අමෙරිකාව මට බොහෝ දේ ලබා දුන්නා, මම පිටව යන්නේ ප්‍රීතියෙන් – ඩොනල්ඩ් ට්‍රම්ප්
අමෙරිකානු ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් ධුරයෙන් ඉවත් වීමට පෙර Youtube වෙත වීඩියෝවක් නිකුත් කරමින් සිය සමුගැනීමේ කතාව සිදු කළේ ය.
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප්ධුරයෙන් නික්මෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවසන් සති දෙක කැපිටල් හිල් වෙත ට්‍රම්ප් හිතවාදී සන්නද්ධ ආධාරකරුවන් එළ්ල කල ප්‍රහාරයත් සමග ඉතා විවේචනයට ලක් විය.“අමෙරිකාව මට බොහෝ දේ ලබා දුන්නා. මට අවශ්‍ය වූවෙත් අමෙරිකාව වෙනුවෙන් යම් කිසි සේවයක් සිදු කරන්න . කොරෝනා මර්දනයට එන එන්නතක් නෙවෙයි අපි එන්නත් දෙකක්ම නිර්මාණය කළා. අවුරුදු ගණනක් වැය වන දෙයක් අපි මාස 9 යෙන් සිදු කළා. මම දැඩි සටන්වල නිරත වුණා . අමාරු බොහෝ දේවල්වලට මුහුණ දුන්නා . මොකද ඔබ මාව තෝරා ගත්තේ ඒ සඳහායි .දැන් මම අලුත් පරිපාලනයක් සඳහා බලය පැවරීමට සූදානම් වනවා මම මේ අභිමානවත් ස්ථානයෙන් පිටව යන්නේ ප්‍රීතියෙන්”
අමෙරිකාවේ තේරී පත් වූ ජනපති ජෝ බයිඩ්න් ධුරයේ දිවුරුම් දීම සඳහා සිය බිරිඳ සමග වොෂිංටන් වෙත පිටව ගියේ ය.
ඒ, සිය මව්බිම වන ඩෙලවෙයාර් සිටයි.
2008 සිට 2016 කාළය තුළ අමෙරිකානු හිටපු ජනපති බරක් ඔබාමාගේ උප ජනපති වීම පෙර වසර 36 ක කාල යක්ජො බයිඩ්න් සෙනෙට් සභිකයෙකු ලෙස සේවය කළේ ය.
බයිඩ්න් අද(20) එරට වේලාවෙන් දහවල් 12.00 ට ජනපති ධූරයේ දිවුරුම් දිමට නියමිතය.
මෙවර ජනාධිපතිවරයා දිව්රුම් දීම වෙනදාට වඩා වෙනස් මුහුණුවරක් ගන්නා බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඒ , කැපිටල් හිල් වෙත එල්ල වූ ප්‍රහාරය සහ කොරෝනා වසංගතය හේතුවෙන් ය.
මේ වනවිට වොෂින්ටනයට දැඩි ආරක්ෂාවක් පනවා තිබේ.
නව ජනාධිපතිවරයා දිව්රුම් දීමට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩා වෙත පිටත්ව යාමට නියමිත ය.
ඒ අනුව 1896 වසරෙන් පසු නව ජනාධිපතිවරයෙකුගේ දිවුරුම් දීමේ උත්සවය මග හරිනු ලබන ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වනු ඇති .
