ඇතුලත් අවුල්...., පිටත් අවුල්.....

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ඇතුලත් අවුල්...., පිටත් අවුල්.....

    හෙට සිට මහ ඇමැති මම

    S.M.%20Ranjith_CI.jpg

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ පරිදි ලබන 24 දින උතුරුමැද පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස තමා දිවුරුම් දෙන බව උතුරුමැද පළාත් සභා මැතිවරණයේදී වැඩිම මනාප ලැබූ එස්‌. එම්. රංජිත් මහතා "දිවයින ඉරිදා සංග්‍රහය" ට ප්‍රකාශ කළේය.

    උතුරුමැද පළාත් සභාවේ මහ ඇමැති පුටුව සඳහා සුදුස්‌සා තෝරා වැඩිම මනාපයන් ලබා දී ජනතාව තමාව සුදුස්‌සා කළ බව ද හෙතෙම පැවසීය.

    භේද දුරලා අනුරාධපුර ජනතාව වෙනුවෙන් ඇප කැපවී සේවය කරන බව ද හෙතෙම කීවේය.



    මහ ඇමැති පුටුව නුදුන්නොත්
    බර්ටි උසාවි යයි!

    images

    උතුරුමැද පළාත් ප්‍රධාන ඇමැති ධුරයට වෙනත් අයකු පත් කළහොත් ඊට එරෙහිව අධිකරණය හමුවට යැමට හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පාර්ශ්වය සැලසුම් කර තිබේ.

    මහ ඇමැති ලෙස පත් කළ යුත්තේ වැඩිම මනාප ලබාගත් තැනැත්තා හෝ වෙනත් යම් සුදුසුකම් සලකා බලා නොව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂයේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහාය ඇති පුද්ගලයා බව ඔවුහු පෙන්වා දෙති.

    පළාත් සභාවේ සන්ධානයට හිමි මන්ත්‍රීවරුන් 21 න් 11 ක්‌ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා මහ ඇමැති කිරීමට සහාය වන බවට දිවුරුම් ප්‍රකාශයක්‌ මගින් කැමැත්ත පළකර ඇතැයි ද වාර්තා වේ. 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයේ 154 (ඊ) (4) වගන්තියට අනුව පළාත් සභාවක යම්කිසි මන්ත්‍රීවරයකු බහුතර මන්ත්‍රී සංඛ්‍යාවේ සහාය ලබා ගැනීමට සමත් වන්නේ යෑයි ආණ්‌ඩුකාරවරයා කල්පනා කෙරේ ද ආණ්‌ඩුකාරවරයා විසින් ඒ මන්ත්‍රීවරයා ප්‍රධාන ඇමැති ධුරයට පත් කළ යුතුය.

    මේ අතර පළාත් ප්‍රධාන ඇමැති ධුරය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට හිමි නොවුණහොත් සභාවේ සභාපති හා උප සභාපති තනතුර විපක්‍ෂයට යැමේ අවදානමක්‌ පවතින බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

    දිසානායක මහතා සමඟ පළාත් ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනකු එක්‌ව සිටීමට සූදානම් වන බැවින් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙක්‌ සමඟ ආණ්‌ඩු පක්‍ෂයේ බහුතරය වෙනස්‌ විය හැකි බව වාර්තා වේ.

    කෙසේ වෙතත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (23 වැනිදා) යළි දිවයිනට පැමිණීමෙන් පසුව උතුරුමැද පළාත් සභාවේ සියලු මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. එමෙන්ම හිටපු ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා පළාතේ සියලුම පළාත් පාලන මැන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ද වාර්තා වේ.