ඇමතිතුමා කෝ අනිත් අය?

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ඇමතිතුමා කෝ අනිත් අය?

    ‘ඇමතිතුමා කෝ අනිත් අය?' - ඉන්දීය පරිවාර නිලධාරීන් මංගලගෙන් අසයි!


    නව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (17 ) රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ පණිවිඩයක් රැගෙන ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව නව දිල්ලි නුවරට ළඟා වූ මොහොතේ ඔහු පිලිගැනීමට පැමිණ සිටි ඉන්දීය රාජ්‍ය නියෝජිතයන් සහ පරිවාර නිලධාරීන් ඔහුගෙන් අසා ඇත්තේ ‘ඇමතිතුමා කෝ අනිත් අය?' කියාය. ඔවුන්ගේ පැනයෙන් වික්ෂිපත් වී ඇති ඇමතිවරයා ඔවුන්ට පවසා ඇත්තේ ‘අපි තුන්දෙනා විතරයි ආවේ' කියාය.



    mangala-samaraweera_18.jpg



    මංගලගේ පිලිතුරෙන් අන්දමන්ද වී ඇති ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පුදුමයෙන් එකිනෙකාගේ මූන බලාගෙන ඇත. පසුව ඔවුන් මංගලට කරුණු පැහැදිලි කරමින් කියා ඇත්තේ පරණ පුරුද්දට ඔවුන් අවම වශයෙන් තිස් දෙනෙකු වත් බලාපොරොත්තු වූ බවයි. ‘ඒ කාලෙ ඉවරයි. මාත් එක්ක උපරිම තුන්දෙනා තමයි මින් පස්සෙ එන්නෙ. වැඩි වෙනව නම් කියන්නම්. ඒත් උපරිමය පස් දෙනයි' යනුවෙන් මංගල පිලිවදන් දී ඇත.
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මුලු ආන්ඩුවම කන්න මූ විතරක් ඇති. බය වෙන්ඩ එපා කිරි කලේටම ඉන්න එකම ගොම් බෙට්ට
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඉන්දීය පරිවාර නිලධාරීන්: ‘ඇමතිතුමා කෝ අනිත් අය?'

    මංගල: 'මැදමුලනේ' චක්ගුඩු පනිනවා...
     
    Last edited: