ඇත්තම භූතයෙක් හම්බ උනා,සාක්කි සහිතයි..!

Hacker V

Member
Jan 27, 2014
767
108
0
ඇත්තම භූතයෙක් හම්බ උනා,සාක්කි සහිතයි..!

තෙරුවන් සරණයි !

ghost.jpg


මට මේ අදහස ඩිවලොප් කර ගන්න ඔබේ අදහස් ටිකක් දෙන්න,.

මම සියල්ල දත් කෙනෙක් නොවේ,. මෙය මාගේ සිතෙහි ඇති වූ අදහසක් පමණි, මෙම අදහස ගැන ඔබේ අදහස් ,යෝජනා ආදිය බලාපොරොත්තු වෙමි,. මෙය කිසිදු ආගමක් විකුර්ති කර දැක්වීමක් ලෙස නොසලකන්න,.ඔබේ සියලු අදහස් මෙම අදහස වර්ධනය කිරීමට හැකියාව ලැබෙන බැවින් කුඩා හෝ අදහසක් දක්වන්න.,...( මා මෙහි දෙවියන් ගැන ගැන කිසිදු අදහසක් දක්වා නොමැත්තේ එය වෙනමම කොටසක් බවයි,. එම නිසා මෙම කොටසට දෙවියන් අයත් නොවන බව කරුණාවෙන් සලකන්න),..


නූතන විද්‍යාව මගින් බුදුදහමේ ඇති බොහෝ තැන් පිළිගත්තද බුදු දහමේ කියැවෙන ප්‍රේත,භූත,යක්ෂ,කුම්බාණ්ඩ සහ දෙවියන් වැනි මිනිස් ඇසට නොපෙනෙන මෙමෙ සත්ව කොට්ටාශ නූතන විද්‍යාව මගින් එක හෙලා ප්‍රතික්ෂේප කරයි.එයට ප්‍රදාන හේතුව වනුයේ එවැනි කිසිදු සත්වයෙකු විද්‍යාත්මකව සොයා නොගැනීම හා එවැනි සත්වයෙකු වර්තමානයේ කිසිවෙකු දැක හෝ ඉන්නවාය යන බව ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් මේවන විටද අප හට හමු නොවීමය. මෙවැනි සත්ව කොට්ටාශයක් ඉන්නා බවට බෞද්ධයන් එක හෙලා පිළිගත්තද ඒ හා සමාන කොටසක් ,විශේෂයෙන් ම හේතුවාදීන් මෙවැනි සත්වයින් ඉන්නා බව එක හෙලා ප්‍රතික්ෂේප කරයි.බොහොමයක් වෛද්‍ය වරුන්, විද්‍යාඤයන් වැනි උගතුන් පවා මෙවැනි සතුන් සිටිනා බව ප්‍රතික්ෂේප කරයි . එම හේතුව නිසා එවැනි සතුන් පිළිගන්නා හා නොගන්නා කොටස් අතර බොහොම උණුසුම් වාද විවාද ,විවිද මත පළකර ගනියි,මෙවැනි දෑ ගැන බොහෝ පුවත් පත් වල,රුපවාහිනී වල පවා විවිද වැඩසටහන් ඉදිරි පත් උවද ,විවිද ගවේෂණ ආදිය සිදු උවද ඒවා පටන් ගන්නවාටත් කලින් අතර මග නැවතුණි,සමහර ඒවා අවසන් වූයේ නිවැරදි පිළිතුරු රහිතවය,....
බුද්ධ වචනයේ පැවසෙන පරිදි සියල්ල අසු පමණින් පිලි නොගෙන ඒවා ගැන තම නුවනින් විමසා බලා එය නිවැරදි ද නැද්ද යන වග පිළිගත යුතුය.සැබෑ බෞද්ධයෙකුගේ ක්‍රියා පිළිවෙත විය යුත්තේ එය ය. මෙවැනි සත්වයින් ගැන එක හෙලා පිළිනොගෙන ,එක හෙලා ප්‍රතික්ෂේප නොකොට විද්‍යාව හා බුදුදහම හොදින් ගවේෂණය කර එකම මතයක මුල් නොබැස සැවොම ඒවා දෙස බලන ආකාරයෙන් නොබලා වෙනත් කෝණයකින් මෙම ගැටුලුව දෙස බැලිය යුතුය.එවිට මෙවැනි සත්ව කොට්ටාශ සිටීද ,නොසිටීද යන්න හා අප හට වරදී ඇත්නම් ඒ කොතනද යන්න ගැන ඉතා හොදින් අවබෝද කළගත හැක.
අප බොහෝ දෙනෙක් මෙවැනි සතුන් අමනුස්සයන් ,අමනුෂ්‍යයෝ ලෙස පැවසීමට හුරු වී ඇත.එහෙත් මට පෙනෙනා පරිදි ,ඔව්න්ට එම නමින් ඇමතීම නිවැරදි වුවද අමනුෂ්‍යයෝ යනු මනුෂ්‍ය නොවන අන් සියලු සත්වයෝ ය.එලෙස ගත් කල එයට සතා සිව්පාවා පවා ඇතුලත් වේ. එම නිසා එම වචනය මෙම සතුන් කොටස ඇමතීමට නොගැලපේ.එම නිසා අප මෙම සතුන් “ඇසට නොපෙනෙන සතුන්” ලෙස සලකමු.මෙලෙස ඔව්න් ගැන කතා කිරීමේදී මෙම වදනට සමාන වදනක් විද්‍යාවේ සදහන් වෙ .විද්‍යාවේදී ඇසට නොපෙනෙන ජීවින් “ක්ෂුද්‍රජිවින්” ලෙස හදුන්වයි .දැන් අප වෙනත් කෝණයකින් සිතු නිසා අප හට මෙම මහා ගැටලුව සදහා ඉතා කුඩා නමුත් වටිනා සමානකමක් මතු වේ. මාගේ මතය මෙසේය. බුදුරජාණන් වහන්සේ යනු සියල්ල දැක අවබෝද කරගත් එකම පුද්ගලයා ය.උන් වහන්සේ සියලු විද්‍යාවන් වලට අග වෙමි. මෙලොව බිහිවූ අති විශිෂ්ටතම ,අන් අයට කිසි කලෙක සම කල නොහැකි විද්‍යාඤයා ය. උන් වහන්සේ නූතන විද්‍යාව මගින් සොයා ගත් බොහෝ දේ ගැන මිට පෙර අතීතයේ ඉතා හොදින් පැහැදිලි කර ඇත.එම පැහැදිලි කිරීම් වර්තමානයේ විද්‍යාව සදහා බෙහෙවින් උපයෝගී කර ගනී. නමුත් උන් වහන්සේ ක්ෂුද්‍රජිවින් ගැන කිසිදු සදහනක් කර නොමැත,.ඇත්තෙන්ම උන් වහන්සේ ක්ෂුද්‍ර ජීවින් ගැන සදහන් කර ඇත.නමුත් එයට ක්ෂුද්‍ර ජීවින් යන වචනය භාවිතා කර නැත.එයට හේතුව ලෙස එකල තිබු භාෂාවේ ක්ෂුද්‍රජිවින් යන වචනය නොමැත.මන්දා ක්ෂුද්‍ර ජිවින් සොයා ගනු ලබන්නේ අන්වීක්ෂය සොයා ගැනීමත් සමගය.
දැන් අප බුදුරදුන් ක්ෂුද්‍ර ජීවින් ගැන දේශනා කොට ඇති දෑ සොයා බලමු, බුදුරදුන් ක්ෂුද්‍රජීව විද්‍යාව ගැන සදහන් කර ඇත්තේ කුමක්ද සොයා බලමු,.
බුදු දහමේ ප්‍රේත ,බුත,යක්ෂ ආදී සතුන් ගැන සදහන් වෙ,මිනිසුන් පව් කොට මිය ගිය පසු ප්‍රේතයින් ,යක්ෂයින් වන බව බෞද්ධයන් වන අප දනිමු, නමුත් විද්‍යාවේදී සොයාගෙන ඇත්තේ මිනිසෙකු මල පසු එම ශරීරය කුණු වී එමගින් බැක්ටීරියා,දිලීර වැනි ක්ෂුද්‍ර ජීවින් බොහොමයක් ඇති වන බවය ඒවා ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවි කොටසට අයත්ය..මෙය පරස් පර වූවද මෙහි කුඩා සමානතාවක් ඇත,ඒ ජීවියෙක් මියයාමෙන් අනතුරුව එය ඇසට නොපෙනෙන ජීවි කොටසක් බවට පත් වීමයි,.

 බුදුදහමට අනුව යක්ෂයන්, ප්‍රේතයින්, කුම්බාණ්ඩයන්, භූතයින් ඇසට නොපෙනේ,. විද්‍යාවට අනුව වයිරස,බැක්ටීරියා,දිලීර, ඇල්ගි,ප්‍රොටොසෝවා වැනි සතුන්ද ඇසට නොපෙනේ ..
 බුදුදහමට අනුව යක්ෂයන්, ප්‍රේතයින්, කුම්බාණ්ඩයන්, භූතයින් මිනිස් සිරුරට ඇතුල් වේ.. විද්‍යාවට අනුව වයිරස,බැක්ටීරියා වැනි සතුන්ද මිනිස් සිරුරට ඇතුල්වේ ..
 බුදුදහමට අනුව යක්ෂයන්, ප්‍රේතයින්, කුම්බාණ්ඩයන්, භූතයින් මිනිසාට විවිද රෝග ඇති කරයි විද්‍යාවට අනුව වයිරස,බැක්ටීරියා,දිලීර, ඇල්ගි,ප්‍රොටොසෝවා වැනි සතුන්ද මිනිසාට විවිද රෝග ඇති කරයි.

මෙලෙස බැලු විට මෙම ජීවින් සමග විශේෂ හා ප්‍රදාන සමානතා කිහිපයක් හමුවී ඇත. මෙම සාදක දෙස බලු විට හැඟී යන්නේ යක්ෂයන්, ප්‍රේතයින්, කුම්බාණ්ඩයන්, භූතයින් වැනි සත්වයින් අපට විද්‍යාව මගින් හමුවී ඇත. දැන් අපට සාක්ෂි කිහිපයක් හමුවී ඇති අතර අපට දැන් ඉතිරිව ඇත්තේ මෙම සාදක ගැන තව දුරටත් සොයා බලා යක්ෂයන්, ප්‍රේතයින්, කුම්බාණ්ඩයන්, භූතයින් යනු වයිරස,බැක්ටීරියා,දිලීර,ඇල්ගි,ප්‍රොටොසෝවා වැනි ක්ෂුද්‍ර ජිවින් විය හැකිද යන්න සොයා බැලීමයි. එය විය හැක්කක් නම් බුදු දහම හා විද්‍යාව අතර ඇති උණු ඝට්ටනයන් වලට ඉතා හොද පිළිතුරක් ලැබීමයි .
විවිද පුද්ගලයන්ගෙන් ප්‍රේතයින් , භූතයින් ,යකුන් ආදී ඇසට නොපෙනෙන ජීවින් පිලිබදව විවිද මත පළවේ ,ඇතැමෙක් මෙවැනි ජීවින් ඇත කියා කීවද එය ඔප්පු කර පෙන්වීමට අපොහොසත් නිසා ඔව්න්ගේ මත හා අදහස් විනාශවී යයි.එම හේතුව නිසාම මිට පෙර මෙවැනි ජීවින් සිටිනවාය කියා කියන අයට,සිතන අයට ඉතා සැර පරුෂව විරුද්ද විය. එයට තවත් ප්‍රදානම හේතුවක් උයේ මෙවැනි ජීවින් ගේ නම් ගම් භාවිතා කර අද සමාජයේ බොහෝ තැන් වල ජාවාරමක් මෙන් වියාප්තව පවතින සාස්තර පළවල් ය.මේවා විවිද වර්ගයෙන් ,විවිද පුද්ගලයින් විසින් ආගම් පවා විකුර්ති කර ඒවාට සම්බන්ද කොට ගනිමින් අදවන විට මහජනයාගේ මුදල් ඉතා සුක්ෂමව හුරා කයි,. මේවා ඇත්තටම මැජික් පළවල් ය.එය වෙත පැමිණෙන පුද්ගලයා ඇස් බැන්දුමකට හසු කර හැකි පමණ එම පුද්ගලයන්ගෙන් කඩා වඩා හුරාගෙන කති.මෙවැනි හේතු නිසා බොහොමයක් පුද්ගලයින් මෙම ජීවින් පිලි නොගනී.ඒවා ගැන සොයා බැලුවද අපට කිසිවක් ඔප්පු කර ගැනීමට හැකි නොවේ,. මන්ද අප යක්ෂයින්,භූතයින්,ප්‍රේතයින් ආදී ජීවින් පිලිබදව සොයා බලන්නේ එකම කෝණයකින් වීමයි.එම ජීවින් අපගේ සිතේ ඇදී ඇත්තේ අඩි 10ක් 12ක් උස ,උල් දත් ඇති ,කළු,විශාල මුඛයක් ආදී විවිද විරූපී හැඩ ඇති,සාමාන්‍ය ජීවින් ට වඩා තරමක් වෙනස් සතුන් ලෙසය. මෙලෙස මෙම ජීවින් ගැන සොයන පුද්ගලයින් ට සොයා ගැනීමට හැකි වන්නේ හාත්සය පිරුණු ජන කතා,කට කතා වැනි දෑ පමණි.
අප ප්‍රමාණය ගැන නොසිතා මෙම වෙනත් මානය ගැන වෙනස් මානයකින් සිතුවහොත් අපට මුලින් ම හමුවන්නේ ක්ෂුද්‍ර ජීවින් ය. ඇත්තටම එය වෙනම ලොවකි,අප සිටින ලොව තුල තිබෙනා තවත් ලොවක් ලෙස එය සැලකිය හැක.බුදු දහමේ විවිද අවස්ථා වල ප්‍රේතයින් ගැන සදහන් වන්නේ ඔව්න් ඉතා අපිරිසිදු පරිසර වල වාසය කරන බවයි,. විද්‍යාත්මකව ගත් කල ඉතා අපිරිසිදු ස්ථාන වල ජිවත් වන්නේ බැක්ටීරියා වැනි ජීවින් ය. බුදු දහම අනුව කාර්ම විපාක අනුව මිනිසා විවිද ජීවින් වී ,විවිද භව වල උපත ලබයි.මිනිස් භව ,සත්ව භව මෙන්ම ප්‍රේත භව වලද ඉපදේ ..එහෙත් ඒ අතර බැක්ටීරියා වයිරස ඇල්ගී වැනි ජීවින් ගැන සදහනක් නොමැත.නමුත් එකලද,ඊටත් පෙරද ජීවයේ අරාම්භයත් සමගම මෙම ක්ෂුද්‍රජීවින් සිට ඇත.එමෙන්ම නූතන විද්‍යාවේ ප්‍රේතයින්,භූතයින්,යකුන් ගැන සදහනක් නොමැත.
අතීතයේ සිටි ප්‍රේතයින්,භූතයින්,යකුන් වර්ථමානයේ සොයා නොගැනීමත්,සියලු ජීවින් ගැන විස්තරාත්මකව කියැවෙන බුදු දහමේ වර්ථමානයේ සොයා ගත් බැක්ටීරියා වයිරස ඇල්ගී වැනි ජීවින් බුදු දහමේදී මග හැරිමකුත් සිදු වී ඇත.මගේ අදහස නම් එලෙස සිදු වීමට ප්‍රධාන හේතුව අප සියල්ල පටලවාගෙන ඇත යන්නයි,සමහර විට මා යම් තැනක පටලාගෙන වන්නටත් හැක. :-D
අතීතයේ මිනිසුන් බැක්ටීරියා වයිරස ඇල්ගී වැනි ජීවින් දැක නොමැති නිසා ඒවාට ගුප්ත බලයන් ලෙස සිතන්නට ඇත.බටහිර සංස්කෘති වල මෙවැනි දෑ තිබුනද වේගවත් දියුණුවත් සමග ඒවා යටපත් විය.බටහිර අධ්‍යාපනයත්.ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වූ හේතු වාදයත් නිසා බටහිර රට වල යක්ෂයන්, ප්‍රේතයින්, කුම්බාණ්ඩයන්, භූතයින් ක්‍රමයෙන් යටපත් විය. වයිරස,බැක්ටීරියා,දිලීර, ඇල්ගි,ප්‍රොටොසෝවා වැනි පියවි ඇසට නොපෙනෙන ජීවින්ගෙ ආගමනය සිදු විය. නමුත් ලංකාව ඉන්දියාව වැනි ආසියාතික රටවල් වල හා වෙනත් රටවල් වල යක්ෂයන්, ප්‍රේතයින්, කුම්බාණ්ඩයන්, භූතයින් ආදී ජීවින් ගැන තිබු අදහස් යටපත් නොවී පැවතුන අතර වයිරස,බැක්ටීරියා,දිලීර, ඇල්ගි,ප්‍රොටොසෝවා වැනි පියවි ඇසට නොපෙනෙන ජීවින් ගේ ආගමනයත් සිදුවිය. මේවා ඇත්තටම ජීවින් කොටස් දෙකක් නොව ඒ දෙකෙන් ම අර්ථ දැක්වෙන්නේ එක් ජීවින් කොටසක් ගැනය.ඒ ක්ෂුද්‍ර ජීවින් ය. මෙය කොටස් දෙක ගැන ඕනා තරම් සමානකම් සොයා ගත්ත හැක.වර්ථමානයේ සොයා ගත් වයිරස,බැක්ටීරියා,දිලීර, ඇල්ගි,ප්‍රොටොසෝවා වැනි පියවි ඇසට නොපෙනෙන ජීවින් මිට වසර 2500 කට පෙර බුදු රජාණන්වහන්සේ විසින් සොයා ලෝකයාට හදුන්වා දී ඇත.ඒ යක්ෂයන්, ප්‍රේතයින්, කුම්බාණ්ඩයන්, භූතයින් ලෙසිනි.


ගොඩක් අය මේකට විරුද්ද ඇති,.මමත් මේකට එකග නෑ,. හරි හමන් සාක්කියක් හම්බ වෙනකන්,.සමහර විට මේ අදහස හරියන්න ඉඩ තියෙනත් ඉඩ ඇති,. එක නිසා ඔයාලට පුළුවන් නම් ,මේක පිළිනොගන්න ,.මේ හේතුව වැරදියි කියන්න හේතු ඉදිරිපත් කරන්න,.මොකද එක මට වඩා බුදු දහම රක ගන්න කරන ලොකු උදව්වක්,. මොකද බුදු දහමේ මේ නොපෙනෙන ජීවින් ගැන කියැවෙන තැන් වලට වර්තමානයේ විද්‍යාව විසින් ලොකු පහර ගැසීමක් වෙනවා,. මේ අදහස ගොඩ නැගෙන්න හේතු උනේ හිරු ටීවී එකේ සහ දෙරණේ ගිය නොපෙනෙන ලෝකය හා,නොපෙනෙන මානය කියන වැඩ සටහන්,.. ! එවයි මේ ගැන ලොකුවට සාකච්චා කරත් ,කිසිම ප්‍රතිපලයක් නැ.දෙපැත්ත මරා ගන්නවා විතරයි,..

කතෘ අයිතිය සුරකින මෙන් කරුණාවෙන් ඉල්ලමි,. :rofl::rofl::rofl: (Hacker-V)


34226_web.jpg
 
Last edited:

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Kisisethma wiya nohaki deyak...Buddha darshanaya wikurthi nokarana lesa karunawen illa sitimi..e wagema pretha waththu,wimana waththu parisheelanaya karana lesath illa sitimi..:)
 
මේවා ඇත්තටම ජීවින් කොටස් දෙකක් නොව ඒ දෙකෙන් ම අර්ථ දැක්වෙන්නේ එක් ජීවින් කොටසක් ගැනය.ඒ ක්ෂුද්‍ර ජීවින් ය. මෙය කොටස් දෙක ගැන ඕනා තරම් සමානකම් සොයා ගත්ත හැක.වර්ථමානයේ සොයා ගත් වයිරස,බැක්ටීරියා,දිලීර, ඇල්ගි,ප්‍රොටොසෝවා වැනි පියවි ඇසට නොපෙනෙන ජීවින් මිට වසර 2500 කට පෙර බුදු රජාණන්වහන්සේ විසින් සොයා ලෝකයාට හදුන්වා දී ඇත.ඒ යක්ෂයන්, ප්‍රේතයින්, කුම්බාණ්ඩයන්, භූතයින් ලෙසිනි.


වැරදියි !
 

Hacker V

Member
Jan 27, 2014
767
108
0
Kisisethma wiya nohaki deyak...Buddha darshanaya wikurthi nokarana lesa karunawen illa sitimi..e wagema pretha waththu,wimana waththu parisheelanaya karana lesath illa sitimi..:)

ඉස්තුතියි සහෝ,..! මේක මගේ හිතේ අදුන සිතුවිල්ලක් විතරයි,....!!:):):)
 

Hacker V

Member
Jan 27, 2014
767
108
0
ඉදිරියේ රාළ;19025545 said:


වැරදියි !

සහෝ අදහස් දැක්වීමට ගොඩක් ඉස්තුතියි,....! මට පෙනුන විදියට මේ කොටස් දෙකේ ගොඩක් සමානකම් පෙනුන,. එකයි මෙහෙම දෙයක් මම ගොඩනැගුවේ,... ඔයාට කරදයක් නැත්නම් එහෙම නොවෙන්නේ ,මේ අදහස වැරදියි කියන්න හේතු තියේනම් පොඩ්ඩක් පැහැදිලි කරනවද..?
 

Hacker V

Member
Jan 27, 2014
767
108
0
Kisisethma wiya nohaki deyak...Buddha darshanaya wikurthi nokarana lesa karunawen illa sitimi..e wagema pretha waththu,wimana waththu parisheelanaya karana lesath illa sitimi..:)

oyata karadayak nathnam,idak thiyena welawaka hari meka pilinoganna, me adahasa waradi wenna hethu sadaka kihipayakin hari pahadili karanawada,.. oya meka waradie kiyala hithanna hethuwa,,.? eka mata loku udawwak,,.! please ???:):):):):):)
 
සහෝ අදහස් දැක්වීමට ගොඩක් ඉස්තුතියි,....! මට පෙනුන විදියට මේ කොටස් දෙකේ ගොඩක් සමානකම් පෙනුන,. එකයි මෙහෙම දෙයක් මම ගොඩනැගුවේ,... ඔයාට කරදයක් නැත්නම් එහෙම නොවෙන්නේ ,මේ අදහස වැරදියි කියන්න හේතු තියේනම් පොඩ්ඩක් පැහැදිලි කරනවද..?

වයිරස,බැක්ටීරියා,දිලීර, ඇල්ගි,ප්‍රොටොසෝවා කියන්නෙ උපකරණ තුලින් පියවි ඇසට පෙනෙන ජීවීන්.


යක්ෂයන්, ප්‍රේතයින්, කුම්බාණ්ඩයන්, භූතයින්, (දෙවියන් හා බඹුන්) යනු සිහිය සහ සමාධිය දියුණු කිරීම තුලින් උපදවා ගන්නා ධ්‍යාන තුලින් ඉස්මතු වෙන දිබ්බ චක්ඛු ඥාණය හරහා පමණක් ප්‍රත්‍යක්ෂව දැකිය හැකි ජීවීන්.


 

Mindfulness

Member
Aug 27, 2015
257
15
0
50% ඇත්ත බ්‍රෝ. ඒත් බක්තියෙන් අන්ද වෙච්ච්ච උන්ට ඕව කියල වැඩක් නෑ
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මම නම් විශ්වාස කරන්නේ නැ. ඒත් එකෙන් අදහස් වෙන්නේ නැ උබ කියන දේ බොරු කියලා. ශාස්ත්‍රය ගැන දැනුමක් නැති මම ඒක විවේචනය කරන එක වැරදියි..
 

Hacker V

Member
Jan 27, 2014
767
108
0
ඉදිරියේ රාළ;19025606 said:
වයිරස,බැක්ටීරියා,දිලීර, ඇල්ගි,ප්‍රොටොසෝවා කියන්නෙ උපකරණ තුලින් පියවි ඇසට පෙනෙන ජීවීන්.


යක්ෂයන්, ප්‍රේතයින්, කුම්බාණ්ඩයන්, භූතයින්, (දෙවියන් හා බඹුන්) යනු සිහිය සහ සමාධිය දියුණු කිරීම තුලින් උපදවා ගන්නා ධ්‍යාන තුලින් ඉස්මතු වෙන දිබ්බ චක්ඛු ඥාණය හරහා පමණක් ප්‍රත්‍යක්ෂව දැකිය හැකි ජීවීන්.



ඒ කාලේ බුදු රජාණන්වහන්සේ විසින් තම දියුණු කල ඥාණ තුලින් අවබෝද කර ගත්ත ඇතැම් සරල දෑ වර්තමානයේ සංකීර්ණ තාක්ෂණ උපයෝගීකරගෙන ඔප්පු කරලා තියෙනවා,.. උදා හරණයකට වෙන පුද්ගලයෙකුගේ සිත කියවීම,මනසින් යමක් පාලනය කිරීම.(තවම ප්‍රාථමික මට්ටමේ මේවා නම් තියෙන්නේ) ඉතින් එහෙම වෙන එකේ මේ වගේ දෙයක් වෙන්න බැරිද , ?
 

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මට හිතෙන්නේ විද්‍යාවේ හොයාගත්න දේවල් මීට කලින් බුදුදහමේ දේශනා කරලා තියෙනවා කියලා ඔප්පු කිරීමක් නෙමෙයි ආ මේකයි කියන්න ඇත්තේ කියලා ඇප්ලයි කරගැනීමක් කරලා තියෙන්නේ :)
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    50% ඇත්ත බ්‍රෝ. ඒත් බක්තියෙන් අන්ද වෙච්ච්ච උන්ට ඕව කියල වැඩක් නෑ

    ඔව් සහෝ,.. හැමෝම දෙයක් තව කෙනෙක් කිඋව පලියට පිලි ගන්නවා,. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරේ කිසිම දෙයක් තම නුවනින් දකින්නේ නැතුව විශ්වාස කරන්න එපා කියල, ඒත් ගොඩක් අය එක පාරින් ම මේ වගේ අදහස් ,පොඩ්ඩක්වත් හොයන්නේ නැතුව ප්‍රතික්ෂේප කරනවා,. එක නිසා මේ වගේ දෙයක් වෙන කෙනෙක් ට කියන්නත් බයයි,..
    :):):):)
     

    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    ඔව් සහෝ,.. හැමෝම දෙයක් තව කෙනෙක් කිඋව පලියට පිලි ගන්නවා,. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරේ කිසිම දෙයක් තම නුවනින් දකින්නේ නැතුව විශ්වාස කරන්න එපා කියල, ඒත් ගොඩක් අය එක පාරින් ම මේ වගේ අදහස් ,පොඩ්ඩක්වත් හොයන්නේ නැතුව ප්‍රතික්ෂේප කරනවා,. එක නිසා මේ වගේ දෙයක් වෙන කෙනෙක් ට කියන්නත් බයයි,..
    :):):):)

    mee thiyenne bro matath oyawagema hithuna ekak :) meekata nm sinhalunge katawal wahuna kiyaganna deyak nathi una :lol: http://www.elakiri.lk/forum/showthread.php?t=1694502
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මට හිතෙන්නේ විද්‍යාවේ හොයාගත්න දේවල් මීට කලින් බුදුදහමේ දේශනා කරලා තියෙනවා කියලා ඔප්පු කිරීමක් නෙමෙයි ආ මේකයි කියන්න ඇත්තේ කියලා ඇප්ලයි කරගැනීමක් කරලා තියෙන්නේ :)

    :yes::yes::yes::yes: ඔව් සහෝ එහෙම දෙයක් තමයි,. ඒත් මේ වගේ සංවාදයකින් එහෙම ඔප්පු කිරීමකට මග කියනවා නේද,....?
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    mee thiyenne bro matath oyawagema hithuna ekak :) meekata nm sinhalunge katawal wahuna kiyaganna deyak nathi una :lol: http://www.elakiri.lk/forum/showthread.php?t=1694502


    ow bn,. mama bududahama eken ma piligannawa, e dahama mama hadawathin ma anugamanaya karanawa,...

    eth mama oya dewaala gaane yana eka,sasthara palawal nam piliganne na,..
    dewala kiyanne dudu dahamata pitin athulath karapu deyak,.
    ape ayata ithin monawa hari ibe labenawa kiuwoth ithin wena mukuth ona na ne,. ithin me dewaala ,sasthara palawal eken ma pili gannawa,. :baffled::baffled:

    budu dahame dewiyanta pin denna kiyanawa misak,.. dewiyon adahanna kiyala kothanakawath naa ne,.. ape aya dan dubba pujawata wadiya hodata wiyadan karala thiyanne dewapujawa,... budu pilimayak thibbath eka wate mini olu,kathi polu thiyan inna dewa rupa walin wata karalai thiyanne,..
    ape godak bauddayo kiyana aya buduhamuduruwon ta wada garu karanne ara dewiyon ta,. mokada hamadema denne eyala lu ne,..:rofl::rofl::rofl:

    budu hamuduruwo kisima thanaka adahimak gana kiyala na,. budu dahama kiyanne dahamak ,darmayak ,. ekata anuwa hasirimak,... ,eth kattiya karanne meke anith paththa,.. bududahama buddaagama karan inne,. ithin hamadaama adure
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mchn a very wrong conclusion.

    man puluwan taram simple explain karannan welawak ne.

    buduhumaduruwo kivva mchn realm 3 gena



    • Kāmaloka is the world of desire, typified by base desires, populated by hell beings, preta, animals, ghosts, humans and lower demi-gods.
    • Rūpaloka is the world of form, predominately free of baser desires, populated by dhyāna-dwelling gods, possible rebirth destination for those well practiced in dhyāna.
    • Arūpaloka is the world of formlessness, a noncorporeal realm populated with four heavens, possible rebirth destination for practitioners of the four formlessness stages.[3]
    api okoma mchn Kāmaloka.uba oya kiyana bacteria etc jivin mchn aithi wenne animals kiyana kandayata.eth minis asata penne nethi,but physical boundry ekak tiyena sathwa kottasayakata.
    "eyes" walata penne "alokaya" parawarthanaya wena dewal witarai.

    "preta" kiyanne machan https://en.wikipedia.org/wiki/Preta

    mekath kiyawanna uabata terei

    https://en.wikipedia.org/wiki/Buddhist_cosmology
     
    Last edited:

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    Mchn a very wrong conclusion.

    man puluwan taram simple explain karannan welawak ne.

    buduhumaduruwo kivva mchn realm 3 gena



    • Kāmaloka is the world of desire, typified by base desires, populated by hell beings, preta, animals, ghosts, humans and lower demi-gods.
    • Rūpaloka is the world of form, predominately free of baser desires, populated by dhyāna-dwelling gods, possible rebirth destination for those well practiced in dhyāna.
    • Arūpaloka is the world of formlessness, a noncorporeal realm populated with four heavens, possible rebirth destination for practitioners of the four formlessness stages.[3]
    api okoma mchn Kāmaloka.uba oya kiyana bacteria etc jivin mchn aithi wenne animals kiyana kandayata.eth minis asata penne nethi,but physical boundry ekak tiyena sathwa kottasayakata.
    "eyes" walata penne "alokaya" parawarthanaya wena dewal witarai.

    "preta" kiyanne machan https://en.wikipedia.org/wiki/Preta

    mekath kiyawanna uabata terei

    https://en.wikipedia.org/wiki/Buddhist_cosmology


    :shocked::shocked::yes::yes::yes::yes::yes: #respect