ඇමසන් වනාන්තර ගින්නේ නොකී කතාව

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ඇමසන් වනාන්තර ගින්නේ නොකී කතාව

    69649352_437528680306119_697894020520607744_n.jpg


    ඇමසන් වනාන්තර ගින්නේ නොකී කතාව
    --
    වර්ෂ 2019 ජූලි මාසය ලෝක වනසංරක්ෂණ ඉතිහාසයේ සංධිස්ථානයකි.... ඊට හේතුව ලොව ප්‍රබලතම තෙල් සමාගමකට එරෙහිව, හුදෙක් මිනිස්සු 2,000කින් සමන්විත ආදිවාසී ජනතාවක් උසාවි ගොස් ජයග්‍රහණය ලැබීමයි.... පස්තාසාවේ Waorani ජනතාව යනු ඉක්වදෝරියානු ඇමසන් කලාපයේ ජීවත්වන ආදිවාසී ජන කොට්ඨාසයකි.... ඔවුන්ගේ සමස්ත ප්‍රජාව, පුද්ගලයන් 2,000ක් තරම් සුළු සංඛ්‍යාවකට සීමා වේ... ඉක්වදෝරියානු රජය විසින් ස්වකීය ජන්මභූමිය වන අක්කර ලක්ෂ 5කට ආසන්න භූමිය තෙල් සමාගම්වලට ලබාදීමට එරෙහි ව ඔවුහු වසර ගණනක් තිස්සේ ඉක්වදෝර රජයට එරෙහිව නඩු කීවෝ ය... 2012දී පළමු නඩු තීන්දුවෙන් පරාජය වූ ඉක්වදෝර රජය, එම තීන්දුවට එරෙහි ව පස්තාසා ප්‍රාදේශීය අධිකරණයේ අභියාචනාවක් ගොනු කළේ ය... එහිදී රජයේ අභියාචනය ඉවත දැමු ත්‍රිපුද්ගල අධිකරණය, 2012දී වෝරානි ජනතාව සමග රජය කටයුතු කළ ආකාරය නීත්‍යානුකූල නොවන බවට තීන්දු කරමින්, අක්කර මිලියන 7ක පැතිරුණු තෙල් නිධි කට්ටි 16ක් තෙල් සමාගම්වලට පවරා දීම අවලංගු කරමින් සිය තීරණය ලබා දුන්නේ ය.... ඒ, මේ වසරේ ජූලි මාසයේ ය.... එහිදී ඓතිහාසික ප්‍රකාශයක් කළ පස්තාසා වෝරානි ආදිවාසී සංවිධානයේ සභාපති නෙමොන්තේ නෙන්කිමෝ (Nemonte Nenquimo) මෙසේ පැවසී ය....

    "රජය අපේ අනුදැනුමකින් තොරව අපේ භූමිය තෙල් සමාගම්වලට විකුණන්න සූදානම් වුණා. වැසි වනාන්තර කියන්නෙ අපේ ජීවිතය. අපේ ජීවිතය බඳු අපේ වනාන්තරයේ සිදුවන්නේ කුමක්දැයි තීරණය කළ යුත්තේ අපි. අපේ භූමිය තෙල් සමාගම්වලට විකුණන්න අපට කිසිම අදහසක් නැහැ. අද උසාවිය තීරණය කර තිබෙනවා අපේ භූමිය සම්බන්ධ ව වෝරානි ජනතාව ඇතුළු ආදිවාසී ජනතාවගේ අයිතීන්ට ගරුකළ යුතු බව. ආණ්ඩුවට තෙල් වැදගත් ඇති; නමුත් එය අපේ අයිතීන්, අපේ වනාන්තර, අපේ ජීවිතවලට වඩා වටින්න හේතුවක් නැහැ."

    ඒ ජූලි මාසයේ ය... මේ අගෝස්තු මාසය ය... ලෝක ඉතිහාසයේ පළමුවරට ආණ්ඩුවක් සහ තෙල් සමාගම් එකට තබා පැරදවූ ආදිවාසී වික්‍රමයට මාසයකට පසුව, අමසෝන් වනාන්තරය හෙවත් පෘථිවියේ ජීවයේ හදවත දැන් සති දෙකක් තිස්සේ ගිනිගනිමින් පවතී...

    සේයාරුව: වෝරානි ජනතාව පස්තාසා ප්‍රාදේශීය අධිකරණයේදී ඇමසන් නඩු තීන්දුව ජයග්‍රහණය කළ මොහොත.

    උපුටා ගැනීමකි
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ඇමසන් වැසිවනාන්තරයෙ ගින්නෙන් එය අයිති රටවල් වලින් වැඩියම රිදුන ජනාධිපති තමා බොලිවියානි ජනාධිපති ඊවෝ මොරාලස් ඔහු ජාත්‍යන්තර සහය එනකල් බලන් නොයිද කල හැකි සියලු දේ කරමින් සිටිනවා සිය හමුදාවල් සිය සම්පත් හැකි ලෙස යොදා තම රටට අයත් කොටසේ ගින්න නිවීමට උත්සහ කරන ඔහු ලෝකයේ ලොකුම ගිනි නිවීම් සඳහා යොදාගන්නා බෝයිං 747 වර්ගයේ යානාවත් ඉල්ලුම් කර ලබාගෙන ඇත මෙහි ජල ටොන් 115,000 කට එහා මෙහා රැගෙන යා හැකිය බ්‍රසීල ජනපතිද මෙම ගිනි නිවීම් කාර්‍යට අත ගසා ඇත කෙසේ වෙතත් බොලිවිය්නු ජනපති ඊවෝ මොරාලෙස් යනු ස්වදේශික රතු ඉන්දියානු උරුමයක් තියෙන නියම ඇමසෝනියන් වනයටම බැඳුන රියල් ජීවියෙක් එය ඔහුගේ පරපුරේ උපන් ගෙයයි
    69931877_437443583647962_8042745832820178944_n.jpg
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    තෙල් සමාගම් ටික තමයි ගිනි තියල තියෙන්නේ. දැනටමත් ලංකාව වගේ 18 ගුණයකටත් වඩා විශාල ප්‍රදේශයක් ඇමසන් වැසි වනාන්තරයෙන් විනාශ වෙලා ඉවරයි කියනව. :(:(:(:(
    ඕකෙන් ඕසෝන් වියනට ලොකු හානියක් උනොත් ඉදල ඉවරයි...
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අක්කර මිලියන 7ක තෙල් වැද්දො ටිකක් නිසා යට කරල දානව කියන්නෙ අපරාධයක්. ඕකුන් ටික රීලොකේට් කරල තෙල් නිදිය පටන් ගන්න තිබ්බෙ. Political correct වෙන්න ඕනිවට දීපු ගොබ්බ තීන්දුවක්.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    තෙල් සමාගම් ටික තමයි ගිනි තියල තියෙන්නේ. දැනටමත් ලංකාව වගේ 18 ගුණයකටත් වඩා විශාල ප්‍රදේශයක් ඇමසන් වැසි වනාන්තරයෙන් විනාශ වෙලා ඉවරයි කියනව. :(:(:(:(
    ඕකෙන් ඕසෝන් වියනට ලොකු හානියක් උනොත් ඉදල ඉවරයි...

    :sorry::sorry::sorry::sorry::sorry: