ඇන්ජලෝ මැතිව්ස් ලෝක ටෙස්ට් නායකත්වයට!

signshop

Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    ඇන්ජලෝ මැතිව්ස් ලෝක ටෙස්ට් නායකත්වයට!

    ඇන්ජලෝ මැතිව්ස් ලෝක ටෙස්ට් නායකත්වයට!

    anjelo-mathews.jpg


    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2014 වසරේ ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් නම් කර තිබේ.

    ඉන්දීය හිටපු ටෙස්ට් ක්‍රීඩක අනිල් කුම්බ්ලේගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් ලෝක ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නම් කෙරිණි.

    ලෝක ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 3 දෙනෙකු ඇතුළත් කර තිබේ.

    ඒ, ඇන්ජලෝ මැතිව්ස්, කුමාර් සංගක්කාර සහ රංගන හේරත් ය.

    2006 වසරේ සිට කුමාර් සංගක්කාර ලෝක ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් වූයේ, 7 වන වරට යි.

    ඊට අමතරව, දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන් අඛණ්ඩව 7 වන වරට ත් ඊට ඇතුළත් වෙමින් වාර්තාවක් පිහිටුවා තිබේ.

    ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මෙසේ ය.

    David Warner (Aus)
    Kane Williamson (NZ)
    Kumar Sangakkara (SL)
    AB de Villiers (SA)
    Joe Root (Eng)
    Angelo Mathews (SL) (captain)
    Mitchell Johnson (Aus)
    Stuart Broad (Eng)
    Dale Steyn (SA)
    Rangana Herath (SL)
    Tim Southee (NZ)
    Ross Taylor (NZ) (12th man)

    ‍මේ අතර, ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නම් කර ඇත්තේ, අජන්ත මෙන්ඩිස් පමණි.

    ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායම පහත දැක්වේ.

    Mohammad Hafeez (Pak)
    Quinton de Kock (SA)
    Virat Kohli (Ind)
    George Bailey (Aus)
    AB de Villiers (SA)
    MS Dhoni (wicketkeeper) (captain)
    Dwayne Bravo (WI)
    James Faulkner (Aus)
    Dale Steyn (SA)
    Mohammad Shami (Ind)
    Ajantha Mendis (SL)
    Rohit Sharma (Ind) (12th man)

    ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය මහේන්ද්‍ර සිං දෝනිට හිමිව ඇත්තේ, 8 වන වරට ය.