ඇත්දළ රැජින අල්ලයි
ඇතුන් සිය ගණනකට මරු කැඳවූ ජාත්‍යන්තර ජාවාරම්කරුවන් කණ්ඩායමක ප්‍රධානියා ලෙස සැළකෙන චීන ජාතික කාන්තාවක් අත් අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇත් දළ රැජිණ ලෙස හඳුන්වන 66 හැවිරිදි යං ෆං ග්ලැන් මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ටැන්සානියාවේදීය. ඇය සමඟ තවත් ටැන්සානියානු ජාතික පුරුෂයින් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
2000 වසරේ ජනවාරි මාසයේ සිට 2014 මැයි මස දක්වා කාලය තුල ඇය ටැන්සානියාවේ සිට විදෙස් රටවලට ජාවාරම් කරන ලද ඇත් දැළ සංඛ්‍යාව 760කි. ඒවායේ වටිනාකම පවුම් මිලියන 2ක් පමණ වන බව පැවසේ.
ඇය මෙම ඡෝදනා වලට වරදකරු වුවහොත් ඇයට වසර 20 සිට 30 දක්වා කාලයකට සිර දඬුවම් හිමි වනවා ඇත.
ඇය සහ ඇගේ කණ්ඩායම විසින් සිදුකරන ලද ඝාතන හේතුවෙන් ටැන්සානියාවේ වසර 2009 දී 109,051ක් වූ අලි ගහණය වසර 2014 වන විට 43,330 දක්වා අඩු වී තිබේ.
විදෙස් වාර්තා වල සඳහන් වන අන්දමට ඇය මේ වනවිටත් වැරදි වැඩි ප්‍රමාණයක් පිළිගෙන තිබේ.
උපුටා ගැනීමකි. http://www.sinhala.srilankamirror.com/news/item/8519-queen-of-ivory-arrested-in-tanzania
හොද නම් රෙප් වලින් සලකලා යන්න.