ඇති දක්ෂ CID ය සෙව්වන්දි සොයාගන..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    collage.jpg


    අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණ ශාලාවේදී පාතාල ලෝකයේ ප්‍රසිද්ධ අපරාධකරුවකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මෙරට සිට මෙහෙයවූ බවට සැක කරන පිංපුර දේවගේ ඉෂාර සෙව්වන්දි නමැති තරුණිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ඉන්දීය ආරක්ෂක අංශ වෙත ලබා දීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇත.

    පොලිස් තොරතුරු අනුව, මෙරටින් පලායාමට ඇති සෑම මාර්ගයක්ම අවහිර කර ඇතත්, යම් හිඩැසකින් බෝට්ටුවක් මගින් අසල්වැසි ඉන්දියාවට පලායාමේ හැකියාව සැලකිල්ලට ගෙන, සැකකාරිය කොටුකර ගැනීමේ අපේක්ෂාවෙන් ඇගේ ඡායාරූප ඇතුළු අවශ්‍ය තොරතුරු ඉන්දියානු ආරක්ෂක අංශ වෙත ලබා දී ඇත.

    උසස් පොලිස් නිලධාරියකු විසින් වැඩිදුරටත් අනාවරණය කළේ, මෙරටට අවශ්‍ය අපරාධකරුවන් ඉන්දියාවේ රැඳී සිටීනම්, ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට භාර දීමට ඉන්දියාව එකඟ වී ඇති බවත්, එලෙස මීට පෙර ද බොහෝ අපරාධකරුවන් ඉන්දියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට භාර දී ඇති බවත්ය.

    කෙසේ වෙතත්, ඉෂාරා සෙව්වන්දි මේ වන විට ඉන්දියාවට ඇතුළු වී ඇති බවට හෝ මෙරටින් පලා ගොස් ඇති බවට තොරතුරු තහවුරු වී නොමැති බව ද පොලිසිය සඳහන් කරයි. ඇය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන අතර, ඇය ආශ්‍රය කළ පුද්ගලයන් පිළිබඳව විශේෂ අවධානයකින් සොයා බැලීම් සිදු කරමින් පවතින බව ද වැඩිදුරටත් දැනුම් දෙයි.


    ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැඟව සිටින ප්‍රධාන සැකකාර කාන්තාව වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව පොලිසිය පවසයි.

    පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කළේ ය.

    🔴තොරතුරු ලබා දිය හැකි දුරකතන අංක පහතින් දැක්වේ.

    • අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591727
    • ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591735
    🔴එමෙන් ම, තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇත.

    අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ගණේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් ප්‍රධාන සැකකාර කාන්තාව වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති වයස අවුරුදු 25 ක් වන තැනැත්තිය අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදු කරයි.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    මරුමුස් මූණක් තියෙන්නෙ හුත්තිට.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    ලක්ෂ 12 ගන්න ඔත්තුව දුන්න එකාට තියලා දාළා යයි. ඒ තරම් සුපිරි පොලිසියක් ලංකාවෙ තියෙන්නෙ.
     
    • Haha
    Reactions: lilman

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,031
    10,599
    113
    රටේ පොලිස්පතිව හොයාගන්න බැරුව ඉදිද්දි මඟුලක් අහනවා ඉතින්. 😄
    පොලිස්පතිව විතරක් නෙවෙයි ඒ නඩුවේදී වරෙන්තු කරපු අනෙක් උන් ( ඩ්‍රයිවර් ඇතුළු PC කෙනෙක් වත් ) මුන්ට හොයාගන්න බෑ කියන්නේ ඉතින් .............................
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    ඒ වගේ එක්කෙනෙක් වත් හොයාගන්න බැරි වෙලාද?
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    හිනැහෙන්න සෙව්වන්දියේ...

    සෙව්වන්දිව ආයුධ පෙන්නන්න එක්කගෙන යන්නත් බෑනෙ තනියම
    ------ Post added on Mar 6, 2025 at 12:04 AM
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    රටේ පොලිස්පතිව හොයාගන්න බැරුව ඉදිද්දි මඟුලක් අහනවා ඉතින්. 😄
    උන් දෙන්න එක ගල්ගුවාවෙලු බන් හැංගිලා ඉන්නෙ 😂
     
    • Haha
    Reactions: Tz4400