ඇමෙරිකානු මැතිවරණය 2020

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,565
    124,814
    113
    දෙහිවල
    ඇමෙරිකානු මැතිවරණය 2020: මැතිවරණය පැවැත්වෙන හැටි ගැන සරල මග පෙන්වීමක්

    ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා යනු ජාත්‍යන්තර යුද්ධ, ගෝලීය වසංගත සහ දේශගුණික විපර්යාස වැනි ජාත්‍යන්තර අර්බුදවලට ලෝකය ප්‍ර‍තිචාර දක්වන ආකාරයට දැඩි බලපෑමක් කරන පුද්ගලයෙකි.
    එබැවින්, සිව් වසරකට වරක් පැවැත්වෙන මැතිවරණයේදී එහි අවසන් ප්‍ර‍තිඵලය කෙරෙහි විශාල අවධානයක් යොමු වුවත්, මැතිවරණ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ එතරම් අවබෝධයක් නොමැත.


    මැතිවරණය පැවැත්වෙන්නේ කවදාද? අපේක්ෂකයන් කවුද?

    ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම සෑම විටම නොවැම්බර් මාසයේ පළමු සඳුදාට පසුව එළැඹෙන පළමු අඟහරුවාදා දිනයේදී පැවැත්වෙන අතර ඒ අනුව මෙවර නොවැම්බර් 3 වැනිදාට එය යෙදී තිබේ.
    වෙනත් බොහෝ රටවල් මෙන් නොව, ඇමෙරිකාවේ දේශපාලන ක්‍රමය තුළ ආධිපත්‍ය පතුරුවාලන්නේ පක්ෂ දෙකක් පමණි. එබැවින් සැමවිටම ජනාධිපතිවරයා ලෙස පත්වන තැනැත්තා මෙම පක්ෂ දෙකෙන් එකකට අයත් වේ.
    රිපබ්ලිකන් පක්ෂය යනු ඇමරිකාවේ සම්ප්‍ර‍දායික දේශපාලන පක්ෂය වන අතර මෙවර ඔවුන්ගේ පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයා වන්නේ, තවත් වසර හතරකට සිය බලය තහවුරු කරගැනීමට බලාපොරොත්තු වන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් ය.
    ඩිමොක්‍ර‍ටික් පක්ෂය යනු ඇමෙරිකාවේ ලිබරල් දේශපාලන පක්ෂයයි. ඔවුන්ගේ අපේක්ෂකයා වන්නේ අත්දැකීම් ඇති දේශපාලනඥයකු මෙන්ම හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ උප ජනාධිපති ලෙස වසර අටක් පුරා සේවය කළ ජෝ බයිඩන් වේ.
    මෙම අපේක්ෂකයින් දෙදෙනාම 70 වැනි විය ඉක්මවූවෝ වෙති. ජනාධිපති ට්‍ර‍ම්ප් දෙවැනි වරට පත් වුවහොත් ධූර කාලය ආරම්භ වන විට 74 වැනි වියට පා තබන අතර 78 හැවිරිදි බයිඩන් ජයග්‍ර‍ණය කළහොත්, ඔහු ඇමෙරිකානු ඉතිහාසයේ පළමුවරට තේරී පත්වන වයස්ගත ම ජනාධිපතිවරයා වනු ඇත.

    ජයග්‍රාහකයා තීරණය කරන්නේ කෙසේද?


    ජාතික මට්ටමින් වැඩිම ඡන්ද හිමි කරගන්නා අපේක්ෂකයා සෑම අවස්ථාවකදීම ජයග්‍රාහකයා නොවේ. 2016 වසරේ ජනාධිපති අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් එයට ආසන්නතම උදාහරණය වේ.
    ජනතා ඡන්දය වෙනුවට, ඡන්ද විද්‍යාලය සඳහා වූ ඡන්ද දිනාගැනීම සඳහා අපේක්ෂකයෝ තරග කරති. සෑම ප්‍රාන්තයකටම එහි ජනගහණය මත පදනම් වූ නිශ්චිත ඡන්ද ප්‍රමාණයක් ඡන්ද විද්‍යාලය සඳහා හිමිවන අතර ඡන්ද විද්‍යාලයේ සමස්ත ඡන්ද සංඛ්‍යාව 538කි. ඒ අතරින් ඡන්ද 270ක් හෝ ඊට වැඩියෙන් ලබාගන්නා අපේක්ෂකයාට ජයග්‍ර‍හණය හිමි වේ.
    එනම්, කිසියම් පුද්ගලයෙකු තමන් කැමති අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමේදී, ඔවුන් එම ඡන්දය ලබාදෙන්නේ ජාතික තලයක නොව, ප්‍රාන්ත මට්ටමේ තරගයකට ය.

    ප්‍රාන්ත දෙකක් හැර සෙසු සියල්ලේම බලපැවැත්වෙන්නේ ජයග්‍රාහකයාට සියල්ල හිමි වේය යන රීතියයි. ඒ අනුව වැඩිම ඡන්ද ප්‍ර‍මාණයකින් ජයග්‍ර‍ණය කරන අපේක්ෂකයා කවුරුන් වුවද, ඡන්ද විද්‍යාලය සඳහා වූ ප්‍රාන්තයේ සියලු ඡන්ද ඔහුට හෝ ඇයට හිමි වේ.
    බෝහෝ ප්‍රාන්ත පක්ෂ දෙකෙන් එකක් කෙරෙහි දැඩි නැඹුරුතාවක් දක්වන බැවින් අපේක්ෂකයෝ තමන්ට ජයග්‍ර‍හණය කළ හැකි ප්‍රාන්ත ඉලක්ක කරගෙන කටයුතු කරති. ඒවා දැඩි තරගකාරී ප්‍රාන්ත (battleground states) ලෙස හැඳින්වේ.

    ඡන්දය අයිතිය ඇත්තේ කාටද? එය කරන්නේ කෙසේද?


    වයස අවුරුදු 18ට වැඩි ඇමෙරිකානු පුරවැසියෙක් නම්, ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබයි.
    කෙසේවෙතත්, කිසියම් පුද්ගලයෙකු සිය ඡන්දය භාවිත කිරීමට පෙර සිය අනන්‍යතාව තහවුරු කිරීමේ ලේඛනයක් ඉදිරිපත් කළ යුතු බවට වන නීති බොහෝ ප්‍රාන්ත විසින් සම්මත කරගනු ලැබ ඇත.

    එසේම සිරකරුවන්ට සිය ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් විවිධ ප්‍රාන්තවල විවිධ නීති ක්‍රියාත්මක වේ. ඔවුන් වරදකරුවන් ලෙස නම් කිරීමෙන් පසු වැඩි පිරිසකට ඡන්ද අයිතිය අහිමිවන නමුත් ඔවුන් සිය අදාළ දඬුවම ගෙවූ පසු එම අයිතිය නැවත හිමි වේ.
    මැතිවරණ දිනයේදී බොහෝ දෙනා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිය ඡන්දය භාවිත කරන නමුත් ඡන්දය භාවිත කළ හැකි විකල්ප ක්‍ර‍ම පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු ලෙසින් වර්ධනයවී තිබේ

    මැතිවරණය පැවැත්වෙන්නේ ජනාධිපතිවරයා තේරීමට පමණක්ද?

    සියලු දෙනාගේ අවධානය ට්‍ර‍ම්ප් සහ බයිඩන් කෙරෙහි යොමු වී තිබුණත්, ඡන්ද දායකයෝ සිය ඡන්දය භාවිත කර නව කොංග්‍ර‍සයේ සාමාජිකයින් ද තෝරා පත්කර ගනිති.

    ඩිමොක්‍ර‍ටික් පක්ෂය මේ වන විටත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පාලනය හිමි කරගෙන සිටින බැවින්, එහි බලය රැක ගන්නා අතරතුර සෙනෙට් මණ්ඩලයේ පාලනය ලබාගැනීමට උත්සාහ කරයි.
    මන්ත්‍රී මණ්ඩල දෙකේම බහුතර බලය ඔවුන්ට හිමි වන්නේ නම් ජනාධිපති ට්‍ර‍‍ම්ප් නැවත තේරී පත්වුවහොත් ඔහුගේ සැලසුම් අවහිර කිරීමේ හෝ ප්‍ර‍මාද කිරීමේ හැකියාව ඔවුනට හිමි වේ.
    435කින් සමන්විත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන සියල්ල සඳහා මෙවර ඡන්ද විමසීම පැවැත්වෙන අතර සෙනෙට් සභිකයින් අතරින් 33 දෙනෙකු තෝරා පත්කරගත යුතුව තිබේ.

    ප්‍ර‍තිඵල නිකුත් කරන්නේ කවදාද?

    සෑම ඡන්දයක්ම ගණන් කළ යුතු බැවින් ප්‍ර‍තිඵල නිකුත් කිරීමට දින කිහිපයක් ගත විය හැකිය. නමුත් ජයග්‍ර‍හණය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ දළ අදහසක් සාමාන්‍යයෙන් පසුදින උදෑසන වනවිට ලබාගත හැකිය.

    ජයග්‍රාහකයා නිල වශයෙන් වැඩ භාරගන්නේ කවදාද?


    ජෝ බයිඩන් මැතිවරණයෙන් ජය ලදහොත්, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු ට්‍ර‍ම්ප් වෙනුවට රාජකාරි ආරම්භ නොකරයි. ඒ සඳහා නිශ්චිත සංක්‍රාන්ති කාලයක් ඇති අතර එමගින් නව ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලය පත්කර, නව සැලසුම් සකස් කරගැනීමට අවශ්‍ය කාලය හිමි වේ.
    නව ජනාධිපතිවරයා වොෂිංටන් අගනුවර කොංග්‍රස් මණ්ඩලයට නිවහන වන කැපිටල් ගොඩනැගිල්ලේ පියගැටපෙළ මතදී දිවුරුම් දෙන සමාරම්භක උත්සවය (The Inauguration) ජනවාරි 20 වැනිදා පැවැත්වෙනු ඇත.
    මෙම සමාරම්භක උත්සවයෙන් පසු, සිව් වසරක සිය සේවා කාලය ආරම්භ කිරීම සඳහා නව ජනාධිපතිවරයා ධවල මන්දිරය වෙත සම්ප්‍රාප්ත වේ.


    Copied from : https://www.bbc.com/sinhala/world-53885575
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ezgif.com-crop.gif
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මේ සැරේ ට්‍රම්පච්චි ට කෙලවෙයිද ???

    මුලින් වගේ නම් ට්‍රම්ප් පොඩ්ඩක් වැටිලා හිටියේ. බට් මේ වෙනකොට පොරගෙ ඇපෘවල් රේට් එක 51% කියල කියනවා. කමලක්කා VP පෝස්ට් එකට නම් කරපු ගමන් බයිඩන් සීයා පොඩ්ඩක් බැස්සා කියල නම් හොඳට තේරෙනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    චීනට පාට් එක දාන්න ට්‍රම්ප් ඕනේ. ට්‍රම්ප් පිස්සෙක් උනාට ඌගේ වැඩ ක්ලීන් . ඌ තමා ඔබාමා නාල ගිය ඉකනොමි එක ගොඩ දැම්මේ . යුද්ධ කරේ නැ වෙන්න ගිය ඒවත් ශේප් කරා. ඌ වැඩිපුර කරේ CIA චරපුරුශ මෙහෙයුම් ටිකයි. අල්ලන් ඉන්න රටවල ආරක්ශවයි හදපු එක. සමහර විට ආයේ පත් උනොත් ගේමක් ඉල්ලන්න පුලුවන් ලයින් එකට ඔක්කම සුදානම්. අවුලකට තියෙන්නේ යුරෝප් වලට ට්‍රම්ප් දිරවන්නෙ නැ ට්‍රම්පට යුරෝප් අල්ලන්නෙත් නෑ. පොර තනි අලියා සීන් එකේ ඉන්නේ පන්ඩිත නිසා. ට්‍රම්පච්චි තමා ඕනේ . අනික මූට වඩා නාකී , ඌ ආවොත් චීනා හරහට දාල අරිනවා ඌට
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Jo Biden dinnoth Vice president Kamala Harris..Thamilnadu demala sambhawayak thiyene ganiyek..'Chiththi' kiyala wachanekuth kiwwa karapu kathawakadi..Tamil diaspora scene okkoma double trible wei Jo Biden dinnoth...Biden popular votes dinai...Me para mailin votes hinda dina gaanak yay results enna..Trump issella issarahain idala passe mailin votes ganan karaddi paradi..henama achcharu election ekak wei meka..2000 US Presidential election ekatath wada henatama adei mepara....