ඇමතින්ට_සැපවාහන_අහිමිවෙයි...

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    ඇමතින්ට_සැපවාහන_අහිමිවෙයි...

    ජනපතිවරයාගේ නියමය අනුව ඇමතිවරුන් භාවිතා කරන සුබෝපභෝගී වාහන වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගෙන් ඉවත් කිරීමට ජනපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ජූනි මස 30 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ‍මෙම නියෝගය ක්‍රියාත්මක කර ඇති බවද ඒ වෙනුවෙන් ඔවුන්ට මිල අඩු "Toyota AVANZA" ලබා දෙනු ඇතැයි ද වාර්තා වේ.
    ජනපතිවරයාගේ මෙම ක්‍රියාව අනුව මැති ඇමතිවරුන් සඳහා විදෙස් ගමන් වලදී සුපිරි ව්‍යාපාරික පන්තිය (Business Class) වෙනුවට සාමාන්‍ය පිරිමැසුම් පන්තිය (Economic Class) භාවිතා කරන ලෙසට නියෝග කර ඇත. ඊට අමතරව තමාට ජනපතිවරයා වශයෙන් භාවිතා කිරීමට තිබූ නිල සුඛෝපභෝගී බෝට්ටුව විකුණා දැමීමටද තමාගේ භාවිතයට තිබූ ගුවන් යානා ගිලනුන් ප්‍රවාහනය කරන ගුවන් යානා ලෙස පරිවර්තනය කිරීමටද මැයි 09 වන දා අලුතින් පත්වූ පිලිපීන ජනපතිවරයා තීරණය කර ඇත
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    හිගන්නෝ ඉන්නේ බන් පිලිපීන වල ඒකට බලහන් අපේ රටේ අපිට කොච්චර ආඩම්බරයක්ද ලෝකෙට ණය වෙලා හරි ඇමතිලාට සැප වාහන දෙනවා :D :D
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නොදකින් මම හිතුවෙ ලන්කාවෙ කියල... අපේ උන් නම් යයි ඇවන්ස වල...:dull::dull:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,949
    113
    හිගන්නෝ ඉන්නේ බන් පිලිපීන වල ඒකට බලහන් අපේ රටේ අපිට කොච්චර ආඩම්බරයක්ද ලෝකෙට ණය වෙලා හරි ඇමතිලාට සැප වාහන දෙනවා :D :D

    giphy.gif
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    හිගන්නෝ ඉන්නේ බන් පිලිපීන වල ඒකට බලහන් අපේ රටේ අපිට කොච්චර ආඩම්බරයක්ද ලෝකෙට ණය වෙලා හරි ඇමතිලාට සැප වාහන දෙනවා :D :D

    REP +
    සිරා කාතාව
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ජනපතිවරයාගේ නියමය අනුව ඇමතිවරුන් භාවිතා කරන සුබෝපභෝගී වාහන වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගෙන් ඉවත් කිරීමට ජනපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ජූනි මස 30 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ‍මෙම නියෝගය ක්‍රියාත්මක කර ඇති බවද ඒ වෙනුවෙන් ඔවුන්ට මිල අඩු "Toyota AVANZA" ලබා දෙනු ඇතැයි ද වාර්තා වේ.
    ජනපතිවරයාගේ මෙම ක්‍රියාව අනුව මැති ඇමතිවරුන් සඳහා විදෙස් ගමන් වලදී සුපිරි ව්‍යාපාරික පන්තිය (Business Class) වෙනුවට සාමාන්‍ය පිරිමැසුම් පන්තිය (Economic Class) භාවිතා කරන ලෙසට නියෝග කර ඇත. ඊට අමතරව තමාට ජනපතිවරයා වශයෙන් භාවිතා කිරීමට තිබූ නිල සුඛෝපභෝගී බෝට්ටුව විකුණා දැමීමටද තමාගේ භාවිතයට තිබූ ගුවන් යානා ගිලනුන් ප්‍රවාහනය කරන ගුවන් යානා ලෙස පරිවර්තනය කිරීමටද මැයි 09 වන දා අලුතින් පත්වූ පිලිපීන ජනපතිවරයා තීරණය කර ඇත
    :angry::angry::angry::angry::angry:
    :lol::lol::lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මැයි 09 වන දා අලුතින් පත්වූ පිලිපීන ජනපතිවරයා තීරණය කර ඇත
    මේ ටික කියවද්දින් මානසිකව වැටුනා බ්‍රෝ:(,කාලකන්නින්ට හොඳ වැඩේ කියලා හිතාගෙන පහලට කියවගෙන ආවේ:lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කියවගෙන යද්දී මාත් හිතුවේ අපේ ජනාධිපති යන්තම් හොද වැඩක් කරලා කියලා..බැලින්නම් මේ පිලිපිනයෙනේ.....අනේ යකෝ..:lol::lol:..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    හිගන්නෝ ඉන්නේ බන් පිලිපීන වල ඒකට බලහන් අපේ රටේ අපිට කොච්චර ආඩම්බරයක්ද ලෝකෙට ණය වෙලා හරි ඇමතිලාට සැප වාහන දෙනවා :D :D

    පිස්සු කතා කරනවා..අපි ඇමතිලා ඔය අඩු මිල වාහන ගත්තොත් ලෝකයෝ හිතයි අපි දුප්පත් රටක් කියලා....ගන්නවා නම් Benz , BMW , Land rover විතරයි ගන්න ඕනි...ලම්බෝර්ගිනි අරගෙන ඔය ගම වලට යන්න බැ ...කැබ් වලින් ගියාම ඇට කැඩෙනවා..අංශභාගේ හැදෙනවා...එක නිසා අපේ අමතිලට හොදම ඒවා අරන් දෙන්න ඕනි අපි...:):)..මහජන සේවකයෝනේ ...අපි වෙනුවෙන් මොන තරම් මහන්සි වෙනවද...
     
    Last edited:

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    මේ ටික කියවද්දින් මානසිකව වැටුනා බ්‍රෝ:(,කාලකන්නින්ට හොඳ වැඩේ කියලා හිතාගෙන පහලට කියවගෙන ආවේ:lol:

    sira :(
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ethakota mahinda eeka karaddi witharak hari da? :rofl:

    මහින්ද ඒවා කරපු නිසානේ බන් මිනිස්සු මේ ආණ්ඩුව පත් කරේ..එත් දැන් මේ ආණ්ඩුවත් බලය තහවුරු කරගන්න වැඩ කරනවා මිසක රට ගැන හිතන්නේ නැ ..මන්ත්‍රීවරුන්ට වාහන , දීමනා , ආරක්ෂාව දීලා ලගට ගන්න හදනවා..හරියට හොර ගැනිට සලකලා ලගින් තියා ගන්නවා වගේ....ඔය ඇමතිවරු හරියට අවංකව ජනතා සේවකට වැඩ කරනවා නම් මිනිසුන්ගේ චන්දය නිකන්ම ලැබෙනවා....අනිත් එක මිනිස්සු ගාවට යන්න ලොකු වාහන , STF ආරක්ෂාව ඕනිද..?...තමන්ට චන්දෙ දුන්න මිනිස්සු ගාවට යන්න ආරක්ෂාව, ලොකු සැප වාහන ඕනිද බන් හරියට කරන්න ආපු වැඩේ කරනවා නම්....දැන් ඉන්න මොන දේශපාලකයා අවත ඔහොම තමයි...කලාතුරකින් ඇති අවන්කවම වැඩ කරන අය ....ඔය ඉන්න හැමෝටම හොදට සල්ලි තියෙන එවුන්..හොද වාහන තියෙන එවුන් ..එහෙම තියෙද්දිත් තව රජයෙන් වාහන ගන්නවා...කාලකන්නි...ඔය ඔක්කොම මැරිලා ගියපු දවසට ලංකාව හැදුනොත් තමයි ඉතින්...අපි මැරෙන්න කලින්වත් ලංකාව දියුණු වෙයිද කියලා නම් කියන්න බෑ ..
     
    • Like
    Reactions: DangerMan119