![]()
අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණ ශාලාවේදී පාතාල ලෝකයේ ප්‍රසිද්ධ අපරාධකරුවකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මෙරට සිට මෙහෙයවූ බවට සැක කරන පිංපුර දේවගේ ඉෂාර සෙව්වන්දි නමැති තරුණිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ඉන්දීය ආරක්ෂක අංශ වෙත ලබා දීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇත.
පොලිස් තොරතුරු අනුව, මෙරටින් පලායාමට ඇති සෑම මාර්ගයක්ම අවහිර කර ඇතත්, යම් හිඩැසකින් බෝට්ටුවක් මගින් අසල්වැසි ඉන්දියාවට පලායාමේ හැකියාව සැලකිල්ලට ගෙන, සැකකාරිය කොටුකර ගැනීමේ අපේක්ෂාවෙන් ඇගේ ඡායාරූප ඇතුළු අවශ්‍ය තොරතුරු ඉන්දියානු ආරක්ෂක අංශ වෙත ලබා දී ඇත.
උසස් පොලිස් නිලධාරියකු විසින් වැඩිදුරටත් අනාවරණය කළේ, මෙරටට අවශ්‍ය අපරාධකරුවන් ඉන්දියාවේ රැඳී සිටීනම්, ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට භාර දීමට ඉන්දියාව එකඟ වී ඇති බවත්, එලෙස මීට පෙර ද බොහෝ අපරාධකරුවන් ඉන්දියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට භාර දී ඇති බවත්ය.
කෙසේ වෙතත්, ඉෂාරා සෙව්වන්දි මේ වන විට ඉන්දියාවට ඇතුළු වී ඇති බවට හෝ මෙරටින් පලා ගොස් ඇති බවට තොරතුරු තහවුරු වී නොමැති බව ද පොලිසිය සඳහන් කරයි. ඇය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන අතර, ඇය ආශ්‍රය කළ පුද්ගලයන් පිළිබඳව විශේෂ අවධානයකින් සොයා බැලීම් සිදු කරමින් පවතින බව ද වැඩිදුරටත් දැනුම් දෙයි.
![]()
ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැඟව සිටින ප්‍රධාන සැකකාර කාන්තාව වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කළේ ය.
තොරතුරු ලබා දිය හැකි දුරකතන අංක පහතින් දැක්වේ.
- අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591727
- ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591735
එමෙන් ම, තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇත.
අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ගණේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් ප්‍රධාන සැකකාර කාන්තාව වන පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති වයස අවුරුදු 25 ක් වන තැනැත්තිය අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදු කරයි.
She's not sexy at all
රටේ පොලිස්පතිව හොයාගන්න බැරුව ඉදිද්දි මඟුලක් අහනවා ඉතින්.නැද්ද තවම?![]()
පොලිස්පතිව විතරක් නෙවෙයි ඒ නඩුවේදී වරෙන්තු කරපු අනෙක් උන් ( ඩ්‍රයිවර් ඇතුළු PC කෙනෙක් වත් ) මුන්ට හොයාගන්න බෑ කියන්නේ ඉතින් .............................රටේ පොලිස්පතිව හොයාගන්න බැරුව ඉදිද්දි මඟුලක් අහනවා ඉතින්.![]()
උන් දෙන්න එක ගල්ගුවාවෙලු බන් හැංගිලා ඉන්නෙරටේ පොලිස්පතිව හොයාගන්න බැරුව ඉදිද්දි මඟුලක් අහනවා ඉතින්.![]()