ඇත්ත කතා කරමු.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාව දියුණු නොවෙන්න ප්‍රදානම හේතුම තමයි කුල දුරවලිය. නවීන තාක්ෂණික ලෝකේ නිර්මාණය කලේ විවිද ශිල්පයන් ප්ර්ගුනකාරපු ඒවා නොනවත්වා දියුණු කරපු රටවල්. ලංකාවේ ශිල්ප ශේනිවල මිනිස්සු පහත කුලේ විදියට තමයි සලකන්නේ. නවීන ලෝකේ සැදීමටඅඩිතාලම දාපු ගණිත, යකඩ වැඩ කරන මිනිසූ සලකන්නේ ලංකාවේ පහත කුල විදියට. මේක නිසා මෙම දැනුම ලංකාවේ දියුණු වනේ නැ, මේවට අලුත් සමාජ කොටස් එකතුවුනේ නැ එක නිසා අලුත් දැනුම නිර්මාණය උනේ නැ.

    උදාහරණයක් විදියට ගත්තොත් ලංකාවේ එකම තත් සංගීත බන්ද්යක් නැ බෙර විතරයි, නලා වලින් යන්තම හොරන්ව විතරයි සියවස් ගණනක්ම . බලිතොවිල් ශ්න්තිකර්ම වලින් අමතර රංගන කලාවක් නිර්මාණය උනේ නැ.

    දැන් කවුරුහරී කියයි ලංකාවේ උසස් යයි කියක කුලය ගොවි කුලය ගොවිතැන් කරපු ය කියල. ගොවි කුලය කියන්න ගොවිතැන් කරපු නිසා නෙවෙයි. ගොවිතැන රොඩී කුලය හැර සියලුම කුල වල මිනිස්සු කළා.

    මේ සමාජීය විපර්යාසය ලොකු හානියක් කළා ලංකාවේ තාක්ෂණික දියුණුවට. අතටම අනුරාද පුර යුගයේ මෙහෙම කුලදුරවලිය තිබුනේ නැ එක නිසා තමයි සමකාලින ලෝකයත් එක්ක අනුරාද පුර යුගයේ තාක්ෂණික දියුණුව සමග සාපේක්ෂව දුයුණු ශිෂ්ටච්රයක් තිබුනේ.

    ශිල්ප ශ්‍රේනිවලට ඇතිවූ අඩු සමාජ පිළිගනිම නිසා අවුන්ගේ ශිලප් කටයුතුවලට ඊලග පරමපරාවන් එකතුවික අඩුවුනා. එම අද්ද්යපනය systematic උනේ නැ (පිරිවෙන් වලට පින්සිද්ද වෙන්න ලනකාවේ systematic අද්ද්යාපන ක්‍රමයක් තිබුනේ බශ්වට විතරයි එක නිසා ලංකාවේ ඓංහල බහ්ස්වේ විශිෂ්ට ශිෂ්ටාචාර ලක්ෂණ තියනවා )

    ලංකාවේ කුල දුරවලියේදී ගණිතය කරපු මිනිස්සු පහත්ම කුලයක්, එතකොට කොහොමද පැරණි ගණිතය ශිට්චචර්යක් එක්ක ගමනක් යන්නේ.

    අන්තිමට අපිඅට මේ සේරම බටහිර අක්ර්මනත් එකතමයි ආවේ. ඉන්ගිනේරු තක්ෂණය, සංගීතය, ගණිතය, කලාව,

    හුගක් අය ආගමක් ගාව ගෙන කියෙව්වට මොකක්දෝ රුදාවකට, මේ ලියලා තියෙන කතාව නම් ගොඩාක් විය හැකි යැයි සැක කළ හැකි හොද කමෙන්ට් එකක්.

    බෞද්ධ දර්ශනයේ පැහැදිලිව වසලයන් කවුද කියලා තියෙනවනේ... ඒ වගෙ මිනිස්සු වැරැද්ද කරලා ධර්මයේ මොඩිෆිකේශන් කරන්න කයිය ගහනවා...

    මිනිස්සු පිළිගත්තත් නොගත්තත් ධර්මය තියෙනවා. කරකව කරකව කියවන්නේ මේ රට ගොඩාක් හොද සල්ලි කාර රටක් කරගන්න කියලා මොන මගුලක් කරලා හරි...මනුස්සයන්ගේ හැටි ඕකයි. උපේක්ෂාවෙන් ඉවසන්නයි තියෙන්නේ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    අවංකවම දැන් හිතපු මේ රටට ඕන මොකක්ද කියලා. ඇත්තටම අඩුපාඩුව තියෙන්නෙ ධර්මය නම් අපිට පුලුවන් නේ මචන් තව ඕන තරම් හාමුදුරුවෝ ගෙනල්ලා වැඩේට බහින්න.. නමුත් ප්‍රායෝගික තියෙන්නෙ මෙතන මුදල් ගැටලුවක්. ඉතින් සල්ලි හොයන්න ක්‍රමයක් හොයනවා හැරෙන්න ධර්මයෙන් මේකට උත්තර හොයලා හරියන්නේ නෑ නේද බං
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පන්සල් වල කොච්චර ධාර්මික වෙන්න කිව්වත් වැඩක් නෑ මිනිසුන්ගේ අතේ සල්ලි නැත්තං. පන්සල් වලින් කරන්නේ තව තවත් පුළුවන් තරම් මිනිස්සුන්ට සල්ලි හොයන එක එපා කරනවා. මුස්ලිම් පල්ලිය අරගෙන බලන්න ඒක කරන්නෙ ඕක අනිත් පැත්ත නෙ. ඉතින් සිංහල මිනිහා දුප්පත් වෙනවා මුස්ලිම් මිනිහා පෝසත් වෙනව. ඉතින් වරද තියෙන atitute එකෙන් නෙමෙයිද.
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93

    ඔය කොටස වැරදී.මොකද සින්හල බෞද්ධ පුනුරුදයත් එක්ක සුද්දා උගන්වපු ඉන්ග්‍රීසි අද්‍යාපනය වෙනුවට සින්හල බෞද්ද පාසල් ආරම්භ උනා..නමුත් දෙමළ උන් බහුතරය ඉගෙනගත්තෙ ඉන්ග්‍රීසියෙන්.සුද්දා තමන්ගෙ පහසුවට ඉන්ග්‍රිසි කතකරන ලියන උන්ට පරිපාලන තනතුරු දුන්නා..නිදහස ලබන කොට බහුතර පරිපාලකයන් දෙමල.අනික සින්හලු දෙමල උන්ව ජාතියක් විදිහට පහත් විදිහට ගත්තෙ..අන්තිමට ඕක පුපුරල ගියේ බන්ඩාරනායකගෙ ඔය වැඩෙන්..පසේ තව අවුරුදු 35ක් ඔක ඇදිල ගිහින් අනිත් රටවල පිහිටෙන් උන් ආයුධ අතට ගත්තෙ..

    උඹ මේ ප්‍රශ්නේ ගැන සෑහෙන දේවල් තව ඉගෙන ගන්න ඕන බන්

    සිංහල බෞද්ධ පාසල් කියලා පටන් ගත්ත පාසල් වල අරමුණ වුනේ බෞද්ධ පසුබිමක ඉංග්‍රීසි
    අධ්‍යාපනය ලබාදීම ...ඒවායේ සිංහලෙන් ඉගැන්නුවේ නෑ.
    සුද්දා තමන්ගේ පහසුවට දෙමල්ලුන්ට තනතුරු දුන්නෙ නෑ බන් ...
    උන් දෙමල කියන ජන කොටසට විශේෂයෙන් සැලකුවා මේවා වාද කරන්න ඕන කරුණු නෙවෙයි.
    උදා_ ලෝකේ විශාල දෙමල ඩයස් පෝරාවක් ඉන්නවා කැරිබියන් වල දකුණු අප්‍රිකාවේ ඇයි
    මෙහෙම සිංහල ඩයස් පෝරාවක් නැත්තේ..මේක යටත් විජිත වාදීන්ගේ පැහැදිලි ප්‍රතිපත්තියක්
    ඔවුන් දෙමල අයව සැලකුවේ ඔවුන්ගේ universal civil servants ලා හැටියට ...මේක
    සිංහල බෞද්ධ පාසල් වල වරදක් වත් සිංහලයාගේ වරදක් වත් නෙවෙයි ..මේක තමයි යටත් විජිත
    ප්‍රතිපත්තිය... ඒක තමයි මං කිව්වේ සිංහලුන්ට කවදාවත් බෙදා පාලනය කියන සංකල්පය
    තේරෙන්නේ නෑ කියලා ...කොටින්ම කියනවා නම් යටත් විජිතවාදීන් යටත් වැසියන් හා ස්වාමින්
    ආතර බෆර් එකක් ලෙස තමයි දෙමල අයව භාවිතා කලේ.. මේක ලංකාවේ විතරක් වෙච්චි දෙයක් නෙවේ..මේකේ අයහපත් ප්‍රථිපලය යටත් විජිත් වාදීන් හොඳටම දැන හිටියා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කතාවට එකග වෙන්න පුලුවන්..ඒත් ආකල්පමය වෙනසක් එනකොට උස්සන් එන්නෙ ඕකනෙ..
    ඔව් හරියට පිළිපදින්නේ නැති උනාට ආගමේ කියල නැති හැබැයි කියල ඇත කියල හිතන් ඉන්න කාරනා වෙනුවන් නං පෙළගැහෙනවා කිසි වැඩක් කරන්න දෙන්නේ නෑ. ඒක ඉතින් බුද්ධාගමේ වැරද්දක් නෙවේ මිනිස්සුන්ගේ තියෙන උපන් ගතියක් නෙ වෙනසට අකමැති වීම. දැන් අර ගබ්සා කරන එකට නීති ගෙන්න යද්දී පල්ලියේ ෆාදර්ල කෙස් දැම්ම මතකනේ, කැසිනෝ ගෙන්න යද්දී හාමුදුරුවෝ කෙස් දානවා, මුස්ලිම් උනුත් එහෙමයි උන්ට නං අමුතු අමුතු ඒවනේ තියෙන්නේ. මොන ආගමෙත් ඕවා තියෙනව. ඒවා රටේ ආර්ථික දියුණුවට තියෙන ප්‍රධානම බාධාව කියන්න කොහෙත්ම බෑ නිකන් තෝරු මෝරු ඉන්න මූදේ හාල්මැස්සෝ වගේ.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    ඇඟිල්ල දිකරලා හඳ පෙන්නුවා ම මූ බලන්නේ ඇඟිල්ල දිහා. තොට ලොකු අමාරුවක් තියෙනවා සිංහල බෞද්ධයා ගැන. පුක දීලා ඉවරනම් දැන් පල මෙතනින්
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උඹ මේ ප්‍රශ්නේ ගැන සෑහෙන දේවල් තව ඉගෙන ගන්න ඕන බන්

    සිංහල බෞද්ධ පාසල් කියලා පටන් ගත්ත පාසල් වල අරමුණ වුනේ බෞද්ධ පසුබිමක ඉංග්‍රීසි
    අධ්‍යාපනය ලබාදීම ...ඒවායේ සිංහලෙන් ඉගැන්නුවේ නෑ.
    සුද්දා තමන්ගේ පහසුවට දෙමල්ලුන්ට තනතුරු දුන්නෙ නෑ බන් ...
    උන් දෙමල කියන ජන කොටසට විශේෂයෙන් සැලකුවා මේවා වාද කරන්න ඕන කරුණු නෙවෙයි.
    උදා_ ලෝකේ විශාල දෙමල ඩයස් පෝරාවක් ඉන්නවා කැරිබියන් වල දකුණු අප්‍රිකාවේ ඇයි
    මෙහෙම සිංහල ඩයස් පෝරාවක් නැත්තේ..මේක යටත් විජිත වාදීන්ගේ පැහැදිලි ප්‍රතිපත්තියක්
    ඔවුන් දෙමල අයව සැලකුවේ ඔවුන්ගේ universal civil servants ලා හැටියට ...මේක
    සිංහල බෞද්ධ පාසල් වල වරදක් වත් සිංහලයාගේ වරදක් වත් නෙවෙයි ..මේක තමයි යටත් විජිත
    ප්‍රතිපත්තිය... ඒක තමයි මං කිව්වේ සිංහලුන්ට කවදාවත් බෙදා පාලනය කියන සංකල්පය
    තේරෙන්නේ නෑ කියලා ...කොටින්ම කියනවා නම් යටත් විජිතවාදීන් යටත් වැසියන් හා ස්වාමින්
    ආතර බෆර් එකක් ලෙස තමයි දෙමල අයව භාවිතා කලේ.. මේක ලංකාවේ විතරක් වෙච්චි දෙයක් නෙවේ..මේකේ අයහපත් ප්‍රථිපලය යටත් විජිත් වාදීන් හොඳටම දැන හිටියා

    ඕක වුණේ දෙමළ මිනිසුන්ට රටක් නැති හින්දා. සුද්ද දැනගත්ත දෙමළ මිනිසුන් රටක් නැති උන් කොහොමත් ඉන්දියාව game ඉල්ලන්න නෑ ඒ මොකද ඉන්දියාව හින්දු මිනිසුන්ගේ. . සිංහල මිනිස්සු ගේම ඉල්ලුවේ ලංකාව සිංහල මිනිස්සු හින්දා. කිසිම දෙයක් නැති අනාථයෙක් control කරන එක ලේසියි දේශීය ක ට හිමිකම් කියන මනුස්සයෙකුට වඩා. දෙමළ සුද්දන්ගෙන් servant උන් වුණේ එහෙම
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අවංකවම දැන් හිතපු මේ රටට ඕන මොකක්ද කියලා. ඇත්තටම අඩුපාඩුව තියෙන්නෙ ධර්මය නම් අපිට පුලුවන් නේ මචන් තව ඕන තරම් හාමුදුරුවෝ ගෙනල්ලා වැඩේට බහින්න.. නමුත් ප්‍රායෝගික තියෙන්නෙ මෙතන මුදල් ගැටලුවක්. ඉතින් සල්ලි හොයන්න ක්‍රමයක් හොයනවා හැරෙන්න ධර්මයෙන් මේකට උත්තර හොයලා හරියන්නේ නෑ නේද බං
    ඒකනේ.. ඒකනේ... ඒත් මේකේ කතාවෙන්නේ ධර්ම සන්ගායනා ගෙනල්ලා වැරැද්ද හදලා සල්ලි හොයලා ණය නැතිකරගන්න පුලුවන් විදියේ ඒවනේ...
    ධර්මය අදාල කරගෙන, යන ව්‍යාපාරේ පාඩු ලබන තැනට ගෙන ආපු උදාහරණයක් තියේ නම් මිනිහා නොකලයුතු ව්‍යාපාරයක් කරලාධර්මය අහලා හැදුණු එකෙක් හැර වෙන මොකෙක්ද.
    පූද්ගල නොහැකියාව සමහර විට ජානමය තත්වයක් වෙන්නත් පුලුවන්. ව්‍යාපාරික දැනුම මුස්ලිම් ජාතිකයින්ට ජානමය වශයෙන් ආපු දෙයක් වෙන්න පුලුවන්. අනික කේන්ද්‍රීය පවුල් වශයෙන් බහුලව ඉන්න නිසා පිරිස් බලය එයාලගේ බිස්නස් එකෙට ලොකු පිටුවහලක්. ඒක බුද්ධ දර්ශනයට ඇති අදාළත්වයක් නෑ...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔව් හරියට පිළිපදින්නේ නැති උනාට ආගමේ කියල නැති හැබැයි කියල ඇත කියල හිතන් ඉන්න කාරනා වෙනුවන් නං පෙළගැහෙනවා කිසි වැඩක් කරන්න දෙන්නේ නෑ. ඒක ඉතින් බුද්ධාගමේ වැරද්දක් නෙවේ මිනිස්සුන්ගේ තියෙන උපන් ගතියක් නෙ වෙනසට අකමැති වීම. දැන් අර ගබ්සා කරන එකට නීති ගෙන්න යද්දී පල්ලියේ ෆාදර්ල කෙස් දැම්ම මතකනේ, කැසිනෝ ගෙන්න යද්දී හාමුදුරුවෝ කෙස් දානවා, මුස්ලිම් උනුත් එහෙමයි උන්ට නං අමුතු අමුතු ඒවනේ තියෙන්නේ. මොන ආගමෙත් ඕවා තියෙනව. ඒවා රටේ ආර්ථික දියුණුවට තියෙන ප්‍රධානම බාධාව කියන්න කොහෙත්ම බෑ නිකන් තෝරු මෝරු ඉන්න මූදේ හාල්මැස්සෝ වගේ.

    ආර්ථිකයට මේක සෘජුවම සම්බන්ධයි බං. දැන් බලහං ලංකාවේ සංස්කෘති business එකක් කරන්න පුළුවන්ද කියලා.. සංස්කෘතියයි බුද්ධාගමය කියන එකක් නෙමේ ලංකාවේ මේ දෙක යන්නේ එකට. ඉතින් බං පස්පවින් වැලකී තව සංස්කෘතික ගැජට් දාගෙන කොහොමද බිස්නස් එකක් කරන්නෙ සිංහල මිනිහෙක්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආර්ථිකයට මේක සෘජුවම සම්බන්ධයි බං. දැන් බලහං ලංකාවේ සංස්කෘති business එකක් කරන්න පුළුවන්ද කියලා.. සංස්කෘතියයි බුද්ධාගමය කියන එකක් නෙමේ ලංකාවේ මේ දෙක යන්නේ එකට. ඉතින් බං පස්පවින් වැලකී තව සංස්කෘතික ගැජට් දාගෙන කොහොමද බිස්නස් එකක් කරන්නෙ සිංහල මිනිහෙක්

    සන්ස්කෘතිය කන්නද... දාමුද නියුඩ් බීච් ටිකක් ට්‍රින්කෝ වල.... උතුරේ ගව මස් අපනයන වැඩපලවල් ටිකක්... කොළඹ ජැක්පොට් ටිකක්... පෝට් සිටිය ආශ්‍රිතව.
    දකුණේ ඔන් ද වේ ලේඩි බයි සිස්ටම් එකක්... රට මැද ඕවට කැමති නැති උන්ට ජීවත් වෙන්න දෙමු..

    😂😜
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආර්ථිකයට මේක සෘජුවම සම්බන්ධයි බං. දැන් බලහං ලංකාවේ සංස්කෘති business එකක් කරන්න පුළුවන්ද කියලා.. සංස්කෘතියයි බුද්ධාගමය කියන එකක් නෙමේ ලංකාවේ මේ දෙක යන්නේ එකට. ඉතින් බං පස්පවින් වැලකී තව සංස්කෘතික ගැජට් දාගෙන කොහොමද බිස්නස් එකක් කරන්නෙ සිංහල මිනිහෙක්
    උඹ කියන කතාව හරි සීයට සීයක් බෞද්ද වෙලා රටක් කරන්න බෑ :yes: ඒත් එහෙම බෞද්ධ කමක් ලංකාවේ බහුතර මිනිස්සු ගාව නෑ රජයේත් නෑ. සවුදි වල වගේ නීති රීති දාලත් නෑනේ ඉතින් බාධාවක් වෙනවා කියන්නේ කොහොමද. වෙන එකක් තියා බලපන්කො නියම 100% බෞද්ධ රටක් නං අරක්කු සිගරට් ආණ්ඩුවේ අනුග්‍රහයෙන් විකුනන්නේ කොහොමද, ආයුද වෙළඳාම විස වෙළඳාම සත්ව ඝාතන ඔය යස අගේට වෙන්නේ. ඔය කැසිනෝ එකක් වගේ අරින්න යද්දී පොඩි සද්දයක් දැම්මොත් මිසක් එහෙම බෞද්ධ රටක් වීම නිසා කියල අමුතු ලොකු බාධාවල් නෑ මෙහෙ දියුණු වෙන මිනිහෙක්ට. ඒකත් ලොකුවට සද්දේ දාල කරන්න ගිහින් අනාගත්තොත් මිසක් නැත්තන් කැසිනෝ දැනටත් ඔය තියෙන්නෙ යස අගේට. කැසිනෝ නැති නිසා තමයි ලංකාව දියුණු නැත්තේ කියන්න බෑනේ කොහොමත්.
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ඕක වුණේ දෙමළ මිනිසුන්ට රටක් නැති හින්දා. සුද්ද දැනගත්ත දෙමළ මිනිසුන් රටක් නැති උන් කොහොමත් ඉන්දියාව game ඉල්ලන්න නෑ ඒ මොකද ඉන්දියාව හින්දු මිනිසුන්ගේ. . සිංහල මිනිස්සු ගේම ඉල්ලුවේ ලංකාව සිංහල මිනිස්සු හින්දා. කිසිම දෙයක් නැති අනාථයෙක් control කරන එක ලේසියි දේශීය ක ට හිමිකම් කියන මනුස්සයෙකුට වඩා. දෙමළ සුද්දන්ගෙන් servant උන් වුණේ එහෙම

    උඹ හරි මචං
    සුද්ද ලංකාව පාලනය කලේ දාල යන්න බලා ගෙන නෙවෙයි....
    කොටින්ම අදත් ලංකාව යටත් විජිත රාජ්‍යයක් වුනා නං සිංහලයෝ ඒ
    රටේ තුන්වැනි පන්තියේ පුරවැසියෝ ,.......
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    රෙප් කැපෙනවා, එළකිරියේ කොන් වෙනවා, ලේබල් වදිනවා වගේ කතා නිසා ගොඩක් අය මේක කතා නොකලට හිතේ තියන දෙයක්. මම මේක කලිනුත් කතා කළා. මාතෘකාව වගේම, මේකත් අම්මට බැනුම් අහන වැඩක්. කමක් නැ කවුරුහරි මේක කතා කරන්න ඕනා.

    සිද්දිය තමා ලංකාවේ ආගම්. ලංකාව වාණිජව දුප්පත් වෙන්න අංක එකට බලපාපු කාරණේ මම දකින හැටියට බුද්දාගම. බුද්දාගම කිව්වහම කොටස් දෙකක් ලෝකේ අපිට දකින්න පුළුවන්. ඒ මහායාන දර්මය සහා ථෙරවාද දර්මය.

    මහායාන දර්මය
    අර මාර්ක් සකර්බර්ග්ගේ වයිෆ් අදහන දර්මය එයා වදින බුදුපිලිමේ. ඒක තම චිනේ ජපානේ ෆලෝ කරන එක.. ලෞකික සැප ප්‍රතික්ෂේප නොකරන දර්මය. මේක සාර්ථකයි යම්තාක් දුරකට ලෝකේ. මිනිස්සුන්ගේ සිතුවිලි, චින්තන උද්දීපනය කරන්න මේ දර්මය අනුබල දෙනවා. මොකද ලෞකික සැප සහා අද්යාත්මික ගුණවගාව බැලන්ස් වෙන නිසා. එකයි ලෝකේ සාර්ථක බිස්නස් පොරවල්, මේකට ඇදිලා යන්නේ.

    ථෙරවාද දර්මය
    හුදෙක්ම දර්මාශෝකගේ කොන්ත්‍රාත් එකකට මිහිදු හාමුදුරුවෝ ලංකාවේ ප්‍රචලිත කරන්න තියාගත්ත එක. බුදුන් වහන්සේ තුන් වරක් වැඩලත් ලංකාවේ ඔරිජිනල් බුද්ද දර්මය ග්‍රහණය නොවුනට, තිස්සව හාවා කරලා මිහිදු හාමුදුරුවෝ ලංකාවේ එක රැයින් බුදිස්ට්ලා මවපු දර්මේ. ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනය, ගොඩනැගීම, ආකල්ප සේරම නොදැකපු නිවනකට තල්ලු කරලා, ලංකාව ටෙම්පරි පොට් එකක්,මේකට වැඩ කරන්න එපා, නිවනට වැඩ කරපියව් කියල උගන්නන්න ගත්තට පස්සේ මිනිස්සු ආයේ රටට වැඩක් කරන්නේ නැ.. බලපන් එදා මෙදා තුර සිංහලුන්ට වෙච්ච දේ. ඒ ඉංජිනේරු ශිල්ප දැන් කෝ? ඒවා දියුණු උනාද, පරම්පරාවෙන් ආපු කමට මිහිදු හාමුදුරුවන්ගෙන් පස්සේ ටික කාලයක් තිබ්බා. ඒ කාලේ තමා හදන වැව්, දාගැබ් ටික හැදුනේ. දැන් බලපන් කොලබ බිල්ඩින් ප්‍රොජෙක්ට් කරන්නේ ටාටා හවුසින් එකෙන්. මිහිදුගේ දර්මේ රිජෙක්ට් කරපු උන් ගොඩ ගිය එක එතැනින්ම පේනවනේ.

    අද සිංහල කඩේක ගිහින් බඩුවක් ගන්න අහපන්. එක නැ, ඉවර වෙලා, කොළබත් බඩු නැ , ආණ්ඩුව බදු ගහලා, මාකට් ලොස්ට්.. එක විකාරයි. තිලකවර්දන වගේ ඒවා උනත් නැගලා ආවේ අන්තිමට මිනිස්සුන්ට තේරුණා නිසා මුස්ලිම් උන් කෙලවනවා කියලා. නැතිනම් තාමත් මෙලොවට ඕන නැ, අල්පේච්ච ජිවිත තමා හොද වගේ ටෝක් දිදී එලොවට පින් රැස්කරන ලොන්ත යක්කු ටිකක් මේකේ හිටියේ, ඉන්නේ. අර ඊයේ ත්රෙඅඩ් එකක් දාලා අහපුවහම ආයේ ඉපදෙන්න ආසා මොන රටේද කියලා බලහන් උත්තර. මිහිදුගේ දර්මේ සාර්ථක නම් එහෙම කියයිද?

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ චතුක්කනිපාතයේ චතුත්ථ පණ්ණාසකයේ මහාවග්ගයේ මල්ලිකා සූත්‍රයෙන් [ http://thripitaka.org/view/bjts/sp13/410 ] කොටසක්:

    47. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ අරම්හි වසන සේක. එකල්හි මල්ලිකා දේවි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුනු. එකල්පස්ව හුන් මල්ලිකා දේවිය භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළා:

    “වහන්ස, මෙ ලොව්හි ඇතැම් මාගමක් යම් හෙයෙකින් දුර්‍වර්‍ණ හා විරූපිණි හා දක්නට අතිශය ලාමක හා වේ නම්, දිළිඳු වූවා තමා සතු අල්පධනධාන්‍ය ඇතියා අල්පභෝග ඇතියා අල්පේශාක්‍ය වූවා ද වේ නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?

    වහන්ස, මෙ ලොව්හි ඇතැම් මාගමක් දුර්‍වර්‍ණ හා දුරූපිණි හා දක්නට ඉතා ලමු වූවා, ආඪ්‍ය ද මහත් ධන ඇත්තී ද මහත් භෝග ඇත්තී ද මහේශාක්‍ය ද වේ නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?

    වහන්ස, මෙ ලොව්හි ඇතැම් මාගමක් විශිෂ්ට රූ ඇත්තී දර්‍ශනීය වූවා දුටුවන් පහදවන්නී උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූවා, දිළිඳු ද වූවා අල්පස්වක වූවා අල්පභෝග වූවා අල්පේශාක්‍ය ද වූවා නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?

    වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් මාගමක් අභිරූප ඇත්තී දර්‍ශනීය වූවා ප්‍රසාද එළවන්නී උත්තම වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූවා, ආඪ්‍ය වූවා මහත් ධන හා මහත් භෝග ද ඇත්තී මහේශාක්‍ය ද වේ නම් එයට හේතු කවරේ ය? ප්‍රත්‍ය කවරේ ය?”

    මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපායාස බහුල කොට ඇත්තී කිපෙනසුලු වෙයි මඳකුදු කියන ලද්දී ම ගැටෙයි කිපෙයි. ප්‍රකෘතිය හරණේ යි. තද වෙයි. කෝපයත් ද්වේෂයත් අප්‍රීතියත් පහළ කෙරෙයි. ඕ මහණකුට බමුණකුට වේවයි අහර පැන් වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශය්‍යා ආවාස ප්‍රදීපොපකරණ නො දෙන්නී වෙයි. ඊර්ෂ්‍යායෙන් යුත් සිත් ඇත්තී වෙයි. මෙරමාගේ ලාභසත්කාර ගුරුකාර මානන වන්‍දන පූජායෙහි ඊර්ෂ්‍යා කෙරෙයි. ද්වේෂ කෙරෙයි. ඊර්ෂ්‍යා බඳියි. ඕ ඉදින් ඉන් ච්‍යුත වූවා ඉහාත්මභාවයට ඒ නම් ඕ යම් ම තැනෙක උපදී නම් දුර්‍වර්‍ණ ද වෙයි. දුරූපිණී ද වෙයි. දක්නට ඉතා ලමු ද වෙයි. අල්පස්වක වූවා අල්පභෝග වූවා අල්පේශාක්‍ය ද වූවා දිළිඳු ද වෙයි.

    මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපාසාය බහුල කොට ඇත්තී කිපෙනසුලු වෙයි. මඳකුදු කියන ලද්දී ම ලැගෙයි. කිපෙයි. සැහැවි හරියි. කොවින් තද වෙයි. කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ කෙරෙයි. ඕ මහණකුට වේයයි බමුණකුට වේවයි ආහාර වපාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශය්‍යා ආවසථ හා ප්‍රදීපොපකරණ දෙනු වෙයි. මෙරමාගේ ලාභ සත්කාර ගුරුකාර මානන වන්‍දන පූජනායෙහි ඊර්ෂ්‍යායෙන් තොර සිත් ඇත්තී ඊර්ෂ්‍යා නො කරයි. ද්වේෂ නො කරයි. ඊර්ෂ්‍යා නො බඳියි. ඉදින් ඕ ඉන් ච්‍යුත වූවා මෙ අත්බවට ඒ නම්, ඕ යම් ම තැනෙක උපදී නම්, දුර්‍වර්‍ණ ද වෙයි. දුරූපිණී ද වෙයි. දක්නට ඉතා ලමු ද වෙයි. මහත් ධන මහා භෝග ඇත්තී ආඪ්‍ය ද වෙයි. මහේශාක්‍ය ද වෙයි.

    මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපාසාය බහුල කොට නැත්තී නො කිපෙනසුලු වෙයි. බොහො කොට කියන ලද නමුදු නො ලැගෙයි. නො කිපෙයි. සැහැවි නො හරියි. කොවින් තද නො වෙයි. කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ නො කෙරෙයි. ඕ මහණකුට වේයයි බමුණකුට වේවයි අන්නපාන වස්ත්‍රයාන මාලාගන්‍ධ විලෙපන ශය්‍යා ආවසථ හා ප්‍රදීපොපකරණ නො දෙනු වෙයි. මෙරමාගේ ලාභ සත්කාර ගුරුකාර මානන වන්‍දන පූජනායෙහි ඉසිමන් ඇත්තී ඊර්ෂ්‍යා කෙරෙයි. ද්වේෂ කෙරෙයි. ඊර්ෂ්‍යා බඳියි. ඕ ඉදින් එයින් ච්‍යුත වූවා මෙ අත්බවට ඒ නම්, ඕ යම් ම තැනෙක උපදිනී නම්, අභිරූප ඇති වෙයි. දර්‍ශනීය වෙයි. පහදවන්නී වෙයි. උත්තම වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්වාගත වෙයි. අල්පස්වක වූවා අල්පභෝග වූවා දිළිඳු ද වෙයි. අල්පේශාක්‍ය ද වෙයි.

    මල්ලිකාවෙනි, මෙ ලොව්හි ඇතැම් මාගමක් උපාසාය බහුල කොට නැත්තී නො කිපෙනසුලු වෙයි. බොහෝ කොට කියන ලද ද නො ලැගෙයි. නො කිපෙයි. සැහැවි නො හරියි. කොවින් නො තද වෙයි. කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ නො කෙරෙයි. ඕ මහණකුට වේයයි බමුණකුට වේවයි අන්නපාන වස්ත්‍ර යාන මාලාගන්‍ධ විලෙපන ශය්‍යා ආවසථ හා ප්‍රදීපෙය දෙයි. පරලාභ සත්කාර ගුරුකාර මානන වන්‍දන පූජනායෙහි ඊර්ෂ්‍යායෙන් නො වැඩුනු සිත් ඇත්තී ඊර්ෂ්‍යා නො කරයි. ද්වේෂ නො කරයි. ඊර්ෂ්‍යා නො බඳියි. ඕ ඉදින් ඉන් ච්‍යුත වූවා ඉහාත්මභාවයට ඒ නම්, ඕ යම් ම තැනෙක උපදිනී නම්, අභිරූපිණී වෙයි. දර්‍ශනීය වෙයි. ප්‍රාසාදිකා වෙයි. උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍වාගත වෙයි. මහත් ධන මහත් භෝග ඇත්තී ආඪ්‍ය වෙයි. මහේශාක්‍ය වෙයි.

    ...

    මල්ලිකා සූත්‍රය: http://thripitaka.org/view/bjts/sp13/410

    Skylark
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    ඇඟිල්ල දිකරලා හඳ පෙන්නුවා ම මූ බලන්නේ ඇඟිල්ල දිහා. තොට ලොකු අමාරුවක් තියෙනවා සිංහල බෞද්ධයා ගැන. පුක දීලා ඉවරනම් දැන් පල මෙතනින්

    :yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    gLDRlD.gif

    උබලට පුළුවන්ද මෙහෙම කරන්න ?:rolleyes:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    රෙප් කැපෙනවා, එළකිරියේ කොන් වෙනවා, ලේබල් වදිනවා වගේ කතා නිසා ගොඩක් අය මේක කතා නොකලට හිතේ තියන දෙයක්. මම මේක කලිනුත් කතා කළා. මාතෘකාව වගේම, මේකත් අම්මට බැනුම් අහන වැඩක්. කමක් නැ කවුරුහරි මේක කතා කරන්න ඕනා.

    සිද්දිය තමා ලංකාවේ ආගම්. ලංකාව වාණිජව දුප්පත් වෙන්න අංක එකට බලපාපු කාරණේ මම දකින හැටියට බුද්දාගම. බුද්දාගම කිව්වහම කොටස් දෙකක් ලෝකේ අපිට දකින්න පුළුවන්. ඒ මහායාන දර්මය සහා ථෙරවාද දර්මය.

    මහායාන දර්මය
    අර මාර්ක් සකර්බර්ග්ගේ වයිෆ් අදහන දර්මය එයා වදින බුදුපිලිමේ. ඒක තම චිනේ ජපානේ ෆලෝ කරන එක.. ලෞකික සැප ප්‍රතික්ෂේප නොකරන දර්මය. මේක සාර්ථකයි යම්තාක් දුරකට ලෝකේ. මිනිස්සුන්ගේ සිතුවිලි, චින්තන උද්දීපනය කරන්න මේ දර්මය අනුබල දෙනවා. මොකද ලෞකික සැප සහා අද්යාත්මික ගුණවගාව බැලන්ස් වෙන නිසා. එකයි ලෝකේ සාර්ථක බිස්නස් පොරවල්, මේකට ඇදිලා යන්නේ.

    ථෙරවාද දර්මය
    හුදෙක්ම දර්මාශෝකගේ කොන්ත්‍රාත් එකකට මිහිදු හාමුදුරුවෝ ලංකාවේ ප්‍රචලිත කරන්න තියාගත්ත එක. බුදුන් වහන්සේ තුන් වරක් වැඩලත් ලංකාවේ ඔරිජිනල් බුද්ද දර්මය ග්‍රහණය නොවුනට, තිස්සව හාවා කරලා මිහිදු හාමුදුරුවෝ ලංකාවේ එක රැයින් බුදිස්ට්ලා මවපු දර්මේ. ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනය, ගොඩනැගීම, ආකල්ප සේරම නොදැකපු නිවනකට තල්ලු කරලා, ලංකාව ටෙම්පරි පොට් එකක්,මේකට වැඩ කරන්න එපා, නිවනට වැඩ කරපියව් කියල උගන්නන්න ගත්තට පස්සේ මිනිස්සු ආයේ රටට වැඩක් කරන්නේ නැ.. බලපන් එදා මෙදා තුර සිංහලුන්ට වෙච්ච දේ. ඒ ඉංජිනේරු ශිල්ප දැන් කෝ? ඒවා දියුණු උනාද, පරම්පරාවෙන් ආපු කමට මිහිදු හාමුදුරුවන්ගෙන් පස්සේ ටික කාලයක් තිබ්බා. ඒ කාලේ තමා හදන වැව්, දාගැබ් ටික හැදුනේ. දැන් බලපන් කොලබ බිල්ඩින් ප්‍රොජෙක්ට් කරන්නේ ටාටා හවුසින් එකෙන්. මිහිදුගේ දර්මේ රිජෙක්ට් කරපු උන් ගොඩ ගිය එක එතැනින්ම පේනවනේ.

    අද සිංහල කඩේක ගිහින් බඩුවක් ගන්න අහපන්. එක නැ, ඉවර වෙලා, කොළබත් බඩු නැ , ආණ්ඩුව බදු ගහලා, මාකට් ලොස්ට්.. එක විකාරයි. තිලකවර්දන වගේ ඒවා උනත් නැගලා ආවේ අන්තිමට මිනිස්සුන්ට තේරුණා නිසා මුස්ලිම් උන් කෙලවනවා කියලා. නැතිනම් තාමත් මෙලොවට ඕන නැ, අල්පේච්ච ජිවිත තමා හොද වගේ ටෝක් දිදී එලොවට පින් රැස්කරන ලොන්ත යක්කු ටිකක් මේකේ හිටියේ, ඉන්නේ. අර ඊයේ ත්රෙඅඩ් එකක් දාලා අහපුවහම ආයේ ඉපදෙන්න ආසා මොන රටේද කියලා බලහන් උත්තර. මිහිදුගේ දර්මේ සාර්ථක නම් එහෙම කියයිද?

    .machn lankaweda inne? godaak kal pitaratada hitye? Aethiest kenekda? Aethiest nam buddhist kenek da podima dawas wala ?
     
    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිමනිකායේ උපරි පණ්ණාසකයේ විභඞ්‌ගවග්ගයේ චූළකම්මවිභඞ්ග සූත්‍රයෙන් [ http://thripitaka.org/view/bjts/sp6/448 ] :

    මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජෙතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසනසේක. එසඳ තොදෙය්‍ය බමුණුපුත් සුභ නම් මාණවක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සම්මොදනීය සාරාණීය කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් තොදෙය්‍ය බමුණුපිත් සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ සැල කෙළේ යැ.

    භවත් ගෞතමයන් වහන්ස, යම් කරුණෙකින් මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේ මැ හීනප්‍රණීත බව දක්නා ලැබෙයි. ඊට හේතු කවරෙ යැ, ප්‍රත්‍යය කවරෙ යැ: භවත් ගෞතමයන් වහන්ස, අල්පායුෂ්ක මනුෂ්‍යයෝ දක්නා ලැබෙත් මැ යැ, දීර්ඝායුෂ්කයෝ දක්නා ලැබෙති. බොහෝ ආබාධ ඇත්තාහු දක්නා ලැබෙති, අල්පාබාධයෝ දක්නා ලැබෙති. දුර්වර්ණයෝ දක්නා ලැබෙති, වර්ණවත් වූවාහු දක්නා ලැබෙති. අල්පයශස්කයෝ දක්නා ලැබෙති, මහායශස්කයෝ දක්නා ලැබෙති. අල්පභොග ඇත්තාහු දක්නා ලැබෙති, මහාභොග ඇත්තාහු දක්නා ලැබෙති. නීචකුලීනයෝ දක්නා ලැබෙති, උච්චාකුලීනයෝ දක්නා ලැබෙති. දුෂ්ප්‍රාඥයෝ දක්නා ලැබෙති, ප්‍රඥාවත් වූවාහු දක්නා ලැබෙත්. භවත් ගෞතමයන් වහන්ස, යම් කරුණෙකින් මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේ මැ හීනප්‍රණීත බව දක්නා ලැබෙත් ද ඊට හේතු කවරේ ද ප්‍රත්‍ය කවරේ දැ? යි.

    මාණවකය, සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහ, කර්මය දායාදය කොට ඇත්තාහ, කර්මය කාරණා කොට ඇත්තාහ, කර්මය බන්ධු කොට ඇත්තාහ, කර්මය පිළිසරණ කොට ඇත්තාහ. කර්මය මේ හීනප්‍රණීතභාවය පිණිස සත්ත්වයන් විභාග කෙරේ යයි වදාළහ.

    ..

    තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශයන වාසාගාර පහන්තෙල් නො දෙන්නේ වෙයි. හේ මෙසේ පුරනලද මෙසේ සමාදන් කොට ගන්නාලද ඒ කර්මයෙන් කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත සංඛ්‍යාත නිරයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වූ නිරයට නො පැමිණේ නම් ඉදින් මිනිස්බවට පැමිණේ නම්, යම් යම් තැනෙක උපදනේ ද (එතැන්හි) අල්පභොග වෙයි. මාණවකය, මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශයනාගාර පහන්තෙල් නො දෙනු වෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව අල්පභොග ඇති බවට වැටෙන්නී වෙයි.

    තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යානා මාලා ගන්ධ විලෙපන ශයනාගාර පහන්තෙල් දෙන්නේ වෙයි. හේ මෙසේ පුරනලද මෙසේ සමාදන් කොට ගන්නාලද ඒ කර්මයෙන් කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගලොකයට එළැඹෙයි. ඉදින් කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගලොකයට නො එළැඹේ නම් ඉදින් මිනිස් බවට පැමිණේ නම්, යම් යම් තැනෙක උපදනේ වේ ද එකල්හි මහාභෝග ඇත්තේ වෙයි. මාණවකය, මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යානා මාලා ගන්ධ විලෙපන ශයනාගාර පහන්තෙල් දෙන්නේ වෙයි යන යමක් ඇද්ද තෙල ප්‍රතිපදාව මහාභොග ඇති බවට වැටෙන්නී වේ.

    ...

    චූළකම්මවිභඞ්ග සූත්‍රය: http://thripitaka.org/view/bjts/sp6/448

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ චතුක්කනිපාතයේ දුතිය පණ්ණාසකයේ පත්‌තකම්‌මවග්ගයේ අනණ සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp13/152 ]:

    12. එකල්හි අනාථපිණ්ඩික සිටු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස් ව හුන් අනේපිඬු සිටුහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

    ගෘහපතිය, කාමභෝගී ගිහීන් විසින් කලින් කල හේතුවිසින් ලැබිය යුතු මේ සුඛයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: අස්තිසුඛය, භොගසුඛය, අනණසුඛය, අනවද්‍ය සුඛ යි.

    ගැහැවිය, අස්තිසුඛ නම් කවරේය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්‍රයකුට උත්‍ථාන වීර්‍යයෙන් ලැබූ බාහුබලයෙන් වඩා ගත් වගුළ සෝදියෙන් ඉපැයූ ධර්‍මයුක්ත වූ දැහැමින් ලත් භොගයෝ ඇත. හෙතෙම උත්‍ථානවීර්‍යයෙන් ලැබූ බාහුබලයෙන් වැඩූ හෙළු සෝදියෙන් ඉපැයූ ධර්‍මයුක්ත වූ ධර්‍මලබ්ධ වූ භොගයෝ මට ඇතැ යි සුඛය ලබයි. සෞමනස්‍යය ලබයි. ගැහැවිය, මේ අස්තිසුඛය යි. කියනු ලැබේ.

    ගැහැවිය, භෝගසුඛ නම් කවරේය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්‍රයෙක් උත්‍ථාන වීර්‍යයෙන් ලැබූ බාහුබලයෙන් වඩා ගත් වගුළ සෝදියෙන් උපයාගත් ධර්‍මයුක්ත වූ ධර්‍මලබ්ධ වූ භොගයෙන් භොගයන් වළද කරයි. පින් ද කරයි. උත්‍ථාන වීර්‍යයෙන් ලැබූ බාහුබලයෙන් වඩාගත් වගුළ සෝදියෙන් ඉපැයූ ධාර්මික වූ ධර්‍මලබ්ධ වූ භොගයෙන් හේ භොගයන් ද වළදමි යි පින් ද කෙරෙමි යි සුඛය විඳියි. සෞමනස්‍යය විඳියි. ගැහැවිය, මේ භොගසුඛය යි කියනු ලැබේ.

    ගැහැවිය, අනණසුඛය කවරේ ය යත්: ගැහැවිය, මෙ ලොව කුලපුත්‍රයෙක් කිසිවක්හට අල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිදු ණයක් නො දරයි. හේ කිසිවක්හට අල්ප වූ හෝ බොහෝ වූ හෝ කිසිදු ණයක් නො දරමි යි සුඛය විඳියි. සෞමනස්‍යය ලබයි. ගැහැවිය, මේ අනණසුඛය යි කියනු ලැබේ.

    ගැහැවිය, අනවද්‍යසුඛය නම් කවරේය යත්: ගැහැවිය, මෙ ලොව ආර්‍යශ්‍රාවක අනවද්‍ය කායකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. අනවද්‍ය වාක්කර්‍මයෙන් සමන්‍වාගත වෙයි. අනවද්‍ය මනඃකර්‍මයෙන් සමන්‍වාගත වෙයි. අනවද්‍ය කායකර්‍මයෙන් සමන්‍වාගතයෙමි යි අනවද්‍ය වාක්කර්‍මයෙන් සමන්‍වාගතයෙමියි. අනවද්‍ය මනඃකර්‍මයෙන් සමන්‍වාගතයෙමි යි සුව විඳුනේය. සොම්නස් විඳුනේය. ගැහැවිය, මේ අනවද්‍යසුඛය යි කියනු ලැබේ.

    ගැහැවිය, කාමභෝගී ගිහිහි විසින් කලින් කල පටන් ගෙණ මේ සතර සුඛයෝ අධිගන්තව්‍යයහ යි වදාළහ.

    35. අනණසුඛය දැන වැලි අස්තිසුඛය සිහි කරන්නේය. භොග සුඛය වළඳනා මිනිස් තෙම ඉක්බිති නුවණින් වෙසෙසා බලන්නේය.

    36. සුන්‍දර ප්‍රඥා ඇති ඒ මිනිසා වෙසෙසින් බලන්නේ ඒ සුව දෙ කොටස දනී. තෙල (පළමු කොටස වූ අස්තිසුඛාදී තුණ සතර වන කොටස වූ) අනවද්‍ය සුඛයාගේ සොළොස් වන කලාවට ද නො අගී.

    අනණ සූත්‍රය: http://thripitaka.org/view/bjts/sp13/152

    Skylark
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    බුදු හාමුදුරු ධර්මයක් දේශනා කලේ සමස්ත ලෝකයටම: මිසක් සිංහල බෞද්ධ පිරිසකට නෙමෙයි. සිංහල අපි බුද්ධාගම අදහන්නේ නැතිව අපේ තිබ්බ සස්කෘතික තැන වලට ඒ උතුම් තාර්කික ධර්මය රින්ගවාගෙන අපිට ඕනේ විදිහට හදා ගත්තා. පන්සලුත් නිකාය වලට විතරක් නෙමෙයි කුල අනුවත් බෙදුවා. කුලවාදය අයින් කරපු බුදු දහම උගන්වන හාමුදුරුවරු ඒ කුලයක් අල්ලන් පන්සල් කඩා ගත්තා. නුවර කොහොමද තත්වය. හමුදුරුයෝ සුද්ද කලේ ඒ අන්දුකාරවරුන්ටත් ඉල්ලීම් කරා අඩු කුලේ එවුන්ට තනතුරු දෙන්න එපා කියල. එක සස්කෘතියට හරි නෑ =. රෙද්ද තමා. අද උනත් හරි බුදු දහම හොයනවනම් තමුන්ම අද්‍යනය කරන්න. මේක රොකට් සයන්ස් දැනුමක් ඕනේ නෑ. මන්ද බුද්ධික නොවෙනවානම් කල් ගිහින් හෝ අවබෝධයෙන් දකින්න එකයි කරන්න තියෙන්නේ