එළකිරි එකෙත් ඉන්නවා මේවගේ අන්තර්ජාතික කීබෝඩ් වීරවරු !
ඔබත් වැඩි හරියක් යථාර්ථ ලෝකයේ සමාජයේ සමාජශීලි නොවුනත්
අයථාර්ථ ලෝකයේ මෙවැනි වීරවරක් නේද ?
ඔබත් ඉන් එක් අයෙක්ද කියවලා බලන්න !
සිතන්න යමක්
හැබැයි
හැදෙනවා නම් !
[ගෙඩි පිටින් උපුටා ගැනීම] w3 ලංකා බ්ලොග් අඩවියෙන්
නූතන සමාජය අනන්‍යතාව ගැන දැඩි අවධානයක් යොමු කරන එකක්. හැමෝටම තමන් එක්තරා පොරක් ය කියා පවසන්නට අවශ්‍ය වී තිබෙනවා. මේක හරියට “ඒයි, මාත් ඉන්නවා, හරිද?" කියා කෑගහනවා වැනි තත්වයක්.
මේ අතරතුර අන්තර්ජාලයේ හා විශේෂයෙන් ම සමාජ ජාලවල නිර්නාමිකව හා ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින් යම් යම් ක්‍රියාකාරකම් කිරීමත් සිදු වෙනවා. මෙහෙම කරන අයත් වෙනත් අවකාශයන්හිදී තමන්ගේ අනන්‍යතාව වෙනුවෙන් පෙනී සිටිනවා.
මගේ පැරණි මිත්‍ර මාධ්‍යකරුවෙක් හිටියා. ඔහු තමන්ගේ නම යොදන්නේ කාල් මාක්ස් මට්ටමේ යයි තමන් හිතන ලිපිවල විතරයි. අනෙක් ලිපි හා නිර්මාන ආදියෙහි ඔහු ව්‍යාජ නම් රැසක් භාවිතා කළා. හැබැයි, ඔහු නිතරම ඒවා තමන්ගේ බව සිය සමීප කවයට පැවසුවා. ටොප් සීක්‍රට් පවා තමන්ගේ වාසියට හෙළිදරව් කළා.
පසුගිය කාලයේ බ්ලොග්කරණයේ යෙදුණු එක් මාධ්‍යකරුවෙක් හිටි හැටියේ සිය සැබෑ අනන්‍යතාවට මාරු වෙලා මගෙන් ඇහුවා, ඒ බ්ලොගය කළේ තමන් බව මා දැන සිටියා ද කියා. මම නැහැ කිව්වාම ඔහුට ලොකු සතුටක් ඇති වුණා.
සැඟවී සිට යම් යම් දේවල් කර පසුව ඒවා කළේ තමන් බව කියා සතුටු වන සෙල්ලමත්, මේ ක්‍රියාවත් අතර සමානකමක් තිබෙනවා. මෙයින් වැඩි දෙනෙක් ලබන්නේ පෞද්ගලික වින්දනයක්.
නිර්නාමිකව කටයුුතු කරන වැඩි දෙනෙක් ආරක්ෂාවට තර්ජනය වෙන දේශපාලනික කටයුතු කරන්නේ නැහැ. දේශපාලනික රහස් නම් රහස් ම තමයි. ඒවා හෙළිදරව් කළ යුතු නැහැ. ජීවිතේ වුණත් රහස් නම් රහස් ම තමයි.
නිර්නාමිකව කටයුතු කරන වැඩි දෙනෙක් අන්තර්ජාලයේදී හා සමාජ වෙබ් අඩවිවලදී කරන්නේ දේශපාලනික දේවල් නෙමෙයි. ඔවුන් කරන්නේ සිය වනචාරිත්වය මුදා හැරීමයි. නිදසුනක් ලෙස, ශිෂ්ට සමාජය ළමයින් සමග ලිංගික ක්‍රියා හෙළා දකිනවා. ඒත්, ෆේස්බුක්හි ඇතැමෙක් ව්‍යාජ නම්වලින් එවැනි දේ සම්බන්ධ තොරතුරු හුවමාරු කරගන්නවා.
බ්ලොග්වල අදහස් පළ කරනකොට විරුද්ධවාදීන්ගේ අම්මලා පවා ඇදගෙන පට්ට කුණුහරුප ඇද බානවා. අනුන්ට පහත් නින්දිත අන්දමින් අපහාස කරනවා.
පසුගිය දිනවල ඇතැමෙක් අදහස් පළ කරද්දී ප්‍රතිවාදියාගේ අම්මා සමග සංසර්ගය කරන්නට කැමති විධිය පවා කියා තිබුණා. මේ පුද්ගලයන්ට තමන්ටත් අම්මලා ඉන්නවා. එහෙත්, තමන්ගේ අම්මා සමග එවැනි ක්‍රියා කරන්නට ඇති සහජ වනචාරී ආශාව ඔවුන් මෙවැනි අවකාශයන් හරහා පිට කරනවා.
මෙවැනි සයිබර් වීරයෝ වැඩි දෙනෙක් සාමාන්‍යයෙන් අධික බියසුළු පෞරුෂයන් ඇති අය බව මා නිරීක්ෂණය කර තිබෙනවා. දමිත් කේතක මතක ද? ෆේස්බුක්හි දැවැන්ත කැරැලිකරුවකු වූ ඔහු ගැන ලිපියක් දෙකක් පළ වූ සැණින් ඔහු ආගිය අතක් සොයා ගන්නට නැති වුණා.
මේ ලියන මම ප්‍රවර්ධනය කරන සමාජවාදී ජීවින විලාසය තුළ මම මේ නිර්නාමිකත්වයට එරෙහිය අරගලයක් කරනවා. ජනතාව ලෙස අපි නො බියව සමාජයට මුහුණ දිය යුතු බවයි මගේ ස්ථාවරය. අපේ අතින් සිදු වූ හා සිදු වන වැරදි ගැනත් අපි විවෘතව කතා කළ යුතුයි. දේශපාලනය කියන්නේ රාත්‍රී භෝජන සංග්‍රහයක් වැනි සරළ දෙයක් නො වන නිසා අප පෙනී සිටි ස්ථාවරයන් හැම විට ම නිවැරදියි කියන්න බැහැ. එහෙත්, අප ඒ දේ වෙනුවෙන් කැප වුණු අවංකකමයි වැදගත්.
මරුවන් අප පසුපස හඹා එද්දීත්, තර්ජන ගර්ජන මැද්දේත් පසුගිය කාලය පුරා අපි නමින් ම පෙනී සිටියා. නිවැරදි යයි සිතන දේ වෙනුවෙන් නමින් පෙනී සිටීම අවශ්‍යයි.
අපි බිය නැති කර ගත යුතුයි. අනෙක් පැත්තෙන් අශිෂ්ටත්වය පාලනය කර ගත යුතුයි. ඇනොනිමස්කම හෙවත් නිර්නාමිකත්වය අශිෂ්ටත්වය මුදා හැරීමේ මාධ්‍යයක් නො කර ගත යුතුයි.
ලේඛකයෝ ඉස්සර ඉඳලා ම පෑන් නාමයන් භාවිතා කළා. එය අහිංසක දෙයක්. ඒත්, වත්මන් ඇනොනිමස් හා ව්‍යාජ හැඳුනුම් කියන්නේ එ්වාට වඩා අශිෂ්ට දෙයක්.
[උපුටා ගැනීම] w3 ලංකා බ්ලොග් අඩවියෙන් [උපුටා ගැනීම අවසන්]
Last edited:





