මේ ප්‍රශ්නය ඉවරයක් නැති උපකල්පන රාශියක ගිලෙන ප්‍රශ්නයක්. ඕක ගැන කොයිතරම් කතා කලත් තර්ක කලත් "එක්" විසඳුමකට එන්න බැහැ. අන්මූව්ඩ් මූවර් කෙනෙක් නැතැයි හෝ ඇතැයි කියන දෙපැත්තටම සාර්ථකව තර්ක කරන්න පුලුවන්.
නමුත් ඒ තර්ක "සාර්ථකයි" කියලා හිතෙන්නෙ ඒ ඒ අය තුල තිබෙන කැමති, පිළිගැනීම්, විශ්වාස සහ කන්ඩිශන්ඩ් වීම් අනුව. මොකද අපි ලෝකය දකින්නෙ අපි අපිට රුචි විදිහට. අපි හැමෝම "අපෙන් බරිබාහිරව තිබෙන" එකම ලෝකයක් දකිනවා කියන්න බැහැ. එහෙම එකම ලෝකයක් අපි හැමෝම දකිනවා නම් ලෝකය (වස්තු/සංකල්ප) දිහා බැලුවම අපිට ඒ ලෝකය (වස්තු/සංකල්ප) ගැන එකම "සත්‍යක්" අවබෝධ විය යුතුයි. නමුත් අපි අත්දකින්නෙ විවිද සත්‍යන්. මම දකිනා දෙයමද අන් අයෙක් දකින්නෙ කියලා 100% වෙරිෆයි කරගන්නත් අපට බැහැ.
උදාහරණයකට ඔබ කැන්ඩිඩ් බී දකින කහ පාටමද ග්‍රීන්තන්ඩර් දකින කහපාට? අපි දෙදෙනා ඉස්සරහින් කහපාට කොලයක් තිබ්බොත් ඕකෙ "කහ" යැයි සම්මත වර්ණය අපි දෙදෙනාම එකම හියු එකෙන්,එකම ඉන්ටෙන්සිටි එකෙන්, එකම සැචුරේශන් එකෙන් පෙනෙයිද ? එහෙමනම් ඇයි විවිධ අයට විවිධ පාට ලස්සන වෙන්නෙ ? සමහර වර්ණ විවිධ අයට විවධ විදිහට පෙනෙන්නෙ ?
ලෝකය ඉහත කියු ආකාරයට පරිබාහිර තිබෙන දෙයක් ලෙසට ගන්නවාට වඩා අපේ පර්සෙප්ශන් එකම තමා ලෝකය බවට පත්වෙන්නෙ කියලා ඒත්තු ගියොත් ඊලඟට හිතන්න තියෙන්නෙ එහෙම පර්සෙප්ශන් එකෙන් "පරිබාහිරව" පවතින්නාවූ ලෝකයක් තනාගෙන ඒක විග්‍රහ කරන්න යාම සුදුසුද කියලා අහන එක?
ඉදින් එහෙම පරිබාහිර ලෝකයක් ඒකාන්තව පෙන්වන්න බැරිව අපි කොහොමද ඒ ලෝකය මවපු දෙවිකෙනෙක් පෙන්වගන්නෙ. ඉහත @පෝරිසාදයා කියලා තියෙන විදිහට මේ සංස්කාර (අපි විසින් තනන) ලෝකයේ දෙවියනුත් අපි අපිම තමා. මේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එක කොයිතරම් ඉන්ටෙලිජන්ට්ද කියලා තීරණය කරන දෙවියාත් අපි අපිමයි. ඒ කිව්වෙ අපිට සැක සංකාවන් අඩුවෙන්ම කතාකරන්න පුලුවන් ලෝකය අපේ ඉන්ද්‍රයන්ගෙන් ඒ ඒ මොහොතේ අපි අපිම තනා ගන්නා ලෝකයයි. ඒ ලෝකයේ නිර්මාතෘ අපි අපිමයි.
ඉහත ඡේද පැහැදිලි නැතිනම් මම එතනදි උත්සහකරලා තියෙන්නෙ,
1) අපෙ පර්සෙප්ශන් එකෙන් පරිබාහිරව පවතින්නාවූ භෞතික ලෝකයක් ඒකාන්තව පනවන්න බැරි බව පෙන්නන්නත්.
2) එසේ "පනවා" ගත් ලෝකයක් "පරම සත්‍යක්" (භෞතිකවාදී, නයීව් රියලිසම්) කරගෙන ඒ මත පදනම්ව හිතන්න යාම වැරදි බවත්
3) ඒනිසා අපිට සැක සංකා අවම ලෙස පනවන්න පුලුවන් හොඳම ලෝකය සළායතන වලින් ඒ ඒ මොහොතේ සකස්වෙන ලෝකය බවත්
4) ඒ ලෝකයේ දෙවියන් අපි අපිම බවත්ය.

Last edited: