94 නම් චන්ද්‍රිකාට සපෝට් කරේ නෑ.2001 නම් ඇමතිකම් අරන් ආණ්ඩුවට සම්බන්ධ උනා. එහෙම නොකළ නම් රනිල් රට බෙදන තැනටම ගෙනියනවා. Regaining sri lanka එහෙම පටන් අරන් තිබ්බෙ ඒ කාලෙ පොර. 2004ත් මහින්දට සපෝට් නොකල නම් මහින්ද පරදිනවා.ජේවීපී ඡන්ද ටික තිබිලත් මහින්ද දිනුවේ ඡන්ද 180000 කින්.මහින්ද පැරදුනා නම් ආයෙත් එන්නෙ රනිල්. 2015ත් මහින්ද ගෙදර යවන එක අත්‍යාවශ්‍ය වෙලා තිබුනා. ඒකාධිපති ලෙවල් එකටම ඇවිල්ලනෙ හිටියේ. ඔය මුක්කු ගහපු වෙලාවල එහෙම කරේ උන් එක්ක එකතු වෙලා රට හදන්න හිතාගෙන නෙවෙයි. ඒ වෙලාවෙ හැටියට වෙන කරන්න දෙයක් නැති නිසා. උන් මුක්කු නොගැහුව නම් වෙන දේත් එක්ක තමයි ඔය දේවල් දිහා බලන්න ඕන.
කතාව හරි අවුරුදු වල වෙනසක් තියෙනවා
සන්ධානයක් හදලා බුලත් කොලෙන් දිනුවේ 2001 නෙමෙයි 2004
මහින්දට support කලේ 2004 නෙමෙයි 2005
අනික 2004 සුනමියෙන් පස්සේ චන්ද්‍රිකා LTTE එක සුනාමි සහන මණ්ඩලාට දැම්මා
ඒකට විරුද්ධව තමයි එක ඇමතිකම් එපා කියලා ආණ්ඩුවෙන් අයින් උනේ
2005 මහින්දටsupport කලේ ආණ්ඩුවෙන් එලියේ ඉද්දි එදා support නොකලනම් මහින්ද පරදිනවා ලොවෙත්
ඒ වගේම 2005 ඉඳන් තිබ්බේ සුළුතර ආණ්ඩුවක් budget pass කරගන්න කට්ටිය මදි. යුද්ධයට support නිසා ආණ්ඩුවෙන් එලියේ ඉඳගෙන budget එකට support එක දුන්නා
2006, 2007 වෙද්දි මහින්දට විරුද්ධව හිටපු එකේ අය මේ පැත්තට පැන්නා, ජෙප්පෝත් කැඩිලා ආවා ඊට පස්සේ ආණ්ඩුවට බලය වැඩි උනා