ඇමරිකානු_යුද නෞකා කොරියානු කලාපයට නොයයි?
ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු සෙසු යුද නෞකා උතුරු කොරියාව දෙසට නොගොස් ප්‍රතිවිරුද්ධ දිශාවට යාත්‍රා කොට ඇතැයි වාර්තා වේ.උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන මුල් කර ගනිමින් කොරියානු අර්ධද්වීපයේ ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම හමුවේ යුඑස්එස් කාල් වින්සන් නෞකාව ප්රමුඛ නාවික ප්‍රහාරක කණ්ඩායමක් එම කලාපයට යාත්‍රා කරමින් සිටින බව ඇමරිකානු නාවික හමුදාව අප්‍රේල් 08 වෙනිදා නිවේදනය කළේය.පසුගිය සතියේ දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ යුද නෞකා සමූහය කොරියානු අර්ධද්වීපය වෙත යවනු ඇති බවය.එනමුත් සති අන්තයේදී නෞකා සමූහය ඊට ඈතින් පිහිටි ජාවා කලාපයේ ඉන්දුනීසියානු සහ සුමාත්‍රා දූපත් ඔස්සේ සුන්ඩා සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය සාගරය දෙසට යාත්‍රා කොට තිබේ.
USS කාල් වින්සන් නෞකාව
ඇමරිකානු හමුදාවේ ශාන්තිකර කලාපීය විධානය ඊයේ (අප්‍රේල් 18) කියා සිටියේ ඕස්ට්‍රේලියාවේ පර්ත් වරාය සංචාරය අවලංගු කොට ඇති බවය.අප්‍රේල් 08 වෙනිදා සිංගප්පූරුවෙන් පිටත් වීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාව සමග එරට වයඹ දිග වෙරළේ පැවැත්වීමට පෙර සැලසුම් කොට තිබූ පුහුණු වැඩසටහන සම්පූර්ණ කොට ඇති බවත් ඇමරිකානු හමුදාවේ ශාන්තිකර කලාපීය විධානය නිවේදනය කළේය.
ප්‍රහාරක යුද නෞකා කණ්ඩායම "නියෝග කළ පරිදි ශාන්තිකර සාගරයේ බටහිර කලාපයට ගමන් ආරම්භ කොට ඇත."
එම ක්‍රියාමාර්ගය උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් බියගැන්වීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක්ද, සැලසුම වෙනස් කිරීමක් හෝ සරල සන්නිවේදන දෝෂයක් දැයි පැහැදිලි නැති බව කොරියානු කලාපයේ බීබීසී වාර්තාකරු ස්ටීවන් එවන්ස් පැවසීය.
මේ අතර ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වුවත් තම මිසයිල අත්හදාබැලීම් දිගටම ක්‍රියාත්මක කරන බව උතුරු කොරියාව අවධාරණය කරයි.
BBC

මුන් වියට්නාම් යුද්දේ කාලේ උන්ගෙන් කාපු කෑම හිතාගන්න පුළුවන්.