ඇමරිකාව සොයාගත්තේ චීන ජාතිකයෙක්?
ඇමරිකාව සොයාගත්තේ චීන ජාතිකයෙක්?
සුරංගනා කතාවක්:-
අප දන්නා තරමින් සහ අප ඉගෙන ගෙන ඇති අන්දමට
ඇමරිකාව සොයා ගන්නා ලද්දේ
ලොව පළමු ජාත්‍යන්තර දේශ ගවේශකයා ලෙස බෙහෝ දෙනෙක් හඳුන්වන
ඉතාලි ජාතික ක්‍රිස්ටෝපර් කොලොම්බස්ය.
නමුත් ඔහු ඇමරිකාවට ලඟාවීමට ප්‍රථම
එහි සිටියවුන් යුරෝපය සමඟ
සම්බන්ධතා පැවති බවට සාක්ෂි තිබෙනවා.
කෙසේ වෙතත් මෙම නවතම අදහස් ඉදිරිපත් කරන්නේ
බ්‍රිතාන්‍ය ජාතික ලේඛකයකු වන ගාවින් මෙන්ෂීස් නැමැත්තායි.
එහි සුවිශේෂි බව වනුයේ ඒ සඳහා වසර 600 ක් ඉපැරණි
චීන සිතියමක් ද ඔහු විසින් ඉදිරිපත් කිරීමයි. මොහුගේ
“හූ ඩිස්කවර් ඩ් අමෙරිකා (Who Discovered America)”
කෘතියේ පවසන අන්දමට කොලොම්බස් විසින්
ඇමරිකාව සොයාගන්නා ලද්දේ යැයි පැවසීම සුරංගනා කතාවකි.
වසර 600 ක් ඉපැරණි චීන සිතියම :-
වර්ෂ 1418 ට අයත් මෙම ඉපැරණි සිතියම
ඔහු විසින් සොයාගෙන ඇත්තේ ද
පැරණි චීන පොත් සාප්පුවකිනි.
එය අයිතිව සිට ඇත්තේ
චීන අද්මිරාල්වරයකු වූ ෂෙංග් හේට ය.
18 වන සියවසට අයත් මෙම සිතියමෙයි
ඇමරිකාව සළකුනු කර ඇති ආකාරය පෙන්වන
ගාවින් කියා සිටින්නේ කොලොම්බස් පැමිණීමට
වසර 70කටත් පෙර මෙම සිතියම නිර්මාණ කළ තිබූ බවත්,
කොලොම්බස් භාවිතා කලෙත්
මෙම සිතියමේම පිටපතක් බවත් ය.
චීන අද්මිරාල් ෂෙංග් හේ:-
චීන අධිරාජයාගේ මෙහෙයවිම යටතේ
චීනය වෙනුවෙන් සේවය කල මෙම අද්මිරාල් වලරයා
චීනයේ සිටි සුවිශේෂ දේශ ගවේශකයෙකි.
චීනය විසින් එ්වන විට මැදපෙරදිග සහ අප්‍රිකාව පිළිබඳ
නොදැන සිටි අතර ආසියාවේ ඇතැම් ප්‍රෙද්ශ තුල
මොවුන්ගේ බලපෑම අති ප්‍රභල විය.
ඉන්දුනීසියාවේ ඇතැම් ප්‍රෙද්ශවල අද්මිරාල් ෂෙංග් හේ
අදටත් දේවත්වයෙන් සළකනු ලබයි.
සිතියම අව්‍යාජයි:-
සිතියම අව්‍යාජභාවය පිළිබඳ තහවුරු කර ඇති අතර
ගාවින් විසින් පෙන්වා දෙනේනේ
සිතියමේ ස්ථාන සළකුණු කර ඇති අන්දමින්
එය එවකට පැවති දත්ත හා තොරතුරු පදනම් කරගෙන
කර ඇති බව පැහැදිලි වන බවයි.
වසර 40,000 කට ප්‍රථම පැසිෆික් සාගරය තරණය කළ
ප්‍රථම දේශ ගවේෂකයන් වන්නේ චීන ජාතිකයන් බවත්
එය ඔප්පු කිරීමට ඔහු සතුව ඩී.එන්.ඒ. සාධකද ඇති බවත්
“හූ ඩිස්කවර් ඩ් අමෙරිකා (Who Discovered America)”
කෘතියෙන් පෙන්වා දෙයි.
ප්‍රතිචාර සහ විවේචන:-
විවේචකයන් පවසන්නේ මොහු ඉතිහාසය පිළිබඳ
වෘත්තීමය හදාරන්නකු නොවන බවත්
ඒ සඳහා උපාධියක් ද ඔහු සතු නොවන බවයි.
එසේ වුවුද ගාවින් මෙන්ෂීස් වටා
අති විශාල පාඨක පිරිසක් ඇති අතර
ඔවුන් ඔහුගේ සිද්ධාන්ත සහ පර්යේෂණ
ඉතා ඉහලින්ම පිළිගනු ලබනවා.
© hansa1018
________________________
hansa1018/EK/2015.11.28