ඇමෙරිකානු ජනපති ප්‍රවාහන සේවා
ලෝකයේ ඉහළ ආරක්ෂාව ලබන පුද්ගලයා කවුද දැයි විමසුව හොත් බොහෝදෙනාට නිතැතින්ම මතක් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාය.ආරක්ෂාව සම්බන්ධව පැවති අඩු අවදානය නිසා ඝාතනයට ලක්වූ පළමු ඇමෙරිකානු ජනපතිවරයා වන්නේ ඒබ්‍රහම් ලින්කන්ය.ඔහු වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය යන්නේ 1865 අප්‍රේල් 15 දාය.1881 සැප්තැම්බර් මස 19 වන දා ජේම්ස් ගාර්ෆීල්ඩ් නම් ඇමෙරිකානු ජනපතිවරයාද මිය යන්නේ ඔහුව ඝාතනය කිරීමට තැබූ වෙඩි ප්‍රහාරයකින් පසුව ප්‍රතිකාර ලබමින් සිටියදීය.විලියම් මැකෙන්ලි ජනපතිවරයාද වෙඩි ප්රහාරයක ලක්ව 1901 සැප්තැම්බර් මස 14දා මරණයට පත්වේ.අවසන් වරට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිවරයෙක් ඝාතනය වන්නේ 1963 නොවැම්බර් මස 22දා ය. ඒ ජෝන් එෆ් කෙනඩිය.නමුත් ඔහුගේ ඝාතනය පිටුපස මධ්‍යම බුද්ධි තොරතුරු ඒජන්සිය හෝ වෙනත් රහසිගත සංවිධානයක් සිටින බව සමහරුන්ගේ අදහසයි.ඊට අමතරව අවස්ථා ගණනාවකදී එක්සත් ජනපදයේ ජනපතිවරු ඝාතනය කිරීමේ අසාර්ථක උත්සාහයන් ක්‍රියාත්මක වී තිබේ.
මෙම ලිපියෙන් විමසා බලන්නට සූදානම් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්තමාන ජනපතිවරයා වන බැරක් හුසේන් ඔබාමා පාවිච්චි කරන අධි ආරක්ෂිත මෝටර් රථය,බස් රථය,ගුවන් යානය සහ හෙලිකොප්ටරය සම්බන්ධවයි.
බැරැක් ඔබාමා ජනපතිවරයා තම රාජකාරි ගමන් වෙනුවෙන් භාවිතා කරන විශේෂිත මෝටර් රථය The Beast යන නමින් හඳුන්වයි.මෙය Cadillac One යන නමින්ද හඳුන්වන මුත් එය limousines වර්ගයේ පුද්ගලයන් හත්දෙනෙකුට ගමන් කල හැකි මෝටර් රථයකි.ජනපතිවරයා වෙනුවෙන් විශේෂයෙන්ම දැඩි ආරක්ෂක ක්රමෝපායන් එක් කර තනා ඇති මෙම රථයේ හැකියාවන් සම්බන්ධ තොරතුරු බොහෝමයක් රහසිගත බව කියවේ.මෝටර් රථයට සමාන රථ 12ක් පමණ තිබෙන බවත් එකක් ඇ.ඩො.මිලියනයක් තරම් වටිනාකමක් සහිත බවත් සඳහන් වේ.
ලින්කන්ගේ සිට කෙනඩි ඝාතනය තෙක් එරට ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන එතරම් සැලකිල්ල නොතිබුණේ යැයි කිය නොහැකි මුත් පසුකාලයේදී තාක්ෂණික දියුණුවත් සමග තම රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන්නට එක්සත් ජනපද ආරක්ෂක අංශ ක්‍රියා කල බව පෙනෙන්නට තිබේ.නමුත් ජනපතිවරයා වෙනුවෙන් ඉහළ ආරක්ෂාවක් සහිත මෝටර් රථයක් විශේෂයෙන්ම නිර්මාණය කිරීම ඇරඹෙන්නේ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ පාලනයත් සමගයි.2005 වසරේ පටන් ජනපති බුෂ් විසින් පාවිච්චි කරන මෙම රථය Four-wheel drive හෙවත් රෝද හතරටම බලය ලබාදුන් එකකි.
-මෙහි ඉන්ධන ටැංකිය විශේෂිත තහඩුවකින් ආවරණය කර තිබෙන අතර වෙඩි ප්‍රහාරයකින් හෝ ගැටීමකින් පසු පිපිරී යාමකට ලක් නොවන ලෙස නිර්මාණය කර තිබේ.එසේම රථය ඇතුලත ගිනි නිවීමේ පද්ධතියක්ද අඩංගුය.
-අමතර ගිනි අවි,ජනපතිවරයා වෙනුවෙන් වෙනමම ඔක්සිජන් සැපයුමක් ,හදිසි වෛද්‍යාධාර උපකරණ සහ ජනපතිවරයාගේ ලේ වර්ගයට ගැලපෙන රුධිරය අඩංගු බෝතල් ආදිය ඒ තුල තැන්පත් කර තිබේ.
-මෙම රථය බරින් වැඩි එකකි.කටකතාවලට අනුව එය ටොන් 10ක් පමණ බරකින් යුක්ත බව කියවේ.පිපිරීම් සහ වෙඩි ප්‍රහාරවලට ඔරොත්තු දෙන අයුරින් නිපදවා තිබෙන නිසා එහි සන්නාහය අධික බරකින් යුක්ත වීම පුදුමයට කරුණක් නොවේ.The Beast හි දොරවල් අධික බරකින් යුක්ත වන නිසා ජනපතිවරයාට රථය ඇතුලත සිට එය විවෘත කිරීමට නොහැකි බව කියවේ.
-මෝටර් රථය අභ්‍යන්තරයේ සිටින අයගේ ආරක්ෂාව පිණිස එහි දොරවල් මුද්‍රා තබා ඇත(ඒ නිසා රථය තුල සිටින පුද්ගලයන් බාහිරින් එල්ලවන රසායනික ප්‍රහාරයකින් පවා සුරක්ෂිත බව කියවේ).
-ආරක්ෂිත සන්නිවේදන පහසුකම්(encrypted) සහිත චන්ද්‍රිකා දුරකතනයක් සහ විශේෂිත වීඩියෝ සංවාද සිදුකිරීමේ පද්ධතියක් මෙම මෝටර් රථය සතුය.මේ ඔස්සේ ජනපතිට පෙන්ටගනය,විදේශීය තානාපතිවරු,ධවල මන්දිරය ආදී වැදගත් ස්ථාන සහ පුද්ගලයන් සමග සජීවීව රහසිගත සංවාදයන් සිදුකල හැකිය.
-The Beast රථයේ සන්නාහය හමුදාමය එකකි.එනම් වානේ,ඇලුමිනියම්,ටයිටේනියම් සහ පිගන් මැටි ස්ථරයන් එහි තිබේ.දොරවල් ඉවත් කල හැකි ෆයිබර්ග්ලාස් තහඩුවලින් ආවරණය කර තිබේ.
-The Beast සතුව විශේෂිත අඟුලු දැමීමේ පද්ධතියක්,සන්නිවේදනයක් සහ ගිනි නිවීමේ පද්ධතියක් තිබෙන අතර එහි ටයර kevlar නම් කෘත්‍රීම ෆයිබර් වලින් බලගැන්වූ Goodyear run-flats වර්ගයේ ඒවාය(මෙහි ඇති විශේෂත්වය වන්නේ ටයරයට හානියක් සිදුව හොත් අඩු වේගයකින් කි.මී. 16ක පමණ දුරක් වෙනත් රෝදයක් නොදමා ධාවනය කල හැකිවීමයි.)
-Secret Service මගින් මෙම රථයට එක් කර තිබෙන විශේෂිත අංගයක් වන්නේ රාත්‍රී දැක්මක් සහිත කැමරා පද්ධතියයි.මෙම කැමරා සවිකර තිබෙන ස්ථාන රහසිගතය.
මෙම විශේෂිත මෝටර් රථය ධාවනය කිරීමට නම් Secret Servicහි ඒජන්තවරුන් ඒ සඳහාම වූ පාඨමාලාවක් හැදෑරිය යුතුය.එහිදී අධික වේගයෙන් නිවැරදිව ධාවනය කිරීම,වංගු ගැනීම,ක්ෂණිකව හැරවීම ආදී ක්‍රියාවන් රැසක් පුහුණු කල යුතුබව පැවසේ.
මෙම රථයේ අඩංගු නොවන්නේ මොනවාද? ඔබ හොලිවුඩ් රසිකයෙක් නම් White House Down චිත්‍රපටය නරඹා ඇති.එහි පෙන්වනවා මෙන් රොකට් ලෝන්චර්ස්,අත්බෝම්බ හෝ වෙනත් බර අවි එහි අඩංගු නොවන බව කියවේ.එසේම දිවිගලවා ගැනීමේ කැප්සියුලයක් හෝ ප්‍රහාරක යානාවල අඩංගු ඉවතට විදීමේ ආසන එහි නැත.
ජනපතිගේ මෝටර් රථය ගැන කතා කරද්දී බොහෝ තැන්වල කියවෙන්නේ එය ඩීසල් බලයෙන් ධාවනය වන බවයි.නමුත් එහි තිබෙන්නේ V8 ගැසලීන් එන්ජිමක් බව එක්තරා ඒජන්තවරයෙක් වෙත පවසා තිබේ.
කොතරම් සුපිරි රථයක් වුවද ඔබාමාගේ නිල රථයද අනෙක් මෝටර් රථ මෙන්ම සර්ව සම්පුර්ණ එකක් නොවේ.එනම් මොනයම් හෝ මොහොතක එයද කාර්මික දෝෂයක් හෝ මාර්ගයේ විෂමතාවයක්,අඩුපාඩුවක් නිසා අතරමඟ නැවතීමට ඉඩ තිබේ.වරක් මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන්නට ඔබාමාට සිදුවිය.ඒ 2011 මැයි මස 23දා අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේදීය.ගැට්ටක් සහිත ස්ථානයකින් නිල රථය ගමන් ගනිද්දී එහි යටි පැත්ත පොළොවේ වැදී ඉදිරියටත් පසුපසටත් යා නොහැකි අයුරින් සිරවිය.පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ ගන්නා ලද ඡායාරූප කිහිපයකි.
2013 වසරේදී ඔබාමා ඊශ්‍රායලයේ කල සංචාරයක් අතරතුර ක්‍රියාවිරහිත වී තිබේ.
White House Down(2013) චිත්‍රපටයේ එන ජනපති නිල රථය
ඇමෙරිකාවේ වර්තමාන ජනපතිවරයා ඔහුගේ දෙවන ධූර කාලය වෙනුවෙන් ජනපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා එක්සත් ජනපදය පුරා සංචාරය කිරීමට යොදාගත් මෙම ආරක්ෂිත බස් රථය Ground Force One යන නමින් හඳුන්වයි.මෙහි වටිනාකම ලෙස සඳහන් වන්නේ ඇ.ඩො. මිලියන 1.1කි.
එක්සත් ජනපද Secret Service විසින් Hemphill Brothers Coach සමාගමෙන් මිලදීගෙන තිබෙන මෙම බස් රථය 2012 වසරේ ඔබාමාගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් යොදාගෙන ඇත.තද කළු පැහැයෙන් යුක්ත මෙම බස් රථය H3-V45 VIP මොඩලයේ අඩි 11 අඟල් 2ක් උස ,වර්ග අඩි 505ක ඉඩක් සහිත එකකි.ඇමෙරිකානු ජනපතිගේ වර්තමාන නිල රථය මෙන්ම මෙයත් ඉහල ආරක්ෂාවක් එහි ගමන් කරන්නට ලබාදෙන අයුරින් සැලසුම් කර තිබේ.දැනට මෙවැනි බස් රථ දෙකක් Secret Service සතුව තිබෙන බව කියවේ.
ඉදිරිපස වීදුරු හැර අනෙක්වා ඇතුලත නොපෙනෙන අයුරින් අඳුරු කර ඇත.
බස් රථය ඇතුලත කෙසේද යන්නද හෙළිවී නැතත් ධවල මන්දිර සහායකයෙක් කියා තිබෙන්නේ එහි මූලාසනයක් සහ අනෙකුත් ආසන ද සයනයක්ද තිබෙන බවයි.
දෙවන කොටසින් හමුවෙමු.
Source:Businessinsider.com
-HarshaLulzSec-

මෘගයා හෙවත් ජනපති ඔබාමාගේ නිල මෝටර් රථය

ජෝන් එෆ් කෙනඩි ඝාතනය කරන්නේ විවෘත රථයක ගමන් කරද්දීය.
ලින්කන්ගේ සිට කෙනඩි ඝාතනය තෙක් එරට ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන එතරම් සැලකිල්ල නොතිබුණේ යැයි කිය නොහැකි මුත් පසුකාලයේදී තාක්ෂණික දියුණුවත් සමග තම රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන්නට එක්සත් ජනපද ආරක්ෂක අංශ ක්‍රියා කල බව පෙනෙන්නට තිබේ.නමුත් ජනපතිවරයා වෙනුවෙන් ඉහළ ආරක්ෂාවක් සහිත මෝටර් රථයක් විශේෂයෙන්ම නිර්මාණය කිරීම ඇරඹෙන්නේ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ පාලනයත් සමගයි.2005 වසරේ පටන් ජනපති බුෂ් විසින් පාවිච්චි කරන මෙම රථය Four-wheel drive හෙවත් රෝද හතරටම බලය ලබාදුන් එකකි.
මෙම ආරක්ෂිත රථය නිර්මාණය කරන්නේ ජෙනරල් මෝර්ටර්ස් සමාගමේ Cadillac අංශය විසිනි.මෝටර් රථය සම්බන්ධ සමහර වැදගත් තොරතුරු පහත සඳහන් කර තිබේ.
-මෙහි ඉන්ධන ටැංකිය විශේෂිත තහඩුවකින් ආවරණය කර තිබෙන අතර වෙඩි ප්‍රහාරයකින් හෝ ගැටීමකින් පසු පිපිරී යාමකට ලක් නොවන ලෙස නිර්මාණය කර තිබේ.එසේම රථය ඇතුලත ගිනි නිවීමේ පද්ධතියක්ද අඩංගුය.
-අමතර ගිනි අවි,ජනපතිවරයා වෙනුවෙන් වෙනමම ඔක්සිජන් සැපයුමක් ,හදිසි වෛද්‍යාධාර උපකරණ සහ ජනපතිවරයාගේ ලේ වර්ගයට ගැලපෙන රුධිරය අඩංගු බෝතල් ආදිය ඒ තුල තැන්පත් කර තිබේ.
-මෙම රථය බරින් වැඩි එකකි.කටකතාවලට අනුව එය ටොන් 10ක් පමණ බරකින් යුක්ත බව කියවේ.පිපිරීම් සහ වෙඩි ප්‍රහාරවලට ඔරොත්තු දෙන අයුරින් නිපදවා තිබෙන නිසා එහි සන්නාහය අධික බරකින් යුක්ත වීම පුදුමයට කරුණක් නොවේ.The Beast හි දොරවල් අධික බරකින් යුක්ත වන නිසා ජනපතිවරයාට රථය ඇතුලත සිට එය විවෘත කිරීමට නොහැකි බව කියවේ.
-මෝටර් රථය අභ්‍යන්තරයේ සිටින අයගේ ආරක්ෂාව පිණිස එහි දොරවල් මුද්‍රා තබා ඇත(ඒ නිසා රථය තුල සිටින පුද්ගලයන් බාහිරින් එල්ලවන රසායනික ප්‍රහාරයකින් පවා සුරක්ෂිත බව කියවේ).
-ආරක්ෂිත සන්නිවේදන පහසුකම්(encrypted) සහිත චන්ද්‍රිකා දුරකතනයක් සහ විශේෂිත වීඩියෝ සංවාද සිදුකිරීමේ පද්ධතියක් මෙම මෝටර් රථය සතුය.මේ ඔස්සේ ජනපතිට පෙන්ටගනය,විදේශීය තානාපතිවරු,ධවල මන්දිරය ආදී වැදගත් ස්ථාන සහ පුද්ගලයන් සමග සජීවීව රහසිගත සංවාදයන් සිදුකල හැකිය.
-The Beast රථයේ සන්නාහය හමුදාමය එකකි.එනම් වානේ,ඇලුමිනියම්,ටයිටේනියම් සහ පිගන් මැටි ස්ථරයන් එහි තිබේ.දොරවල් ඉවත් කල හැකි ෆයිබර්ග්ලාස් තහඩුවලින් ආවරණය කර තිබේ.
-The Beast සතුව විශේෂිත අඟුලු දැමීමේ පද්ධතියක්,සන්නිවේදනයක් සහ ගිනි නිවීමේ පද්ධතියක් තිබෙන අතර එහි ටයර kevlar නම් කෘත්‍රීම ෆයිබර් වලින් බලගැන්වූ Goodyear run-flats වර්ගයේ ඒවාය(මෙහි ඇති විශේෂත්වය වන්නේ ටයරයට හානියක් සිදුව හොත් අඩු වේගයකින් කි.මී. 16ක පමණ දුරක් වෙනත් රෝදයක් නොදමා ධාවනය කල හැකිවීමයි.)
-Secret Service මගින් මෙම රථයට එක් කර තිබෙන විශේෂිත අංගයක් වන්නේ රාත්‍රී දැක්මක් සහිත කැමරා පද්ධතියයි.මෙම කැමරා සවිකර තිබෙන ස්ථාන රහසිගතය.
මෙම විශේෂිත මෝටර් රථය ධාවනය කිරීමට නම් Secret Servicහි ඒජන්තවරුන් ඒ සඳහාම වූ පාඨමාලාවක් හැදෑරිය යුතුය.එහිදී අධික වේගයෙන් නිවැරදිව ධාවනය කිරීම,වංගු ගැනීම,ක්ෂණිකව හැරවීම ආදී ක්‍රියාවන් රැසක් පුහුණු කල යුතුබව පැවසේ.
මෙම රථයේ අඩංගු නොවන්නේ මොනවාද? ඔබ හොලිවුඩ් රසිකයෙක් නම් White House Down චිත්‍රපටය නරඹා ඇති.එහි පෙන්වනවා මෙන් රොකට් ලෝන්චර්ස්,අත්බෝම්බ හෝ වෙනත් බර අවි එහි අඩංගු නොවන බව කියවේ.එසේම දිවිගලවා ගැනීමේ කැප්සියුලයක් හෝ ප්‍රහාරක යානාවල අඩංගු ඉවතට විදීමේ ආසන එහි නැත.
ජනපතිගේ මෝටර් රථය ගැන කතා කරද්දී බොහෝ තැන්වල කියවෙන්නේ එය ඩීසල් බලයෙන් ධාවනය වන බවයි.නමුත් එහි තිබෙන්නේ V8 ගැසලීන් එන්ජිමක් බව එක්තරා ඒජන්තවරයෙක් වෙත පවසා තිබේ.
ගැසලීන් ගැලුමකට එය සැතපුම් 3.7ක් දුර ගමන් කරන බව කියවේ.
දැනට සේවයේ යොදවා තිබෙන වර්ගයේ රථ සංඛ්‍යාව 12කි.උප ජනපති සහ අනෙකුත් ඉහළ පෙලේ නිලධාරීන් වෙනුවෙන් ඒවා වෙන් කර තිබෙන බව කියවේ.
එක් රථයක් ඇ.ඩොලර් මිලියන 1.5ක වටිනාකමකින් යුක්තය.
මෙම රථය අඩි 18ක දිගකින් යුක්තය.
රථයේ දොරක සන්නාහය අඟල් 8ක ඝනකමක් සහිතය.
වෙඩි ප්‍රහාරවලින් ආරක්ෂා කල හැකි එහි ජනේලවල ඝනකම අඟල් 5ක් වේ.
එහි බර රාත්තල් 15,000ක් හෙවත් ටොන් 7.5ක් වන බව කියවේ(සැබෑ බර ප්‍රමාණය රහසිගතය).
මෙම මෝටර් රථයට පැයට සැතපුම් 60ක වේගයක් ලගාකර ගැනීමට තත්ත්පර 15ක කාලයක් ගතවන බව කියවේ.

දුර බැහැර ප්‍රදේශ හෝ විදේශ සංචාර වෙනුවෙන් මෙම නිල රථය ගෙන යන්නේ ඒ සඳහාම වෙන් කල Boeing C-17 Globemaster III භාණ්ඩ ප්‍රවාහන යානයක් යොදාගෙනය.
නිල රථයට අමතරව Chevrolet Suburbans වර්ගයේ මෝටර් රථයක්ද ජනපතිවරයාගේ ගමන් වෙනුවෙන් යොදාගැනේ.
Boeing C-17 Globemaster III ගුවන් යානය තුල ජනපතිගේ මෝටර් රථය ගෙන යන අයුරු
Chevrolet Suburbans වර්ගයේ මෝටර් රථය
මෙම රථය ජංගම බලකොටුවක් මෙන් සුරක්ෂිත වන අතර වානේ,ඇලුමිනියම්,ටයිටේනියම් සහ පිඟන් මැටි යොදාගෙන බාහිර ආවරණය නිපදවා තිබේ.යට කොටස වානේ තහඩුවකින් ආවරණය කර තිබෙන නිසා බිම් බෝම්බ හෝ අත්බෝම්බ පිපිරීමකදී රථය තුල සිටින අයට හානියක් සිදුනොවේ.
රසායනික හෝ ජීවවිද්‍යාත්මක අවි ප්‍රහාරයකට ඔරොත්තු දෙන අයුරින් රථය මුද්‍රා තබා ඇත.ටයර් වලින් බල ගැන්වූ පිපිරීමකින් පසුව රිම් එකෙන් පවා ගමන් කල හැකි අයුරින් නිපදවා ඇතැයි කියවේ.
රියදුරු අසුනේ දොරේ වීදුරුව පමණක් විවෘත කල හැකි අතර ඒත් අඟල් 3ක දක්වා පමණි.ටයර්වලට හානි වුවහොත් රිම් එකෙන් ගමන් කල හැකිය(අඩු වේගයකින්)
ඉන්ධන ටැංකිය හොඳින් ආරක්ෂා කර මුද්‍රා තබා ඇති බැවින් සෘජු ඝට්ටනයකදී පිපිරීමකට ලක්නොවේ.ගිනි නිවීමේ උපකරණ,ඔක්සිජන් සැපයුම්,ජනපතිගේ රුධිර වර්ගයට ගැලපෙන ලේ වර්ගය ආදිය තැන්පත් කර තිබේ.
ජනපතිගේ ගමන් සඳහා නිල රථය යොදාගන්නා අතර එය නවතා තැබෙන්නේ සෙනඟත්,ජනපතිත් අතර බාධකයක් ඇතිවන පරිදිය.අඟල් 5ක ඝනකමක් සහිත වෙඩි නොවදින වීදුරුවලට යොදාගන්නා තාක්ෂණය රහසිගතය.රථයේ සැබෑ බර ප්‍රමාණයද රහසිගතය.
මෙම රථය වෙනත් රටක සංචාරය කරද්දී එක්සත් ජනපද ධඡය සහ අදාල රටේ ධඡය මෙලෙස ප්‍රදර්ශනය කෙරේ.කඳුලු ගෑස් විදිනය සහ නයිට්විෂන් කැමරාව ඉදිරිපස කොටසේ සඟවා ඇත.
මෙය උසින් අඩි 5 අඟල් 10ක්ද දිගින් අඩි 18ක්ද වේ.
පිටුපස අසුනේ සිටින ජනපතිවරයාට අවශ්‍ය වේලාවකදී උප ජනපති හෝ පෙන්ටගනය සමග සම්බන්ධවීමට අවශ්‍ය සන්නිවේදන උපාංගද(චන්ද්‍රිකා දුරකතනයක්)ඇත.
සන්නාහයක් සහිත දොරවල් අඟල් 8ක ඝනකමක් සහිතය.එසේම බරින්ද වැඩිය.
රසායනික හෝ ජීවවිද්‍යාත්මක අවි ප්‍රහාරයකට ඔරොත්තු දෙන අයුරින් රථය මුද්‍රා තබා ඇත.ටයර් වලින් බල ගැන්වූ පිපිරීමකින් පසුව රිම් එකෙන් පවා ගමන් කල හැකි අයුරින් නිපදවා ඇතැයි කියවේ.
රියදුරු අසුනේ දොරේ වීදුරුව පමණක් විවෘත කල හැකි අතර ඒත් අඟල් 3ක දක්වා පමණි.ටයර්වලට හානි වුවහොත් රිම් එකෙන් ගමන් කල හැකිය(අඩු වේගයකින්)
ඉන්ධන ටැංකිය හොඳින් ආරක්ෂා කර මුද්‍රා තබා ඇති බැවින් සෘජු ඝට්ටනයකදී පිපිරීමකට ලක්නොවේ.ගිනි නිවීමේ උපකරණ,ඔක්සිජන් සැපයුම්,ජනපතිගේ රුධිර වර්ගයට ගැලපෙන ලේ වර්ගය ආදිය තැන්පත් කර තිබේ.
ජනපතිගේ ගමන් සඳහා නිල රථය යොදාගන්නා අතර එය නවතා තැබෙන්නේ සෙනඟත්,ජනපතිත් අතර බාධකයක් ඇතිවන පරිදිය.අඟල් 5ක ඝනකමක් සහිත වෙඩි නොවදින වීදුරුවලට යොදාගන්නා තාක්ෂණය රහසිගතය.රථයේ සැබෑ බර ප්‍රමාණයද රහසිගතය.
මෙම රථය වෙනත් රටක සංචාරය කරද්දී එක්සත් ජනපද ධඡය සහ අදාල රටේ ධඡය මෙලෙස ප්‍රදර්ශනය කෙරේ.කඳුලු ගෑස් විදිනය සහ නයිට්විෂන් කැමරාව ඉදිරිපස කොටසේ සඟවා ඇත.
මෙය උසින් අඩි 5 අඟල් 10ක්ද දිගින් අඩි 18ක්ද වේ.
පිටුපස අසුනේ සිටින ජනපතිවරයාට අවශ්‍ය වේලාවකදී උප ජනපති හෝ පෙන්ටගනය සමග සම්බන්ධවීමට අවශ්‍ය සන්නිවේදන උපාංගද(චන්ද්‍රිකා දුරකතනයක්)ඇත.
සන්නාහයක් සහිත දොරවල් අඟල් 8ක ඝනකමක් සහිතය.එසේම බරින්ද වැඩිය.
කොතරම් සුපිරි රථයක් වුවද ඔබාමාගේ නිල රථයද අනෙක් මෝටර් රථ මෙන්ම සර්ව සම්පුර්ණ එකක් නොවේ.එනම් මොනයම් හෝ මොහොතක එයද කාර්මික දෝෂයක් හෝ මාර්ගයේ විෂමතාවයක්,අඩුපාඩුවක් නිසා අතරමඟ නැවතීමට ඉඩ තිබේ.වරක් මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන්නට ඔබාමාට සිදුවිය.ඒ 2011 මැයි මස 23දා අයර්ලන්තයේ ඩබ්ලින් නගරයේදීය.ගැට්ටක් සහිත ස්ථානයකින් නිල රථය ගමන් ගනිද්දී එහි යටි පැත්ත පොළොවේ වැදී ඉදිරියටත් පසුපසටත් යා නොහැකි අයුරින් සිරවිය.පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ ගන්නා ලද ඡායාරූප කිහිපයකි.
2013 වසරේදී ඔබාමා ඊශ්‍රායලයේ කල සංචාරයක් අතරතුර ක්‍රියාවිරහිත වී තිබේ.
White House Down(2013) චිත්‍රපටයේ එන ජනපති නිල රථය
ඔබාමාගේ නිල බස් රථය හෙවත් Ground Force One
ඇමෙරිකාවේ වර්තමාන ජනපතිවරයා ඔහුගේ දෙවන ධූර කාලය වෙනුවෙන් ජනපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා එක්සත් ජනපදය පුරා සංචාරය කිරීමට යොදාගත් මෙම ආරක්ෂිත බස් රථය Ground Force One යන නමින් හඳුන්වයි.මෙහි වටිනාකම ලෙස සඳහන් වන්නේ ඇ.ඩො. මිලියන 1.1කි.
එක්සත් ජනපද Secret Service විසින් Hemphill Brothers Coach සමාගමෙන් මිලදීගෙන තිබෙන මෙම බස් රථය 2012 වසරේ ඔබාමාගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් යොදාගෙන ඇත.තද කළු පැහැයෙන් යුක්ත මෙම බස් රථය H3-V45 VIP මොඩලයේ අඩි 11 අඟල් 2ක් උස ,වර්ග අඩි 505ක ඉඩක් සහිත එකකි.ඇමෙරිකානු ජනපතිගේ වර්තමාන නිල රථය මෙන්ම මෙයත් ඉහල ආරක්ෂාවක් එහි ගමන් කරන්නට ලබාදෙන අයුරින් සැලසුම් කර තිබේ.දැනට මෙවැනි බස් රථ දෙකක් Secret Service සතුව තිබෙන බව කියවේ.
Secret Service විසින් සැලසුම් කලා යැයි කියන Ground Force One බස් රථය අඩි 45ක් දිගය
ඔබාමාගේ Cadillac One මෝටර් රථය මෙන්ම මෙයත් තද කළු පැහැයෙන් යුක්තය.
Secret Service මගින් වර්ගයේ බස් රථ දෙකක් Hemphill Brothers Coach නම් සමාගමෙන් මිලදී ගෙන තිබේ.එකක් ඇ.ඩො.මිලියන 1.1කි.
මීට පෙර ජනපතිවරයාට බස් රථයක් අවශ්‍ය වූ විට Secret Service විසින් බස් රථයක් කුලියට ගෙන එය සන්නාහයන් සහ අනෙකුත් ආරක්ෂක විධිවිධාන යොදා පාවිච්චි කර තිබේ.
මෙම බස් රථයේද run-flat වර්ගයේ ටයර්,වෙඩි ප්‍රහාරවලට ඔරොත්තු දෙන සන්නාහයක් සහ වෙඩි නොවදින වීදුරු අඩංගුය.
ගිනි නිවීමේ පද්ධතියක්,ඔක්සිජන් සැපයුමක්,ජනපතිවරයාට ගැලපෙන රුධිර වර්ගයේ රුධිරය සාම්පල ආදියෙන් එය සමන්විතය.
ආරක්ෂක විධිවිධාන වලට අමතරව කාර්යාලීය වැඩ කටයුතු වෙනුවෙන් අවශ්‍ය කරන උපකරණ සහ පහසුකම් එය සතුය.දුරකතන,රූපවාහිනී,රේඩියෝ සහ අන්තර්ජාලය පහසුකම් සහිතය.
ජනපති නිල රථය පැදවීමට විශේෂිත රියදුරෙක් යොදාගන්නවා මෙන්ම මෙම රථය පැදවීමටද හොඳින් පුහුණු කල අයෙක් යොදවා ඇත.

ඔහියෝ සහ පෙන්සිල්වෙනියා ප්‍රදේශ වල 2012 වසරේදී ඔබාමා සිදුකල සංචාර සඳහා මෙම බස් රථය යොදාගෙන තිබේ.
ඉදිරිපස වීදුරු හැර අනෙක්වා ඇතුලත නොපෙනෙන අයුරින් අඳුරු කර ඇත.
බස් රථය ඇතුලත කෙසේද යන්නද හෙළිවී නැතත් ධවල මන්දිර සහායකයෙක් කියා තිබෙන්නේ එහි මූලාසනයක් සහ අනෙකුත් ආසන ද සයනයක්ද තිබෙන බවයි.
බස් රථය මගින් ගමනාගමනය පහසුකර තිබේ.නිල ගුවන් යානයේ සිට බස් රථය වෙත ගමන් කිරීම කඩිනමින් කල හැකිය.
දෙවන කොටසින් හමුවෙමු.
දෙවන කොටස
Source:Businessinsider.com
-HarshaLulzSec-
Last edited:
+රේප්