ඇමෙරිකානු ස්ටෙල්ත් වැඩසටහන

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඇමෙරිකානු ස්ටෙල්ත් වැඩසටහන

    පළමු නූතන ස්ටෙල්ත් ප්‍රහාරකයා

    ගුවන් යානය නිර්මාණය කල කාලයේ පටන් ස්ටෙල්ත් ගුවන් යානා තාක්ෂණය ගැන හමුදාවන් උනන්දු විය.නමුත් ඇමෙරිකානු හමුදාව තරම් කිසිවෙක් එහි කෙළ පැමිණියේ නැත.මෙහි දැක්වෙන්නේ ලොක් හීඩ් මාටීන් සමාගමේ එෆ්-117 නයිට් හොක් යානයයි.පළමු නූතන සත්‍ය ස්ටෙල්ත් ගුවන් යානය වන්නේද මෙයයි.තම සේවා කාලයෙන් වැඩි කොටසක් එය ගෙවා දැමුවේ අතිශය රහසිගත ව්‍යාපෘතියක් ලෙසයි.

    ZYIxi6B.jpg





    නිර්මාපකයින් නිරපේක්ෂක නමින් හැඳින්වීය

    එෆ්-117 යානය එහි අසාමාන්‍ය හැඩයට ලබාගත්තේ 1970 දශකයේ තිබූ සීමා සහිත පරිගණක තාක්ෂණය නිසාය.ලොක්හීඩ් සමාගම යානයේ පැති පැතලි සහ ආනත ලෙස නිපදවිය.ඒ නිසා යානයේ පරිගණක වැඩසටහනට යානය රේඩාර් තිරයේ දර්ශනය වීම පහසුවෙන් අඩුකර දැක්විය හැකිවිය.ලොක් හීඩ් සමාගමේ විද්‍යාඥයින් එය හඳුන්වන ලද්දේ "බලාපොරොත්තු රහිත දියමන්තිය" - "hopeless diamond" යන නමින්ය.දියමන්තිය යන නම ලැබුණේ මුහුණත්වල හැඩය නිසාය.එහි හැඩය යානය පියාසර කිරීම දුෂ්කර කාර්යයක් බවට පත් කල නිසා බලාපොරොත්තු රහිත යන කොටස එක් විය.

    7uT12ED.jpg





    එහි හැඩය නිසා නියමුවාට තනිවම හැසිරවීමේ හැකියාව අහිමිවිය

    මෙම යානය නිපදවූයේ රේඩාර්වලට හසුනොවී පියාසර කිරීමට විනා සතුරු යානා සමග සටන් කිරීමට හෝ ෆයිටර් ජෙට් යානා මෙන් ගුවනේ කරණම් ගැසීමට නොවේ.එෆ්-117 යානයේ සැලැස්ම නිසා එහි අක්ෂ තුන හරහා යානය අස්ථායි විය.එහි අරුත නියමුවාට යානය පාලනය කල නොහැකිවීමයි.යානයේ පරිගණක පද්ධතිය නිරන්තරයෙන් ගණනය කිරීම් කරමින් යානය කඩා නොවැටෙන සේ නිවැරදිව පියාසර කරවීය.

    THnvZEp.jpg





    බී-2 බෝම්බ හෙළන යානය සැලසුම් කලේ න්‍යෂ්ඨික අවි ගෙනයාමටය

    එෆ්-117 යානය නිර්මාණය කලේ බෝම්බ දෙකක් පමණක් ගෙන යාමටය.නමුත් බි-2 ස්ටෙල්ත් බෝම්බ හෙලන්නා නිපදවූයේ න්‍යෂ්ඨික අවි හෙළීම සඳහාය.රාත්තල් 2400ක් බර න්‍යෂ්ඨික බෝම්බ 16ක් දැඩි ලෙස ආරක්ෂා කල සෝවියට් ගුවන් අවකාශයට ගෙන යෑම එයට පැවරුණු කාර්යය විය.නමුත් බී-2 යානය 1999දි එහි පළමු මෙහෙයුමට සහභාගී වන විට සීතල යුද්ධය අවසන් වී තිබිණි.

    UNbuTUf.jpg





    බී-2 යානය පැතලි වන්නේ හේතුවක් ඇතිවයි

    ගුවන් යානයක සිරස් වපසරිය ඉහළ යන විට රේඩාර් තිරයේ පහසුවෙන්ම දිස්වේ.සාම්ප්‍රදායික වල්ගයක් රහිතව පැතලි හැඩයකින් බී-2 යානය නිර්මාණය කලේ මේ හේතුව නිසාය.​

    WBNMTGu.jpg





    මෙම යානය ඉතා කුඩා යකඩ බෝලවලින් ආවරණය වී තිබේ

    බී-2 ස්ටෙල්ත් බෝම්බ හෙළන යානය ආවරණය වී තිබෙන්නේ යකඩ බෝල සහිත ආලේපයකිනි.මෙම අන්වීක්ෂීය යකඩ ගෝල සහිත වැස්ම රේඩාර් තරංග සමග අනුනාද වේ,එහි ශක්තිය තාපය ලෙස අවශෝෂණය කර ගනියි.එහි කළු පැහැති පින්තාරුව නිශාචර මෙහෙයුම්වලදී යානය දර්ශනය වීම වළක්වයි.​

    UtUpER8.jpg





    බී-2 යානය කිලිටි නොවන තත්ත්වයේ පවත්වාගෙන යා යුතුය

    බී-2 යානයේ ස්ටෙල්ත් හැකියාව රැකගැනීමට පින්තාරු කිරීමේ කාර්යය ඉතා වැදගත් වේ.සෑම ගුවන් ගමනකින්ම පසුව යානයේ මතුපිට බිදීම්,කඩතොලු සහ සීරීම් තිබේදැයි අගලින් අගල දැඩි පරීක්ෂාවට ලක් කෙරේ."අපේ නියමුවන්ගේ ජීවිත රදාපවතින්නේ අපි අපේ කාර්යය කොතරම් හොඳින් ඉටුකරනවාද යන්න මතයි.අත්වැරදීම් සඳහා කිසිදු ඉඩක් නැත" යනුවෙන් සාජන්ට් ජෙෆ් ස්‍රොඩර් පැවසීය.​

    5qY1OYZ.jpg





    එය මිලෙන් අධිකම ගුවන් යානයකි

    බී-2 යානය සම්බන්ධව තිබෙන අවධානයේ තරම නිසා එය භාවිතා කිරීම ලාබදායි නොවේ.එක් යානයක් මිල ඇ.ඩො.බිලියන 2.13ක් පමණ වේ.එහි එක් ගුවන් පැයක් සඳහා වියදම ඇ.ඩො.135,000කි.

    rCpwFob.jpg





    ස්ටෙල්ත් රහස? ත්‍රිකෝණ

    බී-2 යානයේ දැති සහිත පසුපස කොටස "ප්‍රත්‍යාවෘත ත්‍රිකෝණ" නම් වැදගත් සැලසුම් අංගයෙන් සමන්විතය.රේඩාර් තරංග එම කොටසේ ගැටුණු විට තරංග වාර ගණනාවක් යානය මත පරාවර්තනය වී ඒවාහි ශක්තිය අවම කරවයි.


    UNP8Lj6.jpg





    යානයේ එන්ජිමේ පිටාර වාතය පවා ස්ටෙල්ත්ය

    අධෝරක්ත සංවේදක වලට හසුවීම වළක්වා ගැනීමට බී-2 යානය එහි තාපය පිටතට පිටවීම අවම කල යුතුවේ.යානයේ අභ්‍යන්තර ඉන්ධන ටැංකි තාප අවශෝෂක ලෙස ක්‍රියා කරයි.යානය සිසිල් වාතය එහි එන්ජිමේ පිටාර වාතය සමග මුසු කර ඉවතට යන වාතයේ උෂ්ණත්වය පහළ දමයි.​

    9oGhis6.jpg






    ඇමෙරිකානු ගුවන් හමුදාවේ ඩො.ට්‍රිලියන 1.5ක් වටිනා නවතම ස්ටෙල්ත් ප්‍රහාරක යානය

    මේ තිබෙන්නේ එෆ්-35 ලයිට්නින් 2 නූතන පරම්පරාව ස්ටෙල්ත් ප්‍රහාරක යානයයි.එක්සත් ජනපදය මේ සඳහා ඇ.ඩො.ට්‍රිලියන 1.5ක් පමණ වියදම් කර තිබේ.යානා 2,457ක් නිපදවීමට අපේක්ෂා කරන අතර ඒවා 2070 වර්ෂයේදී විශ්‍රාම යැවීමට සැලසුම් කර තිබේ.

    mGOXPms.jpg





    නියමු කුටිය පවා ස්ටෙල්ත්ය

    එෆ්-35 ලයිට්නින් 2 යානය රේඩාර් හමුවේ අදෘෂ්‍යමානය.නමුත් නියමුවාගේ හෙල්මටය එසේ නොවේ.අභ්‍යන්තරය අදෘෂ්‍යමානව තබාගැනීමට නියමු කුටිය ආවරණය කර තිබෙන්නේ තුනී රන් වාෂ්පයකින් යුක්ත පටලයකින් හෝ ඉන්ඩියම් ටින් ඩයොක්සයිඩ් පටලයකිනි.ඒවා හමුවේ රේඩාර් තරංග විසිරණයට ලක්වේ.​

    5YDycaY.jpg





    ඇමෙරිකානු ගුවන් හමුදාව සතු දියුණුතම ගුවන් නියමු හිස් ආවරණය

    එෆ්-35 යානයක නියමුවා පළදින්නේ ඩිස්ප්ලේ පද්ධතියක් සවිකල හිස් ආවරණයකි.මෙහිදී නියමුවාට අත්‍යාවශ්‍ය දත්ත වන යානයේ වේගය,සිටින උස,ඉලක්ක කිරීම ආදිය හිස් ආවරණයේ ඩිස්ප්ලේ එක මතට ප්‍රක්ෂේපණය කෙරේ.ඊට අමතරව හිස් ආවරණය යානයේ අධෝරක්ත කැමරා හය මගින් ලබාගන්නා දත්ත එකතු කර යානය අවට පරිසරය චිත්‍රණය කර පෙන්වයි.උදා:ඔහුට තම පාද දෙක අතරින් පහල බැලූවිට යානය විනිවිද ගොස් පහළ ප්‍රදේශය ඇස්වලට පෙනීමට සලස්වයි.

    JS8WwPy.jpg





    එෆ්-35 යානයේ අවි පද්ධතිය ඉතා හොඳින් යානය තුල සගවා තිබේ

    යානයක බාහිරින් රදවා තිබෙන මිසයිල රේඩාර් ඔස්සේ යානය අනාවරණය වීමට හේතුවේ.එම නිසා එෆ්-35 යානය සතුව අභ්‍යන්තර අවි රැදවුම් ගබඩා හතරක් තිබේ.ඉන් දෙකක ගුවන්-ගුවන් මිසයිලද අනෙක් දෙකෙහි ගුවන්-ගොඩබිම් මිසයිලද අන්තර්ගතය.ඊට අමතරව යානය මි.මී.25 මැෂින් තුවක්කුවක් රැගෙන යයි.​

    5f6HQzN.jpg





    එෆ්-35 යානය තදින් විවේචනයට බදුන්වේ

    එෆ්-35 ලයිට්නින් 2 යානය එහි කාලසටහනේ පරිදි නිම කිරීමට නොහැකිව තිබේ.සැලසුම් කලාට වඩා වැඩි මුදලක්ද ඒ වෙනුවෙන් යොදවන්නට සිදුව ඇත.එහි මෘදුකාංග,නියමුවා නෙරපා හැරීමේ අසුන ආදියේ දෝෂ ඇතිව තිබේ.තවද යානය හැසිරවීම සහ එහි ඉන්ධන කාර්යක්ෂමතාවය පහල මට්ටමක තිබේ.රේඩාර් පද්ධතියේද අවුල් වීම් තිබේ.​

    8hWDfk9.jpg





    සොයාගැනීම පවා අසීරු යානය

    සියලුම ස්ටෙල්ත් යානා පියාසැරියේදී දස්කම් දක්වන්නට සමත් නැත.නමුත් එෆ්-22 රැප්ටර් යානයට සුපර්සොනික් පියාසැරියක් මෙන්ම සුපිරි හැසිරවීමේ හැකියාවක්ද තිබේ.එහි ස්ටෙල්ත් හැකියාවට අභියෝග කල හැක්කෙක් නැති තරම්ය.එක්සත් ජනපද ගුවන් හමුදාවට අනුව යානය රේඩාර් තිරයේ දර්ශනය වන්නේ ටීක් බෝලයක් තරම් කුඩාවටය.​

    6krmdJR.jpg





    එක් ස්ටෙල්ත් යානයක් පමණ දැනට වෙඩි තබා බිම හෙළා තිබේ​

    ස්ටෙල්ත් යානා සතුව එක් ප්‍රධාන දුර්වලතාවයක් තිබේ.බෝම්බ හෙළීමට හෝ මිසයිල දියත් කිරීමට යානාවල අභ්‍යන්තර අවි ගබඩාවල දොරවල් විවෘත කල වහාම කෙටි කාලයකට ඒවාහි ස්ටෙල්ත් හැකියාව වියැකී යයි.නේටෝ හමුදා 1999 දී යුගෝස්ලෝවියාවට බෝම්බ හෙළන අතරතුර එෆ්-117 යානයක් සතුරු ප්‍රහාරයකින් විනාශ වීමට මෙම දුර්වලතාවය හේතුවක් විය.එහිදී යානයේ නියමුවා නිරුපද්‍රිතව බේරාගන්නා ලදි.

    gNSuXK2.jpg





    එෆ්-22 යානය ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කරන්නට යොදාගන්නා ලදි

    එෆ්-22 යානයේ පළමු මෙහෙයුම වූයේ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ය.

    kfFKEsX.jpg







    Source:cnet.com

    -HarshaLulzSec-
     
    Last edited:
    • Like
    Reactions: EvilEye

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    Trump කාරය මොකද්ද නවත්තනවා කීවා නේද මේ කේස් එකක් ගැන ???
    ඌ කියලා තිබ්බේ Budget එක වැඩි තේරුමක් නෑ කියල
     

    Similar threads