ඇන්ටිලා ගැන සිහින දකින උඹලට

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    පරණ සිංහල කියමනක් තියනවා kimbak නිසා ගෙම්බෙක් වෙන්න එපා කියලා.
    තාවකාලික fun එක වගේ නෙවෙයි මේ වගේ scene එකක් හරි ලෝකෙට එළි වෙලා හත්පොළක ගෑවිලා, ගෙදරට ගෑනිට අහු වෙලා බොක වුණොත්. මේ වගේ මැරෙන්නත් පුළුවන්..

    https://sinhala.adaderana.lk/news.php?nid=186892

    sinhala.adaderana.lk Logo







    නොදැන පෙම් කළ වරදට ජීවිතයෙන් වන්දි ගෙවයි

    නොදැන පෙම් කළ වරදට ජීවිතයෙන් වන්දි ගෙවයි​

    September 15, 2023 01:26 pm









    පිරිසකගේ පහරකෑමෙන් මාස 05 කට ආසන්න කාලයක් සිහිසුන්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
    ඥාතීන් චෝදනා කළේ, ප්‍රේම සබඳතාවයක් මුල් කරගනිමින් මෙම පහරදීම සිදුවී ඇති බවය.
    මෙලෙස මියගියේ හඟුරන්කෙත පල්ලේ බෝවල බඹරගම ගම්මානයේ පදිංචිව සිටි 22 හැවිරිදි ඉඳුනිල් චාමර කාරියපෙරුම නමැති තරුණයෙකි.
    ඔහු මීට මාස කිහිපයකට පෙර කොළඹට පැමිණෙන්නේ කොරියානු භාෂා පාඨමාලාව හැදෑරීම සඳහාය.
    මේ අතරවාරයේ කොරියානු භාෂා පාඨමාලාවේ වට්ස්ඇප් සමූහයට සම්බන්ධව සිටි ඉඳුනිල් එහි සිටි කාන්තාවක් සමග කෙටි පණිවුඩ, ඡායාරූප සහ හඬපටද හුවමාරු කරගෙන ඇත.
    නමුත් සැබැවින්ම තමා වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධ වී ඇත්තේ වයස අවුරුදු 44ක් වන කාන්තාවක් සමග බව ඉඳුනිල් දැන නොසිටි බව පසුව අනාවරණය වී තිබේ.
    මොවුන් දෙදෙනාගේ මෙම සම්බන්ධය දැනගත් කාන්තාවගේ ඥාතීන්, පසුගිය අප්‍රේල් 19 වනදා කොරියානු භාෂා අවසන් පරීක්ෂණයට යමින් සිටි ඉඳුනිල්ව කොළඹ කොටුවේදී පැහැරගෙන ගොස් තිබුණි.
    මෝටර් රථය තුළදීම දරුණු ලෙස පහරකෑමට ලක්වූ ඉඳුනිල් රැගෙන ගොස් ඇත්තේ, සපුගස්කන්ද ප්‍රදේශයටය.
    අවසානයේ කොළොන්නාව සුසාන භූමිය අසලට පැමිණි පිරිස රථයෙන් බැස ඉඳුනිල්ගේ ඇඳුම් ගලවා මහ මග යළිත් වරක් පහරදුන් ආකාරය පටිගතවූ විඩියෝ පටයක් ද මේ වනවිට හමුවී තිබේ.
    පසුව පහරදුන් කණ්ඩායම තරුණයාව එහි අතහැර පළාගොස් තිබුණි.
    ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටි ඉඳුනිල්ව පසුගිය අප්‍රේල් 19 වනදා සපුගස්කන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එදිනම වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබුණි.
    බරපතළ ලෙස තුවාල ලබා මාස 05ක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි ඉඳුනිල්, පසුගිය 12 වනදා සිය ජීවිතයෙන් සමුගත්තේය.
    ------ Post added on Sep 16, 2023 at 3:29 PM
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මෙතන පැහැදිලි සාක්ෂි video එක තිද්දී ඇත අරින එක සරලව ගන්න බැහැ .

    ඕන තරම් ඔහොම case වෙනවා .1000ක් ඉස්සරහ වෙඩි තියලත් යන්නේ ඔප්පු කරන්න සාක්ෂි මදි වෙනවා , පාතාලේ case එහෙම උසාවියේ ඔප්පු වෙනව අඩු ඒ නිසා

    එත් මෙතන පැහැදිලි සාක්ෂි තීනවා ,plan කරලා තීනවා එහෙම එළිපිට තිබිල මුකුත් නොවුනම අයෙත් 70s 80s level එකට වැටෙනවා .
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    මෙතන පැහැදිලි සාක්ෂි video එක තිද්දී ඇත අරින එක සරලව ගන්න බැහැ .

    ඕන තරම් ඔහොම case වෙනවා .1000ක් ඉස්සරහ වෙඩි තියලත් යන්නේ ඔප්පු කරන්න සාක්ෂි මදි වෙනවා , පාතාලේ case එහෙම උසාවියේ ඔප්පු වෙනව අඩු ඒ නිසා

    එත් මෙතන පැහැදිලි සාක්ෂි තීනවා ,plan කරලා තීනවා එහෙම එළිපිට තිබිල මුකුත් නොවුනම අයෙත් 70s 80s level එකට වැටෙනවා .

    owun set ekama arrest kala.

    kolla icu hari hosptal ward ekak hari hitiye concious nathuwa,

    usawiyen arunta apa dunna,

    dan kolla dead, arun already missing,


    car ekaka issaraha dagena balen geniyanna bane ,

    pitipasse thiyan genichchath u dagaluwanam monwa hari karaganna thibba,

    pihiyak wage bellata thiyan hitiyada danne na, :(
     
    • Like
    Reactions: peakySwifter

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    හඟුරන්කෙත පල්ලේ බෝවල බඹරගම ගම්මානයේ පදිංචිව සිටි 22 හැවිරිදි ඉඳුනිල් චාමර කාරියපෙරුම
    ආනේ ID card එකයි, ගෙදර photo එකකුත් දාන්න තිබුණා
    හරිම හොද media ලංකාවේ තියෙන්නේ🥰
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    රටේ උන්ව හදන්න යන්නේ නැතුව එකපාර ගෑනිව මැරුවා නම් ඉවරයි. නැත්නම් ගෑණි ආයෙත් එකෙක් හොයාගත්තම ඌවත් මරන්න වෙනවනේ
     
    • Like
    Reactions: War Fighter

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,530
    3,940
    113
    ඉත්ථිධුත්තෝ සුරාධුත්තෝ – අක්ඛධුත්තෝ ච යෝ නරෝ
    ලද්ධං ලද්ධං විනාසේති – තං පරාභවතෝ මුඛං



    යම් මිනිසෙක් ස්ත්‍රී ධුරත වූයේ, සුරා ධූරත වූයේ, අක්ෂ ධූර්ත වූයේ ලද ලද දෑ වනසයි ද, එය පිරිහීමට කරුණුය.


    The man who is addicted to women (given to a life of debauchery), is a drunkard, a gambler, and a squanderer of his earnings — this is the cause of his downfall.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    news එකේ ගිය විදියට කොල්ල ඇන්ටෙක් බව දන්නේ නැතුව වැඩේ ගියා කියල කිව්වේ
     

    ibmdinosaur

    Active member
  • May 2, 2022
    166
    221
    43
    owun set ekama arrest kala.

    kolla icu hari hosptal ward ekak hari hitiye concious nathuwa,

    usawiyen arunta apa dunna,

    dan kolla dead, arun already missing,


    car ekaka issaraha dagena balen geniyanna bane ,

    pitipasse thiyan genichchath u dagaluwanam monwa hari karaganna thibba,

    pihiyak wage bellata thiyan hitiyada danne na, :(
    "usawiyen arunta apa dunna,"

    video evidence thiyeddith apa denawada bn? ithin ethakota monawa karamada apa denne nathuwa thiyenne? minihekta set ekak ekathu wela marenna gahuwa nam, eke video evidence uth thiyenwa nam kohomada bn apa denne. kisima law ekak na wage ne ethakota :(
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    https://web.facebook.com/permalink.php?story_fbid=pfbid02mjKMNqPxVB9bU2KGzQ89QttXp3uJ4hGM87mu8HSvaGtLEsPgUhNKF3R3bh6eEuFwl&id=100010740970464&__cft__[0]=AZVigInMg4IuWak4to0Uf2X2emdv1mJ2ccNuWt6hAiTm0U5THRAn0iW87H8wEVZs6UrAs2Zp8TVZB2MjbTvjZIyHMfME2kM6WtfaTmL5QkEmcw&__tn__=,O,P-R
    Target News ~ සපුගස්කන්ද පමුණුවිල කනත්ත අසලදී තරුණයාට පහරදී මාර්ගයේ දමාගොස් ඇත
    👁️‍🗨️
    වීඩියෝවෙ අසභ්‍ය වචන හුවමාරු වන හෙයින් වීඩියෝ පළ කර නොහැක
    🔴
    ගොඩක් තරුණයන්ට මේවා හොඳ පාඩම්

    පිටකොටුව ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
    පොලිසිය සඳහන් කළේ, ඔවුන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.
    සමාජ මාධ්‍ය ඔස්සේ 55 හැවිරිදි මාකොළ ඥාන මවුලි මාවත ප්‍රදේශයේ කාන්තාවකට හඟුරන්කෙත ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණයෙකු කෙටි පණිවිඩ එවා තිබේ.
    ඒ පිළිබඳ සැලවිමෙන් අනතුරුව එම කාන්තාවගේ බෑණා විසින් වෙනත් තරුණියකගේ ව්‍යාජ ඡායාරූපයක් යොදා ගනිමින් වට්ස්ඇප් ගිණුමක් සකස්කර අදාළ තරුණයා සමග කෙටි පණිවිඩු හුවමාරු කර ඔහු කොළඹට ගෙන්වාගෙන තිබේ.
    පසුගිය 19 වැනිදා තරුණයා කොළඹ කොටුවට පැමිණි අවස්ථාවේදි අදාළ කාන්තාව, ඇයගේ දියණිය, බෑණා සහ තවත් පුද්ගලයෙකු මෝටර් රථයකින් ගොස් තරුණයා පැහරගෙන සපුගස්කන්ද ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
    පොලිසිය පැවසුවේ, සැකකරුවන් තවත් පුද්ගලයින් 4 දෙනෙකු සමග එක්ව සපුගස්කන්ද පමුණුවිල කනත්ත අසලදී තරුණයාට පහරදී මාර්ගයේ දමාගොස් ඇති බවයි.
    පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව පොලිසිය පැමිණ තරුණයා රෝහල්ගත කළ බව පොලිසිය සඳහන් කළේ ය.
    පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී
    2023 /04 25,






    All reactions:
    1414
    https://elakiri.com/threads/ඇන්ටි-කනෙක්ව-ලයින්-කරන්න-ගිය-කොල්ලට-වෙච්ච-දේ.2102870/