ඇන්ඩ්රෝයිඩ් සහ වින්ඩෝස් ( මගේ අත්දැකීම් )

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ඇන්ඩ්රෝයිඩ් සහ වින්ඩෝස් ( මගේ අත්දැකීම් )

    මම එළකිරි එකට ඇවිල්ලා දැනට අවුරැදු කීපයක් වෙනවා. මේ වෙනතුරැ වැදගත් යැයි කියලා ලිපියක් දාලා නැහැ. (හැබැයි ඔබ පොඩි පොඩි උදවු වලලට නම් Thread දාලා තියෙනවා) මේ මගේ පළමු ලිපිය ( වැදගත් යැයි හිතෙන Thread එක)

    මම ස්මාර්ට් පෝන් පාවිච්චි කරන්න පටන් අරන් අවුරැදු 2ක වෙනවා. ඒකත් හා හා පුරා කියලා ගත්තේ සෝනි එක්ස්පීරියා ටිපෝ එකක්.
    1225_xperia-tipo.jpg

    ගත්ත මුල් දවස් වල නම් ඇන්ඩ්රොයිඩ් තමා බෙස්ට්ම කියලා හිතගෙන හිටියේ. පස්සේ පෝන් ටික ටික ස්ලෝ වෙන්න ගත්තා. මටම හිතාගන්න බෑ ඇයි මෙහෙම වෙන්නේ කියලා. පස්සේ මට විතරක් නෙමෙයි හේ ගැටලුව තියෙන්නේ ගොඩක් අයට තියෙන ගැටලුවක් කියලා දැනගත්තා. පස්සේ ඒකට හේතුත් හොයා ගත්තා. පස්සේ ඉතිං ටිපෝ එකට වඩා ටිකක් හොද එකක් ගත්තා. එක්පීරියා එල් එකක්. (ඒක ගන්නත් මේකෙම අයගෙන තමයි ඇහුවේ)
    Xperia-L-black-1240x840-1fb46e1807e501498b48de744f4a5e39.jpg

    ඒකත් ටික කාලයක් යනකොට ස්ලෝ වෙන්න ගත්තා. අඩුම ගානේ කෝල් එකක් ගන්න බැරි තරමට ස්ලෝ වුනා. (ඇත්තම කිව්වොත් හැමතිස්සේම එහෙම වෙන්නේ නෑ ඉදලා හිටලා තමයි වුනේ. ඉතිං කොහොම හරි වුනානේ....... ඊට පස්සේ තේරැන දෙයකි තමයි ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරනවානම් High End එකක් යූස් කරන්න ඕනි නැත්තම් ගූගල් නෙක්සස් එකක් පාවිච්චි කරන්න ඕනි. හැබැයි නෙකසස් එකත් ස්ලෝ වෙනවා කියලා මම අහලා තියෙනවා යූස් කරන අයගෙන්. ඉතිං මේකට මොකද කරන්නේ????? අපි හැමෝම සල්ලි කාරයෝ නෙමෙයිනේ. කරන්න තියෙන්නේ ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරන්න ආසනම් ණය වෙලා හරි High End ඇන්ඩ්රොයිඩ් ඩිවයිස් එකක් යූස් කරන එක (හැබැයි ඒකත් ටික දවසක් යනකොට ස්ලෝ වෙයි හොදේ...............) එහෙනම් සාමාන්‍ය යූසර් කෙනෙක් නම් ගන්න ඕනි වින්ඩෝස් පෝන් එකක් කියන එක තමයි මගේ මතය. මේක තමයි මම දැන් යූස් කරන්නේ.
    csm_Hersteller-Produktfoto_5dbb05a830.jpg

    වින්ඩෝස් යූස් කරන්න හදන අයව නොමග යවන්නත් කටට්ටිය ඉන්නවනේ. වින්ඩෝස වලට ඇප් නෑ කියන එක තමයි මෙතන කියන මුලම බොරැව. සාමාන්‍ය යූසර් කෙනෙක්ට ඕනි හැම ඇප් එකක්ම වින්ඩෝස් ස්ටෝ එකේ තියෙනවා. වින්ඩෝස් වලට වඩා ඇන්ඩ්රොයිඩ් වලට ඇප්ස් තියෙනවා තමයි. ඒක මමත් පිළිගන්නවා. නමුත් ඔය තියෙන ඔක්කෝම ඇප්ස් අපි පෝන් එකට දාන්නෑනේ නේද.................................... මේ කිව්වේ මගේ මතය ඔයගොල්න්ගෙත් අදහස් වලට ගරැ කරනවා.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Kawda kiyane google nexus ekat tika dawasak yanakota slow wenawa kiyala

    sony charter phone dekak use karala oyata kiyana baha android slow wenawa kiyala

    mamat mulin use kala xperia mini eka phone eka slow tamai habai call ekak ganna bari ganata kawadawat slow wela nam na

    danata use karanwa nexus 5 ekak
    heavy games 3 or 4 gahanwa
    apps 30 witira phone eke tiyenawa
    speed uparimai

    nexus slow kiyala kiyapu ekek nam ada wenakan mama pitarata forum ekaka wat dakke na
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Phone eka low end una kiyala android slow wenne ne.... Thaman hariyata pavichi karanawanam.... samanya user kenek chrome pavichi karanawane den windows wala chrome thiyenawada???? windows phone hodai ithin monawath nokara laga thiyagena inna
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    windows phone wala hari haman lassana user interface ekakwath thiyenawada ban

    Helakuru keyboard ? mona pissuda

    android slow wenawa? - pawichchi karanna igena ganna . mama xperia P ekak use karanawa dan 2 yrs kisima slow weemak na. gaththa dawase wagema wada
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    Kawda kiyane google nexus ekat tika dawasak yanakota slow wenawa kiyala

    sony charter phone dekak use karala oyata kiyana baha android slow wenawa kiyala

    mamat mulin use kala xperia mini eka phone eka slow tamai habai call ekak ganna bari ganata kawadawat slow wela nam na

    danata use karanwa nexus 5 ekak
    heavy games 3 or 4 gahanwa
    apps 30 witira phone eke tiyenawa
    speed uparimai

    nexus slow kiyala kiyapu ekek nam ada wenakan mama pitarata forum ekaka wat dakke na

    ඔයාගේ අදහස් වලට ස්තූතියි මචං:dull:
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    උබ අරෙහෙ - රෙප් දීලා. මෙතන බබා:P:P:P

    මචං මම මේ සිරාවටමයි අහන්නේ මොනවද බං ඔය රෙප් කියන්නේ. මම රෙප් දෙන්න දන්නේත් නෑ රෙප් කපන්න දන්නේත් නෑ
     
    • Like
    Reactions: maxxaa
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හද්ද ගූ ෆෝන් දෙකක් පාවිච්චි කරලා ඇන්ඩ්රොයිඩ් චාටර් කියනවා.
    ඇන්ඩ්රොයිඩ් නෙවෙයි චා උඹ පාවිච්චි කරපු lowest end ෆෝන් තමා චා :lol:

    වැරැද්ද තියෙන්නෙ උඹල අඩුවටම තියන ඇන්ඩ්රොයිඩ් කට්ට අරන් s4/s5/nexus 5 වල දාන වැඩ කෑලි දාන්න යනවා. රටේ නැති ඇප්ස් පුරවගන්නව. පස්සෙ ස්ලෝ ස්ලෝ කියලා කෑ ගහනවා. අනේ යකෝ :P
     
    Last edited: