ඇමරිකාව අපට ගැහුවොත්

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    yako.uba hama ekawama eka mimmen maninna epa.anika mu kagahanne hethuwak athuwa.mun munge ratata adarei.ape un wage chande ganna witharak neme.

    LOL
    you think like that, but u dont know the real political situation in Iran. It is same as SL
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හැබැයි මචන් ඉරානයට options ගොඩක් තියනවා අනිත් අරාබි රටවල් support නොකරට:
    1. සිරියාවයි ලෙබනන් වල ඉන්න හිස්බුල්ලා සංවිධානයයි proxy විදියට පාවිච්චි කරලා ඊශ්‍රායලට ගේම දීම
    2. ලෝකයේ බොර තෙල් ගොඩක්ම (80% විතර) යන්නේ ඉරානයයි ඔමානයයි අතර තියන strait of Hormuz කියන පටු සමුද්‍ර සන්ධිය හරහායි. එතකොට නැවු දෙක තුනක් ගිල්ලලා ඒක block කරොත් ලෝකෙටම බඩු තමයි
    3. ඇෆ්ගනිස්තාන් වල තලේබාන් අයියලට කිව්වොත් උන් ඇමරිකන් කාරයන්ට ගොඩාක් හිරිහැර කරයි එහෙ. ඉරාකෙත් සුමාන කීපයකට ඉස්සෙල්ල ඇමෙරිකාවට කියල තිබ්බ 2011 දෙසැම්බර් 31 වෙනකොට ඔක්කොම US forces එහෙන් අයින් කරගන්න ඕනේ කියලත්, ඒ තීරණයට ඉරානය ගැන තිබ්බ සැලකිල්ල හේතු වුන බවත්. එතකොට ඇමෙරිකාවට ඉරාකයේ ඉඳන් ඉරානයට ගහන්න බැරි වෙයි
    4. ඉරානේ ජනගයනය බහුතරයක් fighting age කෂ්ටිය. ඒ හින්ද ගොඩක් කල් ගරිල්ලා සටන් දෙන්න පුළුවන් මූලිකව යුද්දය පැරදුනත්

    ඇමරිකාවට කවදාවත් invasion දුන්නාට occupation එකක් කරන්න නම් අමාරුවෙයි. ඇමරිකාව ඔක්කොම කරන්න කලින් air and naval supremacy එක ගන්නවා ගල්ෆ් මුහුදේ හා ගුවනේ. ඉරානය බලවත් වෙන්න පුලුවන් නමුත් air power and technology එකෙන් නම් NATO වඩා බලවත්. ඒ වගේම ඉරානයට air and naval blockade එකක් දානවා ඔක්කොටම ඉස්සල්ලා. එතකොට තෙල් සැපයීම ගැන කරදර වෙන්න ඕනේ නෑ. ඇමරිකාව ඉරානයෙන් තෙල් ගන්නේ නෑ. දැන් ලිබියාවත් ඇමරිකාවේ සාක්කුවේ නිසා ඉතුරු අරාබි රටවලින් තෙල් නම් ගන්න පුලුවන්. මීට මාස කීපයක ඉඳලා නැවතත් ලිබියා තෙල් නිශ්පාදනය ඇරඹුනා. ඊශ්‍රායලයට හැමදාම හමාස් එකෙන් ගැටලු තිබ්බා. 2006 දී ඊශ්‍රායලයයි ලෙබනනයයි යුද්ධයක් පවා ඇතිවුනා හමාස් සංවිධානය නිසා.
    ඇමරිකාවට ගරිල්ලා යුද්ධයක් පවත්වාගන්න අමාරුයි. ලෝකයේ කිසිම professional army එකක් ගරිල්ලා යුද්ධයකින් දිනලා නෑ. ඉස්සර අපි ඉංග්‍රීසීන්ට විරුද්ධව කොච්චර කාලයක් සටන් කලාද ගරිල්ලා යුද්ධයකින්. ඒවගේම වියට්නාමය, සෝවියට් ඇෆ්ගන් ආක්‍රමණය වගේ යුද්ධ කවදාවත් සාර්ථක වෙන්නේ නෑ. ඇමරිකාවට ඉරනය අල්ලාගත්තාට ඒකේ රැඳිලා ඉන්න බෑ.ඇමරිකාව කරන්නේ ඉරානය අල්ලාගත්තොත් ඒ රටේ ආන්ඩුව වෙනස් කරලා තමන්ට ගැති පාලනයක් ගෙනල්ලා ඉන්පස්සේ ඉරානයේ තෙල් ටික ගන්න එක තමයි
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ලොල්වඩන;11495534 said:
    ඇමරිකාවට නම් ලඟදිම බෑග් මලු ඔතාගෙන මුහුඳට බහින්න වෙයි වගේ..
    උඩ පනිනව වැඩියි..

    mama nam hitanne na iran walata unat oya kiyana tharam lesi wei kiyala.Wimal dena pora talks ahala ee widihata hitanna yanna epa machan :P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇමරිකාවට කවදාවත් invasion දුන්නාට occupation එකක් කරන්න නම් අමාරුවෙයි. ඇමරිකාව ඔක්කොම කරන්න කලින් air and naval supremacy එක ගන්නවා ගල්ෆ් මුහුදේ හා ගුවනේ. ඉරානය බලවත් වෙන්න පුලුවන් නමුත් air power and technology එකෙන් නම් NATO වඩා බලවත්. ඒ වගේම ඉරානයට air and naval blockade එකක් දානවා ඔක්කොටම ඉස්සල්ලා. එතකොට තෙල් සැපයීම ගැන කරදර වෙන්න ඕනේ නෑ. ඇමරිකාව ඉරානයෙන් තෙල් ගන්නේ නෑ. දැන් ලිබියාවත් ඇමරිකාවේ සාක්කුවේ නිසා ඉතුරු අරාබි රටවලින් තෙල් නම් ගන්න පුලුවන්. මීට මාස කීපයක ඉඳලා නැවතත් ලිබියා තෙල් නිශ්පාදනය ඇරඹුනා. ඊශ්‍රායලයට හැමදාම හමාස් එකෙන් ගැටලු තිබ්බා. 2006 දී ඊශ්‍රායලයයි ලෙබනනයයි යුද්ධයක් පවා ඇතිවුනා හමාස් සංවිධානය නිසා.
    ඇමරිකාවට ගරිල්ලා යුද්ධයක් පවත්වාගන්න අමාරුයි. ලෝකයේ කිසිම professional army එකක් ගරිල්ලා යුද්ධයකින් දිනලා නෑ. ඉස්සර අපි ඉංග්‍රීසීන්ට විරුද්ධව කොච්චර කාලයක් සටන් කලාද ගරිල්ලා යුද්ධයකින්. ඒවගේම වියට්නාමය, සෝවියට් ඇෆ්ගන් ආක්‍රමණය වගේ යුද්ධ කවදාවත් සාර්ථක වෙන්නේ නෑ. ඇමරිකාවට ඉරනය අල්ලාගත්තාට ඒකේ රැඳිලා ඉන්න බෑ.ඇමරිකාව කරන්නේ ඉරානය අල්ලාගත්තොත් ඒ රටේ ආන්ඩුව වෙනස් කරලා තමන්ට ගැති පාලනයක් ගෙනල්ලා ඉන්පස්සේ ඉරානයේ තෙල් ටික ගන්න එක තමයි

    උඹ කියපු ගොඩක් දේවල් ඇත්ත එකක් ඇරෙන්න. උඹට අපේ army එක අමතක උනා. :nerd:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඇයි මේ මිනිස්සු මිනිස්සු ම ඇනකොටා ගන්නෙ,අපි ගල් යුගයටත් පෙරද කොහෙද ජිවත් වෙන්නෙ,මොඩ මිනිස්සු
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ......අමෙරිකාව කොයි වෙලාවකවත් කෙළින් ගහන්නේ නෑ.......ආර්ථික අර්බුදයක ඉන්න යුරෝපා ප්‍රජාවටවත්. අමෙරිකාවට වත් මේ වෙලාවෙ දීර්ඝ කාලීන යුද්ධයකට යන්න බෑ...(ගිය තැන් වල අමෙරිකාව ප්‍රමුඛ නේටෝව ටිංකිරි ගාගන්න හැටි පේනවා) ඒ වෙනුවට ඔවුන් කරන්නේ අභ්‍යන්තර කැරැල්ලක් ඇති කිරීම. ඕනම ආණ්ඩුවකට අභ්‍යන්තර සතුරන් ඉන්නවා. අමෙරිකාව කරන්නේ CIA එක හරහා ඔවුන් ශක්තිමත් කිරීම. කැරැල්ල මර්ධනය කරන කොට "මානුෂික" කරුණු කාරණා වල නමින් ඔවුන් අර්බුදයට මැදිහත් වෙනවා. ආයුධ, ගුවන් ප්‍රහාර සහය වගේ දේවල් දීලා. පවතින ආණ්ඩුව පෙරලා පාහිටුවන්නේ ඔවුන් ගේ රූකඩ ආණ්ඩුවක්.එතකොට තමන් කැමති දෙයක් කැමති පරිදි කළ හැකියි.
    (මේ උපාය උපක්‍රමික ක්‍රමවේදය පිළිබද ව සිත්ගන්නා නවකතා 2ක් ලියල තියනවා ෆෙඩ්රික් ෆෝසයිත්. එකක් The dogs of War අනෙක The negotiator. හොයා ගෙන කියවල බලන්න)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇමරිකාවට කවදාවත් invasion දුන්නාට occupation එකක් කරන්න නම් අමාරුවෙයි. ඇමරිකාව ඔක්කොම කරන්න කලින් air and naval supremacy එක ගන්නවා ගල්ෆ් මුහුදේ හා ගුවනේ. ඉරානය බලවත් වෙන්න පුලුවන් නමුත් air power and technology එකෙන් නම් NATO වඩා බලවත්. ඒ වගේම ඉරානයට air and naval blockade එකක් දානවා ඔක්කොටම ඉස්සල්ලා. එතකොට තෙල් සැපයීම ගැන කරදර වෙන්න ඕනේ නෑ. ඇමරිකාව ඉරානයෙන් තෙල් ගන්නේ නෑ. දැන් ලිබියාවත් ඇමරිකාවේ සාක්කුවේ නිසා ඉතුරු අරාබි රටවලින් තෙල් නම් ගන්න පුලුවන්. මීට මාස කීපයක ඉඳලා නැවතත් ලිබියා තෙල් නිශ්පාදනය ඇරඹුනා. ඊශ්‍රායලයට හැමදාම හමාස් එකෙන් ගැටලු තිබ්බා. 2006 දී ඊශ්‍රායලයයි ලෙබනනයයි යුද්ධයක් පවා ඇතිවුනා හමාස් සංවිධානය නිසා.
    ඇමරිකාවට ගරිල්ලා යුද්ධයක් පවත්වාගන්න අමාරුයි. ලෝකයේ කිසිම professional army එකක් ගරිල්ලා යුද්ධයකින් දිනලා නෑ. ඉස්සර අපි ඉංග්‍රීසීන්ට විරුද්ධව කොච්චර කාලයක් සටන් කලාද ගරිල්ලා යුද්ධයකින්. ඒවගේම වියට්නාමය, සෝවියට් ඇෆ්ගන් ආක්‍රමණය වගේ යුද්ධ කවදාවත් සාර්ථක වෙන්නේ නෑ. ඇමරිකාවට ඉරනය අල්ලාගත්තාට ඒකේ රැඳිලා ඉන්න බෑ.ඇමරිකාව කරන්නේ ඉරානය අල්ලාගත්තොත් ඒ රටේ ආන්ඩුව වෙනස් කරලා තමන්ට ගැති පාලනයක් ගෙනල්ලා ඉන්පස්සේ ඉරානයේ තෙල් ටික ගන්න එක තමයි

    උඹ කියපු ගොඩක් දේවල් ඇත්ත එකක් ඇරෙන්න. උඹට අපේ army එක අමතක උනා. :nerd:

    කතා දෙකම ඇත්ත....නමුත් අපිත් කලේ ගරිල්ලා ක්‍රමයේ මූලෝපායික ක්‍රමවේදයන් යුද්ධයේ දී......:cool:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මුස්ලිම් රටවල් වලට හිතට එකඟව සහය දෙන්න අමාරුයි.ඒ අයගේ අභිලාශයන් වෙලා තියෙන්නේ මුස්ලිම් ලෝකයක් බිහි කරන එක.එහෙම වුනොත් මුලු ලෝකෙටම ගඩාපිලා වගේ ඒකාධිපතියන් යටතේ ඉන්න වේවී.
    මම හිතන්නේ ඉරානය න්‍යෂ්ටික අවි සහ බලාගාර හදන එක ටික කාලෙකට කල් දැම්මනම් ඉවරයි.
    අනිත් අතෙන් ඇමරිකානුවන් මෙහෙය වන්නේ සුපිරි ධනවතුන්.ඇමරිකාවේ නියම පාලකයන් සුපිරි ධනවතුන්.මේ අය බහු ජාතික ධනවතුන්.ඉරාක,ලිබියන් යුද්ධ වලින් ඇමරිකන් ජනතාවට අත් වුන ප්‍රගතියක් නෑ.ඒ අයගේ සල්ලි ඩොලර් බිලියන 100ක් විතර වතුරේ ගියා.නමුත් බහු ජාතික ධනවතුන් මේ රටවල් වල තෙල් ඒ අයගේ සමාගම් තුලින් අත් පත් කර ගනිමින් සිටිනවා.මේ සල්ලි යන්නේ ලෝකයේ සිටින ඇමරිකාව ප්‍රමුඛ සුපිරි ධනවතුන් සීයක් දෙසීයක් අතරේ. මේ සුපිරි ධනවතුන් කරන්නේ ඇමරිකානු දේශපාලනඥයන් තුලින් තෙල් සහ සම්පත් රටවල් වලට පහර දී, බලපෑම් කරමින් මේ රටවල ඔව්න්ගේ බහුජාතික සමාගම් හරහා ධනය ‍රැස් කරන එක.ලෝකයේ සටන් සහ ආක්‍රමණ තීරනය ගන්නේ මේ සුපිරි බිලියනයර්ස්ලා.ඇමරිකාවේ 35%ක් දුප්පත් කමින් බැට කනවා.මේක නිසා හිතා ගන්න පුලුවන් මේ සුපිරි ධනවතුන් මේ මුදල් ඇමරිකාවේ ජනතාව වෙනුවෙන් යොදා ගන්නේ නෑ.මේ සුපිරි ධනවතුන් ලෝකයෙන් අතු ගා දැමීමේ විප්ලවයක් දැන් ලොව පුරා ක්‍රියාත්මක වෙමින් තියෙනවා.අද සටන තියෙන්නේ 00.001% ක් වෙන මේ සුපිරි ධනවතුන් සහ 99.999%ක් වෙන අපි වගේ අය අතරයි. ලෝකේ ඉන්න මේ සුපිරි ධනවතුන් අතලොස්සකට අපව පාගා ගෙන සිටීමට අපි ඉඩ දෙන්නේ නෑ කියන මතයට ලොව පුරා තරුනයන් අද යොමු වෙමින් ඉන්නවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ......අමෙරිකාව කොයි වෙලාවකවත් කෙළින් ගහන්නේ නෑ.......ආර්ථික අර්බුදයක ඉන්න යුරෝපා ප්‍රජාවටවත්. අමෙරිකාවට වත් මේ වෙලාවෙ දීර්ඝ කාලීන යුද්ධයකට යන්න බෑ...(ගිය තැන් වල අමෙරිකාව ප්‍රමුඛ නේටෝව ටිංකිරි ගාගන්න හැටි පේනවා) ඒ වෙනුවට ඔවුන් කරන්නේ අභ්‍යන්තර කැරැල්ලක් ඇති කිරීම. ඕනම ආණ්ඩුවකට අභ්‍යන්තර සතුරන් ඉන්නවා. අමෙරිකාව කරන්නේ CIA එක හරහා ඔවුන් ශක්තිමත් කිරීම. කැරැල්ල මර්ධනය කරන කොට "මානුෂික" කරුණු කාරණා වල නමින් ඔවුන් අර්බුදයට මැදිහත් වෙනවා. ආයුධ, ගුවන් ප්‍රහාර සහය වගේ දේවල් දීලා. පවතින ආණ්ඩුව පෙරලා පාහිටුවන්නේ ඔවුන් ගේ රූකඩ ආණ්ඩුවක්.එතකොට තමන් කැමති දෙයක් කැමති පරිදි කළ හැකියි.
    (මේ උපාය උපක්‍රමික ක්‍රමවේදය පිළිබද ව සිත්ගන්නා නවකතා 2ක් ලියල තියනවා ෆෙඩ්රික් ෆෝසයිත්. එකක් The dogs of War අනෙක The negotiator. හොයා ගෙන කියවල බලන්න)

    :yes::yes::yes::yes: දැන් කරන්නෙ පුර්න යුද්ධකින් බලය ලබා ගැනිමටත් වඩා රට ඇතුලෙන් කැරැල්ලක් හදල බටහිර ගැති රෑකඩ ආණ්ඩු පිහිටවන එක මේ කතව හරියටම හරි :yes::yes:

    ඔක කොයි රටටත් පොදුයි,අපේ රටටත් ඇතුලුව :yes:
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    මුස්ලිම් රටවල් වලට හිතට එකඟව සහය දෙන්න අමාරුයි.ඒ අයගේ අභිලාශයන් වෙලා තියෙන්නේ මුස්ලිම් ලෝකයක් බිහි කරන එක.එහෙම වුනොත් මුලු ලෝකෙටම ගඩාපිලා වගේ ඒකාධිපතියන් යටතේ ඉන්න වේවී.
    මම හිතන්නේ ඉරානය න්‍යෂ්ටික අවි සහ බලාගාර හදන එක ටික කාලෙකට කල් දැම්මනම් ඉවරයි.
    අනිත් අතෙන් ඇමරිකානුවන් මෙහෙය වන්නේ සුපිරි ධනවතුන්.ඇමරිකාවේ නියම පාලකයන් සුපිරි ධනවතුන්.මේ අය බහු ජාතික ධනවතුන්.ඉරාක,ලිබියන් යුද්ධ වලින් ඇමරිකන් ජනතාවට අත් වුන ප්‍රගතියක් නෑ.ඒ අයගේ සල්ලි ඩොලර් බිලියන 100ක් විතර වතුරේ ගියා.නමුත් බහු ජාතික ධනවතුන් මේ රටවල් වල තෙල් ඒ අයගේ සමාගම් තුලින් අත් පත් කර ගනිමින් සිටිනවා.මේ සල්ලි යන්නේ ලෝකයේ සිටින ඇමරිකාව ප්‍රමුඛ සුපිරි ධනවතුන් සීයක් දෙසීයක් අතරේ. මේ සුපිරි ධනවතුන් කරන්නේ ඇමරිකානු දේශපාලනඥයන් තුලින් තෙල් සහ සම්පත් රටවල් වලට පහර දී, බලපෑම් කරමින් මේ රටවල ඔව්න්ගේ බහුජාතික සමාගම් හරහා ධනය ‍රැස් කරන එක.ලෝකයේ සටන් සහ ආක්‍රමණ තීරනය ගන්නේ මේ සුපිරි බිලියනයර්ස්ලා.ඇමරිකාවේ 35%ක් දුප්පත් කමින් බැට කනවා.මේක නිසා හිතා ගන්න පුලුවන් මේ සුපිරි ධනවතුන් මේ මුදල් ඇමරිකාවේ ජනතාව වෙනුවෙන් යොදා ගන්නේ නෑ.මේ සුපිරි ධනවතුන් ලෝකයෙන් අතු ගා දැමීමේ විප්ලවයක් දැන් ලොව පුරා ක්‍රියාත්මක වෙමින් තියෙනවා.අද සටන තියෙන්නේ 00.001% ක් වෙන මේ සුපිරි ධනවතුන් සහ 99.999%ක් වෙන අපි වගේ අය අතරයි. ලෝකේ ඉන්න මේ සුපිරි ධනවතුන් අතලොස්සකට අපව පාගා ගෙන සිටීමට අපි ඉඩ දෙන්නේ නෑ කියන මතයට ලොව පුරා තරුනයන් අද යොමු වෙමින් ඉන්නවා.

    True, but that fight won't be an easy ride. these bastard billionaires will do anything to save their wealth and power.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    :yes::yes::yes::yes: දැන් කරන්නෙ පුර්න යුද්ධකින් බලය ලබා ගැනිමටත් වඩා රට ඇතුලෙන් කැරැල්ලක් හදල බටහිර ගැති රෑකඩ ආණ්ඩු පිහිටවන එක මේ කතව හරියටම හරි :yes::yes:

    ඔක කොයි රටටත් පොදුයි,අපේ රටටත් ඇතුලුව :yes:
    ගඩාපිලාට, බෙන් අලීලාට සහ මුබාරක්ලට එරෙහිව සැබෑ විරෝධයක් ඒ රටවල් තුල තිබුනා.මේ අය අපේ රටෙ ජනාධිපති වගේ අවනීතික, ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රකාශන් නිදහසට එරෙහි වූවන්.ඒ වගේම දූෂිතයන්.ඒක නිසා රට තුල ඇති වුන සැබෑ කැරල්ලකට ඔවුන් සහය දුන්නා.ලංකාවට ගඩාපි කෙනෙක් ඉන්නවට උඹ කැමතිද?
    ලංකාවේ මුබාරක් කෙනෙක් ඉන්නවට උඹ කැමතිද?
    ලංකාවේ බෙන් අලී කෙනෙක් තියා ගන්න කැමතිද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔතන ගැටලුව තියෙන්නෙ ඇමරිකාව ඇත්තටම ගහන්නෙ තෙල් ටික ගන්ඩ මිසක් මානව වර්ගයා නියෂ්ටික යුද්ධයකට පැටලිම වලක්විමට නොවන හින්ද,ඉරානය තියෙන්නෙ රැසියාවේ දොරකඩ. මම නමි හිතන්නෙ නැ සිරියාවට යුධ නැවු යවන රැසියාව ඔකට පැටලෙන්නෙ නැතිවෙයි කියල තමන්ගෙ කලාපයේ ආර්ක්ෂාව වෙනුවෙන්.රැසියාව ඔකට එනව කියන්නෙ අනිවාර්යෙන් චිනය ඔකට බහිනව,මොකද වැලැදිමීර් පුටින්ට චිනෙන් සාම සමිමාන දෙන්නෙ නිකන් නෙමේ.රැසියාවයි චිනෙයි අද ඉන්නෙ අයිය මලෝ වගේ, ඉරානෙට ගැහුවොත් එතනින්වෙන විනාශය හිතාගන්ඩත් බැරිවෙයි.ඇමරිකාවෙ බිතාන්‍යය ඇතුලු බටහර රටවල සාමාන්‍යය ජනයා රජයට විරැද්ධව කැරලි ගහනවකඩ සාප්පු කොල්ලකන තත්වයට ඇවිත් තියෙන්නෙ මොකද තියෙන ආර්ථික කඩාවැටිමත් එක්ක.අන්න ඒක නතර කරන්ඩ අවශ්‍යය සමිපත් සෙවිමට තමයි රටරටවලට පහර දෙන්නෙ නැතුව වෙන දේකට නෙමේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගඩාපිලාට, බෙන් අලීලාට සහ මුබාරක්ලට එරෙහිව සැබෑ විරෝධයක් ඒ රටවල් තුල තිබුනා.මේ අය අපේ රටෙ ජනාධිපති වගේ අවනීතික, ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රකාශන් නිදහසට එරෙහි වූවන්.ඒ වගේම දූෂිතයන්.ඒක නිසා රට තුල ඇති වුන සැබෑ කැරල්ලකට ඔවුන් සහය දුන්නා.ලංකාවට ගඩාපි කෙනෙක් ඉන්නවට උඹ කැමතිද?
    ලංකාවේ මුබාරක් කෙනෙක් ඉන්නවට උඹ කැමතිද?
    ලංකාවේ බෙන් අලී කෙනෙක් තියා ගන්න කැමතිද?

    ලංකාවෙ එහෙම කෙනෙක් නැනේ ඉන්නෙ චන්දෙන් පත්වෙචිච ජානාධිපතවරයෙක් :yes::yes: මේ ජනාධිපතිවරය කාටහරි ඔනෙනමි ලබනපාර පරද්දල බලය ලබාගන්ඩ පුලුවන්.ලිබියාව,ඉරාකය,ඉජිප්තුව වගේ සදාකල් බලය රැදිසිටිමක් නැ, තත්වය වෙනස් :yes:
     
    NipunaPraveen

    Member
    Jul 25, 2011
    437
    25
    0
    iran is in it's ending days now. more than 90% of it's own people r against the govt. islamists should have conisdered this a pretty long time ago i should say.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුස්ලිම් රටවල් වලට හිතට එකඟව සහය දෙන්න අමාරුයි.ඒ අයගේ අභිලාශයන් වෙලා තියෙන්නේ මුස්ලිම් ලෝකයක් බිහි කරන එක.එහෙම වුනොත් මුලු ලෝකෙටම ගඩාපිලා වගේ ඒකාධිපතියන් යටතේ ඉන්න වේවී.
    මම හිතන්නේ ඉරානය න්‍යෂ්ටික අවි සහ බලාගාර හදන එක ටික කාලෙකට කල් දැම්මනම් ඉවරයි.
    අනිත් අතෙන් ඇමරිකානුවන් මෙහෙය වන්නේ සුපිරි ධනවතුන්.ඇමරිකාවේ නියම පාලකයන් සුපිරි ධනවතුන්.මේ අය බහු ජාතික ධනවතුන්.ඉරාක,ලිබියන් යුද්ධ වලින් ඇමරිකන් ජනතාවට අත් වුන ප්‍රගතියක් නෑ.ඒ අයගේ සල්ලි ඩොලර් බිලියන 100ක් විතර වතුරේ ගියා.නමුත් බහු ජාතික ධනවතුන් මේ රටවල් වල තෙල් ඒ අයගේ සමාගම් තුලින් අත් පත් කර ගනිමින් සිටිනවා.මේ සල්ලි යන්නේ ලෝකයේ සිටින ඇමරිකාව ප්‍රමුඛ සුපිරි ධනවතුන් සීයක් දෙසීයක් අතරේ. මේ සුපිරි ධනවතුන් කරන්නේ ඇමරිකානු දේශපාලනඥයන් තුලින් තෙල් සහ සම්පත් රටවල් වලට පහර දී, බලපෑම් කරමින් මේ රටවල ඔව්න්ගේ බහුජාතික සමාගම් හරහා ධනය ‍රැස් කරන එක.ලෝකයේ සටන් සහ ආක්‍රමණ තීරනය ගන්නේ මේ සුපිරි බිලියනයර්ස්ලා.ඇමරිකාවේ 35%ක් දුප්පත් කමින් බැට කනවා.මේක නිසා හිතා ගන්න පුලුවන් මේ සුපිරි ධනවතුන් මේ මුදල් ඇමරිකාවේ ජනතාව වෙනුවෙන් යොදා ගන්නේ නෑ.මේ සුපිරි ධනවතුන් ලෝකයෙන් අතු ගා දැමීමේ විප්ලවයක් දැන් ලොව පුරා ක්‍රියාත්මක වෙමින් තියෙනවා.අද සටන තියෙන්නේ 00.001% ක් වෙන මේ සුපිරි ධනවතුන් සහ 99.999%ක් වෙන අපි වගේ අය අතරයි. ලෝකේ ඉන්න මේ සුපිරි ධනවතුන් අතලොස්සකට අපව පාගා ගෙන සිටීමට අපි ඉඩ දෙන්නේ නෑ කියන මතයට ලොව පුරා තරුනයන් අද යොමු වෙමින් ඉන්නවා.

    මේක දිහා බලපුවාම මට හිතෙන දේ නමි ලෝකය අද ඉල්ලන්නෙ කලකදි හොද නැ කියල ඇතඇරල දාපු සමාජවාදය.හැමෝටම එක ආර්ථික, සාමාජිය හා දේශපාලන තත්වක් තියෙන්නෙ අර ලෙනින්ල ලියපු පොත්වල විතරයි.හැබැයි ඒක අද ලිබියාවේ තරැනයත් ඉල්ලනව ඇමරිකාව් තරැනයත් ඉල්ලනව.ඔක දෙන්ඩ පුලුවන්ද කියන‍දේයි අවුල තියෙන්නෙ.ඒතැනට යන්ඩ පුලුවනනමි ගොඩක් හොදයි :yes::yes: එත් මම නමි හිතන්නෙ නැ ඔක කරන්ඩ පුලුවන් වෙයි කියල මොකද ඔය කාගෙත් තියෙන්නෙ අනිත් එකාව පාගගෙන යන්ඩ හැදිචිච පසුබිමක්.ඔක ඉල්ලන අපිම එක කඩන වෙලාවකුත් එනව :yes::yes: