ඇපල්ද_?_පැපොල්ද_?

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇපල්ද_?_පැපොල්ද_?

    ඇපල්ද ? පැපොල්ද ?

    01-42.jpg

    "ෆොරින් බඩුවක්", "ඉම්පෝටඩ් අයිටම් එකක්" වැනි වචන අපට එදිනදා ජීවිතයේදී ඕනෑ තරම් ඇසෙනවා, මිනිස්සු එවා ගන්න වැඩි රුචිකත්වයක් දක්වනා, සමහර විට ඔබත් එහෙම වෙන්න ඇති, එත් "ලෝකල් බඩුවක්", "ලෝකල් අයිටම් එකක්" කිව්වොත් මිනිස්සු ඒවා මිලදී ගන්න ටිකක් මැලිකමක් දක්වනාවා. උදාහරණයක් විදියට පාන් පිටිවලට අපි කොතරම් රුචිකත්වයක් දක්වනවද කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. පාන් පිටි වල ඇති ගුණයක් නැති බව අපි දැන දැනත් ඒවා අපි ඉල්ලන්නේ පාන් පිටි ඇමරිකන් කාරයාගේ බඩු නිසා නෙවේද ? "මැක්ඩොනල්, "කේෆ්සී" වැනි කඩ හතු පිපෙන්නාක් මෙන් බිහිවන්නේ ඒවා ෆොරින් කෑම නිසා නොවේද ? "ෆ්‍රයිඩ් රයිස්" කෙතරම් ශරීරයට අහිතකර උනත් අපි එවා ගිල දැමීමට කෙතරම් රුචිකත්වයක් දක්වනවාද ? ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි, ඒවා "චීන සහ තායි" කෑම නිසාය නේද ?

    තවද, ගමේ, ගොඩේ වෙලේ, ලන්ඳේ තණ උලා කන එළදෙනගේ කිරී නොබී, දිය වැඩියාවට, පියයුරු පිලිකාවට, ගැහැණු ළමුන් අඩුවයසින් මල්වරවීමට හේතු කාරක වන හෝමෝන්, ප්‍රතිජීවක, කෘමිනාශක, මෙලමයින් සහ අනෙකුත් රසායනික ද්‍රව්‍යය අඩංගු කිරිපිටි බොන්නේ ඒවා "ෆොරින් හරක් කිරි" නිසා නොවේද ? එහෙත් මේ විදේශීය කෑම වර්ඟ වල ඇත්තේ මිනිස් සිරුරට අහිතකර හලාහල වස විස බව මේ මුළු ලෝකයාම දැන සිටියත් තවමත් ඒවායේ ඇති අහිතකර බව අප හරි හැටි නොදැනීම අවාසනාවන්ත කාරණයකි.

    07-21.jpg


    මෙයට ටික කලකට පෙර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පැලෑටි සංරක්ෂණ ඒකකයේ මහාචාර්යවරයෙකු තමන් විසින්ම අනයනය කල මිදි සහ ඇපල් පිලිබඳව කල පරීක්ෂණයකදී, මිනිස් සිරුරට අහිතකර බැරලෝහ සහ පළිබෝධනාශක වල අවශේෂ 47ක් පමණ එම පලතුරු තුල අන්තර්ගතවී තිබූ බව එතුමා විසින් තහවුරු කරගෙන ඇත.

    ඊට අමතරව මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ප්‍රකට පර්යේෂණ ආයතනය වන Environmental Working Group (EWG) විසින් වසරක් පාසා යුරෝපා වෙළඳපොලේ විකිණීමට තිබෙන පලතුරු සහ එළවළු වර්ඟ වල අඩංගු වස විෂ පිලිබඳව සොයා බැලීමක් සිදුකර, ඔවුන් එවා අතුරින් දූෂිතම එළවළු සහ පලතුරු වර්ඟ 12ක් තෝරනු ලැබූවා. පසුගිය වසරවල මෙන් සුපුරුදු පරිදි එම ලැයිස්තුවේ අංක 01 ට පත්වීමට අපි කව්රුත් හඳුනන, අපි කව්රුත් කැමති ඇපල් සමත්වී තිබෙනවා.

    02-41.jpg

    එම ආයතනය (EWG) විසින් පරීක්ෂණයට ලක් කල ඇපල් වලින් 92% පමණ මිනිස් පරිභොජනයට නුසුදුසු මට්ටමකින් විවිධ පලිබෝධනාශක ශේෂ කොටස් සහ හානිකර බැර ලෝහ වර්ඟ අඩංගු බව තහවුරු කරගෙන ඇත. තවද එම ඇපල් වල මිනිස් සිරූරට හානිකර රසායනික ද්‍රව්‍ය 50ක් පමණ අන්තර්ගත්වී ඇති බව ඔවුන්ගේ නිඟමනය වී තිබෙනවා.

    එහෙත් ඇපල් වගාකරුවන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ ඩෝලර් සහ පවුම් වලට කට අරින තවත් විශේෂඥයින් පිරිසක් EWG ආයතනය සහ තවත් ආයතන වල පර්යේෂණ වාර්තා වලින් පාරිභෝගිකයා අනවශ්‍ය ලෙසබියට පත්වෙන බවත්, ඇපල් ගෙඩියක් දෙකක් කෑ පමණින් ඒ හැටි හානිකර තත්වයක් නොවන බවත් ප්‍රචාරණය කරමින් ඔවුන්ගේ සේවාදායකාගේ ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට හැකි සෑම උත්සහයක්ම දරයි.

    එහෙත් ආයතනයේ පරීක්ෂකයින් අවධාරණය කරන්නේ මෙම ඇපල් නිතර අනුභවය නිධන්ගත රෝග රැසකට හේතු වන අතර විශේෂයෙන් කුඩා ළමුන්, ගර්භනී මව්වරුන් සහ රෝගී දුර්වල උදවිය වෙළඳපොලේ ඇති දූෂිත ඇපල් පරිභෝජනයෙන් වැළකීම තුලින් ඔවුන්ගේ ශරීර සෞඛ්‍යට හිතකර වනු ඇති බවය.

    05-29.jpg

    එහෙත් අවාසනවක තරම, අපි තවමත් රෝගින් සහ ගර්භනී මව්වරුන් බැලීමට යාමේදී අනිවාර්යෙන්ම ඇපල් රැගෙන යාමට අමතක නොකරයි. දේශීයව වගා කල හෝ වැවෙන කෙසෙල්, පැපොල්, පේර දෙඩම්, නෙල්ලි නොකන අපේ දරුවන්ට අපි මහත් උජාරුවෙන් ඇපල් කවනවා නේද ?

    03-40.jpg

    අපේ රටේ නොතිබුනාට ඇමරිකානුවන්ගේ පාරිසරික ආරක්ෂණ ඒජන්සියක් විසින් අහාර ද්‍රව්‍ය වල තිබිය හැකි එක එක පළිබෝධනාශකයේ උපරිම ප්‍රමාණයන් සඳහා ප්‍රමිතීන් හඳුන්වා දී ඇත. නමුත් එම පර්යේෂකයින් අවධාරණය කරන්නේ, එම ඇපල් තුළ ඇතැම් රසායනික ද්‍රව්‍ය එම ආයතනය විසින් අනුමත ප්‍රමාණය ඉක්මවා ඇති බව සහ අනෙක් අතට එම අනුමත ප්‍රමාණයක් ඉක්මවා නොතිබුනත්, විවිධ රසායනික ද්‍රව්‍යයන් පනස් ගනනක් පමණ මිනිස් සිරුරට ඇතුල්වීමෙන් අනතුරුව මිනිස් සිරුර තුල අක්‍රීයව නොපවතින බවත්, මිනිස් සිරුරෙන් වැහෙන යම යම් රසායනික ද්‍රව්‍යය සමඟ ප්‍රතික්‍රියා කිරිමෙන් ඒවා අතර සිදුවන සංකීර්ණ අන්තර් ක්‍රියාවන් රාශියක් හේතුකොටගෙන ඇතැම් විට අනපේක්ෂිත භායානක සෞඛ්‍ය ගැටළු පවා ඇතිවිය හැකි බවත්වය.

    04-35.jpg

    ඇපල් ඉදවීමට කාබයිට් යොදාගන්නා බව ඔබ දන්නවාද ?

    පලතුරු කෘතිමව ඉදවීම සඳහා කාබයිඩ් භාවිතය ලාභදායී මෙන්ම එමඟින් පලතුරු වලට ප්‍රසන්න ආකර්ශනීය පෙනුමක් ලැබීමත් අතිරේක වාසිය නිසා "කාබයිඩ්" භාවිතයට වෙළෙන්දෝ වැඩි රුචිකත්වයක් දක්වති. "කාබයිඩ්" භාවිතා කර පලතුරු ඉදවීම අපේ රටේ පමණක් නොව, ලංකාවට පලතුරු ගෙන්වනු ලබන ඉන්දියාව, පාකිස්ථානය, ඕස්ට්‍රේලියාව, වැනි රටවල්ද මෙම කාබයිඩ් සෙල්ල ගජරාමෙට සිදුකරණ බව නම් ප්‍රසිද්ධ රහසකි.

    කාබයිඩ් මෙන්ම කාබයිඩ් වල ඇති අනෙකුත් විෂ රාසායන ද්‍රව්‍යයන් බොහොමයක් පිලිකාකාරක බව සොයා ගෙන ඇත. මෙම රසායනික ද්‍රව්‍ය නිතර නිතර ශරීර ගත වීමෙන් වෙනත් බරපතල රෝගී තත්වයන් ඇතිවිය හැකි බවත්, ගර්භනී මව්වරුන් මෙම පලතුරු ආහාරයට ගැනීමෙන් ගබ්සාවීම් වලට සහ අංගවිකල දරුවන් බිහිවීම වැනි සංකූලතා වලටද ලක්විය හැකි බවත් සොයාගෙන ඇත.

    එම පර්යේෂණ වලදී සොයාගෙන ඇති තවත් වැදගත් කාරණයක් වන්නේ පලතුරු වලට යොදන පළිබෝධනාශක වර්ඟ වල ශේෂ කොටස් සමඟ කාබයිඩ් වල ඇති රාසායනික ද්‍රව්‍ය ප්‍රතීක්‍රියා කිරීමෙන් අනපේක්ෂිත වගේම භයානක සෞඛ්‍ය ගැටළුවලු ඇතිවිය හැකි බවයි.

    08-21.jpg

    ඇපල් ගහේ තිබෙනවාටත් වඩා වැඩි කාලයක් කඩේ තිබෙන්නේ කොහොමද ?

    කැපූ මල් වර්ඟ මල් ඉති හා මල් පොහොට්ටු වියලීම සහ හැලීම නවතා සජීවී තත්වයෙන් වැඩිකාලයක් (ෆ්‍රෙෂ් ගතියෙන්) තබා ගැනීමට මල් ව්‍යාපාරිකයන් භාවිතා කරනුයේසිල්වර් නයිට්‍රෙට් ද්‍රාවණයකි, සිල්වර් නයිට්‍රෙට් සාදනු ලබන්නේ තනුක නයිට්‍රික් අම්ලය තුළ සිල්වර් ලෝහය දිය කිරීමෙනි. මෙම ද්‍රාවණය මතුපිට තැවරීම හානිකර නොවුනත්, ශරීර ගතවීම බෙහෙවින් හනිකර බවයි පැවසෙන්නේ, කෙසේ වෙතත් මෙම ද්‍රාවණය කැපූ මල් වලට පමණක් නොව එළවළු සහ පලතුරු ව්‍යාපාරය තුලද බහුල වශයෙන් භාවිතා කරණු ලබන බව ලංකාවේ අප දැන නොසිටියාට එය ලෝකයේ ප්‍රසිද්ධ රහසකි.

    09-18.jpg

    සිල්වර් නයිට්‍රෙට් පලතුරු මතට යෙදීමෙන්, පලතුරු වල ස්වාභාවික ඉදීමේ ක්‍රියාවලියට හේතු කාරක වන එතිලීන් නිෂ්පාදනය වීම නවතා දමනු ලැබේ . ඉන් පසු එම පලතුරු දීර්ඝ කාලයක් නැවුම්ව සහ සජීවීව තබා ගැනීමට එමගින් හැකිවේ. කෙසේ වෙතත් සිල්වර් නයිට්‍රෙට් කාලයක් තිස්සේ ශරීර ගතවීම මඟින් ස්නායු අබාධ, මොළයට සිදුවන හානිකර තත්වයන්, පිලිකා, වැනි රොගාබාධ රාශියකට ඉවහල් වන බව විද්‍යාඥයන් ප්‍රකාශ කරයි.

    ලංකාවේ මේ සඳහා භාවිතා කරනු ලබන්නේ අපි කවුරුත් හොදින් දන්නා රසායනික ද්‍රව‍යකි. ඒ වෙන කිසිවක් නොව "ෆොර්මලීන්"ය. ලංකාවේ පලතුරු අලෙවි කරන්නන් නිතර නිතර පලතුරු මතට යම් ද්‍රාවණයක් ඉසුනු ලබන බව ඔබ බොහෝ විට දැක ඇත. ඒ පිරිසිදු ඇල් වතුර යයි ඔබ බොහෝ විට සිතන්නට ඇත. එහෙත් අපගේ අවාසනවකට ඔවුන් මේ ඉසිනු ලබන්නේ ජලයේ දියකරගත් ෆොර්මලීන් ද්‍රාවණයක් වීමට බොහේ දුරට ඉඩ ඇත. සුද්දා සිල්වර් නයිට්‍රෙට් යොදා මාස ගණනක් කල්තබා ගත් ඇපල් කළු සුද්දා මළ මිනී එම්බාම් කරීමට යොදාගන්නා ෆොර්මලීන් භාවිතා කරන තවත් මාස ගණනාවක් යස අපූරුවට කල්තබා ගනී. මීට අමතරව අපේ කළු සුද්දා මීකිරි, කරවල සහ මාළු කල්තබා ගැනීමටද ෆොර්මලීන් සුලභව භාවිතා කරනු ලැබේ.

    විෂ සහිත ඇපල් දවටන . . .

    ඇපල් සහ අනෙකුත් පලතුරු වර්ඟ ඔතා ඇති සවිවර සහිත "රෙජිෆෝම්" දවටන නිෂ්පාදනය කර ඇත්තේද පලතුරු දිලීර හා බැක්ටීරියා ආසාදනවලින් බේරා ගැනීමට හැකි ප්‍රභල පලිබෝධානාශක වර්ඟ ගැල්වීමෙන් බවට කරුණු අනාවරණය වී ඇත. මේ සඳහා තහනම් පලිබෝධ වර්ඟයක් වන තිරාම් සහ ආසනික් අඩංගු දිළීරනාශක ද භාවිතා කෙරෙන බව සොයාගෙන ඇත. මේ හානිකර කටයුත්ත ගජරාමෙට සිදුකරනු ලබන්නේ චීනය තුල වන අතර, වර්ථමානයේදී ලොව ප්‍රමුඛම ඇපල් වෙළෙන්දා වන්නේද චීනයයි. මෙම විෂ සහිත දවටන පිළිබඳ චීනයෙන් ඇපල් ගෙවනු ලබන වියට්නාමය වැනි රටවල් පවා පරීක්ෂණ සිදු කරමින් නිරතර අවධානයෙන් පසු වෙතත්, අපේ රටේ එවැන්නක් පිළිබද හන්කවිසියක්වත අසන්නටවත් දකින්නටවත් නොමැත.

    06-25.jpg


    ඉටි ගෑ ඇපල් . . .

    පලතුරු කල්තබා ගැනීම සඳහා සිදුකරනු ලබන තවත් ක්‍රියාවක් වන්නේ එම පලතුරු මත අහාරයට ගත හැකි ඉටි වර්ගයක් තැවරීමයි. ඒ සඳහා බහුලව භාවිතා කරණු ලබන්නේ "මොර්පොලීන්" සහ "පැරෆින්" නමින් හඳුන්වන ඉටි වර්ගයන්ය. මෙවා අතුරින් මෝර්පොලීන් රසායනිකය පිලිකාකාරක ලක්ෂණ පෙන්නුම් කරන බවට සැක කරන වැවින් යුරෝපා සංගමයේ රටවල් තුළ භාවිතා කිරීම තහනම් කර ඇත. නමුත් අවාසනාවකට ලංකාවට ඇපල් ගෙන්වනු ලබන්නේ චීනය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් වල මෙම ඉටි ආලේප කිරීම තහනම් කර නොමැති බව ඔබ දන්නවාද ?

    පැරෆින් යනු පෙට්ට්‍රෝලියම් පිරිපහදුවේ අතුරු ඵලයකි. සංශුද්ධ පැරෆින් හානිකර නොමැතිබව පිලිගැණුනත, ඇතැම් ව්‍යාපාරිකයන් විසින් වැඩි ලාභ ලබා ගැනීම සඳහා තත්වයෙන් බාල පැරෆින් වර්ඟ භාවිතා කරණු ලබන බව හෙලිවී ඇත. මෙම බාල පැරෆින් තුළ බෙන්සීන්, ටොලුවීන් වැනි පිළිකාකාරක පවා අන්තර්ගතවී ඇති බවට විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. මෙහිදී අප හොදින් මතක තබා ගත යුතු කරුණක් ඇත එනම්, ලංකාවට ගෙන්වනු ලබන්නේ ලොව තත්වයෙන් බාල බවට "කන්ඩෙම්" වූ ඒවා බවත් ඉහත සඳහන් පරීක්ෂණ වලට භාජනය කොට ඇත්තේ ඇමරිකාව වැනි රටවල් වලට අලෙවි කල ඉතා උසස් තත්වයේ යයි සම්මත පලතුරු බවත්ය. ඉතින් අපිට දෙයියන්ගෙම පිහිටයි නේද ?

    සාමාන්‍යයෙන් අපේ රටේ වසරකට පිටරටින් ආනයන කරනු ලබන පලතුරු ප්‍රමාණය. මෙට්‍රික් ටොන් 45,000 පමණ වෙනවා. ඉන් ඇපල් පමණක් සැලකූ විට, ගෙඩි කෝටි 20ක් පමණ වෙනවා. රට වටකර වරකා ගස්, පේර ගස්, කෙසෙල් ගස් තිබෙන රටක ජීවත්වන කළු ජෝන්ලා, කළු ඇලිස්ලා වස විෂ කන්න තරම් ජාතික ධනක් කාබාසිනියා කරන එක ගැන අපි හඬා වැළපිය යුතුමය.

    අනෙක් අතට කට ගොන්නක් බීගෙන වැසිකිලි භාවිතයෙන් පසු ජීවිතයටවත් සබන් යොදා අත නොසෝදන පිටකොටුවේ බස් රථ වලට ගොඩවී දූවිලි, විෂබීජ වලින්ද රසවත් වූ ඇපල් විකුණන ඇපල් මාමලාගේ ඇපල් මිලදී ගෙන නොසොදාම අනුභව කරන අපේ රටේ උදවිය පිළිබඳව කණගාටු වනවා හැර කරන්නට වෙන යමක් තීබේද ?

    ඇපල් ගෙඩියට එරෙහිව පැපොල් . . .

    12-11.jpg

    අපේ රටේ ස්වාභාවිකව හැදෙන නෙල්ලි ගෙඩියේ, පැපොල්, නාරං, වරකා, කාමරංකා, වෙරළු, ජම්බෝල ගෙඩිවල තිබෙන පිළිකා වළක්වන ප්‍රතිඔක්ෂිකාරක ගුණයද ඇතුළුව මාහැඟි පෝෂණ ගුණයන් පිළිබඳව මෙළෝ හසරක් නොදන්නා අපේ කළු සුද්දන් බෝහෝ දෙනෙක් තවමත් හිතාගෙන ඉන්නේ ඇපල් වනාහී මහා පුදුමාකාර ගුණ කන්දරාවක් සහිත පලතුරක් ලෙසය. එහෙත් ඇත්ත කතාන්දරය වන්නේ පැපොල් ගෙඩියේ ඇති පෝෂණය අහලකටවත් ඇපල් ගෙඩියකට ලංවිය නොහැකි බවයි. දැන් ඔබට වැටහෙනවා ඇති "දිනකට ඇපල් ගෙඩියක් අනුභව කිරීමෙන් වෛද්‍යවරයා ඔබේ නිවසට නොගෙන්වා සිටිය හැකිය . . . " යන බටහිර කියමන වහාම වෙනස් කලයුතුය, තවද "දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන්, ඔබේ වෛද්‍යවරයා පොහොසත් වනු ඇත . . ." ලෙස එම කියමන කලයුතුය.

    10-16.jpg

    පැපොල්වල ඖෂධීය ගුණ . . .

    ඉදුණු සහ පිසින ලද පැපොල් ආහාර දිරවීම පහසු කරයි. රෝගීන්ගේ හා වැඩෙන ළමුන්ගේ ශක්තිය වඩවයි. මලබද්ධය නැති කරයි. ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවලදී චර්ම රෝග, අර්ශස්, උගුරේ ආබාධ හා පණු රෝග වලට පැපොල් ගසේ ඇට, කොළ හා යුෂ ද භාවිතයට ගනී. මීට අමතරව ප්ලීහාව ඉදිමී ඇති රෝගීන්ට කරන ප්‍රතිකාර සඳහා පැපොල් යොදා ගනී.

    13-8.jpg

    ඇපල් සහ පැපොල් වල පෝෂණ වෙනස සහ සංයුතිය . . .

    Untitled-1copy-8.jpg

    එබැවින් සල්ලී දී ලෙඩ හදා ගන්නවාද එහෙමත් නැත්තන් මෙතෙකැයි කිව නොහැකි පෝෂණ ගුණයකින් යුත් අපේ පැරැන්නන්ගේ දිවි රැක දුන් අපේ රටේ ස්වාභාවික අහාර වර්ඟ වල ඇති වටිනාකම් අපේ ඇත්තන්ට වැටහෙන්නේ කවදාද ? අන්න එදාට පෝෂණ විද්‍යාව සහ ජාතික ආර්ථික විෂයන්හී මහා දැවැන්ත ඉප්ලවයක් සිදුවන බව නම් නොඅනුමානය.

    14-6.jpg

     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Wax treatment eka nam true. But carbide (CaC2) treatment eka boruwak. beacuse there is more effective safe methods available. Also siver Nitrate (AgNo3) Treatment ekath boru, Insted of that Etheline Bromide thamai use karane, thawa modern, Safe and cheap technology godak thiyanawa. Kohomath Papaya nam hondai thamai because Ape rate salli ithuru wenawa. Nurtrition value ekath hondai.