ඇමරිකාව සොයාගත්තේ චීන ජාතිකයෙක්?

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඇමරිකාව සොයාගත්තේ චීන ජාතිකයෙක්?

ඇමරිකාව සොයාගත්තේ චීන ජාතිකයෙක්?

සුරංගනා කතාවක්:-

අප දන්නා තරමින් සහ අප ඉගෙන ගෙන ඇති අන්දමට
ඇමරිකාව සොයා ගන්නා ලද්දේ
ලොව පළමු ජාත්‍යන්තර දේශ ගවේශකයා ලෙස බෙහෝ දෙනෙක් හඳුන්වන
ඉතාලි ජාතික ක්‍රිස්ටෝපර් කොලොම්බස්ය.
නමුත් ඔහු ඇමරිකාවට ලඟාවීමට ප්‍රථම
එහි සිටියවුන් යුරෝපය සමඟ
සම්බන්ධතා පැවති බවට සාක්ෂි තිබෙනවා.

කෙසේ වෙතත් මෙම නවතම අදහස් ඉදිරිපත් කරන්නේ
බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයකු වන ගාවින් මෙන්ෂීස් නැමැත්තායි.
එහි සුවිශේෂි බව වනුයේ ඒ සඳහා වසර 600 ක් ඉපැරණි
චීන සිතියමක් ද ඔහු විසින් ඉදිරිපත් කිරීමයි. මොහුගේ
“හූ ඩිස්කවර් ඩ් අමෙරිකා (Who Discovered America)”
කෘතියේ පවසන අන්දමට කොලොම්බස් විසින්
ඇමරිකාව සොයාගන්නා ලද්දේ යැයි පැවසීම සුරංගනා කතාවකි.

12310623_10208095227438576_1656804162920069986_n.jpg

වසර 600 ක් ඉපැරණි චීන සිතියම :-

වර්ෂ 1418 ට අයත් මෙම ඉපැරණි සිතියම
ඔහු විසින් සොයාගෙන ඇත්තේ ද
පැරණි චීන පොත් සාප්පුවකිනි.
එය අයිතිව සිට ඇත්තේ
චීන අද්මිරාල්වරයකු වූ ෂෙංග් හේට ය.
18 වන සියවසට අයත් මෙම සිතියමෙයි
ඇමරිකාව සළකුනු කර ඇති ආකාරය පෙන්වන
ගාවින් කියා සිටින්නේ කොලොම්බස් පැමිණීමට
වසර 70කටත් පෙර මෙම සිතියම නිර්මාණ කළ තිබූ බවත්,
කොලොම්බස් භාවිතා කලෙත්
මෙම සිතියමේම පිටපතක් බවත් ය.

12308272_10208095227638581_8026264800578401429_n.jpg

චීන අද්මිරාල් ෂෙංග් හේ:-

චීන අධිරාජයාගේ මෙහෙයවිම යටතේ
චීනය වෙනුවෙන් සේවය කල මෙම අද්මිරාල් වලරයා
චීනයේ සිටි සුවිශේෂ දේශ ගවේශකයෙකි.
චීනය විසින් එ්වන විට මැදපෙරදිග සහ අප්‍රිකාව පිළිබඳ
නොදැන සිටි අතර ආසියාවේ ඇතැම් ප්‍රෙද්ශ තුල
මොවුන්ගේ බලපෑම අති ප්‍රභල විය.
ඉන්දුනීසියාවේ ඇතැම් ප්‍රෙද්ශවල අද්මිරාල් ෂෙංග් හේ
අදටත් දේවත්වයෙන් සළකනු ලබයි.

11046519_10208095228718608_3266605686126606712_n.jpg

12316661_10208095228118593_7864287684605329984_n.jpg

සිතියම අව්‍යාජයි:-

සිතියම අව්‍යාජභාවය පිළිබඳ තහවුරු කර ඇති අතර
ගාවින් විසින් පෙන්වා දෙනේනේ
සිතියමේ ස්ථාන සළකුණු කර ඇති අන්දමින්
එය එවකට පැවති දත්ත හා තොරතුරු පදනම් කරගෙන
කර ඇති බව පැහැදිලි වන බවයි.
වසර 40,000 කට ප්‍රථම පැසිෆික් සාගරය තරණය කළ
ප්‍රථම දේශ ගවේෂකයන් වන්නේ චීන ජාතිකයන් බවත්
එය ඔප්පු කිරීමට ඔහු සතුව ඩී.එන්.ඒ. සාධකද ඇති බවත්
“හූ ඩිස්කවර් ඩ් අමෙරිකා (Who Discovered America)”
කෘතියෙන් පෙන්වා දෙයි.

12289642_10208095229158619_8388057180833632960_n.jpg

ප්‍රතිචාර සහ විවේචන:-

විවේචකයන් පවසන්නේ මොහු ඉතිහාසය පිළිබඳ
වෘත්තීමය හදාරන්නකු නොවන බවත්
ඒ සඳහා උපාධියක් ද ඔහු සතු නොවන බවයි.
එසේ වුවුද ගාවින් මෙන්ෂීස් වටා
අති විශාල පාඨක පිරිසක් ඇති අතර
ඔවුන් ඔහුගේ සිද්ධාන්ත සහ පර්යේෂණ
ඉතා ඉහලින්ම පිළිගනු ලබනවා.

12308582_10208095229078617_4258487815260243806_n.jpg

© hansa1018
________________________
hansa1018/EK/2015.11.28
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ MAP එකනං හැබැයි බොරු වගේ නැද්ද බං. ඇත්ත එකට සෑහෙන සමානයි නෙ. ඔච්චර විස්තර එක්ක තියෙන්න පුලුවන්ද ? ඇන්ටාක්ටික් ග්‍රීන්ලන්ඩ් එහෙමත් තියෙනව ඒ විදිහටම +1
     
    • Like
    Reactions: hansa1018

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අඩෝ MAP එකනං හැබැයි බොරු වගේ නැද්ද බං. ඇත්ත එකට සෑහෙන සමානයි නෙ. ඔච්චර විස්තර එක්ක තියෙන්න පුලුවන්ද ? ඇන්ටාක්ටික් ග්‍රීන්ලන්ඩ් එහෙමත් තියෙනව ඒ විදිහටම +1

    eka uge map eka nevi, e map eken penvanne u gaman karapu path ekai dan map eke hatiyata
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මරුසිරා;19355570 said:
    සුද්ද මුල ඉදලම කරන්නේ බොරු ...අපේ හිටන්ලට ඕව රත්තරන් :lol:

    Patta.. TFS+ 12+

    අඩෝ MAP එකනං හැබැයි බොරු වගේ නැද්ද බං. ඇත්ත එකට සෑහෙන සමානයි නෙ. ඔච්චර විස්තර එක්ක තියෙන්න පුලුවන්ද ? ඇන්ටාක්ටික් ග්‍රීන්ලන්ඩ් එහෙමත් තියෙනව ඒ විදිහටම +1

    eka uge map eka nevi, e map eken penvanne u gaman karapu path ekai dan map eke hatiyata

    ellazz.....
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මරුසිරා;19355570 said:
    සුද්ද මුල ඉදලම කරන්නේ බොරු ...අපේ හිටන්ලට ඕව රත්තරන් :lol:
    ඇයි බන් උබලා මොනවා කතා කරන්න ගියත් අන්තිමට සින්හල උන් කුජීත කරලා කතා කරන්නේ.. ඇයි බන් ඒ.. උබලත් සින්හලනේ. තමන් තමන්ට ගරහා ගන්නේ ඇයි..

    ත්‍රේඩ් එකට අදාලව,

    මම හිතන්නේ නැ බන්. එහෙම ගියානම් අනිවාර්යෙන් උන් චීන මොනම හො දෙයක් ඇමෙරිකාවේ අටවනවා.. එහෙම සාදකයක් හම්බ උනොත් ඔන්න හිතන්න පුලුවන්..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඇයි බන් උබලා මොනවා කතා කරන්න ගියත් අන්තිමට සින්හල උන් කුජීත කරලා කතා කරන්නේ.. ඇයි බන් ඒ.. උබලත් සින්හලනේ. තමන් තමන්ට ගරහා ගන්නේ ඇයි..

    ත්‍රේඩ් එකට අදාලව,

    මම හිතන්නේ නැ බන්. එහෙම ගියානම් අනිවාර්යෙන් උන් චීන මොනම හො දෙයක් ඇමෙරිකාවේ අටවනවා.. එහෙම සාදකයක් හම්බ උනොත් ඔන්න හිතන්න පුලුවන්..

    atevvath ,eva vinasa karanna puluwan ne?
    thava kotasak kiyanava mulinma americava (මහාද්වීපය) hoya gatte Vikings la kiyalath.
    Viking la Denmark vala idala, Iceland gihin, ita passe ethanin Greenland it apasse Canada valata.