත නොකිරීම. බල්ලෙක් වගේ හිරේ දැමීම. මොනව උනත් යුද්දෙට ඔහු දායක උනේ නෑ කියන්න බෑ නෙ.
    3) උතුරෙ මිනිස්සුන්ගෙ යටිතල පහසුකම් වැඩි කරලා ගෙවල් හදලා ඒ මිනිස්සුන් සාමාන්‍ය දිවිපෙවෙතක් ගත කරවන්න වුන කැපවීම මඳ වීම. මේ කිව්වෙ ඊලමවත් හමුදා කඳවුරු ඉවත් කරන මගුලක් නෙවි. ඒ මිනිස්සු අනාථ කඳවුරු, පැල්පත් වල දිගටම ඉන්දන්නෙ නැතිව තමන්ගෙ ගෙයක්දොරක් හදාගෙන කුලියක් මලියක් කරන් දෙයියනේ කියලා ජීවත් වෙන්න ක්‍රමයක් සකස් නොකරපු එක
    4) පාපමිත්‍ර සේවනය- ඒ කිව්වෙ විමල්, සජින්, බැසිල්, වාසු, දුමින්ද... එකී මෙකී අයගේ කීම පිළිගෙන, රටේ මිනිස්සු මොනාද ඉල්ලන්නෙ යැයි පොඩ්ඩක් වත් බලන්නෙ නැතිව වැඩ කරගෙන යාම.
    5) තමා වටේ දූෂිතයන් පටු වාසි තමා රැස් වෙන බව අවබෝධකර නොගැනීම මෙන්ම ඔවුන් කරන වංචා දූෂණ දැක දැකත් ඒවා නතර කරගන්න උපදෙස් නොදී ගොළුවෙක් බීරෙක් සේ ඉදීම.
    6) පමණ ඉක්මවා කේන්දර, බලි තොවිල්, යාග හෝම වැනි මිත්‍යාවන්ගෙ එලඹ සිටීම සහ ඒවාට අනුගතව රටක දේශපාලනමය තීන්දු ගැනීමට යාම.
    7) තමන්ගෙ පුතුන් නෑදෑ හිතවතුන්ට අදාල සුදුසුකමක් වත් නැතිව වැදගත් තානාන්තර දීම. පුතුන් අතින් වන වැරදි නිවැරදි නොකිරීම.
    8) මහනායක හාමුදුරුවන් වැනි ආගමික නායකයන්ගේ කීම් තඹ දොතිතුවකට මායිම් නොකිරීම. ෆොන්සේකට සමාව දෙන්න කියලා ඉල්ලපු වෙලාවෙ කලේ නැති එක, මහනායක කීම් අහන්නෙ නැතිව මාළිගාව ඉස්සරහ රේස් පැද්ද එක ගැන කියන්න ඕන නෑනෙ
    9) අධික සල්ලි නාස්තිය- පොඩි උත්සවයක් උනත් කෝටි ගණන් වියදම් කරලා බොරු සෝබන කරන්න යාම, පිටරට සංචාර වලට හත්මුතු පරපුරවල් එක්ක මෙගා ටුවර් යාම, රජගෙදර දන්සැල්, ජන්දකාලෙ අඩියෙන් අඩිය පෝස්ටර් කටවුට්
    10) නුසුදුසු තැන් වල වරාය, ගුවන්තොටුපල ඉදිකර පාඩුලබන තත්වෙට ගෙන ඒම. බයියො දැන් කලබල වෙන්න ඕනනෑ. මම කිව්වෙ නෑ මේවා අනවශ්‍යයි කියලා. තමන්ගෙ ගම කියලා හැම ල*බම හම්බන්තොට හදන්න ගිය එකයි වැරදි. උදාහරණයක් කිව්වොත් ඔය ගුවන්තොට වරාය කැලේක දාන්නෙ නැතිව දකුණෙම ගාල්ල/හික්කඩුව වගේ පැත්තක දැම්මනම් මීට වඩා ආදායම් එනවා.
    11) ජාත්‍යන්තර ලෙස ඇමරිකන්/චීන එක පැත්තක්ට වත් ගැති නොවී මඩ්‍යස්ථ ප්‍රතිපත්තියක් ගෙන නොයාම නිසා ජාත්‍යන්තර අප්‍රසාදය ලැබීම (මේක ජාත්‍යන්තර කුමන්තරණ නෙවි. මොලේ පාවිච්චි කරලා දෙපැත්ත බැලන්ස් කරන් වැඩ නොකිරීම). සජින් වගේ නුසුදුස්සන්ට විදෙස් ප්‍රතිපත්ති හදන්නට දීමේ විපාක.
    12) තමන්ගෙන් පසුවට එන්න දෙවන පෙළකට අවස්ථාව නොදීම. සුදුස්සට සුදුසු තැන දී නිසිලෙස වැඩ කරන් යාමට ඉඩ නොදීම. මෛත්‍රී එලියට බැස්සෙත් මේ නිසාමනෙ.
    13) රාජ්‍ය මාඩ්‍ය ජන්ද වැඩ වලට පහත් ලෙස යොදා ගැනීම හෙවත් ආන්ඩුවේ හොරණෑ බවට පත්කිරීම. මහින්දගෙ ජන්දකාලෙ රූපවාහිනි ITN බලන්න ඇතිනෙ
    14) ප්‍රතිවිරුද්ධ මතධාරීන් දැඩිව මර්දනය. අධිකරණයකට බලපෑම් එල්ල කිරීම. අගවිනිසුරුපවා ඉවත් කිරීම.

    මේවා මිනිස්සු කොච්ච්ර පෙන්නලා දුන්නත් වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්න උත්සාගහ ගන්නවා වෙනුවට යළි යළි ඒවාම කිරීම තමා ලොකුම හේතුව
     
    blue_in_rio

    Well-known member
  • මේ ප්‍රශ්නෙට ඔයිට වඩා බොහොම සරල උත්තරයක් ප්‍රභාකරන් මැරෙන්න කලින් කියලා තිබුනා.ඒ තමයි ලංකාවේ මිනිස්සුන්ට දෙයක් මතක හිටින කාලේ ගැන.ඒ කොච්චර කාලෙකටද කියලවත් මට මතක නෑ හිටං...... :dull::dull:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මේ ප්‍රශ්නෙට ඔයිට වඩා බොහොම සරල උත්තරයක් ප්‍රභාකරන් මැරෙන්න කලින් කියලා තිබුනා.ඒ තමයි ලංකාවේ මිනිස්සුන්ට දෙයක් මතක හිටින කාලේ ගැන.ඒ කොච්චර කාලෙකටද කියලවත් මට මතක නෑ හිටං...... :dull::dull:
    :baffled::baffled::baffled:
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    මේ ප්‍රශ්නෙට ඔයිට වඩා බොහොම සරල උත්තරයක් ප්‍රභාකරන් මැරෙන්න කලින් කියලා තිබුනා.ඒ තමයි ලංකාවේ මිනිස්සුන්ට දෙයක් මතක හිටින කාලේ ගැන.ඒ කොච්චර කාලෙකටද කියලවත් මට මතක නෑ හිටං...... :dull::dull:
    සති දෙකයිද මන්දා.. මටත් මතක නෑ බං
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ මන්ද බන් අපි ඡන්ද දුන්නෙත් මහින්දට 2009 දී 2005 දිත් අපේ ගෙදර අය ඡන්දේ දුන්නේ මහින්දට .ලග ඉන්න මිනිස්සුන්ට සලකනවා වැඩියි බැසිල් ගෝටා මහින්දව හූරන් කෑව ශ්‍රිරන්ති ගෑණිත් ලමයි ටිකත් එහෙමයි කාලා විනාශම කරලා දැම්මා.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මොනව උනත් ෆොන්සේක හිරේ දාපු තැන ඉඳන් තමයි ටික ටික ජනප්‍රියතාවය අඩු වෙන්න ගත්තෙ. ඒක සති කිහිපයක මාසෙක දෙකක වගේ කෙටි කාලීන දඬුවමක් උනානම් ඒත් එච්චර ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    + Thawa

    # තමා හැදුන පක්‍ෂය බල්ලට දාල, තිුවිල් පක්‍ෂ ගොඩ දැම්ම
    # තමා ඡනාධිපති කරපු පුද්ගලය්ට/පක්‍ෂ විනාශ කිරිම
    # තමාගෙන් පසු සුුදුසු කල බලය/නායකත්වය දියයුතුයි සහ ඵවෙනුවෙන් පසු පෙල ශක්තිමත් කලයුතුයි
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේ ප්‍රශ්නෙට ඔයිට වඩා බොහොම සරල උත්තරයක් ප්‍රභාකරන් මැරෙන්න කලින් කියලා තිබුනා.ඒ තමයි ලංකාවේ මිනිස්සුන්ට දෙයක් මතක හිටින කාලේ ගැන.ඒ කොච්චර කාලෙකටද කියලවත් මට මතක නෑ හිටං...... :dull::dull:

    සති දෙකයිද මන්දා.. මටත් මතක නෑ බං

    dawas dekayi machan.prabhakaran kiyapu eka aththa deyak.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කියපු ඒවා ගොඩාක් ඇත්ත බන්. මේ වතාව (ජනාධිපතිවරණෙ ) පරදින්න ඕන එකක් කොහොමත්. ඒක දින්නනම් ඔය කියූ දේවල් වලට වඩා ලොකු දේවල් වෙනව. ව්‍යවස්ථාව වෙනස් කරගත්තු දවසෙමයි මහින්ද ඇණගත්තෙ මචන්.
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    කියපු ඒවා ගොඩාක් ඇත්ත බන්. මේ වතාව (ජනාධිපතිවරණෙ ) පරදින්න ඕන එකක් කොහොමත්. ඒක දින්නනම් ඔය කියූ දේවල් වලට වඩා ලොකු දේවල් වෙනව. ව්‍යවස්ථාව වෙනස් කරගත්තු දවසෙමයි මහින්ද ඇණගත්තෙ මචන්.
    ඒකනම් ඇත්ත
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කියපු ඒවා ගොඩාක් ඇත්ත බන්. මේ වතාව (ජනාධිපතිවරණෙ ) පරදින්න ඕන එකක් කොහොමත්. ඒක දින්නනම් ඔය කියූ දේවල් වලට වඩා ලොකු දේවල් වෙනව. ව්‍යවස්ථාව වෙනස් කරගත්තු දවසෙමයි මහින්ද ඇණගත්තෙ මචන්.

    :yes::yes::yes::yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කාටවත්ම දිනන්න බෑ කිව්ව යුද්දෙ 2009 දී දින්නම හැමෝම හිතුවෙ රාජපක්ෂ ආණ්ඩුව ආයෙ අවු 10-15 යනකන් ගෙදර යවනවා බොරු කියලයි. UNP එකට ආයෙ සෑහෙනකලකට ආණ්ඩු පිහිටවනවා තබා හිතන්නත් බෑ කියන මතයක් තමා එදා තිබ්බෙ. නමුත් ඒවගේ ජනප්‍රියතාවයකින් තිබ්බ , මිනිස්සු ගෞරවයට මහරජානෝ කියලා පවා ඒකාලෙ කියපු මහින්ද අවුරුදු හයක් යන්න මත්තෙන් මේ වගේ පිට පිට දෙවරක් පරාජය වුනේ ඇයි? මම මට හිතෙන හේතු ටික කියන්නම්. උඹලත් කරුණු තව එකතු කරපල්ලා. මේක ටොයියා/බයියා ප්‍රශ්නයක් නෙවි. ඇත්තටම රටම ගරු කරපු කෙනෙක්ට මේවගේ තත්වයක් උදා උනේ ඇයි කියල විවෘතව හොයන එක ටොයියන්ට වගේම බයියන්ටත් හොඳයි. මහින්ද උනත් මේ ගැන මීට වඩා හිතුවනම් අද මේ වගේ තත්වයක්මට වැටෙන එකක් නෑ..

    මහින්දට වැරදුන තැන්

    1) යුද්දෙ දින්නම , මිනිස්සු ගෞරවේට මහරජානෝ කිව්වම හැමදාම ඒක මතක් කරකර ජන්දේ දේවි යැයි සිතීම. යුද්ද්ය සදාකල් මාර්කට් කළ හැකි දෙයක් යැයි සිතීම.
    2) යුද්ධයෙන් පස්සෙ මිනිස්සුන්ගෙ අතමිට සරු කරන්න, ජීවන බර අඩු කරන්න මීට වඩා කැපවිය යුතු බව නොසිතීම හෙවත් යුද්දෙ කාලෙ පටිතදකරගෙන ඉන්න කිව්වා. මිනිස්සු යුද්දෙ ඉවර වෙනකම් එහෙම හිටියා. ඊට පස්සෙ ඒ මිනිස්සුන්ගෙ පටි බුරුල් කරන්න ඕන යැයි නොසිතීම
    3) තම ප්‍රතිවාදී අපේක්ෂක උන ෆොන්සේකා මහත්තයට චන්දෙ ඉවර උනාට පස්සෙ කල දේවල් බහුතර අය අනුමත නොකිරීම. බල්ලෙක් වගේ හිරේ දැමීම. මොනව උනත් යුද්දෙට ඔහු දායක උනේ නෑ කියන්න බෑ නෙ.
    3) උතුරෙ මිනිස්සුන්ගෙ යටිතල පහසුකම් වැඩි කරලා ගෙවල් හදලා ඒ මිනිස්සුන් සාමාන්‍ය දිවිපෙවෙතක් ගත කරවන්න වුන කැපවීම මඳ වීම. මේ කිව්වෙ ඊලමවත් හමුදා කඳවුරු ඉවත් කරන මගුලක් නෙවි. ඒ මිනිස්සු අනාථ කඳවුරු, පැල්පත් වල දිගටම ඉන්දන්නෙ නැතිව තමන්ගෙ ගෙයක්දොරක් හදාගෙන කුලියක් මලියක් කරන් දෙයියනේ කියලා ජීවත් වෙන්න ක්‍රමයක් සකස් නොකරපු එක
    4) පාපමිත්‍ර සේවනය- ඒ කිව්වෙ විමල්, සජින්, බැසිල්, වාසු, දුමින්ද... එකී මෙකී අයගේ කීම පිළිගෙන, රටේ මිනිස්සු මොනාද ඉල්ලන්නෙ යැයි පොඩ්ඩක් වත් බලන්නෙ නැතිව වැඩ කරගෙන යාම.
    5) තමා වටේ දූෂිතයන් පටු වාසි තමා රැස් වෙන බව අවබෝධකර නොගැනීම මෙන්ම ඔවුන් කරන වංචා දූෂණ දැක දැකත් ඒවා නතර කරගන්න උපදෙස් නොදී ගොළුවෙක් බීරෙක් සේ ඉදීම.
    6) පමණ ඉක්මවා කේන්දර, බලි තොවිල්, යාග හෝම වැනි මිත්‍යාවන්ගෙ එලඹ සිටීම සහ ඒවාට අනුගතව රටක දේශපාලනමය තීන්දු ගැනීමට යාම.
    7) තමන්ගෙ පුතුන් නෑදෑ හිතවතුන්ට අදාල සුදුසුකමක් වත් නැතිව වැදගත් තානාන්තර දීම. පුතුන් අතින් වන වැරදි නිවැරදි නොකිරීම.
    8) මහනායක හාමුදුරුවන් වැනි ආගමික නායකයන්ගේ කීම් තඹ දොතිතුවකට මායිම් නොකිරීම. ෆොන්සේකට සමාව දෙන්න කියලා ඉල්ලපු වෙලාවෙ කලේ නැති එක, මහනායක කීම් අහන්නෙ නැතිව මාළිගාව ඉස්සරහ රේස් පැද්ද එක ගැන කියන්න ඕන නෑනෙ
    9) අධික සල්ලි නාස්තිය- පොඩි උත්සවයක් උනත් කෝටි ගණන් වියදම් කරලා බොරු සෝබන කරන්න යාම, පිටරට සංචාර වලට හත්මුතු පරපුරවල් එක්ක මෙගා ටුවර් යාම, රජගෙදර දන්සැල්, ජන්දකාලෙ අඩියෙන් අඩිය පෝස්ටර් කටවුට්
    10) නුසුදුසු තැන් වල වරාය, ගුවන්තොටුපල ඉදිකර පාඩුලබන තත්වෙට ගෙන ඒම. බයියො දැන් කලබල වෙන්න ඕනනෑ. මම කිව්වෙ නෑ මේවා අනවශ්‍යයි කියලා. තමන්ගෙ ගම කියලා හැම ල*බම හම්බන්තොට හදන්න ගිය එකයි වැරදි. උදාහරණයක් කිව්වොත් ඔය ගුවන්තොට වරාය කැලේක දාන්නෙ නැතිව දකුණෙම ගාල්ල/හික්කඩුව වගේ පැත්තක දැම්මනම් මීට වඩා ආදායම් එනවා.
    11) ජාත්‍යන්තර ලෙස ඇමරිකන්/චීන එක පැත්තක්ට වත් ගැති නොවී මඩ්‍යස්ථ ප්‍රතිපත්තියක් ගෙන නොයාම නිසා ජාත්‍යන්තර අප්‍රසාදය ලැබීම (මේක ජාත්‍යන්තර කුමන්තරණ නෙවි. මොලේ පාවිච්චි කරලා දෙපැත්ත බැලන්ස් කරන් වැඩ නොකිරීම). සජින් වගේ නුසුදුස්සන්ට විදෙස් ප්‍රතිපත්ති හදන්නට දීමේ විපාක.
    12) තමන්ගෙන් පසුවට එන්න දෙවන පෙළකට අවස්ථාව නොදීම. සුදුස්සට සුදුසු තැන දී නිසිලෙස වැඩ කරන් යාමට ඉඩ නොදීම. මෛත්‍රී එලියට බැස්සෙත් මේ නිසාමනෙ.
    13) රාජ්‍ය මාඩ්‍ය ජන්ද වැඩ වලට පහත් ලෙස යොදා ගැනීම හෙවත් ආන්ඩුවේ හොරණෑ බවට පත්කිරීම. මහින්දගෙ ජන්දකාලෙ රූපවාහිනි ITN බලන්න ඇතිනෙ
    14) ප්‍රතිවිරුද්ධ මතධාරීන් දැඩිව මර්දනය. අධිකරණයකට බලපෑම් එල්ල කිරීම. අගවිනිසුරුපවා ඉවත් කිරීම.

    මේවා මිනිස්සු කොච්ච්ර පෙන්නලා දුන්නත් වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්න උත්සාගහ ගන්නවා වෙනුවට යළි යළි ඒවාම කිරීම තමා ලොකුම හේතුව

    බොහොම හොදින් කරුනු ගොනුකරලා තියෙනවා. දැන් කෙනෙකුට අහන්න පුලුවන් අපේ මිනිස්සුන්ට ඉක්මනින් කල හොද අමතක වෙනවා ද කියලා, මම නම් එහෙම හිතන්නේ නැහැ එකනෙ මහින්දට 2010 දි 60%ක අතිබහුතරයක් දුන්නේ මිනිස්සු ඒ කලගුන සැලකුවා නමුත් ඉන් රාජපක්ශවරු අධිතක්සෙරුවක් කරගත්තා එක්කම වැඩ ආනාගත්තා බැරිවෙලාවත් සරත් ෆොන්සෙකා ඉල්ලන්නෙ නැතුව රනිල් ඉල්ලුවා නම් 94 චන්ද්‍රිකාගෙ වර්තාවත් බිදිනවා.

    යුද්දයට දෙශපාලන නායකත්වය දුන්නා කියලා තුන්වැනි පාරට ඉල්ලන්න පුලුවන් වෙන්න වියවස්තාව වෙනස් කිරිම ඉතා භායානික දෙයක් එකත් ජනතා අධිකරණය ප්‍රතික්ශිප කරා ජනවාරි 8.

    මහින්දට ඉතා පහසුවෙන් දිනන්න තිබුනා ඉතුරු අවුරුදු දෙකත් අන්ඩුකරලා සැබැ හො බොරුවට හරි පක්ශය ප්‍රතිසංවිදානය කරලා

    කිසිවකු කුමක් කිවත් මෛත්‍රී අර ලියුම නො එවා මහින්දව අගමැති කරන්නැ නැහැ නොකිවා නම් මහින්ද අද විදායක අගමැති
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මහින්දගෙත් වැරදි තිබුන. ඒත් අනිත් දේශපාලන නායකයන්ට සාපේක්ෂව රටට සේවයක් කලා. යුද්දෙ නතර කරල නිකං හිටියෙ නැහැ. රටත් සංවර්ධනය කලා. ඊට කලින් හිටපු නායකයො වගේ මුල් ගල් පැලවෙනකම් බලන් හිටියෙවත්, යුද්දෙ නිසා සංවර්ධනය එක තැන පල් වෙනකම්වත් හිටියෙ නැහැ. මොනාම හරි සංවර්දනයක් කලා. කවුරු මොනව කිව්වත් අපේ රටේ හැමෝම අද ඒව භුක්ති විදිනව. ඉස්සර හිටපු ආණ්ඩු යුද්දෙයි අරකයි මේකයි කියල රටේ සංවර්දනයක් තියා පාරකට තාර ටිකක්වත් දැම්මෙ නැහැ. හම්බ වෙන විදේශ ආධාර යටි මඩි ගහගෙන උන් යුද්දෙ වවාගෙන කෑව. එහෙම බලනකොට මහින්ද හොද නායකයෙක්. රටට අවශ්‍යය වුනු නායකයෙක්.
    කොහොමහරි දැන් ඉන්න ජනාදිපතියි, අගමැතියි එකතුවෙලා රට සංවර්දනය කරන එක ගැන පොඩ්ඩක් හරි අවදානය යොමු කලොත් හොදයි. මොකද අපේ රටට් ඕනෙ රට එක තැන පල් නොකර ඉස්සරහට අරන් යන්න පුලුවන් නායකයො ටිකක්. ඒ වගේම සිංහල ජාතියට තර්ජනයක් වෙන දේවල්වලට එරෙහි වෙනවනම් තවත් හොදයි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    well said !

    මහින්ද කෙල කරගත් ලොකුම තැන තමයි රටේ මහජනතාව අවතක්සේරු කිරීම .. :(
    ඒ මනුස්සය පිළිම හදල වදින්න හිටිය කෙනෙක් කියලත් අර කවුද එකෙක් කියල තිබ්බ ..
    මටත් හිතෙනවා ඒක ඇත්ත කියල ..

    එත් යුද්දෙන් පස්සේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් නැතිව රට පාලනය කරපු ඒක තමයි මහින්ද කරපු ලොකුම වැරැද්ද ..
    18 වෙනි ව්‍යවස්ථා සංශෝදනේ උනත් මහින්දට රටට හිතකර විදිහට යොදා ගන්න තිබ්බ .. එත් මිනිහ නොමග ගියා වටේ ඉන්න උන් නිසා !