ඇමති මණ්ඩලය සාධාරණද?

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මෙතන පාලනය පටන් ගන්නෙ "යහපාලනය" කියන සංකල්පය ඇතුලෙ ඉදනුයි.

    "යහපාලනය" කියන සංකල්පය වත්මන් රජය තුල පවතිනතාක්කල් අපිට කුමන අමාත්‍යාංශය මොන ආගමක් අදහන පුද්ගලයෙක් යටතේද කියන එක අදාල නෑ. මොකද එක එකාලට ඕනෙ විදියට නෙමෙයි එකී අමාත්‍යංශ මෛත්‍රී ආන්ඩුවේ "යහපාලන" සංකල්පය තුල කටයුතු කරන්නෙ.

    මේ පාර ඇමති මණ්ඩලයටත් කැබිනට් මණ්ඩලයටත් උඩින් විධායක සභාවක් පත් වෙනව.. ඒකට ජ.වි.පෙ. අය සහ රතන හාමුදුරුවො වගේ අය ඇතුලත් වෙනව.. ඒක නිසා ඔය කාටවත් ඕන ඕන විදියට නටන්න ලැබෙන්නෙ නැහැ..

    ඡන්ද පදනම මත අමාත්‍යධූර බෙදල තියෙන්නෙ. හැම අමාත්‍යාධූරයක්ම රටට වැදගත්. ඒ නිසයි එතන අමාත්‍යාංශයක් බිහිවෙන්නෙ. එමනිසා කුමන අමාත්‍යාශයක් හකීම් ලාට ගියත් යහපාලන සංකල්පය බිදවැටුන විට අවධානමක් පවතිනව. එම අවධානම අඩු කිරීමටයි යහපාලන සංකල්පය ඇතිවී තිබෙන්නෙ. ඒ අනුව කටයුතු කිරීමටයි වත්මන් රජය ඉදිරිපත් වී තිබෙන්නෙ.

    මෙතන තියෙන්නෙ නව ප්‍රතිපත්ති මාලවක් එක්ක සිස්ටම් චේන්ජ් එකක්. ඒක හරියට පවතිනතාක් කල් පරණ ඇහෙන් බලන්න එපා.
    :)

    මම උඹට වඩා හොඳට දන්නවා දේශපාලනය ගැන..... ඒ ගැන නම් මට උගන්නන්න එපා සහෝදරයා...මම අද ඊයේ මේවා ඉගෙන ගත්ත හෝ කරපු කියපු කෙනෙක් නොවන නිසා තමයි අද දේශපාලනය ගැන වැඩිය කතා නොකරන්නේ....
    යහපාලනය කියන්නේ තව එක අභිප්‍රේරණකාරකයක් විතරයි මිනිස්සුන්ගේ හිත් හදන්න පුළුවන් විකල්පයක් විතරයි.
    එකෙන් ආකල්ප වල වෙනසක් කරලා සමාජය නව මාවතකට ගේන්නයි මේ උත්සාහ කරන්නේ...
    සමස්තයක් විදියට සලකලා එක කෝණයකින් බැලුවම උඹ කියන විදියට ඔය හැම දෙයක්ම පෙනුනට සැබෑව ඊට එහා ගිය ඔඩු දුවපු තුවාලයක්.
    හකීම් විතරක් නෙවෙයි ඔතන ඉන්න හැම පුදගලයා ගැනම කියන්න දේවල් නම් තියෙනවා යහපාලනය ළඟින්වත් යන්නේ නැති.
    ඔය පත්වෙනවා, කරනවා කියන දේවල් ගැන මගේ අදහසක් නෑ. මොකද උඹල දන්නා දේශපාලනය සහ මම දන්නා දේශපාලනය බොහොම වෙනස්.
    ඒ වෙනස තමයි අද පෙන්නේ.... උඹල අද දකින දේට හාත්පසින්ම වෙනස් වුනු තත්වයක් හෙට තියෙයි.
    නියම යහපාලනයක් ගේනවා නම් ඔය ඉන්න ඇමති මණ්ඩලයෙනුත් බාගයකට වැඩ අයින් කරන්න වෙයි.
    මටත් මෙතන ලොකු ලොකු වචන දාල බොහොම ප්‍රගතිශීලී විදියට දේශාභිමානි විදියට වචන හසුරවන්න පුළුවන් නමුත් යථාර්තය ඊට වැඩ වෙනස් නිසයි සරල සිංහලෙන් පැහැදිලි කලේ.....
    වරදට වරද කියනු වස් වරද පෙන්වු විට වරද නිවරද කර පරණ ඇස ගලවන්න කියන ඔබතුමාලා නැවතත් මහින්ද යුගයකට ජනතාව කැන්දන් යන්න හදන බවක් තමයි පෙන්නේ....
    මහින්දට වරදුනෙත් එතන....
    ඒ නිසා මෛත්‍රී ආණ්ඩුවට ආදරේ කරන උඹල එක මඩ ගොඩින් මතු වෙන්නත් කලින් විනාස කරනවා එකේ තියෙන වරද නොදකිනතාක් කල්....
    ඒ නිසා කියන කියන හැමදේටම " යහපාලනය" ගන්නේ නැතුව පරණ ඇහැ වැඩක් නැත්නම් තියෙන ඇස් හොඳට ලොකු කරලා බලපන් කොහෙද ඔය " යහපාලනය" සැලසුම් කල පථයෙන් වෙනස් වෙන්නේ කියල.....
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    maasa thunata mona pakakda oya balanne??
    kata wahagnea hitahan..mahamathiwaranayedi ona ewun api yawamu parlimenthuwata echcharai..!!
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    10906474_315223805352046_7793405930159958243_n.jpg