ඇත්තටම No - 1 වෙන්නේ කොහොමද?

Anjula97

Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    ඇත්තටම No - 1 වෙන්නේ කොහොමද?



    55368_1.jpg


    උස්සපු එකක් බව කරුණාවෙන් සලකන්න. :rofl:

    වත්මන් තරුණ පරපුරේ ඉන්න බොහෝ තරුණ තරුණියන්ට පොරක් වීමේ හෝ සුපිරි තරුවක් බවට පත්වීමේ නොතිත් ආසාවක් තියෙනවා. ඇත්තටම අපි ඒක කිසිම වරදක් විදියට දකින්නේ නැහැ. සෑම කෙනෙක්ම පොරක් හෝ සුපිරි තරුවක් වෙන්න උත්සාහ කළොත් සමාජයට වඩා යහපත් දේවල් දායාද වෙනවා. අන්න ඒක නිසා 18න් පසු ජීවිතයේදී සුපිරි තරුවක්, එහෙමත් නැත්නම් අන්‍යයන්ගෙන් වෙන්වුණ සුවිශේෂී චරිතයක් වෙන්න උත්සාහ ගන්න අයට ගැළපෙන නියම උපක්‍රමයක් ගැන අද කතා කරමු. :)

    සුපිරි මිනිසෙක් වෙන්න හෝ සුපිරි තරුවක් වෙන්න ඕන කියලා හිතුවට, එහෙම සුපිරි මිනිසෙක් හෝ සුවිශේෂී මිනිසෙක් වෙන්න බැහැ. මන්ද යත් ඕනෑම ජයග්‍රහණයක් ලබා ගන්න උපක්‍රමයක් භාවිත කළ යුතුයි. උපක්‍රමයක් නැතිව ක්‍රියාත්මක වන සැලසුම්වලින් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. සංගීතය, කලාව, ක්‍රීඩාව, අධ්‍යාපනය වගේ ලොව විවිධ ක්‍ෂේත්‍රවලින් ඉහළටම ගිය චරිත එහෙම ඉහළටම ගියේ හුදෙක් ඔවුන් සතුව තිබුණ දක්ෂතාව නිසාම නෙවෙයි. ඔවුන් දක්ෂතාවලට එහා ගිය උපක්‍රම භාවිතය ඔස්සේ සිය අරමුණු ජයගත්තා.

    18න් පසු ජීවිතයේදී සුපිරි තරුවක් වෙන්න කියලා දෙන පහත උපක්‍රමය ඇත්තටම ප්‍රබල අලෙවිකරණ උපක්‍රමයක්. ලෝක ප්‍රකට අලෙවි කළමනාකරණ විද්වතුන් දෙදෙනෙක් වන අල් රීස් සහ ජැක් ට්‍රොවුට් කියන දෙන්නා තමයි මෙම උපක්‍රමය ලෝකයට ගෙනාවේ. එය වලට විතරක් නෙවෙයි ජීවිතයටත් එක වගේ වටිනවා.
    ඕනෑම ක්‍ෂේත්‍රයක පළමු වැනියා වෙන්නේ හෝ පොරක් වෙන්නේ එම ක්‍ෂේත්‍රයෙන් ඉදිරියටම යන පුද්ගලයා. නමුත් පවතින ක්‍ෂේත්‍රයක ඉදිරියටම ගිහින් එහි පළමු 1000ටවත් අන්තර්ගත වීම තරමක් අපහසු දෙයක්. එහෙම අවස්ථාවක එම ක්‍ෂේත්‍රයේම ඉදිරියට යන්නේ නැතිව කෙනෙක්ට වෙනත් ක්‍ෂේත්‍රයක් හදාගෙන ඉදිරියට ගියොත්, එමඟින් ද සුපිරි තරුවක් වෙන්න පුළුවන්.

    එම උපක්‍රමය සරලව කියනවා නම්,
    ඔබට පවතින වර්ගයේ පළමු වැනියා විය නොහැකි නම්, ඔබට එක විය හැකි අලුත් වර්ගයක් හදාගෙන, එහි පළමු වැනියා වෙන්න.
    ඒ ගැන කියන්න කලින් ඔබෙන් සරල ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්න.

    අත්ලාන්තික් සමුද්‍රය හරහා ගුවන් යානයකින් තනිව ගමන් කළ තුන් වැන්නා කවුද?
    සාමාන්‍ය පළමු වැන්නා සහ දෙවැන්නා මතක තිබුණත් තෙවැන්නා අපේ මතකයේ නොරැඳෙන නිසා එයට පිළිතුරු ලබා දීම තරමක් අපහසුයි.

    අත්ලාන්තික් සමුද්‍රය හරහා ගුවන් යානයකින් ගමන් කළ පළමු පුද්ගලයා චාල්ස් ලින්ඩ්බර්ග්, වන අතර දෙවැන්නා බර්ට් හින්ක්ලර්, අත්ලාන්තික් සමුද්‍ර එලෙස තරණය කළ තෙවැන්නා කාන්තාවක්. ඇය ඇමිලියා ඉයර්ට් , ඇත්තෙන්ම ඇය අත්ලාන්තික් සමුද්‍රය හරහා ගුවනින් ගමන් කළ තෙවැන්නා වුණත්, එය සිදුකළ ප්‍රථම කාන්තාව නිසා තමයි බොහෝ දෙනාගේ මතකයේ ඇය රැඳී තිබෙන්නේ. එසේම ඇයගේ සාර්ථකත්වයටද එය බලපෑවා.
    ඉතින් අපි ඇමිලියාව හඳුන්වන්නේ අත්ලන්තික් සමුද්‍රය හරහා තනියෙන් ගුවන් යානයකින් ගමන් කළ තෙවැන්නා ලෙසද? නැත්නම් ඒක සිදු කරපු පළමු කාන්තාව ලෙසද? ටිකක් හිතන්න.

    ම්... ම්... අපි තවත් පුංචි ප්‍රශ්නයක් අහන්නම්. ලංකාවේ හතර වැනි විධායක ජනාධිපති කවුද?
    එක්වරම එය ඔබට මතක් නොවීම සාමාන්‍ය දෙයක් නමුත් ඊට නිවැරැදි
    පිළිතුර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග. නමුත් අපි එම ප්‍රශ්නයම වෙනස් විධියකට අහන්නම්. එවිට ඔබ අසුරු සැණින් පිළිතුරු දෙයි.
    ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරිය කවුද?

    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අපේ මනසේ ස්ථානගතවී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ හතර වැනි විධායක ජනාධිපති හැටියට නෙවෙයි. අපි ඇය හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිනිය වශයෙන් අන්න ඒක තමයි වර්ගය පිළිබඳ නීතිය. ඇයට පවතින වර්ගයේ එක වෙන්න බැරිවුණා. නමුත් ඇය නව වර්ගයක ප්‍රථමයා වුණා. අපි ඒ කතා කළේ දේශපාලනය සම්බන්ධව, ව්‍යාපාර සහ ජීවිතය සම්බන්ධයෙන්ද එය එසේමයි.

    ඉහත වර්ගය ගැන සංකල්පය අල් රීස් සහ ජැක් ට්‍රොවුට් හඳුන්වා දුන්නේ භාණ්ඩ අලෙවිකරණය සම්බන්ධයෙන්. නමුත් පුළුල්ව හිතලා බලන විට එය ජීවන සාර්ථකත්වයට ප්‍රායෝගිකව යොදා ගත හැකි අගනා සංකල්පයක්. අප පෙන්වන උදාහරණ ඔස්සේ පෙනෙන්නේ එම උපක්‍රමයේ එක පැතිකඩක් පමණක් නිසා වර්ගය පිළිබඳ සංකල්පය අප පැහැදිලි කරන අයුරින්ම අවබෝධ කර ගැනීම අවශ්‍ය නැහැ. එම සංකල්පයේ හරය ඔබට රිසි ලෙස යොදා ගන්න. ඒ ඔස්සේ තව තවත් හිතන්න. පාසල් සමයේ අප සියලු දෙනාම උත්සාහ කරන්නේ අධ්‍යාපනය ඔස්සේ ඉදිරියට ගොස් එහි ප්‍රථමයෙක් වෙන්න. නමුත් කීයෙන් කී දෙනාටද එහෙම වෙන්න ලැබෙන්නේ. තමන්ට ඉදිරියට යන්න බැරි, හැකියාවක් නැති ක්‍ෂේත්‍රයක් ඔස්සේ ඉදිරියට යන්න තැත් කිරීම නිසා පාසල් සමයේ කලාව හෝ ක්‍රීඩාව ඔස්සේ පැහැදිලිවම ඉදිරියට යන්න පුළුවන්කම තිබුණ. බොහෝ දෙනෙක්ට ඒ ඔස්සේ ඉදිරියට යන්න බැරි වෙනවා. අධ්‍යාපන සම්බන්ධව පමණක් නෙවෙයි ජීවිතයේ බොහෝ දේවල් සම්බන්ධයෙන්ද මේ තත්ත්වය දකින්න පුළුවන්.

    පවතින රැල්ල තුළ ඔබට සාර්ථක වීමට නොහැකි නම්, ඒ තුළ තැනක් ඔබට හිමි නොවෙනවා නම්, ඔබ නව රැල්ලක් නිර්මාණය කර ගන්න. ක්ලැරන්ස් විජේවර්ධන කියන්නේ ශ්‍රී ලාංකේය සංගීතයේ එක රැල්ලක ප්‍රවීණයෙක්. ඔහු ඔහුටම ආවේණික නව සංගීත රැල්ලක් බිහි කළා. ඒ වනවිටත් පවතින රැල්ල තුළ ඔහුත් ගියා නම්, ඔහු තවත් ගායකයෙක් පමණක් වෙනවා නියතයි. ජෝතිපාල, රූකාන්ත, භාතිය සහ සන්තුෂ් වගේ ගායකයන්ද පවතින රැල්ලේ එක වෙන්න යන්න නැතිව නව රැලි හදාගෙන සුපිරි තරු බවට පත්වුණා. ඩේවිඩ් බෙකම් දක්ෂ කඩවසම් පාපන්දු තරුවක්. නමුත් ඔහු පිටියේදී දක්ෂකම් අඩුවෙන් පෙන්නුවත්, පාපන්දු ලෝලීන් තුළ ඔහුට ඇති ජනප්‍රියත්වය අඩු වෙන්නෙම නැහැ. ඊට හේතුව ඔහු පාපන්දු ක්‍ෂේත්‍රයේ ආකර්ෂණීය මෝස්තර සිදු කරන ප්‍රමුඛම නිරූපණ ශිල්පියෙක් වශයෙන් ඔහු වෙනම රැල්ලක් හදා ගත්තා.

    හෙව්ලෙට් - ෆැකාර්ඩ් යන නම කියන විටම අපේ මතකයට නම් නැඟෙන්නේ ඩ්ර්ථී පරිගණක. නමුත් හෙව්ලෙට් - ෆැකාර්ඩ් බොහෝ දේවල් සම්බන්ධයෙන් ජනප්‍රිය සමාගමක්. විශේෂයෙන්ම ඔවුන්ගේ මුද්‍රණ යන්ත්‍ර සඳහා වෙළෙඳ පොළේ වැඩි ඉඩක් හිමිවෙලා ඇති බව නොරහසක්. ඊටත් වඩා ඔවුන්
    කළමනාකරණ විෂය සීමාව තුළ කතාබහට ලක්වෙන්නේ ඔවුන් ඔවුන්ටම ආවේණික වූ කළමනාකරණ ක්‍රමයක් තුළ ව්‍යාපාරය මෙහෙයවන නිසයි. ඉතා විවෘත
    කළමනාකරණ ප්‍රවේශයක් වන ඩ්ර්ථී ක්‍රමය විදියට එය හඳුන්වනවා.

    බිල් හෙව්ලෙට් සහ ඩේව් ෆැකාර්ඩ් ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ එකට ඉගෙන ගත්ත ගජ මිතුරෝ දෙන්නෙක්. අධ්‍යාපනය ලබන සමයේදීම කැලිෆෝනියාවේ ගරාජයක ඔවුන් ඔවුන්ගේ පුංචි ව්‍යාපාරය ආරම්භ කළා. පසු කාලයකදී ඩේව් පැවැසූ ආකාරයට 'ලෝකප්‍රකට සමාගමක් බිහි කරනවා කියන අදහස නිකමටවත් අපේ හිත් තුළ තිබුණේ නැහැ. ඒ වගේම දිගුකාලීන ව්‍යාපාර සැලැසුමක් තිබුණෙත් නැහැ. අපිට අවශ්‍ය වුණේ රැකියාවල්.' බිල් සහ හෙව්ලෙට් රැකියා ඉල්ලමින් හෝ රැකියා සොයමින් ගියේ නැහැ. ඔවුන් ඔවුන්ට අවශ්‍ය රැකියාව ඔවුන්ම නිර්මාණය කර ගත්තා. ඒ වගේම එතෙක් පැවැති කළමනාකරණ ප්‍රවේශයන්ගෙන් බැහැරව ඩේව් නව

    කළමනාකරණ දැක්මක් ව්‍යාපාරයට පසුකාලීනව හඳුන්වා දුන්නා. එය හඳුන්වන්නේ Management by working around කියලා. ඔවුන්ගේ ව්‍යාපාරයේ දියුණුව රහස එම කළමනාකරණ ප්‍රවේශයම තමයි, ද වනවිට සේවකයන් 1,50,000ක් පමණ සේවය කරන HP සමාගම රටවල් 160 පුරා බිලියනයකටත් වඩා පාරිභෝගිකයන් පිරිසකට සේවා සපයන දැවැන්ත ව්‍යාපාරයක්.

    ඇමෙරිකාවේ ලියර් සඟරාව කියන්නේ ප්‍රථම කාන්තා සඟරාව නෙවෙයි. ඒත් ඒක තමයි වැඩිහිටි කාන්තාවන්ට පමණක් හඳුන්වා දුන්න ප්‍රථම කාන්තා සඟරාව. ඒ වගේම 'මව්බිම' - 'යං' කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත්කළ පළමු තරුණ අතිරේකය නෙවෙයි. නමුත් එය කලාත්මක සහ සමාජ පරිවර්තන දැක්මකින් තාරුණ්‍ය ඇමැතූ ප්‍රථම තරුණ අතිරේකය බවට පත්වුණා. එම නිසා ඉතා කෙටි කාලයකින් එය කා අතරත් අතිශයින්ම ජනප්‍රිය වුණා. එහෙම නැතිව 'යං' නිකන්ම නිකන් තොරතුරු පමණක් ඉදිරිපත් කරන පුවත් පතක් වුණා නම් 'යං' අතිරේකයත් දැන්වීම් අතර පුවත් තියෙන තවත් සාම්ප්‍රදායික පත්තරයක් වෙනවා.

    කිසියම් ක්‍ෂේත්‍රයකින් ඔබට පැහැදිලිවම ඉදිරියට යෑමට නොහැකි නම්, ඔබට පහසුවෙන් ඉදිරියට යා හැකි ක්‍ෂේත්‍රයකට පිවිසෙන්න. නැත්නම් ඔබේම ක්‍රමයක් නිර්මාණය කරගන්න. ඔබට යළිත් මේ ඔස්සේ අපට මතක් කරන්න තියෙන්නේ දියුණු වෙන්න අවශ්‍ය නම් තමන්ගේ අවස්ථා තමන් නිර්මාණය කරගත යුතුයි කියන සදාතනික සත්‍යයම තමයි.

    කැලුම් වැලිගම