ඇමති නොවූ ඇමතියෝ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අද දින තෝරාගන්නා ලද ඇමති මණ්ඩලයට පසුගිය කාලයේ ආණ්ඩු බලය දැරූ හිටපු ප්‍රබල ඇමැතිවරු කිහිපදෙනෙකුටම කිසිඳු තනතුරක් ලබාදී නොතිබීම විශේෂත්වයක් විය.
    ඒ ලැයිස්තුව පහත පරිදිය.

    සුසිල් ප්‍රේමජයන්ත ,
    රංජිත් සියඹලාපිටිය,
    විජේදාස රාජපක්ෂ,
    ජෝන් සෙනෙවිරත්න,
    චන්දිම වීරක්කොඩි ,
    අනුර ප්‍රියදර්ශන යාපා,
    ඩිලාන් පෙරේරා ,
    එස් බී දිසානායක,
    මහින්ද යාපා අබේවර්ධන
    මහින්ද සමරසිංහ
    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

    මේ පිරිස අතරින් මහින්ද යාපා අබේවර්ධන කතානායක තනතුර සඳහා යොජනා වී ඇතැයි වාර්තා පළවන අතර ඒ නිසා ඇමති ධූර ලබා නොදී ඇතැයි අනුමාන කෙරෙයි.
    විජේදාස රාජපක්ෂ මහතාට පවරන්නට ගිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය ඔහු ප්‍රතික්ෂේප කළ බවටද වාර්තා පළව තිබේ.
    එස් බී දිසානායක මහතාට ඇමති ධූරයක් නොලද නමුත් ඔහු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයෙකු ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයට නම් කර ඇත.
    ඒ අතරම ශ්‍රීලනිප නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්වූ ඉහත ඇතැම් මන්ත්‍රීවරුන්ට සන්ධානය තුළ තම පක්ෂ කෝටාව අනුව ලැබෙන ඇමතිධූර සීමාව ඉක්මවා නොලැබෙන නිසා තනතුරු අහිමිව ගොස් ඇත.
    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුව වෙනම ඇමති ධූරයක දිවුරුම් දෙනු ඇතිද නෙඑසේ නම් වෙනත් විශේෂ තනතුරකට පත් කරාවිද යන්න තවම ප්‍රසිද්ධ කර නැත.
     
    • Like
    Reactions: D_Mad

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    විජේදාස රාජපක්ෂටනම් එකක් දෙන්න තිබ්බා:( අනිත් අය ප්‍රශ්නයක් නෑ
     
    • Like
    Reactions: D_Mad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විජේදාස රාජපක්ෂටනම් එකක් දෙන්න තිබ්බා:( අනිත් අය ප්‍රශ්නයක් නෑ
    විජේදාසගෙන් වෙන වැඩක් ගන්ඩ ඉන්නව කියල ආරන්චියි..හොද තනතුරක්
     
    • Like
    Reactions: D_Mad

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    කැබිනට් මණ්ඩලය

    • බට්ටා පැන්න විජේදාසට හුළං
    • පුත්තලමට කෑගල්ලට පොළොන්නරුවට මොණරාගලට කැබිනට් නෑ
    • උතුරු පළාතටම එක ඇමතිකමයි
    • මුලු නැගෙනහිරටම ඇමතිකම් නෑ

    • කොළඹට පහයි
    • රාජපක්ෂලාට ඇමතිකම් හයයි
    • හම්බන්තොටට තුනයි
    • නුවරට කුරුණෑගලට දෙකයි
    • වියත්මගට බිංදුවයි
    නමුත්;
    • මාල කඩපු රත්තරං
    • නිළිමස් ඉල්ලන කෙහෙළිය
    • වැරදිලා නගර සභා ගැසට් වෙන ජනක
    • එතනෝල් ජොනී
    • ක්‍රිකට් පාවාදුන්නු මහින්දානන්ද
    • කෝමාරිකා චන්ද්‍රසේන
    ඇතුළු සම්භාවනීය අමාත්‍ය මණ්ඩලයක් ඒ අතර...

    (copied)
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,530
    5,747
    113
    රංජිත් සියඹලාපිටිය,චන්දිම වීරක්කොඩි , ගම්වල උන්ට ජොබ්වත් දුන්නා,
    කරපු වෑඩක් නෑ. උන්ට නොදීපු එක හොදයී.
    19යේ තියන හොද.........( නරක්ත් තියනවා )

    උපරිම 30යී, රාජ්‍, නියොජ්ය 60යී
     
    • Like
    Reactions: D_Mad and tha123

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    හැමෝටම දෙන්න බැහැනේ කොහොමත්.
    එහනම් 150 ටම දෙන්න වෙනවා.
     
    • Like
    Reactions: D_Mad

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Avashya ayata dunna. E madyi


    ඔය තනතුරු බෙදීම කොහොමත් හරිම අවුලක් තමයි. එකෙක්වත් රට වෙනුවන් එන්නේ නැහැ කියන එක ඔප්පු කරන අවස්ථාවක් තමයි ඔය.

    නාමල්ට, ශෂින්ද්‍රට හා නිපුන රණවකට තව ඉන්න තිබ්බා කිසිම තනතුරක් බාර නොගෙන සහ ඒක ප්‍රසිද්දියේ කිවා නම් රාජපක්ෂවරු ගැන තියෙන මහජන ප්‍රසාදය තවත් ඉහල යනවා.


    වියත් මගේ සියලුම දෙනාටත් දිස්ත්‍රික් සම්බන්දිකරණය හරි දුන්න නම් එහෙම නැත්නම් විශේෂ කමිටුවක් හදලා සියලු අමාත්‍යංශ නිරීක්ෂණය කරලා ජනපතිට රිපෝට් වෙන විදියක් හැදුවා නම් හොදයි.

    විදුරට ඔයිට වඩා හොද එකක් දුන්න නම් වටිනවා

    විජේදාස, සුසිල්, රන්ජිත් හා චන්දිම තනතුරු වල හිටියට කමක් නැහැ රෝහිත, ගාමිණී ලොකුගේ, කෙහෙළිය, ජෝන්ස්ටන්ලට වඩා (මගේ දැක්ම)
     
    • Like
    Reactions: D_Mad and Die-hard

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    කැබිනට් මණ්ඩලය

    • බට්ටා පැන්න විජේදාසට හුළං
    • පුත්තලමට කෑගල්ලට පොළොන්නරුවට මොණරාගලට කැබිනට් නෑ
    • උතුරු පළාතටම එක ඇමතිකමයි
    • මුලු නැගෙනහිරටම ඇමතිකම් නෑ

    • කොළඹට පහයි
    • රාජපක්ෂලාට ඇමතිකම් හයයි
    • හම්බන්තොටට තුනයි
    • නුවරට කුරුණෑගලට දෙකයි
    • වියත්මගට බිංදුවයි
    නමුත්;
    • මාල කඩපු රත්තරං
    • නිළිමස් ඉල්ලන කෙහෙළිය
    • වැරදිලා නගර සභා ගැසට් වෙන ජනක
    • එතනෝල් ජොනී
    • ක්‍රිකට් පාවාදුන්නු මහින්දානන්ද
    • කෝමාරිකා චන්ද්‍රසේන
    ඇතුළු සම්භාවනීය අමාත්‍ය මණ්ඩලයක් ඒ අතර...

    (copied)
    වැඩි කල් යන්න කලින් ආණ්ඩුව එපා වෙනවා කට්ටියටම
    අර පරණ කිච හොරු සෙට් එකම ඇවිත් ආයෙත්.
    වියත් මඟෙ ඡන්දෙ දින්න එකෙක්ට කැබිනට් ඇමතිකම් නැහැ
    වියත්මඟෙ ජාතික ලැයිස්තුවෙන් ආපු දෙන්නෙක්ට දීලා තියෙනවා
    එකෙන් සබ්‍රියා අධිකරණ
    සිංහල ඡන්දවලින් තෙරිලා සිංහල රටෙ තනි නීතියක් හදන්න පොර ටොක් දිපු උන්ට මෙව්වා පෙන්නෙ නැද්ද ?
    පූට්ටුවෙ උනත් ,ටැලිපොන් උනත් තම්බියා තම්බියාමයි .
     
    • Haha
    Reactions: ryandok

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    වැඩි කල් යන්න කලින් ආණ්ඩුව එපා වෙනවා කට්ටියටම
    අර පරණ කිච හොරු සෙට් එකම ඇවිත් ආයෙත්.
    වියත් මඟෙ ඡන්දෙ දින්න එකෙක්ට කැබිනට් ඇමතිකම් නැහැ
    වියත්මඟෙ ජාතික ලැයිස්තුවෙන් ආපු දෙන්නෙක්ට දීලා තියෙනවා
    එකෙන් සබ්‍රියා අධිකරණ
    සිංහල ඡන්දවලින් තෙරිලා සිංහල රටෙ තනි නීතියක් හදන්න පොර ටොක් දිපු උන්ට මෙව්වා පෙන්නෙ නැද්ද ?
    පූට්ටුවෙ උනත් ,ටැලිපොන් උනත් තම්බියා තම්බියාමයි .
    117035235_768506997241506_9009419815060016623_n.jpg
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දිස්ත්‍රික් සම්බන්දීකාරක
    රාජ්‍ය අමාත්‍ය
    කැබිනට් අමාත්‍ය

    ඔක්කොම එකතුව 150+ නෙවෙද
    මෙහෙමයි ඉතින් මහින්දලාවත් හිතන්න නැතුව ඇති එච්චර ගානක් පත් කරලා එවන්න තරම් මිනිස්සු හරක් කියල
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    කැබිනට් මණ්ඩලය

    • බට්ටා පැන්න විජේදාසට හුළං
    • පුත්තලමට කෑගල්ලට පොළොන්නරුවට මොණරාගලට කැබිනට් නෑ
    • උතුරු පළාතටම එක ඇමතිකමයි
    • මුලු නැගෙනහිරටම ඇමතිකම් නෑ

    • කොළඹට පහයි
    • රාජපක්ෂලාට ඇමතිකම් හයයි
    • හම්බන්තොටට තුනයි
    • නුවරට කුරුණෑගලට දෙකයි
    • වියත්මගට බිංදුවයි
    නමුත්;
    • මාල කඩපු රත්තරං
    • නිළිමස් ඉල්ලන කෙහෙළිය
    • වැරදිලා නගර සභා ගැසට් වෙන ජනක
    • එතනෝල් ජොනී
    • ක්‍රිකට් පාවාදුන්නු මහින්දානන්ද
    • කෝමාරිකා චන්ද්‍රසේන
    ඇතුළු සම්භාවනීය අමාත්‍ය මණ්ඩලයක් ඒ අතර...

    (copied)
    ලංකා විදුලිබල මණ්ඩලයට අයිති ආයතනයක් තිබෙනවා ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් නමින්. මෙම ආයතනයේ පාලකයන් විදුලුබල මණ්ඩලය මංකොල්ලා කනවා මොවුන්ට විරුද්දව අධිකරණවල දැන් නඩු කටයුතු තිබෙනවා. මෙම නඩු කටයුතු වලට එම හොරු රල වෙනුවෙන් පෙනී හිටින්නේ අලි සාබ්රි ය.
    ලන්ක්ක ට්‍රආන්ස්ෆොර්මර්ස් ආයතනයේ වෙනම කාර්යාලයක් මෙම අලි සාබ්‍රියාට ඇත.
    දුෂකයනිට , හොරුන්ට නීති උපදෙස් ලබා දෙන ඔවුන් වෙනුවෙන් පෙනේ හිටින ආලි සාබ්රිය්ට මොන මන්තීර් දුරද
    අපි චන්දය දුන්නේ මේවාට නොවෙයි