ඇමතිවරු-දිවුරුම්දීම-ඇරඹෙයි!

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඇමතිවරු-දිවුරුම්දීම-ඇරඹෙයි!

    ඇමතිවරු දිවුරුම් දීම ඇරඹෙයි! මුදල් මංගලට අර්ජුනට මහින්දට නව ඇමති පදවි!

    2u4rjty.jpg


    අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ඇමතිවරුන් කිහිප දෙනකුගේ ඇමතිධූරයන්ගේ වෙනසක් වනු ඇති බවත් ඇතැමුන්ට ඇමතිධූර අහිමි වී යාහැකි බවත් දේශපාලන ආරංචිමාර්ග පවසනවා. නියෝජ්‍ය ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකුට කැබිනට් ඇමතිධූර හිමිවිය හැකි බවත් එම ආරංචි පවසනවා.

    එක්සත් ජනතා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යන දෙපාර්ශවයේම ඇමතිවරුන් මෙම කැබිනට් සංශෝධනයට ලක්වනවා.

    .........................................................................................................

    අමාත්‍ය මණ්ඩල සංශෝධනය අනුව නව ඇමතිවරුන් දිවුරුම් දීම මේ වනවිට ඇරඹී තිබෙනවා. දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ ජනමාධ්‍ය හා මුදල් ඇමතිවරයා ලෙස මංගල සමරවීර, අර්ජුන රණතුංග ඛනිජ තෙල් සහ මහින්ද සමරසිංහ වරාය ඇමතිවරයා ලෙස දිවුරුම් දී ඇති බවයි.

    විදේශ කටයුතු ඇමති ලෙස රවී කරුණානායක සහ ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමතිවරයා ලෙස ගයන්ත කරුණාතිලක දිවුරුම් දී තිබෙනවා.

    අර්ජුන රණතුංග, ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා. තිලක් මාරපන සංවර්ධන උපාය මාර්ග අමාත්‍යවරයා ලෙස පත්කර ඇති අතර චන්දිම වීරක්කොඩි වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි පත්කර ඇත්තේ.

    මීට අමතරව එස් බී දිසානායක සමාජ සුභසාධන හා මහනුවර උරුමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.

    ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න කම්කරු හා වෘත්තීය සමිති අමාත්‍ය ධුරයට අමතරව සබරගමුව සංවර්ධන අමාත්‍ය ධුරයද පිරිනමා තිබෙනවා.

    එමෙන්ම මහින්ද අමරවීරට ධීවර අමාත්‍යංශයට අමතරව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය ද පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.




    source: Nethgossip

    Updating!!!!!
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    බයියෝන්ට තව අවුරුදු ගානකට නැගිටීමක් නෑ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    1. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය - මංගල සමරවීර
    2. විදේශ කටයුතු අමාත්‍ය - රවී කරුණානායක
    3. ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය - අර්ජුන රණතුංග
    4. වරාය හා නාවික අමාත්‍ය - මහින්ද සමරසිංහ
    5. වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය - චන්දිම වීරක්කොඩි
    6. ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය - ගයන්ත කරුණාතිලක
    7. විශේෂ සංවර්ධන අමාත්‍ය - තිලක් මාරපන
    8. මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය - මහින්ද අමරවීර
    9. විශේෂ සංවර්ධන අමාත්‍ය - තිලක් මාරපන

    සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය ධූරය දැරූ එස්.බී දිසානායක මහතාට එම විෂය ක්ෂේත්‍රයන්ට අමතරව ‘කඳුරට උරුමය' නම් නව විෂය ක්ෂේත්‍රය ලබාදී ඇති අතර ඩබ්.ඩී.ජේ සෙ‍ෙනවිරත්න මහතාට කම්කරු , වෘත්තීය සමිති සබඳතා විෂයට අමතරව සබරගමුව සංවර්ධන නම් නව විෂය පථයක්ද හඳුන්වා දී ඇත.


    post-18466-pixar-old-man-playing-chess-ag-kf4i.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහින්ද අමරවීරගෙ කලින් ඇමතිකම නැද්ද එතකොට :oo: දැන් දීල තියෙන්නෙ රාජ්‍ය ඇමතිකමක් නෙ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :lol::lol::lol:අනිවා.ඕකුන්ට වෙන්නේ පාරක් පාරක් ගානේ ගිහින් හිගා කන්න.:lol:.

    ආපු ගමන් මහබැංකුව සුද්ද කරපු විදියට බයියන්ට විතරක් නෙවෙයි සමස්ත පොදු ජනතාවටම හිගා කන්න වෙන තත්වයක් උදා කරලයි දැන් තියෙන්නේ...... මේ කරල තියෙන ඔලුගෙඩි වෙනසත් ජනතාවට වැඩක් වෙන එකක් නෙවෙයි... මේ තක්කඩි ටිකමනේ කරකවන්න තියෙන්නේ....
     
    • Like
    Reactions: Miami-Vice

    signshop

    Well-known member
  • May 30, 2011
    12,230
    9,026
    113
    Dubai
    එකම කාර්ඩ් පැක් එකේ කොල ටික පොඩ්ඩක් එහා මෙහා කරලා. එච්චරයි. කට්ටියට ඉතුරු ටිකත් කන්න පුටු විතරක් මාරු කරගෙන
     

    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    එකම කාර්ඩ් පැක් එකේ කොල ටික පොඩ්ඩක් එහා මෙහා කරලා. එච්චරයි. කට්ටියට ඉතුරු ටිකත් කන්න පුටු විතරක් මාරු කරගෙන


    එහෙම තමයි බන්..... අපි බෙදාගෙන කාලා පුරුදු ජාතියක්.....
    :lol: :lol: :lol:
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    එකම කාර්ඩ් පැක් එකේ කොල ටික පොඩ්ඩක් එහා මෙහා කරලා. එච්චරයි. කට්ටියට ඉතුරු ටිකත් කන්න පුටු විතරක් මාරු කරගෙන

    නලුවෙක් නෙවෙයි මොලයක් හිටන් :lol::lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    දන්නෙ නැතිනිසා අහන්නෙ...
    දැන් මේ අයගෙ අලුත් පත්වීමත් එක්ක...
    අලුතෙන් වාහන ගන්නත්වෙයි නේද...?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    දන්නෙ නැතිනිසා අහන්නෙ...
    දැන් මේ අයගෙ අලුත් පත්වීමත් එක්ක...
    අලුතෙන් වාහන ගන්නත්වෙයි නේද...?

    අලුත් ඇමතිලා
    අලුත් වාහන
    අලුත් සෙක්‍රටරිස්ල