මට ලන්කාවේ කරපු එක්තරා හදවත් බද්දයක් ගැන තොරතුරු වගයක් දැනගන්න ලැබුනා.. ඒවා සමහරවිට කොන්ෆිඩෙන්ශල් වෙන්න පුලුහන් නිසා මෙතන දාන්නෙ නෑ. ඒත් ඒකෙන් ප්‍රශ්න වගයක් මතු උනා. ඒ ගැන වැඩිපුර තොරතුරු ජාලයෙන් හොයද්දී දැනගන්න ලැබුනා හදවත් බද්දයෙන් පස්සෙ සමහර රෝගීන්ගේ හැසිරීම කලින් හදවත අයිති කෙනාගේ හැසිරීමට සමහර සමානකම් දක්වනවා කියලා. ඒවගේම කලින් කෙනාගේ මතක සමහර වෙලාවට අලුත් කෙනාට ට්‍රාන්ස්ෆෙර් වෙනවා කියලා..කෙටියෙන් කීවොත් ඕකයි තත්වෙ. මම දන්න විදිහට බටහිර විද්‍යාවෙ විදිහට මොලය ආශ්‍රිතව තමයි මතකයන් , එතකොට මනස , කොන්ශස්නෙස් වගේ ඔක්කොම පිහිටලා තියෙන්නෙ.(මම වැරදි නම් නිවැරදි කරන්න) එතකොට ඔහොම වෙන්නෙ කොහොමද. මම බටහිර ව්‍යද වරුන් කරපු සමහර අධ්‍යන මෙතන අමුනන්නම්. කියවලා බලන්න.
https://www.mdpi.com/2673-3943/5/1/2#:~:text=They found 21% of recipients,who had undergone heart transplantation.
Heart memory - https://www.sciencedirect.com/science/article/abs/pii/S0306987719307145
මම බණ වල අහලා තියෙන විදියට, හිත තියෙන්නෙ ශරීරයට බැදීිලා තියෙන්නෙ දශ සංයෝජන වලින්. තව ඇස්ට්‍රල් කෝඩ් එක කිියලා එකක් ගැනත් මනෝ විද්‍යාවෙ කතා වෙනවා.
දූරඞ්ගමං එකචරං අසරීරං ගුහාසයං
යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති මොක්ඛන්ති මාරබන්‍ධනා.
(යොදුන් දහසෙකින් දුර වූ ද අරමුණු ගන්නා බැවින්) දුරට යන්නා වූ ම, හුදෙකලා හැසිරෙන (එක් විට දෙසිතක් නො ඉපද එක් සිතක් ම උපදනා බැවින් එකක් ව ම හැසිරෙන), (අරූපී ධර්‍ම බැවින් පැහැ සටහන් නැත්නු යි) අශ්රිර වූ, (ශරීර නැමැති) ගුහායෙහි පවත්නා වූ සිත යම් කෙනෙක් සංවරයෙහි පිහිටුවද්ද, ඔහු මාරබන්‍ධනයෙන් (ත්‍රෛභූමක වෘත්තයෙන්) මිදෙන්නාහු ය.
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » සුත්ත නිපාතය » 4. අට්‌ඨක වර්ගය
776. මනුෂ්‍යයෙක් ගුහා සංඛ්‍යාත ශරීරෙයහි රාගාදි විසින් ඇලුනේ බොහෝ වූ රාගාදි ක්ලේශ ජාතයෙන් වැසුනේ රාගාදි වශයෙන් සිටුනේ මෝහන සංඛ්‍යාත පස්කම් ගුණයෙහි දැඩි වැ බැසගත්තේ වේ ද, එබඳු වූ හේ ත්‍රිවිධ විවේකයෙන් දුර මැ වේ. යම්හෙයකින් සත් ලොව්හි කාමයෝ සුවයෙන් හළ නො හැකියාහු ද එහෙයිනි.
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ථෙරගාථා පාළි » 19. පඤ්ඤාස නිපාතය
1140. එම්බා චිත්තය, තෝ වනාහි වල්හූරන් හා “එණි” මුවන් විසින් පිවිස සෙවුනා ලද ප්‍රාග්හාරයන් හා ගිරිකුළු ඇති, පියොවින් මැ සුන්දර වූ භූමිභාග ඇති, අළුත් වැසි දියෙන් තෙත් වූ ඒ වනයෙහි ගුහා නැමැති ගෙට පැමිණියෙහි (භාවනා රතියෙන්) රමණය කරව
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » ජාතක පාළි 1 » 5. පඤ්‌චක නිපාතය » 2. වණ්‌ණාරොහ වර්ගය
795. එපරිදි පංචකාමයෝ මිනිසුන් අතුරෙ ඒ ඒ තැනැ තබා ලූ විෂයකැ යි දතයුත්තාහ. මේ පංචකාම ආමිෂ ද බන්ධන ද වෙයි. තෙල පංචකාමය ශරීරය නැමැති ගුහායෙහි වෙසෙන මාරයා මැ යි.
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » මහා නිද්දේස පාළි » ගුහට්‌ඨකසූත්‍රනිර්දේශය
දූරෙ විවෙකා හි - මෙසෙයින් කායගුහායෙහි ඇලුණු මෙසේ බොහෝ කෙලෙසුන් විසින් වැසුණු මෙසේ පඤ්චකාමගුණමොහනයෙහි ගැලුණු යමෙක් වේ ද, හෙතෙම කායවිවෙකයෙනුදු දුරැ වෙයි. චිත්තවිවෙකයෙනුදු දුරැ වෙයි. උපධිවිවෙකයෙනුදු දුරැ ඉතා දුරැ අතිශයින් දුරැ නො ළංහි නො හාත්පසැ අනාසන්නයෙහි බැහැර සිටියේ වේ.