ඇත්ත කතා කරමු.

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Do I have explain the definition of stupidness. There different type of people in this world that is also loke daharamatawayak. ekema wage knowledge tiyana minussu koi kalewath bidhiwenne.

    Only difference between you and that Islamic lecturer ZAKIR NAIK is your religion.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ලංකාව දියුණු නොවෙන්න ප්‍රදානම හේතුම තමයි කුල දුරවලිය. නවීන තාක්ෂණික ලෝකේ නිර්මාණය කලේ විවිද ශිල්පයන් ප්ර්ගුනකාරපු ඒවා නොනවත්වා දියුණු කරපු රටවල්. ලංකාවේ ශිල්ප ශේනිවල මිනිස්සු පහත කුලේ විදියට තමයි සලකන්නේ. නවීන ලෝකේ සැදීමටඅඩිතාලම දාපු ගණිත, යකඩ වැඩ කරන මිනිසූ සලකන්නේ ලංකාවේ පහත කුල විදියට. මේක නිසා මෙම දැනුම ලංකාවේ දියුණු වනේ නැ, මේවට අලුත් සමාජ කොටස් එකතුවුනේ නැ එක නිසා අලුත් දැනුම නිර්මාණය උනේ නැ.

    උදාහරණයක් විදියට ගත්තොත් ලංකාවේ එකම තත් සංගීත බන්ද්යක් නැ බෙර විතරයි, නලා වලින් යන්තම හොරන්ව විතරයි සියවස් ගණනක්ම . බලිතොවිල් ශ්න්තිකර්ම වලින් අමතර රංගන කලාවක් නිර්මාණය උනේ නැ.

    දැන් කවුරුහරී කියයි ලංකාවේ උසස් යයි කියක කුලය ගොවි කුලය ගොවිතැන් කරපු ය කියල. ගොවි කුලය කියන්න ගොවිතැන් කරපු නිසා නෙවෙයි. ගොවිතැන රොඩී කුලය හැර සියලුම කුල වල මිනිස්සු කළා.

    මේ සමාජීය විපර්යාසය ලොකු හානියක් කළා ලංකාවේ තාක්ෂණික දියුණුවට. අතටම අනුරාද පුර යුගයේ මෙහෙම කුලදුරවලිය තිබුනේ නැ එක නිසා තමයි සමකාලින ලෝකයත් එක්ක අනුරාද පුර යුගයේ තාක්ෂණික දියුණුව සමග සාපේක්ෂව දුයුණු ශිෂ්ටච්රයක් තිබුනේ.

    ශිල්ප ශ්‍රේනිවලට ඇතිවූ අඩු සමාජ පිළිගනිම නිසා අවුන්ගේ ශිලප් කටයුතුවලට ඊලග පරමපරාවන් එකතුවික අඩුවුනා. එම අද්ද්යපනය systematic උනේ නැ (පිරිවෙන් වලට පින්සිද්ද වෙන්න ලනකාවේ systematic අද්ද්යාපන ක්‍රමයක් තිබුනේ බශ්වට විතරයි එක නිසා ලංකාවේ ඓංහල බහ්ස්වේ විශිෂ්ට ශිෂ්ටාචාර ලක්ෂණ තියනවා )

    ලංකාවේ කුල දුරවලියේදී ගණිතය කරපු මිනිස්සු පහත්ම කුලයක්, එතකොට කොහොමද පැරණි ගණිතය ශිට්චචර්යක් එක්ක ගමනක් යන්නේ.

    අන්තිමට අපිඅට මේ සේරම බටහිර අක්ර්මනත් එකතමයි ආවේ. ඉන්ගිනේරු තක්ෂණය, සංගීතය, ගණිතය, කලාව,

    උබට හිතෙන්නේ නැද්ද අපේ මේ කුලය සොළින්ගේ අපු එකක් කියල. මොකද බෞද්ධ සමාජයක මෙහෙම කුල තිබ්බ කියල හිතන්න අමාරුයි. අනිත් එක උබ කියපු එක අනුරාධ පුර යුගය කියන්නේ සමකාලින අනිත් රටවල ශිෂ්ටාචරත් එක්ක කරට කර ගිය කාලයක්
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    ඒක මචං බුද්ධාගමේ වරද නෙවෙයි.... බුද්ධාගම හොඳ ආර්ථික තියරියක් උගන්ලා තියෙනවා... සල්ලි හම්බකරන විදිය, ඉතිරි කරන විදිය, පරිභෝජනය කරන විදිය, ඉන්වෙස්ට් කරන විදිය ගැන ගැඹුරින් කතා කරල තියෙනවා... මී කුණක් විකුණල සිටුවරයෙක් වුණු කතාවක් මහ ඉහලින් බුද්ධාගමේ කතා කරන දෙයක්... මේක පරෙස්සමට ගලපගන්න ඕන දෙයක්... අපි ජාතියක් විදියට දෙයක් අල්ල ගන්නේ වැරදි තැනින්.. අපි බුද්ධාගම උනත් අල්ලගත්තේ වැරදි තැනකින්... ඒක බුද්ධාගමේ වරදක් නෙවෙයි අපේ වරද..... (දැන් කියන්න එපා පල්ලියේ මක්කමේ කෝවිලේ කොන්ත‍්‍රාත් එක ඉෂ්ට කරන්න ආව කියල... :P වැදගත් සාකච්චාවකට වරෙල්ලා... හැබැයි අන්ධ භක්තිකයෝ, පටු ආකල්ප දරන එවුන් එක්ක නෙවෙයි....:yes:)
    :love::yes::yes:
    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ කාලේ මිනිස්සු හෙවුවේ ලෞකික සැපත නෙමෙයි ලෝකෝත්තර සැපත..... බුද්ද කාලේ මිනිස්සු පුළුවන් විදියට නිවන හෙවුවා එහෙම දෙයක් තියෙනවා කියල දැනන් හිටියා
    මේ දැන් තියෙන සංවර්ධනය බලශක්ති + නව සොයාගැනීම් හරහා ඇතිවුන කෙටිකාලින සංවර්ධනයක්. මිනිහෙක් කනිජ තෙල් හොයාගත්තත් වැඩක් නෑ ඒක පුච්චලා වැඩගන්න එන්ජිමක් හොයාගත්තේ නැත්නම්....... ඔයවගේ සීමිත දේවල එකතුවක ප්‍රතිපලයක් තමයි දැන් තියෙන දියුණුව. ඕකත් තව ඉස්සරහට ගිහින් නැවතුමක් එනවා...... වැඩිය ඕන නෑ තෙල් ටික ඉවරවුණාම බලන්න පුළුවන් සංවර්ධනේ වේගේ.............. සංවර්ධනේ වැඩිවෙලා ලෝකේ ඒ සන්වර්ධනෙන්ම විනාශවෙලා යනවා එදාට ඉතිරිවෙන මිනිස්සු ආයෙත් නිවන හොයන්න පටන්ගන්නවා......

    පන්සල වර්තමානේ අර්බුදයක ඉන්නේ. බෞධ්දයව මේ ජරමර අස්සේ කොහෙටද දක්කන්නේ කියලා පන්සලේ හාමුදුරුවන්ට හිතාගන්න බෑ.......... පවුලක් කාගෙන රස්සාවක් කරන් අමාරුවෙන් ජිවිතේ ගොඩදාගන්න එකාව බනකියලා කොන්ද කඩලා නිවන්දක්කන්න හදනවා අන්තිමට ගට්ටන........
    හැමකෙනාටම ගැලපෙන්න ධර්මය තියෙනවා, හාමුදුරුවෝ මිනිස්සුන්ට ගැලපෙන්න බණ කියන්න දැනගන්න ඕන, එහෙම නැතිවුනොත් නැතිවෙන්නේ උන්නාන්සේලගේම දන් වේල තමයි.........:dull:
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113

    ඒක මචං බුද්ධාගමේ වරද නෙවෙයි.... බුද්ධාගම හොඳ ආර්ථික තියරියක් උගන්ලා තියෙනවා... සල්ලි හම්බකරන විදිය, ඉතිරි කරන විදිය, පරිභෝජනය කරන විදිය, ඉන්වෙස්ට් කරන විදිය ගැන ගැඹුරින් කතා කරල තියෙනවා... මී කුණක් විකුණල සිටුවරයෙක් වුණු කතාවක් මහ ඉහලින් බුද්ධාගමේ කතා කරන දෙයක්... මේක පරෙස්සමට ගලපගන්න ඕන දෙයක්... අපි ජාතියක් විදියට දෙයක් අල්ල ගන්නේ වැරදි තැනින්.. අපි බුද්ධාගම උනත් අල්ලගත්තේ වැරදි තැනකින්... ඒක බුද්ධාගමේ වරදක් නෙවෙයි අපේ වරද..... (දැන් කියන්න එපා පල්ලියේ මක්කමේ කෝවිලේ කොන්ත‍්‍රාත් එක ඉෂ්ට කරන්න ආව කියල... :P වැදගත් සාකච්චාවකට වරෙල්ලා... හැබැයි අන්ධ භක්තිකයෝ, පටු ආකල්ප දරන එවුන් එක්ක නෙවෙයි....:yes:)
    :):)
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    රෙප් කැපෙනවා, එළකිරියේ කොන් වෙනවා, ලේබල් වදිනවා වගේ කතා නිසා ගොඩක් අය මේක කතා නොකලට හිතේ තියන දෙයක්. මම මේක කලිනුත් කතා කළා. මාතෘකාව වගේම, මේකත් අම්මට බැනුම් අහන වැඩක්. කමක් නැ කවුරුහරි මේක කතා කරන්න ඕනා.

    සිද්දිය තමා ලංකාවේ ආගම්. ලංකාව වාණිජව දුප්පත් වෙන්න අංක එකට බලපාපු කාරණේ මම දකින හැටියට බුද්දාගම. බුද්දාගම කිව්වහම කොටස් දෙකක් ලෝකේ අපිට දකින්න පුළුවන්. ඒ මහායාන දර්මය සහා ථෙරවාද දර්මය.

    මහායාන දර්මය
    අර මාර්ක් සකර්බර්ග්ගේ වයිෆ් අදහන දර්මය එයා වදින බුදුපිලිමේ. ඒක තම චිනේ ජපානේ ෆලෝ කරන එක.. ලෞකික සැප ප්‍රතික්ෂේප නොකරන දර්මය. මේක සාර්ථකයි යම්තාක් දුරකට ලෝකේ. මිනිස්සුන්ගේ සිතුවිලි, චින්තන උද්දීපනය කරන්න මේ දර්මය අනුබල දෙනවා. මොකද ලෞකික සැප සහා අද්යාත්මික ගුණවගාව බැලන්ස් වෙන නිසා. එකයි ලෝකේ සාර්ථක බිස්නස් පොරවල්, මේකට ඇදිලා යන්නේ.

    ථෙරවාද දර්මය
    හුදෙක්ම දර්මාශෝකගේ කොන්ත්‍රාත් එකකට මිහිදු හාමුදුරුවෝ ලංකාවේ ප්‍රචලිත කරන්න තියාගත්ත එක. බුදුන් වහන්සේ තුන් වරක් වැඩලත් ලංකාවේ ඔරිජිනල් බුද්ද දර්මය ග්‍රහණය නොවුනට, තිස්සව හාවා කරලා මිහිදු හාමුදුරුවෝ ලංකාවේ එක රැයින් බුදිස්ට්ලා මවපු දර්මේ. ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනය, ගොඩනැගීම, ආකල්ප සේරම නොදැකපු නිවනකට තල්ලු කරලා, ලංකාව ටෙම්පරි පොට් එකක්,මේකට වැඩ කරන්න එපා, නිවනට වැඩ කරපියව් කියල උගන්නන්න ගත්තට පස්සේ මිනිස්සු ආයේ රටට වැඩක් කරන්නේ නැ.. බලපන් එදා මෙදා තුර සිංහලුන්ට වෙච්ච දේ. ඒ ඉංජිනේරු ශිල්ප දැන් කෝ? ඒවා දියුණු උනාද, පරම්පරාවෙන් ආපු කමට මිහිදු හාමුදුරුවන්ගෙන් පස්සේ ටික කාලයක් තිබ්බා. ඒ කාලේ තමා හදන වැව්, දාගැබ් ටික හැදුනේ. දැන් බලපන් කොලබ බිල්ඩින් ප්‍රොජෙක්ට් කරන්නේ ටාටා හවුසින් එකෙන්. මිහිදුගේ දර්මේ රිජෙක්ට් කරපු උන් ගොඩ ගිය එක එතැනින්ම පේනවනේ.

    අද සිංහල කඩේක ගිහින් බඩුවක් ගන්න අහපන්. එක නැ, ඉවර වෙලා, කොළබත් බඩු නැ , ආණ්ඩුව බදු ගහලා, මාකට් ලොස්ට්.. එක විකාරයි. තිලකවර්දන වගේ ඒවා උනත් නැගලා ආවේ අන්තිමට මිනිස්සුන්ට තේරුණා නිසා මුස්ලිම් උන් කෙලවනවා කියලා. නැතිනම් තාමත් මෙලොවට ඕන නැ, අල්පේච්ච ජිවිත තමා හොද වගේ ටෝක් දිදී එලොවට පින් රැස්කරන ලොන්ත යක්කු ටිකක් මේකේ හිටියේ, ඉන්නේ. අර ඊයේ ත්රෙඅඩ් එකක් දාලා අහපුවහම ආයේ ඉපදෙන්න ආසා මොන රටේද කියලා බලහන් උත්තර. මිහිදුගේ දර්මේ සාර්ථක නම් එහෙම කියයිද?

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ පඤ්චක නිපාතයේ පඤ්චක පණ්ණාසකයේ දීඝචාරිකවග්ගයේ භොග සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp14/442 ] :

    [සැවැත්නිදාන යි]

    27. මහණෙනි, භොගයන්හි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:

    භොගයෝ අග්නිසාධාරණ වෙති. භොගයෝ උදකසාධාරණ වෙති. භොගයෝ රාජසාධාරණ වෙති. භොගයෝ සොරුනට සාධාරණ වෙති. භොගයෝ අප්‍රිය දායාදයන් (තමහට ප්‍රිය නොවූ නෑදෑ ආදීන්) හා සාධාරණ වෙත්.

    මහණෙනි, මේ භෝගයන්හි ආදීනව පසයි.‍

    මහණෙනි, භොගයන්හි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:

    භෝගයන් නිසා තමා සුවපත් කෙරෙයි, පිණවයි, මොනොවට සුවසේ පරිහරණ කරයි. මවුපියන් සුවපත් කරයි, පිණවයි, මනා කොට සුවසේ පරිහරණය කරයි. පුත්‍රදාරදාසකර්මකාරපුරුෂයන් සුවපත් කරයි, පිණවයි, මොනොවට සුවසේ පරිහරණය කරයි. මිත්‍රාමාත්‍යයන් (මිතුරු සහකරුවන් ) සුවපත් කරයි, පිණවයි, මනාකොට සුවසේ පරිහරණ කරයි. ශ්‍රමණබ්‍රාහ්මණයන් කෙරෙහි මතු මතු භූමියෙහි සුවදෙන සුඅග රූපාදී සම්පත් දෙන සුඛවිපාක ඇති සග පිණිස වැටෙන දක්ෂිණා පිහිටුවයි.

    මහණෙනි, භොගයන්හි මේ අනුසස් පසයි.

    භොග සූත්‍රය: http://thripitaka.org/view/bjts/sp14/442

    Skylark
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මාත් කියන්නේ ඕක තමයි. බලපන් පෝයට යන බන කතා ටීවී එකේ. ගහන්නේම ගමේ සල්ලිකාර බිස්නස්කාරයට. උගේ බිස්නස් එක හොර මගඩියක් දුප්පත් වෙයන් කියලා තමා ඉවර කරන්නේ. බණකට පලයන්කෝ, පටන් ගන්නෙම ගමේ සල්ලි තියන දායකයට ගහලා. මේ ලොන්ත වදෙන් වෙන්නේ මිනිස්සු කම්මැලි වෙනවා, ඔහේ කාලා බිලා ඉන්නවා, දියුණු වෙන්න, අලුත් දේවල් කරන්න පෙලබෙන්නෙත් නැ, ඇයි වැඩක් නැනේ. ගෝල් එකට දීලා තියෙන්නේ නිවනනේ.. ඉතින් එකට තමා ටාගට් කරන්නේ. මේ ඉගැන්වීම් වෙනස් කරනකන් ගොඩ යාමක් නැ.

    නිවන ටාගට් කරන එවුන් නම් ඉන්නෙ ටිකයි.
    බොරුවට චෝදනා කරන්න එපා. මම නම් දැකලා නෑ ගමේ ඉන්න බිස්නස් කාරයට ඇරපන් කියලා කියන බණක්. ඔබට බුදු සමය ගැන, ඒකේ දර්ශනය ගැන ලොකු අවබෝධයක් නැහැ වගේ පෙනෙන්නේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    දුප්පත් වෙන්න කරනා රාශියක් බලපානවා.

    අපේ රටේ සංස්කෘතිය
    පිටරට ළමයෙක් අවුරුදු 16-18 උනාම, සමහරු ගෙදරින් එලියට ගිහිල්ල තමුගෙන්ම apartment/ගෙදරකට එකකට ගිහිල්ල ජීවත් වෙනවා (ගෙදෙරට වෙලා දෙමව්පියන්ගෙන් කන එක ලැජ්ජාවක් විදියට සලකන්නේ). කඩේක වැඩ කරලා හරි සල්ලි හම්බ කරන්න සිද්දවෙනවා. මෙතනිදී තමයි ළමයි මුල්‍ය කළමනාකරණය, පරිබෝගිකයන්ට රජෙකුට මෙන් සැලකීම වගේ දේවල් ඉගෙන ගන්නේ. හුගක් දෙනෙක් තමුගේම වියාපාරයක් කරන්න උත්සහ කරනවා. වැටි වැටි ඉදිරියට යනවා. ඒ ගොල්ලෝ ආර්ථික වශයෙන් ඉහලට යන ස්වාබිකවම වෙනවා. අපේ රටේ සංස්කෘතිය මීට වඩා වෙනස්.

    දේශගුණය.
    ලංකාවේ අපිට අක්කර 1ක් වගේ වත්තක් තියෙනවා. ඉස්සර ලංකාවේ හැමෝටම ඇතිවෙන්න ඉඩම් තිබුන. පොල්, දෙල්, කොස්, අල, බතල, නිකම් වැවෙන කොළ ජාති අවුරුද්ද පුරාම වගේ තියෙනවා. මුළු ලෝකෙම කඩන් වැටුනත් මිනිස්සුට ජීවත් වෙන්න් පුළුවන් (self sufficient). අමුතුවෙන් දගලන්න ඕනේ නැහැ. දියුණු රටවල් බොහොමයක වගා කරන්න පුළුවන්, කන බොන ජාති වැවෙන්නේ අව්රුද්දේ මාස කිහිපයක් පමණයි. ඒ සීමිත මාස කිහිපය ගොඩදාගත්තොත් විතරයි ජීවිතේ රැකෙන්නේ. ඒ නිසා තාක්ෂනය කියන එක අත්යවශ සාදකයක්. තාක්ෂණයෙන් කෘෂිකර්මය, කර්මාන්ත දියුණුවීම නිසා ජීවන රටාව ගොඩක් යහපත් මට්ටමකට ගෙන එන්න පුළුවන්.

    තව ගොඩක් සාදක තියෙනවා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඒ කාලේ මිනිස්සු හෙවුවේ ලෞකික සැපත නෙමෙයි ලෝකෝත්තර සැපත..... බුද්ද කාලේ මිනිස්සු පුළුවන් විදියට නිවන හෙවුවා එහෙම දෙයක් තියෙනවා කියල දැනන් හිටියා
    මේ දැන් තියෙන සංවර්ධනය බලශක්ති + නව සොයාගැනීම් හරහා ඇතිවුන කෙටිකාලින සංවර්ධනයක්. මිනිහෙක් කනිජ තෙල් හොයාගත්තත් වැඩක් නෑ ඒක පුච්චලා වැඩගන්න එන්ජිමක් හොයාගත්තේ නැත්නම්....... ඔයවගේ සීමිත දේවල එකතුවක ප්‍රතිපලයක් තමයි දැන් තියෙන දියුණුව. ඕකත් තව ඉස්සරහට ගිහින් නැවතුමක් එනවා...... වැඩිය ඕන නෑ තෙල් ටික ඉවරවුණාම බලන්න පුළුවන් සංවර්ධනේ වේගේ.............. සංවර්ධනේ වැඩිවෙලා ලෝකේ ඒ සන්වර්ධනෙන්ම විනාශවෙලා යනවා එදාට ඉතිරිවෙන මිනිස්සු ආයෙත් නිවන හොයන්න පටන්ගන්නවා......

    පන්සල වර්තමානේ අර්බුදයක ඉන්නේ. බෞධ්දයව මේ ජරමර අස්සේ කොහෙටද දක්කන්නේ කියලා පන්සලේ හාමුදුරුවන්ට හිතාගන්න බෑ.......... පවුලක් කාගෙන රස්සාවක් කරන් අමාරුවෙන් ජිවිතේ ගොඩදාගන්න එකාව බනකියලා කොන්ද කඩලා නිවන්දක්කන්න හදනවා අන්තිමට ගට්ටන........
    හැමකෙනාටම ගැලපෙන්න ධර්මය තියෙනවා, හාමුදුරුවෝ මිනිස්සුන්ට ගැලපෙන්න බණ කියන්න දැනගන්න ඕන, එහෙම නැතිවුනොත් නැතිවෙන්නේ උන්නාන්සේලගේම දන් වේල තමයි.........:dull:

    දැන් තියෙන්නේ බුද්ධානුකූල ධර්ම දේශනා නෙවෙයි... කාලීන හිට් බණ...
    සිංදු කෑල්ලක් කියල... ගෑණියෙක්ගේ රෙද්දේ දිග පළල කියල, දානේ වේලේ රස නීරස කියල ගිහියා නක්කලේට දාලා හාමුදුරුවෝ බණ කියනවා... දායකයා දාඩිය මහන්සියෙන් හිගා නොකා හිගා කාලා ජීවත් වෙන කොට අත්හැරීමේ ආදීනව කියල අන්තිමට බෙන්ස් එකේ නැගල මාලිගාවක් වගේ පන්සලට ගිහිල්ල කාමසුඛල්ලිකානුයෝගීව ජීවත් වෙනවා... තිත්ත ඇත්ත ඕකයි....
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    උඹ මේ ප්‍රශ්නේ ගැන සෑහෙන දේවල් තව ඉගෙන ගන්න ඕන බන්

    සිංහල බෞද්ධ පාසල් කියලා පටන් ගත්ත පාසල් වල අරමුණ වුනේ බෞද්ධ පසුබිමක ඉංග්‍රීසි
    අධ්‍යාපනය ලබාදීම ...ඒවායේ සිංහලෙන් ඉගැන්නුවේ නෑ.
    සුද්දා තමන්ගේ පහසුවට දෙමල්ලුන්ට තනතුරු දුන්නෙ නෑ බන් ...
    උන් දෙමල කියන ජන කොටසට විශේෂයෙන් සැලකුවා මේවා වාද කරන්න ඕන කරුණු නෙවෙයි.
    උදා_ ලෝකේ විශාල දෙමල ඩයස් පෝරාවක් ඉන්නවා කැරිබියන් වල දකුණු අප්‍රිකාවේ ඇයි
    මෙහෙම සිංහල ඩයස් පෝරාවක් නැත්තේ..මේක යටත් විජිත වාදීන්ගේ පැහැදිලි ප්‍රතිපත්තියක්
    ඔවුන් දෙමල අයව සැලකුවේ ඔවුන්ගේ universal civil servants ලා හැටියට ...මේක
    සිංහල බෞද්ධ පාසල් වල වරදක් වත් සිංහලයාගේ වරදක් වත් නෙවෙයි ..මේක තමයි යටත් විජිත
    ප්‍රතිපත්තිය... ඒක තමයි මං කිව්වේ සිංහලුන්ට කවදාවත් බෙදා පාලනය කියන සංකල්පය
    තේරෙන්නේ නෑ කියලා ...කොටින්ම කියනවා නම් යටත් විජිතවාදීන් යටත් වැසියන් හා ස්වාමින්
    ආතර බෆර් එකක් ලෙස තමයි දෙමල අයව භාවිතා කලේ.. මේක ලංකාවේ විතරක් වෙච්චි දෙයක් නෙවේ..මේකේ අයහපත් ප්‍රථිපලය යටත් විජිත් වාදීන් හොඳටම දැන හිටියා

    මම ඒක සරලව කිව්වෙ එහෙම.මුලින්ම සින්හලෙන් ඉගැන්නුවෙ නැති එක ඇත්ත.ඒත් ඕල්කට් සහ ධර්මපාල තමයි මුලින්ම ජාතිවාදය පටන්ගත්තෙ අලුත් මුනුවරකින්.බුඩිස්ට් කියන වචනෙ ඉදන් අනික් හැම දෙයක්ම වෙනත් රටවලට පෙන්න්නුවෙ ඒ අයතමා..අදටත් ජාතිවාදය වැඩිපුරම වපුරන්නෙ ආගමික නායකයින් හා අන්තවාදින්.

    ඒ කාලේ සිංහලුන්ට නොදෙවෙනි වෙනත් රටවල උසස් අද්‍යාපනයක් ලබපු දෙමල බුද්ධිමතුන් පිරිසක් හිටියා..ඩී එස් ටකලින් ලංකාවේ නියෝජිතය විදිහට පොන්නම්බලම්ව තෝරගත්තෙන් සිංහලුම තමා.50 50 නියෝජනයට සිංහලු එකග නොවෙච්ච නිසා ඒ මනුස්සයා අයින් උනා.මම දන්න විදිහට දෙමල්ලු තමයි ප්‍රසිද්ධ වෙලා හිටියෙ ඒකාලෙ.සිංහලු කාටවත් යටත් වෙන්නෙ නැති මාන්නක්කාර ගතිත් කලින් ගනුදෙනු කරපු විදිත් නිසා තමයි එහෙම උනේ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    [/SIZE]

    මාන්නක්ක්කාරකම හොදයි නිවට කමට වඩා.. හැබැයි අනෙක් ජාතීන්ටත් මාන්නයක් තියෙන්ස් බව දැන ක්‍රියානොකිරීම නිවට කමක්
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    මම ඒක සරලව කිව්වෙ එහෙම.මුලින්ම සින්හලෙන් ඉගැන්නුවෙ නැති එක ඇත්ත.ඒත් ඕල්කට් සහ ධර්මපාල තමයි මුලින්ම ජාතිවාදය පටන්ගත්තෙ අලුත් මුනුවරකින්.බුඩිස්ට් කියන වචනෙ ඉදන් අනික් හැම දෙයක්ම වෙනත් රටවලට පෙන්න්නුවෙ ඒ අයතමා..අදටත් ජාතිවාදය වැඩිපුරම වපුරන්නෙ ආගමික නායකයින් හා අන්තවාදින්.

    ඒ කාලේ සිංහලුන්ට නොදෙවෙනි වෙනත් රටවල උසස් අද්‍යාපනයක් ලබපු දෙමල බුද්ධිමතුන් පිරිසක් හිටියා..ඩී එස් ටකලින් ලංකාවේ නියෝජිතය විදිහට පොන්නම්බලම්ව තෝරගත්තෙන් සිංහලුම තමා.50 50 නියෝජනයට සිංහලු එකග නොවෙච්ච නිසා ඒ මනුස්සයා අයින් උනා.මම දන්න විදිහට දෙමල්ලු තමයි ප්‍රසිද්ධ වෙලා හිටියෙ ඒකාලෙ.සිංහලු කාටවත් යටත් වෙන්නෙ නැති මාන්නක්කාර ගතිත් කලින් ගනුදෙනු කරපු විදිත් නිසා තමයි එහෙම උනේ..
    [/SIZE]

    මම කියන්නෙත් නිදහස ලබනකොට සිංහලු දෙමල්ලුට දෙවෙනි කියලා තමයි මේ බලපං

    "1960 ගණන්වල දී ලබා ගත් සංඛ්‍යා ලේඛණවලට අනුව විශ්වවිද්‍යාලවල විද්‍යාපීඨයන් හි දෙමළ ශිෂ්‍ය අනුපාතය පිළිවෙළින්
    ඉංජිනේරු පීඨයේ 37.2%, වෛද්‍ය පීඨයේ 40.%, කෘෂිකර්ම හා පශු වෛද්‍ය පීඨයේ 41.9% විය. (Silva,1979:15)
    නමුත් උසස් අධ්‍යාපන ප‍්‍රමිතිකරණය ආරම්භ කිරීම තුළ මෙම තත්වය සීඝ‍්‍රයෙන් වෙනස් විය."

    උඹ කියන්නෙ මේක සාධාරණද .. මේ තත්වය මෙහෙම ඇති වුනේ යටත්විජිතවාදීන්ගේ ප්‍රථිපත්ති
    නිසා.

    මං දන්නේ නෑ උඹ මොන පදනමකින්ද ඕල්කට් ජාතිවාදියෙක් කියලා හැඳින්වුයේ.
    එහෙමනං එයා ඇමරිකන් ජාතික සිංහල ජාතිවාදියෙක් වෙන්න ඕන.

    ධර්මපාලගේ ජාතිවාදයෙන් දෙමල්ලුන්ට හානියක් වුනේ නෑ.

    ආ දැං උඹම කියනවා 50 ට 50 කතන්දර ....
    මං කලිං හිතුවේ වාර්ගික ගැටලුව ඇතිවුනේ රාජ්‍ය භාෂා පනත නිසා කියලා ....
    දැං මොකෝ 50 ට පනහක් ගාවගත්තේ
    ඒ කියන්නෙ වාර්ගික ප්‍රශ්නයට මුල බණ්ඩාරණායක නෙවෙයි නේද..
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මුකුත්ම නෙවෙයි බන් මිනිස්සුන්ගේ
    ආකල්ප (Attitudes)
    :yes::yes::yes:
    තමයි ඔය හැම දේටම බලපාන්නේ, හිගන්නගේ ඉදන් දේසපාලුවා වෙනකන් ඕක සෝදා පාලුවෙලා ගිහිල්ල තියෙන්නේ, ඕක හරියට හදා ගන්නේ නැතිතාක්කල් අපි එකම තැන තමයි,:angry:
    බුද්ධාගමේ කිසිම අවුලක් නෑ බන්, එක ආගමකට වඩා රියල් දර්ශනයක්, නමට බෞද්ධ වෙලා හිටිය පලියට කවුරුත් නිවන් දකින්නේ නෑනේ, ඒකට අනුගමනය කරන්න ඕනේ දේවල් තියෙනවා, අපේ රටේ මිනිස්සු අරකෙන් භාගයයි මේකෙන් භාගයයි අරන් ලෝකේ නැති ලබ්බවල් වලින් ඔලුව කුරුවල් කරන්, කරන්න ගියාට (අපේ රටේ අධ්‍යාපනේ වගේ ) මේක දියුණු වෙයිද බන් කියපල්ලා :angry:

    අනිත් එක මේ රටේ ජරා ජීර්ණ වුණු බඩගෝස්තරවාදී දේසපාලනය මේ විදියට තියෙන කල් අපි හැමදාමත් දුප්පත් තමයි බන් !!! :angry::angry:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    රෙප් කැපෙනවා, එළකිරියේ කොන් වෙනවා, ලේබල් වදිනවා වගේ කතා නිසා ගොඩක් අය මේක කතා නොකලට හිතේ තියන දෙයක්. මම මේක කලිනුත් කතා කළා. මාතෘකාව වගේම, මේකත් අම්මට බැනුම් අහන වැඩක්. කමක් නැ කවුරුහරි මේක කතා කරන්න ඕනා.

    සිද්දිය තමා ලංකාවේ ආගම්. ලංකාව වාණිජව දුප්පත් වෙන්න අංක එකට බලපාපු කාරණේ මම දකින හැටියට බුද්දාගම. බුද්දාගම කිව්වහම කොටස් දෙකක් ලෝකේ අපිට දකින්න පුළුවන්. ඒ මහායාන දර්මය සහා ථෙරවාද දර්මය.

    මහායාන දර්මය
    අර මාර්ක් සකර්බර්ග්ගේ වයිෆ් අදහන දර්මය එයා වදින බුදුපිලිමේ. ඒක තම චිනේ ජපානේ ෆලෝ කරන එක.. ලෞකික සැප ප්‍රතික්ෂේප නොකරන දර්මය. මේක සාර්ථකයි යම්තාක් දුරකට ලෝකේ. මිනිස්සුන්ගේ සිතුවිලි, චින්තන උද්දීපනය කරන්න මේ දර්මය අනුබල දෙනවා. මොකද ලෞකික සැප සහා අද්යාත්මික ගුණවගාව බැලන්ස් වෙන නිසා. එකයි ලෝකේ සාර්ථක බිස්නස් පොරවල්, මේකට ඇදිලා යන්නේ.

    ථෙරවාද දර්මය
    හුදෙක්ම දර්මාශෝකගේ කොන්ත්‍රාත් එකකට මිහිදු හාමුදුරුවෝ ලංකාවේ ප්‍රචලිත කරන්න තියාගත්ත එක. බුදුන් වහන්සේ තුන් වරක් වැඩලත් ලංකාවේ ඔරිජිනල් බුද්ද දර්මය ග්‍රහණය නොවුනට, තිස්සව හාවා කරලා මිහිදු හාමුදුරුවෝ ලංකාවේ එක රැයින් බුදිස්ට්ලා මවපු දර්මේ. ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනය, ගොඩනැගීම, ආකල්ප සේරම නොදැකපු නිවනකට තල්ලු කරලා, ලංකාව ටෙම්පරි පොට් එකක්,මේකට වැඩ කරන්න එපා, නිවනට වැඩ කරපියව් කියල උගන්නන්න ගත්තට පස්සේ මිනිස්සු ආයේ රටට වැඩක් කරන්නේ නැ.. බලපන් එදා මෙදා තුර සිංහලුන්ට වෙච්ච දේ. ඒ ඉංජිනේරු ශිල්ප දැන් කෝ? ඒවා දියුණු උනාද, පරම්පරාවෙන් ආපු කමට මිහිදු හාමුදුරුවන්ගෙන් පස්සේ ටික කාලයක් තිබ්බා. ඒ කාලේ තමා හදන වැව්, දාගැබ් ටික හැදුනේ. දැන් බලපන් කොලබ බිල්ඩින් ප්‍රොජෙක්ට් කරන්නේ ටාටා හවුසින් එකෙන්. මිහිදුගේ දර්මේ රිජෙක්ට් කරපු උන් ගොඩ ගිය එක එතැනින්ම පේනවනේ.

    අද සිංහල කඩේක ගිහින් බඩුවක් ගන්න අහපන්. එක නැ, ඉවර වෙලා, කොළබත් බඩු නැ , ආණ්ඩුව බදු ගහලා, මාකට් ලොස්ට්.. එක විකාරයි. තිලකවර්දන වගේ ඒවා උනත් නැගලා ආවේ අන්තිමට මිනිස්සුන්ට තේරුණා නිසා මුස්ලිම් උන් කෙලවනවා කියලා. නැතිනම් තාමත් මෙලොවට ඕන නැ, අල්පේච්ච ජිවිත තමා හොද වගේ ටෝක් දිදී එලොවට පින් රැස්කරන ලොන්ත යක්කු ටිකක් මේකේ හිටියේ, ඉන්නේ. අර ඊයේ ත්රෙඅඩ් එකක් දාලා අහපුවහම ආයේ ඉපදෙන්න ආසා මොන රටේද කියලා බලහන් උත්තර. මිහිදුගේ දර්මේ සාර්ථක නම් එහෙම කියයිද?

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ සගාථවග්ගයේ යක්‌ඛසංයුත්‌තයේ ඉන්‌දකවග්ගයේ ආළවක සූත්‍රයෙන් [ http://thripitaka.org/view/bjts/sp7/406 ] කොටසක්:

    [අළව්:]

    නුවණ කෙසේ ලබා ද? ධනය කෙසේ ලබා ද? කෙසේ කීර්තියට පැමිණේ ද? කෙසේ මිත්‍රයන් සපයා ගණී ද? මෙලොවින් පරලොවට පැමිණ කෙසේ ශෝක නො කෙරේ ද?

    [භගවත්හු:]

    නො පමා වූ නුවණැත්තේ රහතුන්ගේ ධර්මය අදහන්නේ අසනු කැමැත්ත හේතු කොට ගෙණ නිවණට පැමිණීම පිණිස ප්‍රඥාව ලබයි.

    සුදුසු කටයුතු කරණ බහා නො තැබූ ධූර ඇති උත්ථානවීර්ය්‍ය ඇත්තේ ධනය ලබයි. සත්‍යවචනය කරණකොට ගෙණ කීර්තියට පැමිණේ. දන් දෙන්නේ මිත්‍රයන් බැඳ ගණී.

    ගිහිගෙයි වෙසෙන ශ්‍රද්ධා ඇති යමකුහට සත්‍යයත්, ධර්මයත්, ධෘතියත්, ත්‍යාගයත් යන මේ සිවු දහම්හු වෙත් නම් හෙ තෙමේ පරලොවට පැමිණ එක්කාන්තයෙන් ශෝක නො කෙරෙයි. මෙලොවින් පරලොවට පැමිණ මෙසේ ශෝක නො කෙරෙයි.

    සත්‍යයටත්, ඉන්ද්‍රියදමනයටත්, ත්‍යාගයටත්, ක්ෂාන්තියටත් අධික වූ යමක් මෙලොව ඉදින් ඇත් නම් (ඒ කුමැයි) බොහෝ වූ අනෙක් මහණබමුණන් ද විචාරව යි.

    ...

    ආළවක සූත්‍රය: http://thripitaka.org/view/bjts/sp7/406

    --

    මෙතෙක් දක්වන ලද සූත්‍ර සහ අදාළ කමෙන්ටු:

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ අට්ඨක නිපාතයේ දුතිය පණ්ණාසකයේ ගොතමී වග්ගයේ ව්‍යග්ඝපජ්ජ සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22896498

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ දසකනිපාතයේ දුතිය පණ්ණාසකයේ උපාලිවග්ගයේ කාමභොගී සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22896683

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ චතුක්කනිපාතයේ අභිඤ්‌ඤාවග්ගයේ කුල සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22896846

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ අට්ඨක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ උපෝසථ වග්ගයේ පඨමලොකවිජය සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22896956

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ තතිය පණ්ණාසකයේ දානවග්ගයේ පඤ්චම සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22897064

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ චතුක්කනිපාතයේ චතුත්ථ පණ්ණාසකයේ මහාවග්ගයේ මල්ලිකා සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22897803

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිමනිකායේ උපරි පණ්ණාසකයේ විභඞ්‌ගවග්ගයේ චූළකම්මවිභඞ්ග සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22897970

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ චතුක්කනිපාතයේ දුතිය පණ්ණාසකයේ පත්‌තකම්‌මවග්ගයේ අනණ සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22898167

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ පඤ්චක නිපාතයේ පඤ්චක පණ්ණාසකයේ දීඝචාරිකවග්ගයේ භොග සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22899126

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ සගාථවග්ගයේ යක්‌ඛසංයුත්‌තයේ ඉන්‌දකවග්ගයේ ආළවක සූත්‍රය
    මෙම කමෙන්ටුව

    Skylark
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මම කියන්නෙත් නිදහස ලබනකොට සිංහලු දෙමල්ලුට දෙවෙනි කියලා තමයි මේ බලපං

    "1960 ගණන්වල දී ලබා ගත් සංඛ්‍යා ලේඛණවලට අනුව විශ්වවිද්‍යාලවල විද්‍යාපීඨයන් හි දෙමළ ශිෂ්‍ය අනුපාතය පිළිවෙළින්
    ඉංජිනේරු පීඨයේ 37.2%, වෛද්‍ය පීඨයේ 40.%, කෘෂිකර්ම හා පශු වෛද්‍ය පීඨයේ 41.9% විය. (Silva,1979:15)
    නමුත් උසස් අධ්‍යාපන ප‍්‍රමිතිකරණය ආරම්භ කිරීම තුළ මෙම තත්වය සීඝ‍්‍රයෙන් වෙනස් විය."

    උඹ කියන්නෙ මේක සාධාරණද .. මේ තත්වය මෙහෙම ඇති වුනේ යටත්විජිතවාදීන්ගේ ප්‍රථිපත්ති
    නිසා.

    මං දන්නේ නෑ උඹ මොන පදනමකින්ද ඕල්කට් ජාතිවාදියෙක් කියලා හැඳින්වුයේ.
    එහෙමනං එයා ඇමරිකන් ජාතික සිංහල ජාතිවාදියෙක් වෙන්න ඕන.

    ධර්මපාලගේ ජාතිවාදයෙන් දෙමල්ලුන්ට හානියක් වුනේ නෑ.

    ආ දැං උඹම කියනවා 50 ට 50 කතන්දර ....
    මං කලිං හිතුවේ වාර්ගික ගැටලුව ඇතිවුනේ රාජ්‍ය භාෂා පනත නිසා කියලා ....
    දැං මොකෝ 50 ට පනහක් ගාවගත්තේ
    ඒ කියන්නෙ වාර්ගික ප්‍රශ්නයට මුල බණ්ඩාරණායක නෙවෙයි නේද..

    මටනම් ඕක සාදාරන නෑ ඒත් ඕකට හොද පිලියමක් යොදන්න තිබුනා.අදටත් විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බල් කරලනෙ තියෙන්නෙ .ඉතින් තව මොන කතා ද ?

    ඕල්කට් මම හිතන්නෙ අරාබියට ගිහින් වාහාබිසම් ලෝකයට දුන්නද කොහෙද....:oo:මොනවිදිහට මිනිහා ලංකාවට ආදරය කලත් ඒවගෙන් සිංහලු දෝරෙ ගලලනෙ ඉන්නෙ දැන්..

    ධර්මපාලගෙ ජාත්‍යාල උන්ඩ සුද්දො නැති දවසෙ සිංහලු පත්තු කරේ දෙමල්ලුන්ට...

    රැජිනගෙන් එන ලිවුම කොලබදි රාජ්ජ්‍ය භාශාව වෙච්ච සිංහලට හරවලා යාපනේට එනකොට තමයි දෙමල්ලුන්ට තරු පෙනුනෙ.කියවගන්න බැරුව.ජනවාර්ගික ගැටලුව දෝරෙගලා යන්නෙ එතනින්.ඒත් ඒක එකම කාරනව නෙවෙයි කියලා හොදටම දන්නවනෙ.

    උඹට මේක තර්ක කරන්න ඔන්නනම් විවාදෙකට පලයන්...මෙතන සාමුහිකව වෙච්චදේවල් කතාකරන එක කරන්නෙ.කොච්චර කතාකරත් සිංහලුන්ට කෙලවෙලා ඉවරයි..:rolleyes:
     
    උඹට ඉතින් විවාද කරන්න බැරි නං නොකර හිටපං
    ඒත් ජාතික ගැටළුවට හේතුව රාජ්‍ය භාෂාව සිංහල කිරීම වගේ කතා කියලා නිකං
    ලිස්සලා යන්න හිතන්න එපා ...
    වාර්ගික ගැටළුවට හේතුව රාජ්‍ය භාෂා පනත කියලා කියන්නේ දෙමල ජාතිවාදීන් හා
    උන්ට කඩේ යන ngo කාරයොයි.....
    සමහර විට අවුරුදු සිය ගානක යටත් විජිත ප්‍රතිපත්ති නිසා ඇති වෙච්ච හානිය අවුරුදු
    කිහිපයකින් නිවරදි කිරීමට උත්සාහ ගැනීම ප්‍රායෝගිකව අසාර්ථක වෙන්න පුළුවන්
    නමුත් එහෙම කිරීමට උත්සාහ ගත්ත නිසා සිංහලු වැරදි නෑ.....
    මේ වගේ පබ්ලික් ෆෝරම් වලට ඇවිල්ල වාර්ගික ගැටළුවට හේතුව සිංහලයා කියලා,,,,,,
    සිංහලයා තුල වරදකාරී හැඟීමක් ඇති කරන්න හැදුවහම සිංහලු ඒවාට උත්තර දෙනවා
     
    • Like
    Reactions: Durotan

    දෙපැත්තම වැරදී යකෝ උබට කියන එක තේරෙන්නෙ නැද්ද...?මම Ngo කාරයෙක් නෙවෙයි..උබට ඕන මගුලක් හිතා ගනින්...වැරැද්ද පෙන්නුවාම පිලි ගන්න බැරි උබනම් නියම සිංහලයෙක්....
     
    • Like
    Reactions: hansanax

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    රෙප් කැපෙනවා, එළකිරියේ කොන් වෙනවා, ලේබල් වදිනවා වගේ කතා නිසා ගොඩක් අය මේක කතා නොකලට හිතේ තියන දෙයක්. මම මේක කලිනුත් කතා කළා. මාතෘකාව වගේම, මේකත් අම්මට බැනුම් අහන වැඩක්. කමක් නැ කවුරුහරි මේක කතා කරන්න ඕනා.

    සිද්දිය තමා ලංකාවේ ආගම්. ලංකාව වාණිජව දුප්පත් වෙන්න අංක එකට බලපාපු කාරණේ මම දකින හැටියට බුද්දාගම. බුද්දාගම කිව්වහම කොටස් දෙකක් ලෝකේ අපිට දකින්න පුළුවන්. ඒ මහායාන දර්මය සහා ථෙරවාද දර්මය.

    මහායාන දර්මය
    අර මාර්ක් සකර්බර්ග්ගේ වයිෆ් අදහන දර්මය එයා වදින බුදුපිලිමේ. ඒක තම චිනේ ජපානේ ෆලෝ කරන එක.. ලෞකික සැප ප්‍රතික්ෂේප නොකරන දර්මය. මේක සාර්ථකයි යම්තාක් දුරකට ලෝකේ. මිනිස්සුන්ගේ සිතුවිලි, චින්තන උද්දීපනය කරන්න මේ දර්මය අනුබල දෙනවා. මොකද ලෞකික සැප සහා අද්යාත්මික ගුණවගාව බැලන්ස් වෙන නිසා. එකයි ලෝකේ සාර්ථක බිස්නස් පොරවල්, මේකට ඇදිලා යන්නේ.

    ථෙරවාද දර්මය
    හුදෙක්ම දර්මාශෝකගේ කොන්ත්‍රාත් එකකට මිහිදු හාමුදුරුවෝ ලංකාවේ ප්‍රචලිත කරන්න තියාගත්ත එක. බුදුන් වහන්සේ තුන් වරක් වැඩලත් ලංකාවේ ඔරිජිනල් බුද්ද දර්මය ග්‍රහණය නොවුනට, තිස්සව හාවා කරලා මිහිදු හාමුදුරුවෝ ලංකාවේ එක රැයින් බුදිස්ට්ලා මවපු දර්මේ. ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනය, ගොඩනැගීම, ආකල්ප සේරම නොදැකපු නිවනකට තල්ලු කරලා, ලංකාව ටෙම්පරි පොට් එකක්,මේකට වැඩ කරන්න එපා, නිවනට වැඩ කරපියව් කියල උගන්නන්න ගත්තට පස්සේ මිනිස්සු ආයේ රටට වැඩක් කරන්නේ නැ.. බලපන් එදා මෙදා තුර සිංහලුන්ට වෙච්ච දේ. ඒ ඉංජිනේරු ශිල්ප දැන් කෝ? ඒවා දියුණු උනාද, පරම්පරාවෙන් ආපු කමට මිහිදු හාමුදුරුවන්ගෙන් පස්සේ ටික කාලයක් තිබ්බා. ඒ කාලේ තමා හදන වැව්, දාගැබ් ටික හැදුනේ. දැන් බලපන් කොලබ බිල්ඩින් ප්‍රොජෙක්ට් කරන්නේ ටාටා හවුසින් එකෙන්. මිහිදුගේ දර්මේ රිජෙක්ට් කරපු උන් ගොඩ ගිය එක එතැනින්ම පේනවනේ.

    අද සිංහල කඩේක ගිහින් බඩුවක් ගන්න අහපන්. එක නැ, ඉවර වෙලා, කොළබත් බඩු නැ , ආණ්ඩුව බදු ගහලා, මාකට් ලොස්ට්.. එක විකාරයි. තිලකවර්දන වගේ ඒවා උනත් නැගලා ආවේ අන්තිමට මිනිස්සුන්ට තේරුණා නිසා මුස්ලිම් උන් කෙලවනවා කියලා. නැතිනම් තාමත් මෙලොවට ඕන නැ, අල්පේච්ච ජිවිත තමා හොද වගේ ටෝක් දිදී එලොවට පින් රැස්කරන ලොන්ත යක්කු ටිකක් මේකේ හිටියේ, ඉන්නේ. අර ඊයේ ත්රෙඅඩ් එකක් දාලා අහපුවහම ආයේ ඉපදෙන්න ආසා මොන රටේද කියලා බලහන් උත්තර. මිහිදුගේ දර්මේ සාර්ථක නම් එහෙම කියයිද?

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දකනිකායේ අපදානපාළියේ දුතියභාගයේ භද්‌දියවග්ගයේ චූළසුගන්‍ධත්ථෙරාපදානයෙන් [ http://thripitaka.org/view/bjts/sp32p1/412 ]:

    කාශ්‍යප බුදුරජුන්ගේ දහම් දෙසීමක් ගැන:

    දානං දත්වා මහාභොගො සීලෙන සුගතූපගො,
    භාවනාය ච නිබ්බාති ඉච්චෙවමනුසාසථ.

    --
    ...

    6310. එකල්හි දෙවිමිනිසුන් ගරු කරණ ලද ලොව බබුළුවන්නා වූ මිනිස්නට හිරු වූ ඒ බුදුරජතෙම පිරිස්මැද දහම් දෙසයි.

    6311. “දන් දී මහත් භෝග සම්පත් ඇත්තෙක් වන්නේ ය. සීලය හේතු කොට ගෙණ සුගතියට (උත්පත්ති වශයෙන්) යන්නෙක් වන්නේය. භාවනා වෙන් (කෙලෙස්පිරිනිවනින්) පිරිනිවන්පානේය”යි මෙසේ අනුශාසනාකෙළේ ය.

    6312. මහත් ආස්වාද ජනක වූ හෙවත් රසවත් වූ, ආදි මධ්‍ය පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ එ දහම් දෙසුම සියලු පිරිස මහත් රසවත් අමෘතයක් මෙන් අසත්.

    6313. ඉමිහිරි දහම අසා බුදුසසුන්හි පැහැදුනෙම් මම බුදුරජුන් සරණ කොට ගොස් දිවි ඇතිතාක් (සරණගතයෙක් ව) නමස්කාර කෙළෙමි.

    6314 – 6315. එකල්හි මම දුර්‍ගන්‍ධ ශරීරයාගේ සුගන්‍ධභාවය පතා බුදුරජුන්ගේ ගඳකිළියෙහි පොළොව මසකට අටදිනක් සිවුදෑගඳින් පිරිබඩගැන්වීමි. එකල්හි මට සුවඳවත් සිරුරක් ලැබෙන බව බුදුරජතෙම වදාළේය:

    6316. ‘යමෙක් මේ ගඳකිළිබිම නොයෙක්වර සුවඳ ගල්වා ද ඒ කර්‍මවිපාකය හේතු කොට ගෙණ ඒ ඒ තන්හි උපන්නේ-

    6317. හැම තන්හි මේ මිනිස්තෙම සුගන්‍ධ දේහ ඇත්තෙක් වන්නේ ය. ගුණසුවඳින් යුතු වූයේ ආස්‍රව රහිතව පිරිනිවන් පාන්නේ ය. (කියායි.)

    6318. මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතුකොට ගෙණ ද, චිත්ත ප්‍රණිධීන් හේතුකොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.

    6319. දැන් (මේ) අන්තිම ජාතියෙහි මම බමුණු කුලයෙහි උපන්නෙමි. මා මවු කුසෙහි වසත් ම මාගේ මවුතොමෝ සිරුරින් සුවඳවත් වූ ය.

    6320. යම් කලෙක්හි මවුකුසින් නික්මෙම් ද, එකල්හි සැවැත්නුවර හැම සුවඳින් කවනලද්දාක් මෙන් සුවඳ හැමී ය.

    6321. මනරම් වූ සුමිහිරි දිව්‍යමය සුවඳ ඇති මල්වැසි ද වට. මාහැඟි සුගන්‍ධධූමයෝ ද එකෙණෙහි හමා ගියහ.

    6322. යම් ගෘහයක මම උපනෙම් ද, දෙවියෝ ඒ ගෘහය සියලු සුවඳ දුම් හා මල් සුවඳින් සුවඳ කැවූහ.

    ...

    චූළසුගන්‍ධත්ථෙරාපදානය: http://thripitaka.org/view/bjts/sp32p1/412

    --

    මෙතෙක් දක්වන ලද සූත්‍ර සහ අදාළ කමෙන්ටු:

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ අට්ඨක නිපාතයේ දුතිය පණ්ණාසකයේ ගොතමී වග්ගයේ ව්‍යග්ඝපජ්ජ සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22896498

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ දසකනිපාතයේ දුතිය පණ්ණාසකයේ උපාලිවග්ගයේ කාමභොගී සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22896683

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ චතුක්කනිපාතයේ අභිඤ්‌ඤාවග්ගයේ කුල සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22896846

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ අට්ඨක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ උපෝසථ වග්ගයේ පඨමලොකවිජය සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22896956

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ තතිය පණ්ණාසකයේ දානවග්ගයේ පඤ්චම සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22897064

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ චතුක්කනිපාතයේ චතුත්ථ පණ්ණාසකයේ මහාවග්ගයේ මල්ලිකා සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22897803

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්‌ඣිමනිකායේ උපරි පණ්ණාසකයේ විභඞ්‌ගවග්ගයේ චූළකම්මවිභඞ්ග සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22897970

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ චතුක්කනිපාතයේ දුතිය පණ්ණාසකයේ පත්‌තකම්‌මවග්ගයේ අනණ සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22898167

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ පඤ්චක නිපාතයේ පඤ්චක පණ්ණාසකයේ දීඝචාරිකවග්ගයේ භොග සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22899126

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌තනිකායේ සගාථවග්ගයේ යක්‌ඛසංයුත්‌තයේ ඉන්‌දකවග්ගයේ ආළවක සූත්‍රය
    http://www.elakiri.com/forum/showthread.php?p=22900418

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දකනිකායේ අපදානපාළියේ දුතියභාගයේ භද්‌දියවග්ගයේ චූළසුගන්‍ධත්ථෙරාපදානය
    මෙම කමෙන්ටුව

    Skylark
     
    Last edited: