ඇබා යළිත් කරළියට

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඇබා යළිත් කරළියට

    ඇබා යළිත් කරළියට

    image_afebe4cb6d.jpg

    ජනප්‍රිය පොප් සංගීතයේ ආරම්භක සංගීත කණ්ඩායමක් වූ ගායක, ගායිකා යුගල දෙකකින් සමන්විත ස්වීඩනයේ ඇබා සංගීත කණ්ඩායම යළි එක්වී තිබෙනවා.

    70 සහ 80 දශකවල ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වූ ඔවුන් අවසන් ගීතය පටිගත කර තිබුණේ 1982 වසරේදියි. ඔවුන් නැවතත් එක්වී නව ගීත දෙකක් ද එළිදක්වා තිබේ.

    බටහිර සංගීතයට සිදුකළ සේවාව වෙනුවෙන් ස්වීඩනයේ ඇබා කෞතුකාගාරයක් ද පිහිටුවා ඇති අතර, ඔවුන්ගේ ගී තැටි මිලියන 400කට අධික සංඛ්‍යාවක් ලොව පුරා අලෙවි වීම විශේෂත්වයකි.වසර 35 කට පසු තමන් සංගීත සවාරියකට සූදානම් බව ඉන්සටර්ග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමින් ඇබා සංගීත කණ්ඩායම සඳහන් කළේය.

    ( තිළිණි ද සිල්වා )