ඇත්තම කතාවක් ඒකනම්

harshana-lk

Well-known member
  • Oct 3, 2013
    1,068
    615
    113
    එක කෙල්ලෙක් කාලයක් මගෙ පස්සෙන් ආව..ඒත් මං ඒකිට ආදරේ කළේ නෑ.ඒකි ලස්සනත් නෑ.ඇති විශේෂත්වයකුත් නෑ.එය දුප්පත් පවුලක කෙල්ලෙක්.තනියම ජීවත්වුනේ. එයාගෙ මූනෙ හැමවෙලාවෙම තිබුණෙ මහ බරපතළ ශෝකාකූල පෙනුමක්.මං ආස වුනේ නෑ ඒකට.මට ඕන වුනේ හුරතල් සෙක්සි කෙල්ලෙක් මම ඒක එයාට කියලා තියෙනව.ඒ සාරා..
    කවදාවත් කෙලින් නොකිව්වට සාරා මට ආදරේ කළා.මං ඒක දැනගන හිටියා.
    සාරා මගෙ පස්සෙන් ආව අවුරුදු ගානම මම ඔලී පස්සෙන් ගියා.ඔලී ලස්සන කෙල්ලෙක්..හුරතල් කෙල්ලෙක්.සිනිඳු කෙල්ලෙක්...හොඳ පවුල් පසුබිමක කෙල්ලෙක්..ඉතිං මං ඇයි ඔලීට ආදරේ නොකරන්නෙ....
    මගෙ බිස්නස් එක වැටුණා .ඒක කියන්න මට කෙනෙක් හිටියෙ නෑ.ඒක ඔලීට කියලා වැඩක් නෑ.ඔලීට ඒ ගැන තේරුමක් නෑ.අනික මගෙ ආර්ථිකය අවුල් කියලා දනගත්තම ඔලීගේ ආදරය අඩුවෙන්න ඉඩ තියෙනව කියල මගෙ හිත කිව්ව.ගෑනුන්ට ඕන ප්‍රබල පිරිමියෙක්..මං ප්‍රබල පිරිමියෙක් බව ඇයට ඔප්පු කරන්න ඕන.මට ඇයව රැක බලාගන්න පුලුවන් බව ඇයට ඔප්පු කරන්න ඕන..ඉතිං මං ඇයට කිව්වෙ නෑ..
    මං ඒක සාරට කිව්වා.සාරා මට අදහස් දුන්නා.හැබැයි වැටිච්ච බිස්නස් එක ගොඩගන්න එක ලේසි වුනේ නෑ.
    වෙනදා වගේ කෝල් කරපු ගමන් ඔලීව බලන්න යන්න මට නිදහසක් තිබ්බෙ නෑ.මට වැඩ කන්දක්.මම ආයෙ නාන්න ඕන.ඇඳුම් මැදල අඳින්න ඕන.ඒකට ගැලපෙන සපත්තු .දෙයියනේ කාර් එක ෆිනෑන්ස් එකෙන් උස්සලා දවස් ගානක්.මට ඔලීව නැතිවෙයි කියන බයට මං කොහොම හරි බොරු දාහක් කියලා,කරලා ඔලී ඉස්සරහා මාව මේන්ටේන් කළා.සාරා මට උදවු කළා ඔලීව සතුටු කරන්න,..ඇත්තම කිව්වොත් ඔලී මට වැඩියෙන්ම මට බැඳුනෙ ඒ කාලෙ.ස්ත්‍රී හදවතේ හැම අහුමුල්ලක්ම දන්න සාරා ඔලීව මට සම්පූර්ණයෙන්ම දිනා දුන්නා කිව්වොත් නිවැරදි.
    අන්තිමේ මං ආයේ හිටපු තත්වෙට ආවා.ඒ නැවත ගොඩ නැඟීමට ප්‍රබලම හේතුවක් වුනේ සාරාගෙ දිරිගැන්වීම් සහ අදහස් කියනෙක සම්පුර්ණයෙන් ඇත්තක්.
    කාලය ගෙවිලා,සාරා ආයෙම දුරස් වෙලා ගියා.මං මගෙ විවාහයට සූදානම් වෙමින් හිටියා.
    මගෙ එන්ගේජ්මන්ට් එකට ම්ං සාරට එන්න කිව්ව.ඒකත් හෙට උදේ කියලා කිව්වෙ..එක කෝල් එකයි.සාරා එන්නම් කිව්ව.
    හෙට මගෙ විවාහ ගිවිස ගැනීම..මම මගෙ යාලුවොත් එක්ක ශරන්‍යා රෙස්ට් එකේ පොඩි පාටියක් එදා.
    මගෙ විවාහක මිත්‍රයො විවාහය ගැන මට උපදෙස් දෙන්න පටන් ගනිද්දි රෑ එකොලහ පහුවෙලා.
    ඔක්කොම සාම්ප්‍රදායික උපදේශ.බාගයක් කුනුහරුප..ඒව එච්චර වැදගත් නෑ.
    මට හිටපු නිහඬම මිත්‍රයා සන්දේශ්..ඔහුගෙ විවාහය අවුරුද්දකට සීමා වුනා.ඔහු දික්කසාද වුනා.ඔහු මට මෙහෙම කිව්ව.ඒ මගෙ පිටට අතකුත් තියලා..
    "ඕනම මනුස්සයෙක් කසාද බඳින්න ඕන පවුලක් පන්සලක් කියන එකේ පන්සලක් කියන කෑල්ල බලාගන මචං..ඔය පන්සල කියනෙකේ අදහස බං සැනසීම,නිදහස කියනෙක..එතකොට ආභරණ ආටෝප නැති නිදහස් කියනෙක....අන්න ඒක තමා අපිට මචං කසාදෙකින් ඕන කරන්නෙ.."
    "යකෝ පන්සල් යන්නෙත් මේකප් දාල මේකප් දලා..ආටෝප නැත්තෙ මොකද..ආටෝප..ඇයි උඹට හිටියෙ එකක්..අප්පා ..ඒක උඹ කවදහරි හරියට දැක්කද මචං...නෑ මං ඇහුවෙ ඒක ඉතිං අත පයටත් මේකප් දාගනනෙ හිටියෙ...."
    ඒ අනුරාධ..අනුරාධගෙ කට වහන්න ඕන කමක් මටත් තිබ්බත් මට ඉස්සර වුනේ මාලිංග.
    "මචං සංදේශයා..සිරාවට ඇයි බං උඹ ඩිවෝස් වුනේ..?"
    ඇල්කොහොල් හින්ඳ නෙවෙයිනම් මාලිංග කවදාවත් ඒක අහන එකක් නෑ.
    "මට මං වෙලා ඉන්න නැති හින්ඳ...මට මං නැතිවුනා මචං කසාදෙන් පස්සෙ.ඒ අවුරුද්දම ගෙදර හිටියෙ ශානිගෙ හබී මිසක් සන්දේශ් නෙවෙයි..මට මහන්සි වුනාම මං මේ වගෙ තනියෙන්ම ගහලා ගෙදර ගියා..ආන්න එතකොට මං..මම වෙලා හිටියා...මාව..ඒ කියන්නෙ ඇත්තම ඇත්ත මාව දකිනකොට ඒකිට එපා වුනා.ඒකිත් වැරදි නෑ..මං අවුරුදු පහක් ඒකි ඉස්සරහ මේන්ටේන් කළේ මචං ඒකි ආස සංදේශයා මිසක් ඇත්තම ඇත්ත මං නෙවෙයි..ඒකි කියනෙක ඇත්ත.මං ඒකිවත් රවට්ටල මාවත් රවට්ටගත්ත..ආන්න එතකොට සැනසීම නෑ මචං..සැනසීම තියෙන්නෙ මට මං වෙලාම ඉන්න කිසි අවුලක් නැති එකා ගාව...ඕ...අන්නේකයි ඇත්ත."
    එදා රෑ මං හුඟාක් හිතුවා.මට මං වෙලා ඉන්න බැරිවීම කියන එකෙන් සන්දේශ් අදහස් කළේ මොකද්ද කියලා.
    මං හිතන්නෙ මං ඒක තේරුම් ගත්තා.
    මං ඔලී ගාව ඉන්නෙ මම හැටියටමද?ඔලී නම් මම ගාව ඉන්නෙ ඔලී හැටියටම තමා..
    ඔලී හමබ්වෙන්න යද්දි මම තාමත් හුඟක් හිතනව..මගෙ ඇඳුම ගැන,ඒක එයාට කැතට පෙනෙයිද,,අතේ තියා සල්ලි ඇතිවෙයිද,එයාට මගෙ පැහුනු කෙස් ගහක් පෙනෙයිද වගෙ දේවල්...
    දෙයියනේ එතකොට මං හැමදාමත් ඔලී කැමති මිනිහව මේන්ටේන් කරන්න ඕනද?ජීවිත කාලෙම?.
    ඒ වෙලාවෙ මට දැනුණෙ මට මොකද්ද මේ වෙන්න යන අපරාධෙ වගෙ හැඟීමක්...එතකොට ඔලී..ඔලීට වෙන්න යන්නෙත් මට වෙන්න යන අපරාධෙට අඩු අපරාධයක් නෙවෙයි කියලත් මට මතක් වුනා..
    ඒ වෙලාවෙ සාරගෙන මැසේජ් එකක් ආවා.එන්න වෙන්නෙ නෑ කියන්න.
    "ඇයි?"මම ඇහුවා.
    ඇත්තටම මේකයි මට හෙට අඳින්න ඇඳුමක් නෑ.මම වෙඩින් එකට අනිවාර්යයෙන්ම එන්නම්.."සාරා කිව්ව.
    මට සාරා එක්ක කතා කරන්න ඕන වුනා.මං සාරාට මැසේජ් එකක් යැව්ව මෙහෙම
    "මේ මට උඹ එක්ක ටිකක් කතාකරන්න ඕන..පොඩ්ඩක් හිටපං ඕෆ්ලයින් යන්නෙපා..මං චූ පාරක් දාල එන්නම් විනාඩියෙන් "කියලා.
    බාත් රූම් එකේ හිටපු විනාඩියට මට මෙහෙම දේවල් ටිකක් හිතුණා.
    ඔලී එක්ක ඉද්දි වොෂ් රූම් ගිහින් එන්නම් බබා කියන මම "චූ බරයි බං"කියලා නිදහසේ කියනවා.
    සාරා හමබවෙන්න යන්න අලුතින් ඇඳුම් ඕන නෑ.මේ ඇඳන් ඉන්න ඕන එකකින් යන්න පුලුවන්.
    නහය හරි පස්ස හරි කහනව නම් "කහනව"කියලා පාඩුවේ කහගන්න පුලුවන්.
    මං ගාව නම් සල්ලි නෑ ඔයා ගාව තියෙනවද කියලා දෙපාරක් නොහිතා අහන්න පුලුවන්.
    අතේ තියන ගානට කමු කියන්න පුලුවන්
    රෙදි හෝදලා නෑ.ඇඳන් එන්න එකක් නැ.කිලුටු එකක් ඇඳන් එන්නෙ කියන්න පුලුවන් .
    ගැලපෙන ඒව නොහිතා මට පහසු සපත්තු දෙකක් දාන්න ඇඳුමක් අඳින්න
    පුලුවන්
    ලෙඩක් දුකක් වුන දාක හැමදේම බලාගන්න ඒකි ඉන්නව කියන විශ්වාසෙන් මට හොඳවෙනකම් නිදහසේ නිදාගන්න මට පුලුවන්.
    මං දවස් ගානක් නාලා නැතුව දත් මැදල නැතුව රැවුල කපලා නැතුව හිටියත් සාරා ආව කියලා දැනගත්තොත් ගෙදර දොර අරින්න මට පුලුවන් ..ඒත් ඒ ආවෙ ඔලී නම් මං දොර අරින්න බය වෙනව.මෙහෙම ජරාවට මාව දැකල ඒකිට මාව එපා වෙයි කියලා.
    මට හරියට ඉංග්‍රීසි බෑ කියලා ඔලීට කියන්න මට ලැජ්ජා වුනාට මං ඒක සාරට හැංගුවෙ නෑ.
    කාලය වේගයෙන් ගලාගන ගියා..
    හරියටම මාස හයකට පස්සෙ දවසක මම සාරාව කසාද බැන්ඳා..වෙඩින් නෑ..මොකද අම්මලා ඔලීව මිසක් සාරව භාරගන්න කැමති වුනෙ නෑ.
    ඔලී මට සාප තියලා රටින් ගියා.පස්සෙ ආරංචි වුනා එයාගෙ කලින් බෝයිෆ්‍රෙන්ඩ්ව එහෙදි බැන්ඳ කියලා.
    දැන් අපි බැඳලා අවුරුදු දෙකක්.සාරාගෙ මූනෙ දැන් අර ශෝකාකූල පෙනුම නෑ.ආදරය ලබන්න ලබන්න සාරා හුඟාක් සිනිඳු වුනා කියල මට හිතෙනව.ඇත්තමයි ඔලීට වඩා හුඟාක් සිනිඳුයි සාරා...මේ ලෝකේ හුරතල්ම සෙක්සිම කෙල්ල සාරා..හැබැයි ඒ කෙල්ල මතුවෙන්න ටික කාලයක් ගියා.
    ඒ මොනව කොහොම වුනත් මට කියන්න තියෙන්නෙ මම මං හැටියට ජීවත් වෙනව.අමතර වෙහෙසක් නෑ.සැනසීමක් තියනව ගෙදර යන එකේ.ටයි ගැටේකින් හිරකරන හැම පිරිමියෙක් ඇතුලෙම වගේ මගෙ ඇතුලෙත් ඉන්න අමු ගොරකයා තෙත පිටින් ඇඳ උඩ දාපු ටවල් එක අරන් අව්වට දාන්න යනගමන් මං ලඟට ආව සාරා මගෙන් අහලා යනව "හෙනා එකක් දාන්නද කියලා."
    මගෙ ඔලුවට.දගෙදරින් එලියෙ කිසිකෙනෙක් නොදන්නවට සාරා දන්නව මගෙ කෙස් සුදුයි කියලා..
    මං කියන්නෙ හැම මිනිහෙක්ම ගෑනියෙක්ම බඳින්න ඕන තමන්ට තමන්ම වෙලා ඉන්න ඉඩ දෙන කෙනෙක්ව.
    එයා ඉස්සරහ ගෙදර අය ඉස්සරහ ඉන්නව වගේම ඉන්න පුලුවන් නම්
    එයා ඉස්සරහ තමන්ගෙ නැති කම්,බැරි කම්,දුර්වල කම් කියන්න ලැජ්ජාවක් බයක් ඇතිවෙන්නෙ නැත්තං ..එයා තමා හරි කෙනා....
    එයා ගාව මට මං වෙලාම ඉන්න පුලුවන් ද..අමතර වෙහෙසක් නැතුව...එයා තමා හරිම කෙනා...විවාහ වෙන්න ජීවත් වෙන්න එයා තමා හරිම කෙනා....
    ❤

    උපුටාගැනීමකී. මුල් හිමිකරු නොදනිමි.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    uba hariyata reply ekak karanawa dekkamai man. ela ela (y)
    :yes: ehema aya hoya gannath amaruyi



    1.. මන් දැන් එන්නේ කම්මැලිකමට බන්...
    ඉස්සර වගේ සිරා කමෙන්ට් දාන්න හිතෙන්නේ නැහැ..
    ( දැන් කොලු කාලෙත් ඉවරනේ අපේ..

    2. මගේ ජීවිතේ විශාල විනාසයක් උනා මගේ
    ජීවිතේ හිටපු ගෑණියෙක් නිසා.. 2010 - 2013
    වගේ කාලේ හිටපු අය දන්නවා ඒ දේවල්...

    3. දැන් මන් කෙළින් කටින් ඉන්නේ මගේම
    තනි හයියෙන් නැගිටලා උනාට , මගේ දැන් :dull:
    නෝනා මගේ අඳුරු අතීතයේ සිදුවීම් විඳගෙන
    ඉවසගෙන මා එක්ක ගමනක් පටන් ගත්තා...
    ඒ ගැන එයාට කෘතඥ වෙන්න ඕනේ නිසයි
    මේ වගේ කමෙන්ට් එකක් දැම්මේ...

    4. ගෑණියෙක් නැති ජීවිතේට කිසිම අරමුණක් නැහැ..
    ඒ වගේමයි විනාසකාරී ගෑණියෙක් හම්බුණ මිනිහත්
    විනාශයට යනවමයි...

    5. කොහොම උනත් ගැහැණු කියන්නේ අමෘතයක් ,
    එක් මොහොතෙන් හලාහල විෂක්ව මරණය ලං කරන... :dull:
     

    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    1.. මන් දැන් එන්නේ කම්මැලිකමට බන්...
    ඉස්සර වගේ සිරා කමෙන්ට් දාන්න හිතෙන්නේ නැහැ..
    ( දැන් කොලු කාලෙත් ඉවරනේ අපේ..

    2. මගේ ජීවිතේ විශාල විනාසයක් උනා මගේ
    ජීවිතේ හිටපු ගෑණියෙක් නිසා.. 2010 - 2013
    වගේ කාලේ හිටපු අය දන්නවා ඒ දේවල්...

    3. දැන් මන් කෙළින් කටින් ඉන්නේ මගේම
    තනි හයියෙන් නැගිටලා උනාට , මගේ දැන් :dull:
    නෝනා මගේ අඳුරු අතීතයේ සිදුවීම් විඳගෙන
    ඉවසගෙන මා එක්ක ගමනක් පටන් ගත්තා...
    ඒ ගැන එයාට කෘතඥ වෙන්න ඕනේ නිසයි
    මේ වගේ කමෙන්ට් එකක් දැම්මේ...

    4. ගෑණියෙක් නැති ජීවිතේට කිසිම අරමුණක් නැහැ..
    ඒ වගේමයි විනාසකාරී ගෑණියෙක් හම්බුණ මිනිහත්
    විනාශයට යනවමයි...

    5. කොහොම උනත් ගැහැණු කියන්නේ අමෘතයක් ,
    එක් මොහොතෙන් හලාහල විෂක්ව මරණය ලං කරන... :dull:
    uba nam niyama porak mcn, 👌👌👌
     
    • Like
    Reactions: RoHA99

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    1.. මන් දැන් එන්නේ කම්මැලිකමට බන්...
    ඉස්සර වගේ සිරා කමෙන්ට් දාන්න හිතෙන්නේ නැහැ..
    ( දැන් කොලු කාලෙත් ඉවරනේ අපේ..

    2. මගේ ජීවිතේ විශාල විනාසයක් උනා මගේ
    ජීවිතේ හිටපු ගෑණියෙක් නිසා.. 2010 - 2013
    වගේ කාලේ හිටපු අය දන්නවා ඒ දේවල්...

    3. දැන් මන් කෙළින් කටින් ඉන්නේ මගේම
    තනි හයියෙන් නැගිටලා උනාට , මගේ දැන් :dull:
    නෝනා මගේ අඳුරු අතීතයේ සිදුවීම් විඳගෙන
    ඉවසගෙන මා එක්ක ගමනක් පටන් ගත්තා...
    ඒ ගැන එයාට කෘතඥ වෙන්න ඕනේ නිසයි
    මේ වගේ කමෙන්ට් එකක් දැම්මේ...

    4. ගෑණියෙක් නැති ජීවිතේට කිසිම අරමුණක් නැහැ..
    ඒ වගේමයි විනාසකාරී ගෑණියෙක් හම්බුණ මිනිහත්
    විනාශයට යනවමයි...

    5. කොහොම උනත් ගැහැණු කියන්නේ අමෘතයක් ,
    එක් මොහොතෙන් හලාහල විෂක්ව මරණය ලං කරන... :dull:


    සම්පූර්ණ කතාවම දැම්ම නම් වටිනවා. ( කැමති නම් විතරක් වෙනම තෙඩ් එකක දාන්න. ගැනියෙක් නිසා වලේ වැටෙන්න ඉන්න කෙනෙක්ට් වැදගත් වෙන්නත් පුළුවන්.)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සම්පූර්ණ කතාවම දැම්ම නම් වටිනවා. ( කැමති නම් විතරක් වෙනම තෙඩ් එකක දාන්න. ගැනියෙක් නිසා වලේ වැටෙන්න ඉන්න කෙනෙක්ට් වැදගත් වෙන්නත් පුළුවන්.)
    ow ehema hithuna wara
    keepayak thiyenwa .. heta aniddata
    danna balannam
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    1.. මන් දැන් එන්නේ කම්මැලිකමට බන්...
    ඉස්සර වගේ සිරා කමෙන්ට් දාන්න හිතෙන්නේ නැහැ..
    ( දැන් කොලු කාලෙත් ඉවරනේ අපේ..

    2. මගේ ජීවිතේ විශාල විනාසයක් උනා මගේ
    ජීවිතේ හිටපු ගෑණියෙක් නිසා.. 2010 - 2013
    වගේ කාලේ හිටපු අය දන්නවා ඒ දේවල්...

    3. දැන් මන් කෙළින් කටින් ඉන්නේ මගේම
    තනි හයියෙන් නැගිටලා උනාට , මගේ දැන් :dull:
    නෝනා මගේ අඳුරු අතීතයේ සිදුවීම් විඳගෙන
    ඉවසගෙන මා එක්ක ගමනක් පටන් ගත්තා...
    ඒ ගැන එයාට කෘතඥ වෙන්න ඕනේ නිසයි
    මේ වගේ කමෙන්ට් එකක් දැම්මේ...

    4. ගෑණියෙක් නැති ජීවිතේට කිසිම අරමුණක් නැහැ..
    ඒ වගේමයි විනාසකාරී ගෑණියෙක් හම්බුණ මිනිහත්
    විනාශයට යනවමයි...

    5. කොහොම උනත් ගැහැණු කියන්නේ අමෘතයක් ,
    එක් මොහොතෙන් හලාහල විෂක්ව මරණය ලං කරන... :dull:
    උබ බ්ලොග්වල දාලා තියෙන කමෙන්ට් දැකල තියෙනවා
    ඒ උබ ම නේද? වෙන සහන් කෙනෙක් ද දන් නෑ. ඉතිං කියපනකො ඒ පරණ කතාව.
    උබ එක තැන කමෙන්ට් එකක් දාලා තිබුණා කලින් සෙක්ස් කරල තිබුණට කමක් නෑ බදිනවා හැබැයි බැදලත් මට පෙනි පෙනි එක එකාගෙ ගෙට රිංගන එකියක් වෙන්න බෑ කියල. මට ඒක හොදට මතක තිබුණා.😅 මම ඒකාලෙ විතරක් නෙමෙයි අදටත් වෙන උන් ගහපුව බදින්න කැමති නැහැ.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උබ බ්ලොග්වල දාලා තියෙන කමෙන්ට් දැකල තියෙනවා
    ඒ උබ ම නේද? වෙන සහන් කෙනෙක් ද දන් නෑ. ඉතිං කියපනකො ඒ පරණ කතාව.
    උබ එක තැන කමෙන්ට් එකක් දාලා තිබුණා කලින් සෙක්ස් කරල තිබුණට කමක් නෑ බදිනවා හැබැයි බැදලත් මට පෙනි පෙනි එක එකාගෙ ගෙට රිංගන එකියක් වෙන්න බෑ කියල. මට ඒක හොදට මතක තිබුණා.😅 මම ඒකාලෙ විතරක් නෙමෙයි අදටත් වෙන උන් ගහපුව බදින්න කැමති නැහැ.
    ow e mn thamai ...dan blog
    ekata yanneth na bn...


    ehema hithann epa bn. sex wenai adare , badeem
    wenai .. 100% pure aya hoyanna epa ...
    kawada hri pita gya data duka wadi ...
     

    lilankaravi

    Active member
  • Feb 16, 2010
    261
    58
    28
    Earth
    උබ බ්ලොග්වල දාලා තියෙන කමෙන්ට් දැකල තියෙනවා
    ඒ උබ ම නේද? වෙන සහන් කෙනෙක් ද දන් නෑ. ඉතිං කියපනකො ඒ පරණ කතාව.
    උබ එක තැන කමෙන්ට් එකක් දාලා තිබුණා කලින් සෙක්ස් කරල තිබුණට කමක් නෑ බදිනවා හැබැයි බැදලත් මට පෙනි පෙනි එක එකාගෙ ගෙට රිංගන එකියක් වෙන්න බෑ කියල. මට ඒක හොදට මතක තිබුණා.😅 මම ඒකාලෙ විතරක් නෙමෙයි අදටත් වෙන උන් ගහපුව බදින්න කැමති නැහැ.

    නොගහපු එකක් හොයනවා කියන්නේ ලේසි නෑ.. හම්බුනොත් එළ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Sara wage kenek tama oni anura kumaratath jvp business eka watila tiyena me welawe. punchi amma hariyanne na. :D ;) :yes: :D


    ade punchi ammage loku putha ko ban uba??? anura bappa ubata mahinda lokka langa job ekak wath set karala dunnada
     

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    1.. මන් දැන් එන්නේ කම්මැලිකමට බන්...
    ඉස්සර වගේ සිරා කමෙන්ට් දාන්න හිතෙන්නේ නැහැ..
    ( දැන් කොලු කාලෙත් ඉවරනේ අපේ..

    2. මගේ ජීවිතේ විශාල විනාසයක් උනා මගේ
    ජීවිතේ හිටපු ගෑණියෙක් නිසා.. 2010 - 2013
    වගේ කාලේ හිටපු අය දන්නවා ඒ දේවල්...

    3. දැන් මන් කෙළින් කටින් ඉන්නේ මගේම
    තනි හයියෙන් නැගිටලා උනාට , මගේ දැන් :dull:
    නෝනා මගේ අඳුරු අතීතයේ සිදුවීම් විඳගෙන
    ඉවසගෙන මා එක්ක ගමනක් පටන් ගත්තා...
    ඒ ගැන එයාට කෘතඥ වෙන්න ඕනේ නිසයි
    මේ වගේ කමෙන්ට් එකක් දැම්මේ...

    4. ගෑණියෙක් නැති ජීවිතේට කිසිම අරමුණක් නැහැ..
    ඒ වගේමයි විනාසකාරී ගෑණියෙක් හම්බුණ මිනිහත්
    විනාශයට යනවමයි...

    5. කොහොම උනත් ගැහැණු කියන්නේ අමෘතයක් ,
    එක් මොහොතෙන් හලාහල විෂක්ව මරණය ලං කරන... :dull:
    එ වචන ටික හිතට වැදුනා මිත්‍ර්‍යා කෙටියෙන් උනත්...