ඇමතිතුමනි, වර්ජනය නං සාර්ථකයි

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ඇමතිතුමනි,වර්ජනය-නං-සාර්ථකයි

    සෑහෙන කාලෙකට පස්සෙ ලිපියක් ලියන්න ඉදගත්ත බැචා අද ලියන්න යන්නේ මේදවස්වල බැචාලා වැඩියෙන්ම කතාකරන මාතෘකාව ගැන. සාමාන්‍යයෙන් අවුරුද්දෙ මේ කාලය බැචාලට සෑහෙන්න කාර්යබහුල කාලයක්. හැබැයි මේ අවුරුද්දෙ විතරක් අසාමාන්‍ය නිදහසක්. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය; රටම කතා නොකලත්, රටම කතා කල යුතු හේතුවක්. ඇත්තටම ඇයි මේවගේ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට සරසවි ඇදුරන් යොමුවුනේ? ආණ්ඩුව පෙරලන්ඩද? ජ.වි.පෙ.ට කඩේ යන්නද? එහෙම නැත්තන් මේක පිටිපස්සෙ විදේශ බලවේග ඉන්නවද දන්නෙත් නෑ? බැචාට දැනගන්න ලැබුනු විදිහටනං අවුරුදු ගාණක් තිස්සේ ආණ්ඩුව යට ගහපු වැටුප් ප්‍රශ්නයේ උච්ඡතම අවස්ථාවයි අර්බුදයක් විදිහට පුපුරා ගියේ. ගිය අවුරුද්දේ අග බාගයෙත් වැටුප් විෂමතා ඉවත්කරන්න කියලා ඉල්ලමින් ආචාර්යවරුන් එක්දින වර්ජනයක් ක්‍රියාත්මක කරා බැචාට මතකයි. එතකොට ඇමතිතුමා ලක්ෂ දෙකක පඩියක් දෙනවා කිය කිය පාරම්බාපු හැටිත් බැචාට මතකයි. කොහොම කොහොමහරි මේ ප්‍රශ්නය එකපාරට ඕපපාතිකව ආණ්ඩුව අපහසුතාවට පත්කරන්න මතුකරපු එකක් නොවන බවනම් පැහැදිලියි.

    විශ්ව විද්‍යාලයක සේවය කරන උපදේශකයෙක්ට (Instructor) රුපියල් විසිදහසකට ආසන්න වැටුපක් මේ වන කොට ගෙවනවලු. නමුත් විශ්ව විද්‍යාල පද්ධතියේ ඉන්න ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයාටත් ලැබෙන්නේ රුපියල් හැටදහසකට අඩු වැටුපක් කියලයි බැචාට දැනගන්න ලැබුනේ. සාමාන්‍ය කථිකාචාර්ය වරයෙක් උණත් ඒ පදවියට උසස් කෙරෙන්නේ ආචාර්ය උපාධිය හිමිවුනායින් අනතුරුවයි. මහාචාර්යවරයෙක් වශයෙන් උසස් වීමක් ලබන්න වසර දහයකට ආසන්න කාලයක් ආචාර්යවරයෙක් විදිහට සේවය කරන්නත් සිදුවෙනවා. ඉතිං බැචා කියන්න හදන්නේ අද මේවිදිහට වැඩ වර්ජනය කරන ආචාර්යවරුන් සෑහෙන කාලයක් අධ්‍යාපනය වෙනුවෙන් කාලය වැය කරපු, ඒ අධ්‍යාපනයෙන් පෙරලා සේවයක් රටට කරන පිරිසක්ය කියන කාරණය. ලංකාවේ අනෙක් වෘත්තීන්ට සාපේක්ෂව ඔවුන් ලබන වරප්‍රසාද ප්‍රමාණවත් නෑ කියලයි බැචාටනං හිතෙන්නෙ. විශේෂයෙන් අනාගතයේ රටේ සංවර්ධනයට, යහපතට යොදාගන්න අනාගත මානව සම්පත් හැඩගැන්වෙන්නෙත් ඔවුන්ගේ අතින් බව අමතක කරන්න බෑ. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විද්‍යාඥයන්, චින්තකයන්, නීතීඥයන් බිහිකරන්න දැනුම දෙන ඔවුන් ඇත්තටම ජාතිය සතු සම්පත්. ඒ සම්පත් රැකගැනීම වෙනුවෙන් ප්‍රමාණවත් යමක් රජය පැත්තෙන් වෙනවද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්.(ඇත්තටම මේකාරණය ගුරුවරුන්ටත් අදාලයි. කරන සේවය වෙනුවෙන් ඔවුන් ලබන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නෑ කියලයි බැචානං හිතන්නේ)

    උසස් අධ්‍යාපන අමාත්‍යතුමා මෑතක ප්‍රකාශයක් කරලා තිබ්බා අපේ රටේ නව නිර්මාණ විශ්වවිද්‍යාල තුලින් බිහිවෙන්නෙ නෑ; ඒ හින්දා පඩිවැඩිකරන්න කරන ඉල්ලීම විහිළුවක්ය කියලා. අළුත් නිර්මාණ බිහිකරන්න ඒ සදහා ප්‍රාග්ධන සම්පාදනයක් වෙන්න ඕන. නව නිර්මාණ වලට ප්‍රාග්ධනය සම්පාදනය කරනවා කියා අද විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර ටික නඩත්තු කරන්නවත් ප්‍රමාණවත් මුදල් අද විශ්ව විද්‍යාල වෙනුවෙන් රජයෙන් වෙන් කෙරෙන්නේ නෑ. අදටත් ලංකාවේ විශ්වවිද්‍යාල වල ආචාර්යවරුන්ගේ විශාල හිගයක් තියෙනවා. ඉන්න ආචාර්යවරුනුත් ලංකාවේ රැදී ඉන්නෙ ලැබෙන සොච්චමට තියෙන ආසාවට වඩා රට ගැන තියෙන කැක්කුම හින්ද කියලයි බැචාට හිතෙන්නේ. විශේෂයෙන් විද්‍යා අංශයේ පීඨ වල ආචාර්යවරුන්ට පර්යේෂණ ක්‍රියාකාරකම් වෙනුවෙන් ඉතා විශාල ඉල්ලුමක් තියෙනවා කියන කාරණයත් රහසක් නෙවේ.

    මේ හැම දේටම වඩා අද විශ්ව විද්‍යාල ශිෂ්‍යයා මුහුණපාලා ඉන්න අර්බුදය අවදානයට ගන්න ඕනෙ කියලයි බැචාට හිතෙන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨවල අවසන් විභාගය මැයි-ජූනි මාසවල තියන්න නියමිතව තිබ්බා. නමුත් ඒ විභාග තියන්න හැකියාව ලැබුනේ නෑ. විද්‍යා පීඨයේ අවසන් වසර සිසුන් පශ්චාත් උපාධි කටයුතු සදහා විදේශ ශිෂ්‍යත්ව ඒ වෙනකොට ලබාගෙනයි තිබුනෙ. නමුත් අධ්‍යයන වර්ෂය අවසන් කරන්න නොහැකිවීම හින්දා ඒ ශිෂ්‍යත්ව අවලංගු කරන්න ඔවුන්ට සිදුවුනා. තමන්ගේ පශ්චාත් උපාධිය වෙනුවෙන් තව අවුරුද්දක් බලන් ඉන්න ඔවුන්ට සිදුවෙනවා. අනෙක් පීඨවල පීඨයෙන් ඉවත්වෙලා රැකියා වලට යොමුවෙන්න හිටපු දහස් ගණන් ශිෂ්‍යයන්ගේ ජීවිත තාවකාලිකව අතරමග හිරවෙලා. අධ්‍යාපනය ලබන්න බැරිව අද වෙනකොට විශ්වවිද්‍යාල 15ක ශිෂ්‍යයන් ගෙවල් වලට වෙලා කල් මරණවා. දවසින් දවස මේ කල් දමන්නේ හෙට ලංකාවේ අනාගතය බාරගන්න ඉන්න බුද්ධිමතුන්ගේ ජීවිත නේද? කල්දමන දවසක් පාසා කල්යන්නේ ලංකාවේ අනාගතය නෙවේද?

    දැන් වැඩවර්ජනයට මාස එක හමාරකට ආසන්න කාලයක් වෙනවා. මුලදී උසස් අධ්‍යාපන ඇමතිතුමා කිව්වේ වර්ජනය අසාර්ථකයි කියලා. ඇමතිතුමනි, වර්ජනය නං සාර්ථකයි. දැන්වත් ඇස් ඇරල ඇදුරන්ගේත්, ශිෂ්‍යයන්ගේත් ජීවිත කාලකන්නි කරන එක නැවැත්තුවොත් නේද හොද?
    http://campusbatcha.blogspot.com/2011/06/blog-post.html
     
    Last edited:

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    honda thread ekak....man example ekak dennam...
    ape thathtata uni eke normal salary eka 54,000
    eth thaththa japan waladi padiya 450,000

    onna okai thathwe......godak aya mehe padi nathi nisa rata yanawa....sulutharayak aya nidahas adyapanayen igana gaththu aya nisa ratata pitu pannathuwa podi salary ekata unath wada karanawa.....

    ape thaththage faculty eketh godak uncle la rata gihin dan :S
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    ow machan kattiya godak danne na may scene eka, api e kiyanne moratuwa eng faculty athulu all eng facultyth may case eka nisa masayak vithara vahala!

    Good thread!
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ow machan kattiya godak danne na may scene eka, api e kiyanne moratuwa eng faculty athulu all eng facultyth may case eka nisa masayak vithara vahala!

    Good thread!
    Mama pera Eng mchan; man hithuwe moratuwe wada athi kiyalai :confused:
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    සෑහෙන කාලෙකට පස්සෙ ලිපියක් ලියන්න ඉදගත්ත බැචා අද ලියන්න යන්නේ මේදවස්වල බැචාලා වැඩියෙන්ම කතාකරන මාතෘකාව ගැන. සාමාන්‍යයෙන් අවුරුද්දෙ මේ කාලය බැචාලට සෑහෙන්න කාර්යබහුල කාලයක්. හැබැයි මේ අවුරුද්දෙ විතරක් අසාමාන්‍ය නිදහසක්. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය; රටම කතා නොකලත්, රටම කතා කල යුතු හේතුවක්. ඇත්තටම ඇයි මේවගේ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට සරසවි ඇදුරන් යොමුවුනේ? ආණ්ඩුව පෙරලන්ඩද? ජ.වි.පෙ.ට කඩේ යන්නද? එහෙම නැත්තන් මේක පිටිපස්සෙ විදේශ බලවේග ඉන්නවද දන්නෙත් නෑ? බැචාට දැනගන්න ලැබුනු විදිහටනං අවුරුදු ගාණක් තිස්සේ ආණ්ඩුව යට ගහපු වැටුප් ප්‍රශ්නයේ උච්ඡතම අවස්ථාවයි අර්බුදයක් විදිහට පුපුරා ගියේ. ගිය අවුරුද්දේ අග බාගයෙත් වැටුප් විෂමතා ඉවත්කරන්න කියලා ඉල්ලමින් ආචාර්යවරුන් එක්දින වර්ජනයක් ක්‍රියාත්මක කරා බැචාට මතකයි. එතකොට ඇමතිතුමා ලක්ෂ දෙකක පඩියක් දෙනවා කිය කිය පාරම්බාපු හැටිත් බැචාට මතකයි. කොහොම කොහොමහරි මේ ප්‍රශ්නය එකපාරට ඕපපාතිකව ආණ්ඩුව අපහසුතාවට පත්කරන්න මතුකරපු එකක් නොවන බවනම් පැහැදිලියි.

    විශ්ව විද්‍යාලයක සේවය කරන උපදේශකයෙක්ට (Instructor) රුපියල් විසිදහසකට ආසන්න වැටුපක් මේ වන කොට ගෙවනවලු. නමුත් විශ්ව විද්‍යාල පද්ධතියේ ඉන්න ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයාටත් ලැබෙන්නේ රුපියල් හැටදහසකට අඩු වැටුපක් කියලයි බැචාට දැනගන්න ලැබුනේ. සාමාන්‍ය කථිකාචාර්ය වරයෙක් උණත් ඒ පදවියට උසස් කෙරෙන්නේ ආචාර්ය උපාධිය හිමිවුනායින් අනතුරුවයි. මහාචාර්යවරයෙක් වශයෙන් උසස් වීමක් ලබන්න වසර දහයකට ආසන්න කාලයක් ආචාර්යවරයෙක් විදිහට සේවය කරන්නත් සිදුවෙනවා. ඉතිං බැචා කියන්න හදන්නේ අද මේවිදිහට වැඩ වර්ජනය කරන ආචාර්යවරුන් සෑහෙන කාලයක් අධ්‍යාපනය වෙනුවෙන් කාලය වැය කරපු, ඒ අධ්‍යාපනයෙන් පෙරලා සේවයක් රටට කරන පිරිසක්ය කියන කාරණය. ලංකාවේ අනෙක් වෘත්තීන්ට සාපේක්ෂව ඔවුන් ලබන වරප්‍රසාද ප්‍රමාණවත් නෑ කියලයි බැචාටනං හිතෙන්නෙ. විශේෂයෙන් අනාගතයේ රටේ සංවර්ධනයට, යහපතට යොදාගන්න අනාගත මානව සම්පත් හැඩගැන්වෙන්නෙත් ඔවුන්ගේ අතින් බව අමතක කරන්න බෑ. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, විද්‍යාඥයන්, චින්තකයන්, නීතීඥයන් බිහිකරන්න දැනුම දෙන ඔවුන් ඇත්තටම ජාතිය සතු සම්පත්. ඒ සම්පත් රැකගැනීම වෙනුවෙන් ප්‍රමාණවත් යමක් රජය පැත්තෙන් වෙනවද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්.(ඇත්තටම මේකාරණය ගුරුවරුන්ටත් අදාලයි. කරන සේවය වෙනුවෙන් ඔවුන් ලබන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නෑ කියලයි බැචානං හිතන්නේ)

    උසස් අධ්‍යාපන අමාත්‍යතුමා මෑතක ප්‍රකාශයක් කරලා තිබ්බා අපේ රටේ නව නිර්මාණ විශ්වවිද්‍යාල තුලින් බිහිවෙන්නෙ නෑ; ඒ හින්දා පඩිවැඩිකරන්න කරන ඉල්ලීම විහිළුවක්ය කියලා. අළුත් නිර්මාණ බිහිකරන්න ඒ සදහා ප්‍රාග්ධන සම්පාදනයක් වෙන්න ඕන. නව නිර්මාණ වලට ප්‍රාග්ධනය සම්පාදනය කරනවා කියා අද විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර ටික නඩත්තු කරන්නවත් ප්‍රමාණවත් මුදල් අද විශ්ව විද්‍යාල වෙනුවෙන් රජයෙන් වෙන් කෙරෙන්නේ නෑ. අදටත් ලංකාවේ විශ්වවිද්‍යාල වල ආචාර්යවරුන්ගේ විශාල හිගයක් තියෙනවා. ඉන්න ආචාර්යවරුනුත් ලංකාවේ රැදී ඉන්නෙ ලැබෙන සොච්චමට තියෙන ආසාවට වඩා රට ගැන තියෙන කැක්කුම හින්ද කියලයි බැචාට හිතෙන්නේ. විශේෂයෙන් විද්‍යා අංශයේ පීඨ වල ආචාර්යවරුන්ට පර්යේෂණ ක්‍රියාකාරකම් වෙනුවෙන් ඉතා විශාල ඉල්ලුමක් තියෙනවා කියන කාරණයත් රහසක් නෙවේ.

    මේ හැම දේටම වඩා අද විශ්ව විද්‍යාල ශිෂ්‍යයා මුහුණපාලා ඉන්න අර්බුදය අවදානයට ගන්න ඕනෙ කියලයි බැචාට හිතෙන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨවල අවසන් විභාගය මැයි-ජූනි මාසවල තියන්න නියමිතව තිබ්බා. නමුත් ඒ විභාග තියන්න හැකියාව ලැබුනේ නෑ. විද්‍යා පීඨයේ අවසන් වසර සිසුන් පශ්චාත් උපාධි කටයුතු සදහා විදේශ ශිෂ්‍යත්ව ඒ වෙනකොට ලබාගෙනයි තිබුනෙ. නමුත් අධ්‍යයන වර්ෂය අවසන් කරන්න නොහැකිවීම හින්දා ඒ ශිෂ්‍යත්ව අවලංගු කරන්න ඔවුන්ට සිදුවුනා. තමන්ගේ පශ්චාත් උපාධිය වෙනුවෙන් තව අවුරුද්දක් බලන් ඉන්න ඔවුන්ට සිදුවෙනවා. අනෙක් පීඨවල පීඨයෙන් ඉවත්වෙලා රැකියා වලට යොමුවෙන්න හිටපු දහස් ගණන් ශිෂ්‍යයන්ගේ ජීවිත තාවකාලිකව අතරමග හිරවෙලා. අධ්‍යාපනය ලබන්න බැරිව අද වෙනකොට විශ්වවිද්‍යාල 15ක ශිෂ්‍යයන් ගෙවල් වලට වෙලා කල් මරණවා. දවසින් දවස මේ කල් දමන්නේ හෙට ලංකාවේ අනාගතය බාරගන්න ඉන්න බුද්ධිමතුන්ගේ ජීවිත නේද? කල්දමන දවසක් පාසා කල්යන්නේ ලංකාවේ අනාගතය නෙවේද?

    දැන් වැඩවර්ජනයට මාස එක හමාරකට ආසන්න කාලයක් වෙනවා. මුලදී උසස් අධ්‍යාපන ඇමතිතුමා කිව්වේ වර්ජනය අසාර්ථකයි කියලා. ඇමතිතුමනි, වර්ජනය නං සාර්ථකයි. දැන්වත් ඇස් ඇරල ඇදුරන්ගේත්, ශිෂ්‍යයන්ගේත් ජීවිත කාලකන්නි කරන එක නැවැත්තුවොත් නේද හොද?
    http://campusbatcha.blogspot.com/2011/06/blog-post.html

    I'm level 4 one too (Moratuwa eng..) .... We recieved holidays and 1 1/2 months for the research project at the start of April, scheduling to start around middle of May. The research takes time but is not busy (most of the time it takes to wait to samples to mature etc...) so effectively we are at home from start of April to now .... without doing anything :sorry::sorry:

    Companies came to the campus and selected people but they can't go because they don't have the degree yet !!! :angry::angry::angry:

    And do you know how many months we worked this year? Only two !!! only f***** two!! :angry::angry::angry::angry: First we had detention for NDT:Eng fac problem from last year's December where campus restarted on 14 of feb. The whole other four months were nothing .... useless... we cannot study for next semester because we don't know syllabus so we cannot study anything. Now we have given notice that there won't be any reading weeks before exams. Guys, you should understand engineering exams are kinda harder ...... just wondering whether i could fail even!!
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Engineering faculty (moratuwa) does not have ragging. It never had. Moratuwa campus does not support/is not included in "Anthare" (Inter-university student command) and any external political organization (ex: JVP, Podu, Nil balaka) is prohibited inside campus. Only campus politics you can have, not the politics of the country.

    We are not fools or misbehaving bunch of time-wasters as SB says. First, that foolish leadership training is not required for our campus because it is already given, and theres no rag in eng. faculty.
    Second, professors in our campus are well known people who have a lot of connections with the foreign countries. They do lot of reserchs and have found many patents and solutions for industry issues. If you can't give them more than 50,000 LKR they are gonna leave. REALLY. THEY SAY THAT TO ME PERSONALLY.:shocked::shocked::shocked::shocked:

    I was lucky somehow beacuse i have already learnt 7 semesters, i will not feel the hit that much. But for the younger students .... OMG. How are they gonna learn ??? :angry::angry::angry::angry:
    And what the F**** will happen to industry when professors are not around to give them advice? :angry::angry::angry: