මේ අපි දකින්නේ ලෝක විනාශයක පෙරනිමිති ටිකක් ද? එහෙමත් නැත්නම් අනතුරු ඇඟවීමක් ද?
මේ තියෙන්නේ මේ දවස්වල ලෝකයේ සිදුවුන , සිදුවෙමින් පවතින අසාමාන්‍ය පරිසර සංසිද්ධි ටිකක්
1 - මේ වෙද්දි ඇමසන් ගංගාව නියඟයට හසුවෙලා ඉතිහාසයේ පෙර නොවූ විරූ විදියට වාර්තාගත අන්දමින් ජල මට්ටම පහල බැහැලා තියෙනවා. පලවෙනි ෆොටෝ එකේ තියෙන්නෙ සිදී යමින් පවතින ඇමසන් ගංඟාව
සමහර අතු ගංගා කොටස් සම්පූර්ණයෙන්ම සිදී ගොස් ඇති අතර ප්‍රවාහන කටයුතු වලට යොදාගත් යාත්‍රා ගමන් කරපු ස්ථාන වලින් ඒවාට ගමන් කිරීමට නොහැකි තරම් ජලය සිදී ගොස් වැලි කඳු මතුවෙලා තියෙනවා
මේ ජලය සිඳී යාම හේතුවෙන් මිරිදිය ඩොල්ෆින් මසුන් 200 ක් ඇතුලු ජලජ ජීවීන් රාශියක් මියගිහිං තියෙනවා
2 - අයිස් වලින් වැහිලා තිබ්බ ඇන්ටාක්ටිකාවේ අයිස් දියවෙලා යාම වේගවත් වෙලා මේ වෙද්දි ශාක වර්ග වැඩෙන්න පටන්ගෙන තියෙනවා

දෙවනි ෆොටෝ එකේ තියෙන්නෙ මේ විදියට කොලපාට වුන ඇන්ටාක්ටිකාව

ගෝලීය උණුසුම වේගයෙන් ඉහල යාම නිසා පසුගිය වසර වලට සාපේක්ෂව ඇන්ටාක්ටිකාව තුල දොලොස්ගුණයක ශාක වර්ධන වේගයක් පෙන්නුම් කරනවා
දේශගුණය තවදුරටත් උණුසුම් වෙමින් පවතින බැවින් අයිස් දියවී යාම තවත් වේගවත් වනු ඇති අතර, ඒ හා සමානව ශාක වර්ධන වේගයද වැඩිවනු ඇත
සැබවින්ම මෙය සතුටුදායක ආරංචියක් නොවේ, අයිස් දියවීමත් සමඟ මුහුදු ජල මට්ටම ඉහල යන අතර මේ හේතුවෙන් පහත මට්ටමේ ඇති දූපත් රාජ්‍යයන් බොහෝ ප්‍රමාණයක් මුහුදු වතුර යට සැඟවී යනු ඇත
ඊට අමතරව ඇන්ටාක්ටිකාවේ ශීත දේශගුණයට හුරුවී සිටි ජීවීන් බොහෝ ප්‍රමාණයක් වඳවී යනු ඇත
3 - පෘතුවියේ වියලිම ස්ථානයක් වුන සහරා කාන්තරයේ ශාක වැවීමේ වේගය ශ්රීඝ්රයෙන් ඉහල ගිහිං තියෙනවා . තුන්වෙනි ෆොටෝ එකේ තියෙන්නේ මේ විදියට ශාක වැවුන සහරා කාන්තාරය
ඊට අමතරව පසුගිය දවස්වල සහරා කාන්තාරය ආශ්රිත නගර වලට ගංවතුර තත්වයක් ඇතිවෙන ආකාරයට වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. මේ හේතුවෙන් කාන්තාරය ආශ්‍රිතව තැනින් තැන විල් පවා නිර්මාණය වෙලා තියෙනවා

හතරවෙනි ෆොටෝ එකේ තියෙන්නෙ මේ විදියට කාන්තාරය තුල නිර්මාණය වුන විලක්
මේ ගංවතුර හේතුවෙන් 20 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගිහිං පවා තියෙනවා
කොහොමහරි මේ වෙද්දි සහරා කාන්තාරය ආශ්‍රිතව පැවතිය යුතු තෙතමනයට වඩා හයගුණයක් තෙතමනය වැඩිවෙලා තියෙනව විතරක් නෙවෙයි මේ තෙතමනය හේතුවෙන් ශාක වර්ධනය වීම පෙරටත් වඩා වැඩිවෙලා තියෙනවා
ඉතිං මේ ඔක්කොම පෙරනිමිති මොනවා ගැනද අපිට කියන්න යන්නේ?

වර්තමානයේ කාන්තාර ප්‍රදේශ වෙලා තියෙන ගොඩක් තැන් මීට වසර ලක්ෂ ගානකට කලින් විශාල වනාන්තර වලින් වැසුනු, විවිධ ජීවීන් වාසය කරපු ජලය පිරුනු ප්‍රදේශ කියලා විද්‍යාඥයන් විසින් හොයාගෙන තියෙනවා
සෑම වසර 21 000 කට වතාවත් පෘතුවි කක්ෂයේ සහ අක්ශාංෂ දේශාංෂ වල වෙනස් වීමක් වෙනවා කියල විද්‍යාඥයන් විසින් පවසනවා.
ඉතින් මේ වෙනස නිසා පෘතුවිය තුල වැසි ලැබෙන ආකාරය සහ වැසි ලැබෙන ප්‍රදේශයන් වෙනස් වෙනවා කියල තමයි ඔවුන් පවසන්නේ.
මේ විදියට වැස්ස ලැබෙන එක වෙනස් වීමත් එක්ක වර්තමානයේ වනාන්තර විදියට තියෙන ප්‍රදේශ කාන්තාර බවටත්
වර්තමානයේ කාන්තාර ප්‍රදේශ විදියට තියෙන ස්ථාන , වනාන්තර බවටත් පත් වෙනවාලු .

පසුගිය වසර 800 000 පමණ කාලයක් දක්වා මේ පිලිබඳව පර්යේෂණ කරාම, මේ කාන්තාර වනාන්තර වීමත් , වනාන්තර ප්‍රදේශ කාන්තාර බවට පත් වීමත් චක්‍රයක් විදියට සිද්ධ වෙලා තියෙනවා කියල විද්‍යාඥයන් පවසනවා
ඉතිං මේ අපි අත්විඳින්න යන්නේ මේ චක්‍රයේ තවත් එක පියවරක් වියහැකිද ?

