ක්ලරන්ස් මිල්ටන් දෙන්නම අති සුපිරි වැඩ්ඩෝ දෙන්නෙක්. ක්ලැරන්ස් මල්ටි ටැලන්ට්. නමුත් ක්ලැරන්ස්ට වඩා මිල්ටන් මල්ලවාරච්චි මිනිස්සු අතරට ගිය ගායකයෙක්.
ක්ලැරන්ස්ගේ සිංදු වලට වඩා මිල්ටන්ගේ සිංදු හැම තැනකම වගේ ඇහෙනවා. ඒ නිසාම මිනිස්සු කැමති කනට හුරු මිල්ටන්ගේ සිංදු අහගෙන මිල්ටන්ගේ ජීවිත කතාව බලන්න.
මොකද සාමාන්‍ය මිනිස්සු අතරේ ක්ලැරන්ස්ට වඩා මිල්ටන් ජනප්‍රිය නිසා. ඒකයි ෆිල්ම් දෙකෙන් මිල්ටන් ෆිල්ම් එක වැඩියෙන් බලන්නේ.
වරදවා තේරුම් ගන්න එපා මචො. උඹ කියන විදියට කිරියේ උන්ට බඩුවත් (බඩුවක් යන්නෙන් උඹ අදහස් කරේ මොකක්ද කියලා දන්නේ නෑ), මිල්ටන්වත් ඇලජික් නෑ.
කිරියෙත් ඉන්නේ මිල්ටන්ගේ සිංදු පැල් බැඳගෙන අහන මිල්ටන්ට වගේම ක්ලැරන්ස්ටත් ආදරේ කරන පට්ට සෙට් එකක්. මම උනත් එහෙමයි. ඒ අසාහය ගීත වලට, මිල්ටන්ට හැමදාමත් ආදරේ කරන නිසා තමයි බන් අපේ එව්න් විවේචන ඉදිරිපත් කරන්නේ මිල්ටන්ගේ ඒ සිංදු කරත්ත කවි කරනවාට විරුද්ධව.
උඹයි වැඩේ වැරදියටයි තේරුම් ඇරන් තියෙන්නේ
සොරි බන්
මම බඩු කියලා අදහස් කලේ මේ ෆිල්ම් එක (එතැන අපි කතා කරන විදියටම ටයිප් උනේ)
මම හිතන්නේ මේකේ බහුතරය කියපු චාටර් එකට වඩා මේකේ ගතියක් තියෙනවා
අනික ක්ලැරන්ස් ගේ කතාව තරුණ කාලේට සීමා උනා
මේක ලොකු රෙන්ජ් එකක දිව්වා
බජට් එකත් මම හිතන්නේ මේකේ අඩුයි. එකනේ ග්‍රින් ස්ක්‍රින් වැඩිය හයිලයිට් උනේ.
අනික උඹම කල්පනා කරලා බලපන්කෝ යාළුවේ මිල්ටාගේ පවුලේ බර ගාණක්, පරම්පරා ගාණක් පොරගේ සිංදු කියද්දි මොන අධ්‍යක්ෂකටද මොන නිෂ්පාදකටද පුළුවන් එලියෙන් අළුත්ම එකෙක් අරන් මිල්ටන්ගේ සිංදු ටික කියවන්න. ඒක කරානම් ෆිල්ම් එක සමහරවිට එලියට එන එකකුත් නෑ. ඒවා ප්‍රායෝගික සිද්ධි. හොඳ තියටර් එකක හොඳ සවුන්ඩ් එක්ක ඇහුවොත් සිංදු වට කිසිම අවුලක් දැනෙන් නෑ
එනිවේ මේක මට නම් මේ කාලේ ආව හොදම එකක්.