ඇපල්_සැම්සුන් යළිත් ගැටෙයි
ඇපල්_සැම්සුන් යළිත් ගැටෙයි..
තාක්ෂණික ලෝකයේ යෝධයන් දෙදෙනෙකු වන ඇපල් හා සැම්සුන් අතර පේටන්ට් බලපත්‍ර ගැටුම යළිත් උණුසුම් වී ඇතැයි වාර්තා වේ.
සිය පේටන්ට් බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් ඇපල් සමාගම විසින් දකුණු කොරියාවේ සැම්සුන් සමාගමට එරෙහිව යළිත් නඩු පවරා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
පසුගිය සතියේදී ඇමෙරිකාවේ සැන් හොසේ හි අධිකරණයකදී නඩු පවරමින් ඇපල් සමාගම ඉල්ලා ඇත්තේ සැම්සුන් සමාගමේ අළුත් ගැලැක්සි නෙක්සස් ස්මාර්ට්ෆෝන් දුරකථන අලෙවි කටයුතු තහනම් කරන ලෙසයි.
පසුගිය ඔක්තෝබර් මස එලිදැක්වුනු ’ගැලැක්සි නෙක්සස්’ ගූගල් සමාගමේ නවතම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වන ’අයිස්කී්රම් සැන්විච්’ මෙහෙයුම් පද්ධතියෙන් කි‍්‍රයාකළ ප්‍රථම උපාංගයයි.
මෙම නඩුව පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සැම්සුන් සමාගම පවසා තිබුනේ ඇපල් විසින් එල්ල කර ඇති චෝදනා වලට එරෙහිව සිය සමාගමේ බුද්ධිමය දේපල අයිතීන් සනාථ කිරීමට තවදුරටත් කටයුතු කරන බවත්ය.
මෙම සමාගම් අතර තවත් නඩුවිභාගයක් මෙම අධිකරණයේම පසුගිය අපේ‍්‍රල් මාසයේ සිට විභාග වෙමින් පවතියි.
මීට අමතරව, ලොවපුරා රටවල් 10කදී පමණ මෙම සමාගම් අතර නීතිමය ගැටුම් 20කට වැඩි ප්‍රමාණයක් පවතින බව විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.