ඇත්ත දිය කිඳුරියට ඔබත් රැවටුනාද ?

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    ඇත්ත දිය කිඳුරියට ඔබත් රැවටුනාද ?

    දියකිඳුරු සංකල්පය ලොව පුරා බිහිවන්නේ අදින් වසර දහස් ගණනකටකත් පෙර සිටය. බොහෝ අය විශ්වාස කරනුයේ මාස ගණනක් තිස්සේ කාන්තාවක් නොදකිමින් මුහුදේ සැරිසැරූ මිනිසුන් කාන්තාවක නොමැති කාංසාව හේතුවෙන් මෙවන් චිත්‍රයක් මවාගෙන ඇති බවය.

    දිය කිඳුරියන් සම්බන්ධව විවිධ මත පැවතියත් පුදුමයට කරුණ වන්නේ ලොව පුරා විවිධ රටවලින් වාර්තාවන දියකිඳුරු රුව බොහෝවිටම එක හා සමාන වීමය. එනම් සිරුරරෙන් අඩක් මිනිසකු මෙන්ද අනෙක් අඩ මත්ස්‍යයකුගේ මෙන් ද වීමයි. මෙහි මිනිස් ස්වරූපයෙන් ඇත්තේ සිරුරෙන් ඉහළ අර්ධය වන අතර මත්ස්‍ය ස්වරූපයෙන් පවතින්නේ සිරුරේ අනෙක් අර්ධයයි.

    කිස්ටෝපර් කොලොම්බස් කැරිබියන් මුහුදේ සංචාරය කරමින් සිටියදී දියකිඳුරන් දුටු බවට වාර්තා කොට තිබේ. එක් අවස්ථාවක ඇමරිකානු ජනතාව රජයෙන් ඉල්ලා සිටියේ මෙවැනි ජීවියකු සිටින්නේ දැයි තහවුරු කරනා ලෙසය.


    අවසානයේ එක්සත් ජනපද සමුද්‍ර අධිකාරිය පවසා සිටියේ එවැන්නක් පිළිබඳ කිසිදු සාධයක් හමුවන්නේ නැති බවය. ඇනිමල් ප්ලැනට් රූපවාහිනී නාලිකාව පස්ගියදා විකාශය කල දිය කිඳුරන් සම්බන්ධ වැඩසටහනකදී ව්‍යාජව සැකසු දිය කිඳුරියකගේ වීඩියෝවක් සත්‍යය ලෙස පෙන්වීම නිසාවෙන් ජනතාවගේ දෝෂදර්ශනයට ලක්විය.

    එම වීඩියෝව බලන්න පහතින්



    [FONT=&quot]
    [/FONT]





    එමෙන්ම මෑත කාලයේ ෆේස්බුක් තුල වැඩි වශයෙන් හුවමාරු වූ පහත ජායාරූප පෙලද පලවී තිබුනේ එය සැබෑ දිය කිඳුරියකගේ යන බව තහවුරු කරමිනි.






    Image0000120.jpg

    Image0000220.jpg

    Image0000416.jpg

    Image0000514.jpg








    නමුත් එම ජායාරූප පෙළ ලබාගෙන තිබුනේ ලෝකප්‍රකට "පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්" චිත්‍රපට මාලාවේ "Strange Tides" නම් චිත්‍රපටයේ දර්ශනයකට පෙනී සිටි දිය කිඳුරියකගේ දර්ශන පෙළකිනි. එම දිය කිඳුරිය චිත්‍රපටය සඳහා නිමවූ අයුරු බලන්න පහතින්







    උපුටාගැනීම - http://offair.nethfm.com/article/2586
     
    Last edited:
    • Like
    Reactions: roxter