ඇමතිතුමා කෝ අනිත් අය?
‘ඇමතිතුමා කෝ අනිත් අය?' - ඉන්දීය පරිවාර නිලධාරීන් මංගලගෙන් අසයි!
නව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (17 ) රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ පණිවිඩයක් රැගෙන ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව නව දිල්ලි නුවරට ළඟා වූ මොහොතේ ඔහු පිලිගැනීමට පැමිණ සිටි ඉන්දීය රාජ්‍ය නියෝජිතයන් සහ පරිවාර නිලධාරීන් ඔහුගෙන් අසා ඇත්තේ ‘ඇමතිතුමා කෝ අනිත් අය?' කියාය. ඔවුන්ගේ පැනයෙන් වික්ෂිපත් වී ඇති ඇමතිවරයා ඔවුන්ට පවසා ඇත්තේ ‘අපි තුන්දෙනා විතරයි ආවේ' කියාය.
මංගලගේ පිලිතුරෙන් අන්දමන්ද වී ඇති ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පුදුමයෙන් එකිනෙකාගේ මූන බලාගෙන ඇත. පසුව ඔවුන් මංගලට කරුණු පැහැදිලි කරමින් කියා ඇත්තේ පරණ පුරුද්දට ඔවුන් අවම වශයෙන් තිස් දෙනෙකු වත් බලාපොරොත්තු වූ බවයි. ‘ඒ කාලෙ ඉවරයි. මාත් එක්ක උපරිම තුන්දෙනා තමයි මින් පස්සෙ එන්නෙ. වැඩි වෙනව නම් කියන්නම්. ඒත් උපරිමය පස් දෙනයි' යනුවෙන් මංගල පිලිවදන් දී ඇත.