ඇමෙරිකානු කඳවුරට ඉරාන මිසයිල පතිත වෙන හැටි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    2020 අවුරුද්දේදී හිටපු ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ අවසරය ඇතිව ඇමෙරිකන් හමුදාව ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඉරාන ජෙනරල් කෙනෙක් වුන කසෙම් සුලෙයිමානිව මරලා දානවා.ජෙනරල් එක්ක තවත් කිහිපදෙනෙක් මෙතෙන්දී ඝාතනය වෙනවා.ඔය තියෙන්නේ බැග්ඩෑඩ්වල ගුවන් තොටුපෙලෙන් ගොඩ බැස්ස මේ පිරිස වාහනවලින් පිටත් වෙලා යද්දී ඇමෙරිකන් මිසයිල වල ඉලක්ක වෙන හැටි.




    හුගක් අය හිතුවා මේ ජෙනරල් මැරුව එකෙන් ඉරාන-ඇමෙරිකා යුද්ධයක් පටන් ගනියි කියලා.ඒත් එහෙම වුනේ නෑ.ඒත් වැඩි දවසක් යන්න කලින් ඉරානය පළිගැනීමේ ප්‍රහාරයක් එල්ල කරනවා.ජෙනරාල් මරා දාන්නේ 2020 ජනවාරි 03දා.ඉරානය ඒකට පළිගන්න ගහනවා ඉරාකයේ තියෙන ඇමෙරිකානු කඳවුරු දෙකකට.ඒ 2020 ජනවාරි 08දා.

    මේ ප්‍රහාරයට ඇමෙරිකාව ප්‍රතිප්‍රහාරයක් නම් දෙන්නේ නෑ.ට්‍රම්ප් ගිහින්,ජෝ සීයා ආවාට පස්සේ මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක එලියට එනවා.




    බැලුවද? ඕකේ තියෙන්නේ ඇමෙරිකන් ඩ්‍රෝන් එකකින් ගත්ත වීඩියෝ එකක්.ඔය මිසයිල වැටෙන්නේ ඉරාකයේ තියෙන අල් අසාඩ් කියන ඇමෙරිකන් එයාර් ෆෝස් බේස් එකට.ඉරානය මිසයිල වලින් ගැහුව එක කඳවුරක් තමයි ඕක.

    5fLQmA7.jpg

    ඔය තියෙන්නේ කඳවුරට මිසයිල වැටුණු තැන්


    dWCzUg2.jpg

    ප්‍රහාරය එල්ල වෙද්දී කඳවුරේ සෙබලුන්ගෙන් කොටසක්,ගුවන් යානා හුගක් අයින් කරගෙන

    ඇමෙරිකාව මුලදී කිව්වේ ජීවිත හානි,තුවාලකරුවෝ නෑ කියලා.සතියක් විතර යද්දී කියනවා පිපිරීම නිසා සෙබලු සීයක විතර මොලේ තුවාල සිදුවෙලා කියලා.

    මෙන්න මේ වීඩියෝ එකේ කියන විදියට ඉරානය මේ ප්‍රහාරය ප්ලෑන් කරනවා කියලා බුද්ධි අංශ හොයාගෙන තියෙනවා.ඒ විස්තර ,එතකොට ප්‍රහාරයට කලින් කරපු අනතුරු ඇගවීම හින්දා වෙන්න තිබ්බා හානිය අවම වෙලාලු.තව පැත්තකින් කියනවා ඇමෙරිකාවෙන් ප්‍රතිප්‍රහාරයක් එල්ල නොවෙන විදියට ,හානි අඩු වෙන්න ඉරානය ඉලක්ක තෝරගෙන තිබ්බා කියලා.දෙපැත්තම බේරලා කට්ටිය වැඩේත් කරගත්තේ ඔහොමයි.




    ඔය තියෙන්නේ කඳවුරට වෙච්ච හානිය..

    LODY8qc.jpg


    IRrWf1N.jpg


    DA5F8mu.jpg


    7Wxxdow.jpg


    iMSi8AI.jpg


    gxWqOwn.jpg


    B4DXbe6.jpg


    DwJNnyO.jpg


    QkGC33G.jpg
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    ප්‍රහාරය වෙන දවසේදී ඉරානය ඉරාකයට අනතුරු ඇගවීමක් කරලා තියෙනවා.ඒකෙන ලීක් වෙලා ඇමරිකාව දැනගෙන තියෙන්නේ කියනවා.ලීක් වෙන්න ඕනි නිසාලූ ඉරාකයට කිව්වේ..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ලංකාවෙත් ඔහොම සිද්දියක් වෙලා වගේ මට පෙන්නේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    ඇමරිකන් එවුන් ඉරානෙට ගැහුවා.
    ඉරානේ ඇමරිකන් එවුන්ට ගැහුවා.
    ඉරානේ ඉරානෙටම ගැහුව වැරදිලා අන්තිමට. - ප්ලේන් එකකට වැදුනේ එකක් :lol:
    ඒ නිසා ඇමරිකාව සතු‍ටු උනා :yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොකටද මුන් දැන් මේ යුද්ද කරන්නෙ
    ඔය කිව්වට ලංකාවේ තිබ්බා වගේ මහ ලොකු යුද්ධයක් නෑ.කාලෙන් කාලෙට ඇමෙරිකන්කාරයෝ/ඊශ්‍රායලකාරයෝ ඉරානේ මොකෙක් හරි ලොක්කෙක් මැරුවොත් තමයි ඔහොම ඇවිලිලා එන්නේ.