ඇම්ඩ

chathurakalugal

Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    ඔන්න දවසක් ඇම්ඩ ගියාලු හවස 7 විතර වගේ වෙලාවක් බලල හොර කොටුවක් (දන්නෝ දනිති. දන්නෙ නැති කට්ටිය දන්න අයගෙන් අහගන්න.) පනින්න. ඔන්න ඉතිං අපේ ඇම්ඩ කොලුව ගජරාමෙට කොටුව පැනල ඵල වැල නෙල නෙල ඉන්න කොට එකපාරටම දොරට තට්ටු කරන සද්දයක් ඇහුනලු. කෙළිය නේද තාප්පෙට. දැන් ඉතිං මක් කරන්නද. කොටුවෙ අයිතිකාරය කොටුවට පෝර දන්න ඇවිත්. ගෑනිත් කරගියාගන්න දෙයක් නැතුව ඇම්ඩව ගේ පිටිපස්සට අරන් ගිහිල්ල කළුවරේම දැම්මලු කුකුළු කොටුව ඇතුළට. දැන් ඉතිං ඇම්ඩ ඉන්නවලු කුකුළු කොටුව ඇතුළෙ බිම වාඩිවෙලා. මෙහෙම ඉන්නකොට මූට ඇහුනලු කුකුළෙක්ගෙන් එන්නෙ නැති විදිහෙ වෙනස් සද්දයක්. මූ කළුවරේ එහෙ මෙහෙ බලද්දි “හත්වලාවයි“ මෙන්න යකෝ තව එකෙක් ඉන්නව කුකුළු කොටුව ඇතුළෙ. කාල වරෙංකො. බැලින්නං ඇම්ඩ කොටුව පැනල තියෙන්නෙ තව එකෙක් කෙටුව පැනල ඵල වැල නෙල නෙල ඉන්න කොටම තමයි. ඇම්ඩට වුන දේමයි කලින් එකාටත් වෙලා තියෙන්නෙ. දැන් ඇම්ඩට ඌරු ජුවල්. දෙන්නම් මූට හොඳ පෝරියල් එකක් කියල ඇම්ඩ එහෙට මෙහෙට අත පත ගාල අල්ල ගත්ත කුකුළෙක්ව. (ඌගේ එක අන්ඩක් නැහැලු.) අල්ලගෙන දික් කරා අනිත් මිනිහ ඉන්න පැත්තට…

    “අඩෝ…. (හිමින් හොඳේ) මට මූව අරං රුපියල් 100 ක් දීපං“

    “පිස්සුද ඩෝ. මට මොකටද කුකුළෙක්ව“

    “දිපං රුපියල් 100ක්. නැත්තං මං කෑ ගහනව“

    අනිත් මිනිහත් බැරිම තැන කුකුළව අරං රුපියල් 100ක් දුන්නලු.

    තව ටික වෙලාවක් ගියාලු. ඇම්ඩට තවත් කම්මැලියිලු. ආයෙත් කුකුළෙක්ව අල්ල ගත්තලු. බැලින්නම් කලින් අල්ලගත්ත අන්ඩ නැති කුකුළමලු. ඇම්ඩ ආයෙත් කුකුළව අනිත් මිනිහට දික් කරල ආයෙත් රුපියල් 100ක් කඩා ගත්තලු. තවත් පැය කාලක් විතර ගියාලු. ඇම්ඩට ආයෙත් කම්මැලියිලු. ඇම්ඩ තුන්වෙනි පාරටත් කුකුළෙක්ව අල්ලගත්තලු. බැලින්නම් ඒත් අර අන්ඩ කැඩිච්ච කුකුළමලු. ඇම්ඩ තුන්වෙනි පාරටත් ඒ කුකුළවම අනිත් මිනිහට රුපියල් 100කට වික්කලු. හැබැයි මොදා පාරනම් අනිත් එකාට යමරෙට මළ පැන්නලු. අහුවුනත් කමක් නෑ මූත් එක්ක ඉන්න බෑ කියල කුකුළු කොටුවෙන් එළියට බැහැල යන්න ගියාලු. දැන් ඉතිං ඇම්ඩටත් කරන්න දෙයක් නැතිම තැන තව ටික වෙලාවක් ඉඳල ඇම්ඩත් ගැහුවලු ප්ලෑනක්. අල්ලගත්තලු තව කුකුළෙක්. අල්ලගෙන ඌවත් කිහිල්ලෙ ගහගෙන බැස්සලු එළියට. (දැන් ඉතිං අහුවුනත් කමක් නෑනෙ. අහුවෙන්නෙ කුකුළු හොරකමේ ආව කියලනෙ. කොටු පැන්න කියල නෙමෙයිනෙ.) ඇම්ඩ කොහොම හරි ෂේප් එකේ තාප්පෙන් පැනල ආවලු රෑ 8 – 9 වගේ වෙද්දි එන්ටර් වුනාලු ගෙදරට. ගෙදර ගේට්ටුව පනිනකොටම “ජූලි හතයි මළ කෙලියයි“ ඇම්ඩගෙ තාත්ත ඉන්නවලු අසූහාර දාහට තදවෙලා දොර ඉස්සරහට වෙලා. දැන් ඇම්ඩටත් හීන් දාඩිය. “තෝ කොහෙද ගියේ“ කියල ඇහුවොත් කියන්න දෙයකුත් නෑනෙ. ඒක හින්ද තාත්ත ඉස්සර වෙන්න කලින් ඇම්ඩ ඉස්සර වුනාලු.

    “තාත්තෙ….. මට මෙන්න මේ කුකුළව අරං රුපියල් 100ක් දියන්කො“

    ඇම්ඩ කිහිල්ලෙ ගහන් හිටපු කුකුලව තාත්තට පෙන්නල කිව්වලු.

    එතකොට තාත්ත කියනවලු….

    “තෝ මේ @*&!%+^ ක් කථා කරනව. මම මේ එකම කුකුළට රුපියල් 100 ගානෙ තුන් පාරක් සල්ලි ගෙවල ආවෙ“ කියල.
     
    • Like
    Reactions: Elamad and delmar