ඇත්තටම මැරෙන එක දුකක්ද?

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    මේ කතන්දරේ හැදුනේ මෙහෙමයි ..

    බුද්ධ දේශනාවේ පද පේලි කවදාවක්වත් අනෙකතුත් භාෂා වලට පරිවර්තනය කරන්නේ නැහැ. මේකට හේතුවක් තියෙනවා. තිපිටක්යේ තියෙන මගදී පද පේලි 6 ආකාරයකට වෙන භාෂා වලට පරිවර්තනය කරන්න පුලුවන් නිසා.

    උදාහරණයක් ලෙස ගත්තොත් එකම අරිය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර සහ ලෞකික අර්ත වලට පරිවර්තනය කරන්න පුලුවන්. අරිය අෂ්ටාංගික මාර්ගයේ තියෙන "සම්මා කම්මන්ත" බොහෝ අය දන්නේ "යහපත් කරමාන්ත" කියන ලෞකික අර්තය පමනයි. යහපත් කරමාන්ත පමණක් කරලා නිවන් දකින බැහැ.

    මේ වගේ බුද්ද දේශනාව ස්ථිරවම එක පටු අර්ථයකට සීමා වෙනවා භාෂා වලට පරිවර්තනය කලොත්. එම නිසා බුදු හාමුදුරුවෝ විනය නීතියක් පනවනවා බුද්ධ දේශනාව කවදාවක්වත් අන් බෂා වලට පරිවර්තනය කරන්න එපා කියලා.

    එකයි බුදුන්ගේ කාලයේ සිට, අටුවා, ටීකා සහ ටිප්පනි ලිවුවේ. මේවා ලියන්නේ මාර්ග-එල ලාභින්. මේකට හේතුව නිවන් දැකල අත්දැකීමක් තියෙන අය පමණයි මේවා ලියන්නේ. එතකොට, සිවු-පිලිසිම්බියා ලත් අරිහතුන් වහන්සේලා බුද්ධ දේශනාව ස්ථානය සහ පුද්ගලයා අනුව දේශනා කරනවා. මාර්ග-එල ලාභින් විවිධ අර්ථ යොදලා අටුවා ලියනවා.

    මේ ක්‍රමය උඩ-උටුකුරු වෙනවා සුද්දා මේ රට අල්ල ගත්ත පසු. මේ ගොල්ලෝ තිපිටකය එංගලන්තයට අරගෙන ගිහිල්ලා පද පේලි ඉංග්‍රසි භාෂාවට පෙරලනවා. ඉන්පසු ලංකාවෙන් එහාට උපාදියක් කරන්න ගිය Zoysa කියලා එක්කෙනෙක් ඉංග්‍රසි තිපිටකය සිංහල වලට පරිවර්තනය කරනවා. අද රටේ භාවිත කරන "බුද්ද ජයන්ති" සිංහල තිපිටකය එන්නේ මේ ආකාරයට.

    එතකොට, මැරෙන එක දුකක්ද? බුද්ධ වචනය මේකයි -> “ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛං අරියසච්චං, ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා

    මේක සුද්දගේ වැරදි පරිවර්තනය ->. ඉපදීම, ජරාව, ව්‍යාධිය, මරණය, අප්‍රියන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමති දෑ නොලැබීම සහ සැකෙවින් පංච උපාදානස්ඛන්ධය දුකකි

    සියලු මැරීම් දුකයිලු! මේ පරිවර්තනය වැරදියි!

    (අ). මරණය දුක් ගෙන දෙනවා මේ වගේ අවස්ථා වල (උදාහරන පමණයි)

    -> මගේ සහෝදරිය රිය අනතුරකට ලක් වෙලා මැරුණා
    -> මට පපුවේ අමාරුවක්, මම මැරෙයිද?


    (ආ). මරණය දුක් ගෙන දෙන්නේ නැහැ මේ වගේ අවස්ථා වල

    -> මට ඇහුනා එහා ගමේ එක්කෙනෙක් පොල් ගහකින් වැටිලා මරුන කතාවක්
    -> අරිහත් එල ලැබූ එක්කෙනා මැරෙනවාට බය නැහැ


    එතකොට, මැරෙන එක අප්‍රිය වෙන්නේ තමන් හෝ තමන් ලගින් ආශ්‍රය කල එක්කෙනෙක් මැරෙන අවස්ථා වල පමනයි. අරිහත් එල ලාභියාට තමන් මැරෙන එකත් කිසිම අප්‍රිය බාවයක් නැහැ මොකෝ උන් වහන්සේ තමන් වත් උපාදානය කරලා නැති නිසා.

    බුද්ධ වචනය "මරණම්පි". සියලු මරණ දුක නම් මේ වචනය "මරණ" වෙනෙවා. මෙතන "පි" වල ලොප් වුන ප්‍රිය/අප්‍රිය පද දෙකම තියෙනවා. එතකොට මරණය දුක් දෙනවා අප්‍රිය වෙන අවස්තා වල. අප්‍රිය වෙන්නේ යම් කිසි මානසික සම්බන්දයක් තියෙන අවස්ථා වල පමණයි.

    අරිහත් එල ලාභියාට කිසිම දුකක් නැහැ තමන් හෝ තමගේ සහෝදරිය මැරුණත්. උන් වහන්සේට කිසිම දුකක් නැත්තේ මරණය අප්‍රිය නොවන නිසා.

    අද බොහෝ තැන්වල කියවෙන බන මේ වගේ බොහෝ විකුර්ති තියෙනවා. අවුරුදු 1800 පස්සේ මතුවුන, නිවැරිදි දහම පහල පෙන්වා දෙන තැන් වලින් ගන්න.

    ධර්ම දේශණා (Video)
    ධර්ම දේශණා (MP3)
    ධර්ම දේශණා (ගුවන් විදුලි)
    දහම් ගැටළු 1
    දහම් ගැටළු 2
    ධර්ම පුස්ථක
    සජීවී ධර්ම දේශණා මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව
    හෙළ යුග මෙහෙවර

    - පරම පවිත්‍ර සිරි සද්ධර්මය
    - බෝපිටියේ සදහම් පාසල
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,141
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    පාලි නොදන්න වහරක කට්ටඩියයි , හරියට මහනකරපු ගුරෙක්වත් නැති මීවණපලානේ පිස්සයි ප්‍රචාරය කරන සද්ධර්ම ප්‍රතිරූපක වලට නොරැවටෙන්න. ධර්මය වැරදි කොනින් අලාගත්තොත් සර්පයා අල්ලාගත්ත වගෙයි. ධර්මය කල්ප ගානකට වැහුනා කියලා හිතාගන්න.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,141
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මහාමායා දේවිය ට ලිංග විපර්යාසයක් වුනා, බුදුහාමුදුරුවෝ ලංකාවේ උපන්නේ වගේ අමු පිස්සු කතා කියන ගොන් නාම්බන්ගේ පිස්සු කතා "ධර්මය" කියලා හිතන බූරුවෙක්ද ඔබ??
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,094
    831
    113
    එතකොට, මරණය දුක් වන හේතුව මේ ගොල්ලෝ හංගලා.

    බුදු දහම හේතු-එල දහමක්. දුක එලයක් පමණයි. දුකට හේතුව දන්නේ නැතිව කොහොමද දුක නැති කරන්නේ?

    මේ නිවැරිදි කිරීමෙන් යමෙක්ට මරණය දුක වන හේතුව අහෝසි කල හැකියි.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    බුදුරජාණන් වහන්සේ කිසිදු තැනක අන් භාෂාවකට බුද්ධ ව්චනය පරිවර්ථනය කරන්න එපා කියලා නෑ.

    1. වරක් යමේථ තේලුක කියන භික්ෂූන් දෙන්නා බුදුරජාණන් වහන්සේ හමු වී මෙබ්දු ඉල්ලීමක් කරනවා.

    "ස්වාමීන් වහන්ස, නොයෙකුත් කුලවල, නොයෙකුත් ජාතිවල ,නොයෙකුත් භික්ෂූහු තම තමන්ගේ භාෂාවලින් ධර්මය කෙලෙසත්. එබැවින් අපි බුද්ධ වචනය වෛදික භාෂාවට නගන්නෙමු."

    එවිට බුදුරජාණන් වහන්සේ මෙම භික්ෂූන් වහන්සේලාට ගර්හා කොට " හිස් පුරුෂයෝ කුමක් හෙයින් මෙසේ පවසව්ද? බුද්ධ වචනය වෙද භාෂාවට නොනැගිය යුතුය. මහණෙනි ස්වකීය භාෂාවෙන් බුද්ධ වචනය ඉගෙනීමට අනුදනිමි. " (අනුජානාමි භික්ඛවේ සකාය නිරුත්තියා බුද්ධ වචනං පරිආපුණිතුං)

    මේ සිදුවීම විනය පිටකයේ චුල්ලවග්ග පාලියේ සදහන් වේ. මේ සිදුවීමෙන් පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධ වචනය එක භාෂාවකින් නොව තම් තමන්ට පුරුදු භාෂාවෙන් ඉගෙනීමට අවසර දුන් බවයි. එය වෛදික භාෂාව වැනි එක් භාෂාවකට ලඝු වෙන්නට නොදුන් බවයි.

    2. මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණ හෙල අටුවා රචනා කළ සේක. ඉදින් බුදුරජාණන් වහන්සේ පාලිය හැර අන් බසකට බුද්ධ වචනය පරිවර්ථනය කරන්න තහනම් කලේ නම්, මිහිදු හිමියෝ කර ඇත්තේද මහත් වරදකි.

    3. සිවුපිළිසිඹියා බාවයට පත් වීමේදි අර්ථ, ධර්ම, නිරුත්ති, පටිභාන සතරරෙහි දක්ෂ විය යුතුය. එයින් නිරුත්ති යනු භාෂා 100ක් පිළිබද දක්ෂ භවයි. එනම් බුද්ධ වචනය නොයෙකුත් භාෂාවලින් පැහැදිලි කිරීමේ හැකියාවයි. බුද්ධ කාලයේදි ඉන්දියාවේ පැවති එකම භාෂාව පාලිය නොවේ. "මාගධි ප්‍රාකෘතය, පෛසාචී, මහාරාෂ්ට්‍රි, වෛදිකය" ආදී භාෂා සිය ගණනක් විය. ධර්මය දේශනා කිරීමේදි ඒ ඒ භාෂාවල චතුරත්වයක් තිබීම අත්‍යාවශ්‍යය. ඉදින් බුද්ධ වචනය එකම පාලි භාෂාවෙන් දේශනා කලේ නම් සියයක් භාෂාවල දක්ෂ බවක් අවශ්‍ය නොවේ.

    මේ කරුනු වලින් පැහදිලි වන්නේ බුද්ධ වචනය පරිවර්ථනය කිරීමෙහි තහනම් පනවා නොමැති බවයි. බුදු රජාණන් වහන්සේම ස්වකීය භාෂාවෙන් ධර්මය ඉගනීමට අවකාෂය දුන් බවයි.

    ------------------------------------------------------------------------------------------

    ඉදං ඛො පන භික්ඛවෙ දුක්ඛං අරියසච්චං, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලහති තම්පි දුක්ඛං, සංඛීත් තෙන පඤ්චූපාදානක්ඛන්ධා දුක්ඛා

    මහණෙනි දුක නම් කවරක් ද? ඉපදීමත් දුක් ය. ජරාවත් දුක් ය. ව්‍යාධියත් දුක් ය. මරණයත් දුක් ය. අප්‍රියයන් හා එක්වීමත් දුක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක් ය. කැමැති දෑ නො ලැබීමත් දුක් ය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක්හ ය.

    "මරණම්'පි " යන පදය සෑදෙන අයුරු.

    මරණං + අපි
    මරණම් + අපි (බින්දුව මකාරය වීම)
    මරණම් + + පි (අයන්න ලොප් කිරීම)
    මරණම්'පි

    පාලියෙහි "අපි" යනු නිපාතයක්. එමගින් "ත්" යන අර්ථය ද ගෙනදේ. ඒ අනුව,

    "මරණං අපි දුක්ඛා" > "මරණයත් දුකක් ය." යන්න කියැවේ. "අපි" යන්නට "ප්‍රිය/අප්‍රිය" වැනි අර්ථ පාලියෙහි නැත.

    ජාති අපි දුක්ඛා > ඉපදීමත් දුකක් ය.

    ඉපදීම දුකක් වන්නේ කෙසේද? පුත්‍රයෙකුගේ ඉපදීම පියෙකුට දුකක් නොවෙනු ඇත. නමුත් එය මෙතනට අදාළ නැත. මෙහිදි කතා කරනුයේ අන්‍යන් පිලිබද නොවේ තමා පිළිබදවයි. පියාට සතුටක් ලෙස පෙනුනත් ඉපදීම හේතුකොට ගෙන පුත්‍රයා විදින්නට යන දුක ඔහු නොදනි.
    ඔබ මා ඉපදීම හේතුකොට ගෙන දහසක් දුක්ඛයන්ට ලක් වී නොමැති ද? අපි ලෙඩටකට ගොදුරු වූ විට එය දුක්ඛ වේදනාවක් නොවේ ද? වයසට යෑමද, කැමති මිනිසුන්ගෙන් වෙන් වීමද, අප්‍රියයන් හා එක්වීමද දුකක් නොවේද? කෑමති දෑ නොලැබීම දුකක් නොව්ද? මරණය දුකක් නොවේ ද? කෙටියෙන්ම කිව්වොත් සියල්ලට හේතුවූ පංචස්කන්ධය දුකක් නොවේ ද?

    මේ ධර්මය විකෘති කරන පුද්ගලයන්ට කල්ප ගාණකට ධර්මය වැසෙන බවයි සත්‍යය.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,141
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මීවණපාලානෙගේ ලණු කාපු ගොම්බූරුවෝ දුක්ඛේ ඥානය අවබෝධ කරලා වගේ බයිලා ගහනවා. ආර්ය මාර්ගයේ දුක පිරිසිඳ දකින්න ඕනේ. මුන් හිතන්නේ දුක කියන්නේ "මගේ" දුක, මට ඇති වෙන "දුක කියලා ! එතනම් සක්කාය දිට්ඨියට බැහගෙන ඉවරයි. අඩුම ගානේ බුදු හාමුදුරුවෝ දේශනා කලේ ලෝකෙන් එතෙරවෙන, ලෝකෝත්තර ධර්මයක් කියලවත් අබමල් රේනුවක්වත් නොතේරෙන අමු ගොන්හරක්! මිත්‍යාදෘෂ්ටික පිස්සෙක් පිටිපස්සේ ගිහිල්ල අනිත් එවුනුත් අමාරුවේ දානවා!

    මෙන්න අහගනිං උඹ කොයිතරම් මුලාවකද ඉන්නේ කියලා!

     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පාලි නොදන්න වහරක කට්ටඩියයි , හරියට මහනකරපු ගුරෙක්වත් නැති මීවණපලානේ පිස්සයි ප්‍රචාරය කරන සද්ධර්ම ප්‍රතිරූපක වලට නොරැවටෙන්න. ධර්මය වැරදි කොනින් අලාගත්තොත් සර්පයා අල්ලාගත්ත වගෙයි. ධර්මය කල්ප ගානකට වැහුනා කියලා හිතාගන්න.
    ළමා දූෂකයෙක්ගෙන් බණ ඇහුවට නම් ඉතින් එච්චර අවුලක් නෑ නේද