ඇත්ත කතා වලින් හදපු Film

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    neerja-bhanot-movie-review-sonam-kapoor-18-1455799008.jpg


    මේ ෆිල්ම් එක බැලුවද ? බලල නැත්නම් අදම බලපන්. මම බලපු පට්ටම එකක්
    :love::love::love:
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    horrar real awa plase

    Winchester (2018)

    winchester_1513016751.jpg


    සාරා ලෝක්වුඩ් 1840 දී ඉපදෙන්නේ, 1862 දී එයා විලියම් වින්චෙස්ටර්ව විවාහ කරගන්නව එයා තමයි වින්චෙස්ටර් ආයුධ සමාගමේ අයිතිකාරයා. විවාහයෙන් පස්සේ මෙයාලට ගෑනු ළමයෙක් හම්බවෙනවා, ඒත් ඉපදිලා මාසයක් යන්නත් කලින් ඒ ළමයා නැති වෙනවා 1881 දී විලියම් වින්චෙස්ටර්ත් නැතිවෙනවා සාරාට ඩොලර් මිලියන 20ක දේපලක් එක්ක සමාගමේ කොටස් බහුතරයක් ඉතුරු කරලා (මේ කාලෙට සමානා කරොත් දලවශයෙන් ඩොලර් මිලියන 450 විතර).


    දැන් හොල්මන් බංගලාව වෙලා තියන ගෙදර 1886 දී සාරා මිලදිගන්නවා එයා 1922 දී මැරෙනකන්ම ඒ ගෙදර ඉදිකිරීම් කටියුතු කරා කියල තමයි කියන්නේ.එයා මෙච්චර කාලයක් ගෙදර ඉදිකිරීම් කටියුතු කලේ ඇයි කියන එක ගැන එක එක අදහස් තියනවා එයින් එකක් තමයි සාරා විශ්වාස කරලා තියනවා එයාගේ සැමියයි දරුවයි අකාලයේ මරුනේ වින්චෙස්ටර් රයිෆල් වලින් ගනිපු ජිවිත වලට දඩුවමක් විදිහට කියල. ඉතින් එයා කරලා තියෙන්නේ එයාගේ සමාගමේ තුවක්කු වලින් මරුන අයගේ ආත්ම වලට තමන්ගේ ගෙදර කාමරයක් වෙන්කරල තියනව. මේ ගෙදර ගැන කියනකොට සාරා කිසිම ගෘහනිර්මාණ ශිල්පියෙක් යොදවාගෙන නෑ ගෙදර විශාල කරනකොට. මේ ගෙදර ඇතුලේ එයා තමන්ට කැමති විදිහට කාමර දාල තියනවා. එක කාමරේක ජනෙලෙකින් තව කාමරයකට යන්න පුළුවන්, ඒ තරමට කාමර. මේ ගෙදර ටට්ටු හතක කාමර 200කට වැඩි ගානක් තිබිල තියනවා ඒත් සමහරක් කාමර 1906 ඇතිවුන සැන් ෆ්‍රැන්සිස්කෝ භූමිකම්පාව නිසා විනාශවෙලා තියනවා දැන් තියෙන්නේ ටට්ටු හතරක කාමර 160 විතර ප්‍රමානයක්ලු. මෙයා මේ ගෙදරටා 13 කියන අංකය පුදුම විදිහට ඇතුලත් කරල තියනවා පඩිපෙලක් ගත්තත් එකේ පඩි දහතුනක් ජනේලයක පුවරු ගත්තත් එතනත් 13ක් ( 13 කියන්නේ ගොඩක් අවාසනාවන්ත ඉලක්කමක් කියල කියන්නේ ) ඉතින් මේ ගෙදර හොල්මන් තියනවා කියල තමයි කියන්නේ. හිටපු ගමන් අමුතු සද්ද ඇහෙනවා, මිනිස්සු පේනවා වගේ දේවල් තමයි කියන්නේ. මේවා ගන විස්තර දැනගන්න කැමති අයට ඒ ගෙදර ගැන තියන නිල වෙබ් අඩවියෙන් විස්තර කියවන්න පුළුවන්.



    චිත්‍රපටිය කතාව යන්නේ මෙහෙමයි සාර වින්චෙස්ටර් කැමති නෑ තුවක්කු වලට එයා හිතන්නේ ඒක තමන්ගේ පවුලට තියන ශාපයක් කියල ඒක නිසා මෙයා ටික ටික වෙන නිශ්පාද වලට යොමු වෙන්න ගන්නවා, හැබැයි අධ්‍යක්ෂක මණ්ඩලය නං මේකට කැමති නෑ. ඒක නිසා අධ්‍යක්ෂක මණ්ඩලේ තීරණයකින් සාරා වින්චෙස්ටර් ගේ මානසික මට්ටම ගැන හොයල බලල වාර්තා කරන්න වෛද්‍යවරයෙක් යවනවා. එයා තමයි දොස්තර ප්‍රයිස්. ඉතින් මෙයා වින්චෙස්ටර් මන්දිරයට අගියාම තමයි හොල්මන් පේන්න පටන්ගන්නේ :3 . වැඩි දෙයක් කියන්න බෑ මෙතන එහෙම කිව්වොත් කතාව බලන එකේ තේරුමක් නෑනේ එහෙනම් කට්ටිය කතාව බලන්නකෝ
     
    • Like
    Reactions: Sara531

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Schindler's List (1993)

    61MeTlsDRtL._AC_UL320_SR220,320_.jpg


    නාසි කදවුරු තුල සිදුවු යුදෙව් සංහාරය… මිලියන 6 කට අධික යුදෙව් ජාතිකයන් මෙලොවින් තුරන් කලේ කෙසේද ? හිතන්න.. මිලියන 6 ක්? මේ අමානුෂික නාසි හමුදාවෙන් එක් යුදෙව්වෙක් හෝ බේරගන්න පුලුවන් වුනොත්? එතකොට 1200 බේරගන්න පුලුවන් වුනොත්..? මේ මහා පුණ්යකර්මය කරපු මිනිසා කවුද ? එය කලේ කොහොමද යන්න දැනගන්න මේ පට්ටම චිත්රපටිය බලන්න..
    අතිවිශිෂ්ට නිර්මාණකරුවා Steven Spielberg අතින් නිමවුනු මේ නිමැවුම Imdb ratings 8.9/10 ලබාගන්නා අතර ලොව හොදම චිත්රපටි අතර 7 වන තැන උසුලයි. ඒවගේම ඔස්කාර් සම්මාන 7 ක් දිනාගෙන තියනවා. එම වසරේ හොදම චිත්රපටියට හිමි ඔස්කාර් සම්මානයත් ඒ අතර තියනවා..
    Oskar Schindler යනු යුදෙව්වන්ගේ ශ්රමය මගින් ධනවතකු වු පුද්ගලයෙක්. ඇලුමිනියම් භාණ්ඩ නිශ්පාදනයෙන් පටන් ගන්නා මොහු උණ්ඩ නිශ්පාදනය දක්වා යයි… මේ අතර යුදෙව් සංහාරය ඇරෙබෙන අතර ඔහු තමා ඉපැයු මුදල් , තමන්ට ඇති ඉහල සබදතා මේ සියල්ල උපයෝගි කරගනිමින් තම යුදෙව් අයකැමි සමග එක්ව මිනිසුන් 1200 වෙනුවෙන් කරන මේ මෙහෙයුම.. මිනිසුන් බේරාගන්නා අයුරු.. ඔවුන්ට දක්වන මානුෂික දයාව… කිසිදු වැඩකට නැතැයි කියමින් මරණයට ගෙනයන අහිංසක දරුවන් බේරාගන්න අයුරු…අපූරුයි. මම කතාව කියන්නෙ නම් නෑ… මොකද ඒක රසවින්දනයට බාධාවක් වේවි…
    නමුත් අවසන් භාගය ඇසට කදුලක් නංවනු නිසැකයි. රුසියාව නැවත ජර්මනිය ආක්රමනය කරන මොහොතේ Oskar පැනයන විට තමන්ගේ ජීවිතය බේරු තම ස්වාමියාට යුදෙව්වන් කෘතගුණ සලකන අයුරු…. Oskar තමන්ට තවත් ජීවිත බේරාගැනීමට තිබු අවස්ථා ගැන සිතමින් කම්පාවීම… ඇත්තටම විස්තර කල නොහැකි මොකක්දෝ හැගීමක් ඇතිවෙනවා…
    ඇත්තටම මෙය මනුෂ්යත්වය හා අපි හැමෝම මිනිස්සු නේද ? කියා සිතීමට මිනිසා යොමු කරන අතිසාර්ථක නිර්මාණයක්.. කලු සුදු නිසා නොබල ඉන්න නම් හිතන්න එපා.. මොකද වර්ණ තාක්ෂණය තියන කාලෙක මේක කරලා තියෙන්නේ… කලු සුදු යොදාගැනීමෙත් විශේෂත්වයක් තියනවා… 100% ඇත්ත කතාවක් ඒ නිසා අනිවා බාගෙන බලන්න…
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    12. The King's Speech (2010)

    Kings_speech_ver3.jpg


    ඉතිහාසයේ සත්‍ය වශ්‍යයෙන්ම සිදුවූ තවත් සිදූවීමක් මත තැනූ චිත්‍රපටයක් ඔන්න අදත් මම අරගෙන ආවා. බොහොමත්ම කෙටි කාලයක් මත IMDB හොඳම චිත්‍රපට 250 ඇතුලත 117 වැනි ලබාගෙන ( 8.5/10 – ඡන්ද 16,792) ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක් දිනාගන්න පවා මේ චිත්‍රපටය සමත් වුනා. ඒ වගේම මෙවර ඔස්කාර් සම්මාන උළෙලටත් මෙම චිත්‍රපටය සම්මාන 12ක් සඳහා නිර්දේශ විම් ලබලා තියෙනවා.
    VI වැනි ජෝර්ජ් රජතුමා කියන්නෙ කවුද කියලා ගොඩක් අය නොදන්නවා උනාට ලංකාවට නිදහස ලැබුනු කාලේ ජීවත් වෙච්ච අයනම් ඒ කවුද කියලා හොඳටම දන්නවා. ඒත් ඒ අයගෙනුත් ගොඩක් අය නොදන්න කාරණය තමයි රජතුමා ගොත ගහපු බව. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධය පැවතුනු කාලේ රජකම් කරනවා කියන එකත් ලේසි නැහැනේ. මොකද බ්‍රිතාන්‍ය ලෝක යුද්ධයට සම්බන්ධ වීම නිවේදනය කිරීම වගේම ගොඩක් වෙලාවට ගුවන් විදුලිය හරහා ගොඩක් නිවේදන කරන්න ගොත ගහන එක ලොකුම බාධාවක් වුනා.
    පිය රජතුමාගේ මරණෙන් පස්සෙ රජකම ලැබුනෙ වැඩිමහල් කුමාරයට වුනත් ඔහුට නොගැලපෙන විවාහයක් කරගැනීමට අවශ්‍ය වූ නිසා ඔහු රජකමෙන් ඉල්ලා අස්වුනා. ඊලඟට හිටිය VI ජෝර්ජ් රජතුමාට කුඩා කාලයේ සිටම ගොතයක් පැවතුනා. ඒ සඳහා ඔහු විවිධ වෛද්‍යවරුන් සමඟ අභ්‍යාස කලත් එය සුව කර ගැනීමටනම් ඔහුට හැකිවුනේ නැහැ. ඒත් අවසානයේ ඔහුට බොහොම වෙනස් අහ්‍යාස විදි පාවිච්චි කරන Lionel Logue ව හමුවෙනවා.

    ඒත් රජ පවුලේ අහංකාරය එක්ක මේ දේ කරන එකත් බොහොම විනෝදජනකයි. Hotel Rwanda වගේ ඉතිහාසයට අදාල චිත්‍රපටවලට කැමති අයට නම් කතාව අල්ලලා යයි.



    15. Argo (2012)

    fid11875.jpg


    1979 නොවැම්බර් 4 දින ඉරානයේ තිබූ ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවකයින්ට එතරම් යහපත් දවසක් වුනේ නෑ. ඉරාන ජනතාව විසින් රටින් නෙරපා දැමූ “රේෂා ෂා පාලවී”ට ඇමරිකාවේ රැකවරණය සැලසීම නිසා ඉරාන ජනතාවට ඇමරිකාව සමඟ පැවතියේ ඉතා දරුණු ද්වේශ සහගත ආකල්පයකි. මේ කාලයේ ටෙහෙරානය උද්ඝෝෂණ වලින් පිරී ඉතිරී ගිය කාලයක්. මෙලෙස දිනක් ඉරානයේ ඇමරිකන් තානාපති කාර්යාලයට කැරලිකරුවන් පිරිසක් කඩා වදිනවා. මේ අතර කැරලි කරුවන් පැමිණීමට පෙර තානාපති කාර්යාලයේ සේවකයින් එහි ඇති සියලුම ලිපි ද්‍රව්‍ය ආදිය ගිනි තබා විනාශ කරනව. කොහොමහරි තානාපති කාර්යාලයට කැරලිකරුවන් කඩා පනින කොටත් එහි සේවකයින් 6 දෙනෙක් හොර රහසෙම එතනින් පැනල ගිහින්.
    දැන් මේ ඇමරිකානුවන් 6 දෙනා ඉරානය තුල සිරවෙලා ඉන්නෙ. මොවුන්ට පිළිසරණකට ඉතුරු වෙන්නෙ කැනඩා තානාපති මැදුරට. ඇමරිකානුවන් 6 දෙනෙක් පැනල ගියපු බවට දැන් කැරලිකරුවන්ට ඉව වැටිල තියෙන්නෙ. ඉතින් දැන් මේ 6 දෙනාව ආපහු ඇමරිකාවට ගෙන්න ගන්න තමයි උත්සාහය. මේ සඳහා විවිධ ක්‍රම සහ යොජනා ඉදිරිපත් වෙනව. නමුත් අන්තිමේදි හැමෝම එක තීරණයකට එළඹෙනව. මෙයාලව ඇමරිකාවට ගෙන්නන්න යන්නෙ චිත්‍රපටි කණ්ඩායමක් ආකාරයෙන් වෙස් වලාගෙන. මේ සඳහා කැනඩා රජයේද සහාය ඇතිව ව්‍යාජ ගමන් බලපත්‍ර, වීසා, හැඳුනුම්පත් ආඳී සියලුම ලියකියවිලි සාදවා CIA සංවිධානයේ නිලධාරියකු වන “ටෝනි මෙන්ඩස්” මෙහෙයුමට බහින්නයි සූදානම. මෙයාල හදන්න යන චිත්‍රපටියෙ නම තමයි “ආර්ගෝ”, විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. ඉතින් මේ විදියට බොරු රඟ පෑමක් කරල කට්ටිය රටින් පනින්නයි යන්නෙ. ඔයාලම බලන්නකො මෙයාලට මේ රඟපෑම කරන එක කොයි තරම් අභියොගයක් වෙනවද? ඒ අභියෝගය ජය ගෙන ආපසු තම මව්බිමට යන්න හැකි වෙයිද කියල…



    19. The Pursuit of Happyness (2006)


    MV5BMTc5ZGVmYzItNzVmNi00ZmRiLTkzN2MtMTkyYTM0OWViYmFkL2ltYWdlL2ltYWdlXkEyXkFqcGdeQXVyNTc3MjUzNTI@._V1_.jpg


    පෝසත් වෙන්න, කොටින්ම කිව්වොත් ගොඩ යන්න මොනවද ඕන! මේ ෆිල්ම් එකේ තියනව ඕන කරන දෙවල්.
    ඇල්බට් අයින්ස්ටයින්, නෙල්සන් මැන්ඩෙලා, එරින් බ්‍රොකවිච්, ජෝන් නෑෂ්, ඒබ්‍රහම් ලින්කන් (ඉදිරියට එන්න තියන එකක්), රූඩි රුටිගර් වගේ අය ගැන හදපු ෆිල්ම් එහෙම බලල ඇතිනේ. ඒ අය වගේම තමන්ගේ අරමුණ කරා නොසැලී ඉදිරියට ගිය කෙනෙක් තමයි මේ චරිතයත්. අපේ රටේ හිටපු, ඉන්න, මේ වගේ උදවිය ගැන ලියැවුනු සාහිත්‍යය නං බොහොම අල්පයි. කොහොම නමුත් මෙවන් වූ චරිත වලින් තමන්ගේ ජීවිත වලට යම් ආදර්ශයක් ගන්නවනං, ඒක තමයි බයිස්කෝප් අඩවියෙ අපෙත් එකම පැතුම.
    “ක්‍රිස් ගාඩ්නර්” කියන්නෙ ලෝකයේ ලොකුම ව්‍යවසායකයන්ගෙන් කෙනෙක්. ඒවගේම “ගාඩ්නර් රිච්” කියන කොටස් තැරව් සමාගමේ අයිතිකරු. ඒවගේම හොඳ තාත්ත කෙනෙක්. මේ තියෙන්නෙ ඔහුගෙ ජීවිත කතාව. මේ කියන ධනපතියා ඉන්න හිටින්න ගෙයක්වත් නැතුව, අතේ සතපහ නැතුවත් පාඩම් කරන හැටි එහෙම ඔය පාඩම් කරන ළමයි පොඩ්ඩක් බලන්න. ඒ හැරුනම පඩිත් නැතුව මාස 6ක් ආධුනිකයෙක් විදිහට වැඩකරලා 20 දෙනෙක් අතරෙන් එක්කෙනෙකුට විතරක් ලැබෙන රැකියාව නොහොත්, ඔහුගේ සිහිනය සැබෑ කරගන්න දරන උත්සාහය දිහා බලන්න.
    බයිස්කෝප් අඩවියේ ඉතා මුල් අදියරේදි මේ ෆිල්ම් එක පල උනත්, කිසිම කෙනෙක් බලපු නැති පාටයි. මේ වගේ ෆිල්ම් එකක් බයිස්කෝප් අඩවියේ මුල් අදියරේදිම අපි එක්ක බෙදා ගත්තට බෙහෙවින් ස්තුති කරන්න ඕන. ඉංග්‍රීසි සාහිත්‍යය විෂය වෙනුවෙන් ඔලිවර්ට, ජේන් අයර්ට උපසිරැසි දැම්මට පස්සේ තවත් ප්‍රයෝජනයක් ඇති ෆිල්ම් එකකට උපසිරැසි දාන්න හොයනකොට තමයි මේ චිත්‍රපටිය බැලුනේ. බයිස්කෝප් ප්‍රේක්ෂකයන්ගේ රසාස්වාදය වෙනුවෙන් කථිකයාගේ (Narrator) උපසිරැසි වෙනම පාට එහෙම දාල, සෝදුපත් බලල තමයි ඔන්න උපසිරැසි දාල තියෙන්නෙ. එක ජවනිකාවක “ඇත්ත ක්‍රිස් ගාඩ්නර්” ඉන්නව




    23. Captain Phillips (2013)

    captain-phillips_large.jpg


    මේ සලරුවට පදනම් වූයේ 2009 වසරේ ඕමාන් සිට කෙන්යාව බලා යාත්‍රා කල බාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සහ එහි කාර්ය මණ්ඩලයට අත් විඳින්න සිදුවූ සත්‍ය කතාවක්. මාර්ස්ක් ඇලබාමා නමැති නෞකාව 2009 වසරේ අප්‍රේල් මස 01 දින ඕමාන්, සලාලා වරායේ සිට කෙන්යාවේ මොම්බාසා වරාය දක්වා ගමන් ඇරඹුවා. සෝමාලි මුහුදු සීමාව ඉතාමත් ප්‍රසිද්ධයි මුහුදු මංකොල්ල කෑම් වලට. මේ කාරණය ඉතාමත් උග්‍ර උනා මේ කාල සීමාව තුල. මෑතකදී ලැබුන සංඛ්‍යා ලේඛන වලට අනූව 2012 වසරේදී මෙසේ පැහැරගැනීම් 34ක් වාර්තා වෙලා තියෙනවා. නමුත් ගෙවුන වසර තුල එය එකක් බවට අඩුවෙලා තියෙනවා විවිධ පූර්වෝපායන් අනුගමනය නිසා. ඒ වගේම කලින් පැහැරගත් අය බේරාගැනීමට කප්පම් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් පමණ පසුගිය සැප්තැම්බර් වනවිට සමාගම් විසින් ගෙවා තිබුනා.

    මේ උපසිරැසි ගන්වපු චිත්‍රපටය එවැනි සත්‍ය සිද්දියක් පදනම් කරගෙන කල නිර්මාණයක්. මෙහි චරිත ඒ සත්‍ය සිද්ධියට වඩාත් සමීප මුහුණුවර සහිතව තෝරාගෙන තිබෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කර තිබෙන්නේ Paul Greengrass විසින්. ඔහු විසින් අධ්‍යක්‍ෂණය කල චිත්‍රපට ගැන කියනවා නම් The Bourne Supremacy(2002), The Bourne Ultimatum (2007) සහ Green Zone (2012), United 93 (2015) මතක් කරන්න පුළුවන්. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ Tom Hanks විසින්. ඒ වගේම මෙහි සෝමාලි මංකොල්ලකරුවන්ගේ චරිත සියල්ලක්ම නවක නළුවන් විසින රඟ දක්වන්නේ. චිත්‍රපටය අවසානයේ ඔයාට තේරෙයි ඔවුන් Tom Hanks ට නොදෙවෙනි වෙන්න රංගයෙන් දායක වෙලා තියෙනවා කියලා. ඒ වගේම දැනට 71 වෙනි Golden Globe Awards උළෙල තුල Best Motion Picture – Drama, Best Actor – Motion Picture Drama, Best Supporting Actor – Motion Picture සහ Best Director යන සම්මාන සඳහා නිර්දේශ ලබලා තියෙනවා. Imdb අගය ගැන කිව්වොත් ඉහල අගයකට හිමිකම් කියලා තියෙනවා. ඒ 8.1ක්. ඒ වගේ ආදායම් අතින් සාර්ථක වූ තවත් 2013 චිත්‍රපටයක්. මෙහි වියදම වූ ඩොලර් මිලියන 55 දැනට ලොවපුරා අදායම ඩොලර් මිලියන 208ක් බවට පත්කරගෙන තියෙනවා.

    ඉතින් වෙනදා වගේ මම මේ කතාව ගැන කියන්නේ නැහැ. සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තියෙන නිසා. එහෙනම් ඔබට බාරයි කැප්ටන් පිලිප්ස්ට වෙන දේ දැක බලා ගන්න.
     
    Last edited:
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,608
    113
    Schindler's List (1993)

    61MeTlsDRtL._AC_UL320_SR220,320_.jpg


    නාසි කදවුරු තුල සිදුවු යුදෙව් සංහාරය… මිලියන 6 කට අධික යුදෙව් ජාතිකයන් මෙලොවින් තුරන් කලේ කෙසේද ? හිතන්න.. මිලියන 6 ක්? මේ අමානුෂික නාසි හමුදාවෙන් එක් යුදෙව්වෙක් හෝ බේරගන්න පුලුවන් වුනොත්? එතකොට 1200 බේරගන්න පුලුවන් වුනොත්..? මේ මහා පුණ්යකර්මය කරපු මිනිසා කවුද ? එය කලේ කොහොමද යන්න දැනගන්න මේ පට්ටම චිත්රපටිය බලන්න..
    අතිවිශිෂ්ට නිර්මාණකරුවා Steven Spielberg අතින් නිමවුනු මේ නිමැවුම Imdb ratings 8.9/10 ලබාගන්නා අතර ලොව හොදම චිත්රපටි අතර 7 වන තැන උසුලයි. ඒවගේම ඔස්කාර් සම්මාන 7 ක් දිනාගෙන තියනවා. එම වසරේ හොදම චිත්රපටියට හිමි ඔස්කාර් සම්මානයත් ඒ අතර තියනවා..
    Oskar Schindler යනු යුදෙව්වන්ගේ ශ්රමය මගින් ධනවතකු වු පුද්ගලයෙක්. ඇලුමිනියම් භාණ්ඩ නිශ්පාදනයෙන් පටන් ගන්නා මොහු උණ්ඩ නිශ්පාදනය දක්වා යයි… මේ අතර යුදෙව් සංහාරය ඇරෙබෙන අතර ඔහු තමා ඉපැයු මුදල් , තමන්ට ඇති ඉහල සබදතා මේ සියල්ල උපයෝගි කරගනිමින් තම යුදෙව් අයකැමි සමග එක්ව මිනිසුන් 1200 වෙනුවෙන් කරන මේ මෙහෙයුම.. මිනිසුන් බේරාගන්නා අයුරු.. ඔවුන්ට දක්වන මානුෂික දයාව… කිසිදු වැඩකට නැතැයි කියමින් මරණයට ගෙනයන අහිංසක දරුවන් බේරාගන්න අයුරු…අපූරුයි. මම කතාව කියන්නෙ නම් නෑ… මොකද ඒක රසවින්දනයට බාධාවක් වේවි…
    නමුත් අවසන් භාගය ඇසට කදුලක් නංවනු නිසැකයි. රුසියාව නැවත ජර්මනිය ආක්රමනය කරන මොහොතේ Oskar පැනයන විට තමන්ගේ ජීවිතය බේරු තම ස්වාමියාට යුදෙව්වන් කෘතගුණ සලකන අයුරු…. Oskar තමන්ට තවත් ජීවිත බේරාගැනීමට තිබු අවස්ථා ගැන සිතමින් කම්පාවීම… ඇත්තටම විස්තර කල නොහැකි මොකක්දෝ හැගීමක් ඇතිවෙනවා…
    ඇත්තටම මෙය මනුෂ්යත්වය හා අපි හැමෝම මිනිස්සු නේද ? කියා සිතීමට මිනිසා යොමු කරන අතිසාර්ථක නිර්මාණයක්.. කලු සුදු නිසා නොබල ඉන්න නම් හිතන්න එපා.. මොකද වර්ණ තාක්ෂණය තියන කාලෙක මේක කරලා තියෙන්නේ… කලු සුදු යොදාගැනීමෙත් විශේෂත්වයක් තියනවා… 100% ඇත්ත කතාවක් ඒ නිසා අනිවා බාගෙන බලන්න…

    ela
     
    • Like
    Reactions: AshenTM

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හොදම ටීවී සිරිස් ටිකක්

    El Chapo
    American Crime Story
    Marco Polo
    Spartacus
    Rome
    Genius
    Medici: Masters of Florence
    Da Vinci's Demons
     
    Last edited: