ඇත්තටම මේ ලෝකෙ මවපු එකක්ද ?

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේ ප්‍රශ්නය ඉවරයක් නැති උපකල්පන රාශියක ගිලෙන ප්‍රශ්නයක්. ඕක ගැන කොයිතරම් කතා කලත් තර්ක කලත් "එක්" විසඳුමකට එන්න බැහැ. අන්මූව්ඩ් මූවර් කෙනෙක් නැතැයි හෝ ඇතැයි කියන දෙපැත්තටම සාර්ථකව තර්ක කරන්න පුලුවන්.

    නමුත් ඒ තර්ක "සාර්ථකයි" කියලා හිතෙන්නෙ ඒ ඒ අය තුල තිබෙන කැමති, පිළිගැනීම්, විශ්වාස සහ කන්ඩිශන්ඩ් වීම් අනුව. මොකද අපි ලෝකය දකින්නෙ අපි අපිට රුචි විදිහට. අපි හැමෝම "අපෙන් බරිබාහිරව තිබෙන" එකම ලෝකයක් දකිනවා කියන්න බැහැ. එහෙම එකම ලෝකයක් අපි හැමෝම දකිනවා නම් ලෝකය (වස්තු/සංකල්ප) දිහා බැලුවම අපිට ඒ ලෝකය (වස්තු/සංකල්ප) ගැන එකම "සත්‍යක්" අවබෝධ විය යුතුයි. නමුත් අපි අත්දකින්නෙ විවිද සත්‍යන්. මම දකිනා දෙයමද අන් අයෙක් දකින්නෙ කියලා 100% වෙරිෆයි කරගන්නත් අපට බැහැ.

    උදාහරණයකට ඔබ කැන්ඩිඩ් බී දකින කහ පාටමද ග්‍රීන්තන්ඩර් දකින කහපාට? අපි දෙදෙනා ඉස්සරහින් කහපාට කොලයක් තිබ්බොත් ඕකෙ "කහ" යැයි සම්මත වර්ණය අපි දෙදෙනාම එකම හියු එකෙන්,එකම ඉන්ටෙන්සිටි එකෙන්, එකම සැචුරේශන් එකෙන් පෙනෙයිද ? එහෙමනම් ඇයි විවිධ අයට විවිධ පාට ලස්සන වෙන්නෙ ? සමහර වර්ණ විවිධ අයට විවධ විදිහට පෙනෙන්නෙ ?

    ලෝකය ඉහත කියු ආකාරයට පරිබාහිර තිබෙන දෙයක් ලෙසට ගන්නවාට වඩා අපේ පර්සෙප්ශන් එකම තමා ලෝකය බවට පත්වෙන්නෙ කියලා ඒත්තු ගියොත් ඊලඟට හිතන්න තියෙන්නෙ එහෙම පර්සෙප්ශන් එකෙන් "පරිබාහිරව" පවතින්නාවූ ලෝකයක් තනාගෙන ඒක විග්‍රහ කරන්න යාම සුදුසුද කියලා අහන එක?

    ඉදින් එහෙම පරිබාහිර ලෝකයක් ඒකාන්තව පෙන්වන්න බැරිව අපි කොහොමද ඒ ලෝකය මවපු දෙවිකෙනෙක් පෙන්වගන්නෙ. ඉහත @පෝරිසාදයා කියලා තියෙන විදිහට මේ සංස්කාර (අපි විසින් තනන) ලෝකයේ දෙවියනුත් අපි අපිම තමා. මේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එක කොයිතරම් ඉන්ටෙලිජන්ට්ද කියලා තීරණය කරන දෙවියාත් අපි අපිමයි. ඒ කිව්වෙ අපිට සැක සංකාවන් අඩුවෙන්ම කතාකරන්න පුලුවන් ලෝකය අපේ ඉන්ද්‍රයන්ගෙන් ඒ ඒ මොහොතේ අපි අපිම තනා ගන්නා ලෝකයයි. ඒ ලෝකයේ නිර්මාතෘ අපි අපිමයි.


    ඉහත ඡේද පැහැදිලි නැතිනම් මම එතනදි උත්සහකරලා තියෙන්නෙ,

    1) අපෙ පර්සෙප්ශන් එකෙන් පරිබාහිරව පවතින්නාවූ භෞතික ලෝකයක් ඒකාන්තව පනවන්න බැරි බව පෙන්නන්නත්.
    2) එසේ "පනවා" ගත් ලෝකයක් "පරම සත්‍යක්" (භෞතිකවාදී, නයීව් රියලිසම්) කරගෙන ඒ මත පදනම්ව හිතන්න යාම වැරදි බවත්
    3) ඒනිසා අපිට සැක සංකා අවම ලෙස පනවන්න පුලුවන් හොඳම ලෝකය සළායතන වලින් ඒ ඒ මොහොතේ සකස්වෙන ලෝකය බවත්
    4) ඒ ලෝකයේ දෙවියන් අපි අපිම බවත්ය.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,404
    166,794
    113
    එකමත් එක රටක
    අපේ ආගමේ කියන විදියට මැරුණට පස්සෙ ස්වර්ගයට යනවනං මං කැමතියි. ස්වර්ගයේදි අපේ නැතිවෙච්ච අය ඔක්කොම හම්බෙනව
    නන්දසේනයා ව ආයිත් එහෙදි හම්බෙන්වට උබ කැමතිද ??
     
    • Haha
    Reactions: hasithayad

    AnuradhaRa

    Well-known member
  • දැන් ඒ ස්වර්ගයට උබ ගහින් උපදින්නේ අත දරුවෙක් විදියටද ?
    නැත්නම් මැරුණම තියන වයස වගේ නාකි මිනිහෙක් විදියටද ?
    හරි හරි මං දන්නව උඹ හිතන විදිය, උඹට ඕව කියල වැඩක් නෑ
     
    • Like
    Reactions: Silape

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,404
    166,794
    113
    එකමත් එක රටක
    හරි හරි මං දන්නව උඹ හිතන විදිය, උඹට ඕව කියල වැඩක් නෑ
    ඉතින් කියපන් කෝ උබට හිතෙන විදිය .
    ඔය ස්වර්ගේ , දිව්‍යලෝකේ වගේ ඒවාට ගිහින් උපදින්නේ මැරෙද්දි තිබ්බ නාකි වෙලා තියන විදියටද නැත්නම් මෙහෙ වගේ එතනම කක්කා කරගන්න අතදරුවෝ විදියට ද ??
     

    AnuradhaRa

    Well-known member
  • ඉතින් කියපන් කෝ උබට හිතෙන විදිය .
    ඔය ස්වර්ගේ , දිව්‍යලෝකේ වගේ ඒවාට ගිහින් උපදින්නේ මැරෙද්දි තිබ්බ නාකි වෙලා තියන විදියටද නැත්නම් මෙහෙ වගේ එතනම කක්කා කරගන්න අතදරුවෝ විදියට ද ??
    දැං උඹ කියන්නෙ ඕක මීට කලින් මට හිතිල නෑ කියලද? (උඹ කියනකං)
    ඔය සම්බන්ධව හිතන්න පුලුවන් හැම දේම කල්පනා කරල තියෙන්නෙ මම
    උඹට බුද්ධාගමත් වැරදියි, ස්වර්ගයත් එපානෙ..
     
    • Haha
    • Like
    Reactions: Silape and dilann

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    එක තියරි එකක් තියෙනවා මේ ලෝකේ සිමියුලේෂන් එකක් කියල, අර ඊළොන් මස්ක් කිව්වා 99% චාන්ස් එකක් තියෙනවා එක ඇත්තක් වෙන්න පුළුවන් කියල. එහෙම එකක් නම් මේ ලෝකේ මවපු එකක්. මම හිතන්නේ නම් එහෙම එකක් නෙවේ, විශ්වයේ පදාර්ථය රීසයිකල් වේවි තියෙනවා, කවුරුවත් මවල නැහැ, මේ අපිත් ඒ පදාර්ථයේ කොටසක්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,968
    1
    61,026
    113
    Mother Earth
    මුලක් නැති දෙයක මුලක් ගැන වාදයක් 😂
    මම දන්නවා මේක ගැන කතා කරලා සරල අදහසක් හෝ නිගමනයක් ගන්න බැරි මාතෘකාවක් කියල. ඒත් පට්ට curious නැද්ද මේ සබ්ජෙක්ට එක ? JWST එකත් අච්චර ගේමක් දීලා යැව්වා. කවුරුත් දන්නවා ඒකෙ primary mission කරන්න බැරි බව. ඒත් මිනිස්සුන්ගෙ curiosity එක නිසයි ඒක යැව්වෙ.

    උබටත් උදෙ පාන්දර හිතෙන දෙවල්
    ඔව් බන් නින්ද ගියෙ නෑ. ගැස්ට්‍රයිටීස් හැදිල හිටියේ. :no:
    ------ Post added on Jul 9, 2022 at 8:45 AM
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,710
    2,502
    113
    Bevery Hills-90210
    ලංකාවේ උන් හරියට පරිණාමවාදය දන්නේ නැහැ. මුස්ලිම් රටවල් වලින් ඒක උගන්වන්න දෙන්නෙත් නැහැ. ගොඩක් උන් හිතාගෙන
    ඉන්නේ වදුරේ සෙට් එකක් එකපාරට මිනිස්සු උනා හරියට කතාවෙලා එක දවසක ඔහොම දෙයක් හිතන් ඉන්නේ. දවසක් එකෙක් ඇහුවා වදුරා මිනිසා උනානම් දැන් කොහොමද වදුරෝ ඉන්නේ කියන එක.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,855
    1
    15,178
    113
    ලංකාවේ උන් හරියට පරිණාමවාදය දන්නේ නැහැ. මුස්ලිම් රටවල් වලින් ඒක උගන්වන්න දෙන්නෙත් නැහැ. ගොඩක් උන් හිතාගෙන
    ඉන්නේ වදුරේ සෙට් එකක් එකපාරට මිනිස්සු උනා හරියට කතාවෙලා එක දවසක ඔහොම දෙයක් හිතන් ඉන්නේ. දවසක් එකෙක් ඇහුවා වදුරා මිනිසා උනානම් දැන් කොහොමද වදුරෝ ඉන්නේ කියන එක.
    Lankawe nemei eka suddoth danne na. Lankawe godak un O/L wala hari sysllabus eke thiyana nisa igenagena innawa eth suddo hithanne minihata thiyana thumb eka conicedence ekak wenna ba eka higher power ekakin design karanna one kiyala. mm ehuwa parinamawadaya igenagena thiyanawada kiyala. Poddakwath nalu. :ROFLMAO:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මට එක වෙලාවක හිතුණ දෙයක් තමයි මේ ලෝකෙ කවුරු හරි මැව්වා කියන කතාව ඉවත දාන්න බෑ කියන එක. අපි ජීවත් වෙන වට පිටාව ඉබේ හට ගත්තු දෙයක් වෙන්නත් බෑ. මේක අනිවා බුද්ධියක්(Intelligence) තියෙන කෙනෙක් හෝ අය විසින් මවපු නැත්තම් හදපු නිර්මාණයක් කියල මම 60%ක් විතර විශ්වාස කරනවා. මොකද සත්ත්වයින්ට ජීවත් වීමට සුදුසු වටපිටාව ගහකොළ,ජලය ලෝකයේ ඇති බොහොමයක් දේ ජීවීන්ට හිතකර ලෙස නිර්මාණය කිරීම අහම්බෙන්ම සිදුවූවක් නොවේ. කිකිළි සහ බිත්තරය යන කතාවත් මේකට සම්භන්ධ කළ හැකියි. ජීවයේ පැවැත්ම වර්ගයා බෝ කිරීමත්(reproduction) හරියට පරිඝණක කේතයක් වැන්නවූවක් නොවේද ? මේ පිළිබඳ ඔබගේ සිතුවිලි පහලින් යොමු කරන්න. :D
    යකෝ ඕනෑම වැඩක කරන ක්‍රමයක් තියනවා , බලපන් වෙලාව කීයද කියලා ..3:13Am ....

    මලක් ගහනවනම් දවසේ වැඩ ඉවරවෙලා හවස්වරුවේ ගහපන්. ඉර පායන්නත් කලින්, උදේ පින්නත් එක්ක මලක් ගැහුවහම ඔයවගේ දේවල් ඔළුවට එනවා තමයි !!
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මොලයක් නැති උන්ට තේරුම් කරන්න ලේසි වෙන්න තමයි ආගම් වලින් කියන්නේ ලෝකේ මැව්වා කියන එක.
    මේ ලෝකේ ජීවයක් ඇති වෙන්න පුලුවන් විදිහට ඉබේ හැදුනා. යම්කිසි ජීවයක් ඉබේ ඇති වෙන පරිසරියක් නිර්මාණය වුනාම එතන ජීවයක් උපදිනවා.

    මං හිතුවා කිරියේ ඉන්නේ බුද්ධියක් තියෙන පිරිසක් කියලා. ෆේස්බුක් එක අයින් කරලා ෆුල් ටයිම් කිරියට ආවා. මදැයි, මේකෙත් ඉන්නේ ගොබ්බ හැත්තක්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,404
    166,794
    113
    එකමත් එක රටක
    මොලයක් නැති උන්ට තේරුම් කරන්න ලේසි වෙන්න තමයි ආගම් වලින් කියන්නේ ලෝකේ මැව්වා කියන එක.
    මේ ලෝකේ ජීවයක් ඇති වෙන්න පුලුවන් විදිහට ඉබේ හැදුනා. යම්කිසි ජීවයක් ඉබේ ඇති වෙන පරිසරියක් නිර්මාණය වුනාම එතන ජීවයක් උපදිනවා.

    මං හිතුවා කිරියේ ඉන්නේ බුද්ධියක් තියෙන පිරිසක් කියලා. ෆේස්බුක් එක අයින් කරලා ෆුල් ටයිම් කිරියට ආවා. මදැයි, මේකෙත් ඉන්නේ ගොබ්බ හැත්තක්නේ.
    ආගම් කියන විෂයෙදී තමන්ගේ එක මොන විදියකින් හරි ගොඩ දාන්න බලනව සිංහලු . කිරියටත් පොදුයි. විරුද්ද වෙන්නත් පොඩි අකමැත්තක් තියනව. විරුද්ද උනත් කියන්න යන්නේ නෑ . එහෙම වෙන්න බැරිත් නෑ නේ වගේ දේවල් කියනව. :rofl: