ඇමෙරිකානු හමුදාව තවමත් ඇෆ්ගනිස්තානයේ ඉන්නේ ඇයි?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    2G1kE88.jpg


    ඇමෙරිකාව ඇයි ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කලේ කියලා ඇහුවොත් හුගක් අය උත්තරය දන්නවා.

    9/11 ප්‍රහාරයට වග කියන්න ඕනේ අල්කයිඩාවේ නායක ඔසාමා බින් ලාඩන්.ඔහු සැඟවිලා හිටියේ ඇෆ්ගනිස්තානයේ.ඒ වෙද්දී ඇෆ්ගනිස්තානය පාලනය කලේ තලෙයිබාන් කියන ඉස්ලාමීය අන්තවාදී සංවිධානය.මේක ඒ වෙද්දී ත්‍රස්තවාදී සංවිධානයක් විදියට නම් කරලා තිබ්බේ.බිල් ලාඩන් ප්‍රහාරයෙන් පස්සේ තලෙයිබාන් ආරක්ෂාව යටතේ හිටියා කියලා කියන්නේ.ඔහුව ඇමෙරිකාවට බාර දෙන්න බැහැ කියලා තලෙයිබාන් සංවිධානය කියනවා.ඒකට ප්‍රතිචාරය විදියට ඇමෙරිකාව කරන්නේ ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරන එක.කෙටි කාලයකින් තලෙයිබාන් පාලනය පෙරළා දමලා තමන්ට පක්ෂපාතී රජයක් පිහිටුවනවා.

    800px-Afghanistan_%28orthographic_projection%29.svg.png



    2001 ඉදලා අද දක්වා ඇමෙරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයේ ඉන්නවා.ඔවුන්ගේ දීර්ඝතම යුද්ධය මේක කියලා දැන් කියනවා.අවුරුදු 20කට කිට්ටු කාලයක් ගිහිල්ලත් ඇෆ්ගනිස්තානයට නම් තලෙයිබාන් ත්‍රස්තවාදයෙන් නිදහසක් නම් ලැබිලා නෑ.

    800px-War_in_Afganistan_%281992%E2%80%932001%29.png

    තලෙයිබාන් සංවිධානය බල ව්‍යාප්තිය 2001 දක්වා


    ඒක හේතුවක් තමයි පාකිස්තානය.

    අනික වහබ්වාදය

    තලෙයිබාන් ත්‍රස්තවාදියෝ ඇෆ්ගනිස්තානය බලය අල්ලද්දී පස්සෙන් හිටියේ පාකිස්තානය.ලෝකය දන්න විදියට ඔසාමා බිල් ලාඩන් මරාදමනකම් හැංගිලා හිටියෙත් පාකිස්තානය ඇතුලේ.ඔසාමාගේ මරණය ගැන විවිධ කටකතා තියෙනවා.ඇත්තමට මිනිහා මැරුවේ නැහැ කියන අයත් ඉන්නවා.ඇත්තමට ඒ කලේ නාටකයක් නම්,මිනිහා මරන්න කරපු මෙහෙයුමෙන් පස්සේ ඇමෙරිකාව ගැන පාකිස්තානයේ වෛරය තවත් වැඩි වුනේ කොහොමද?

    OB-RY590_1binla_G_20120226023434.jpg

    බින් ලාඩන් ජීවත් වුන පාකිස්තානය තිබ්බ නිවස,පස්සේ මේක කඩලා දානවා

    වහබ්වාදයෙන් ඔලුගෙඩි පිරෙව්වට පස්සේ ඕක පරම්පරාවෙන් පරම්පරාවට යනවා.අවුරුදු 20ක් ගිහිල්ලත් මේ රටට ගැලවීමක් නැත්තේ ඒකයි.මුලින්ම මේකට වගකියන්න ඕනේ සෝවියට් දේශය මම හිතන විදියට.මොකද සෝවියට් ආක්‍රමණය නොවන්නට ඇමෙරිකන්කාරයෝ මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නේ නෑ.ඇමෙරිකන් කාරයෝ තමයි සෝවියට් හමුදාවට එරෙහිව සටන් කරන්න මේ වහබ්වාදී සටන්කාමීන් නිර්මාණය කරන්නේ.උන් තමයි තලෙයිබාන් ත්‍රස්තවාදියෝ විදියට එලියට එන්නේ සෝවියට් හමුදා අයින් වෙලා ගියාට පස්සේ.සෝවියට් ආක්‍රමණයට විරුද්ධව ඇමෙරිකන් කාරයෝ පාවිච්චි කලේ ආගම.තලෙයිබාන් කියන්නේ සුන්නි මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානයක්.

    RonaldReaganTaliban.png

    ඇමෙරිකාව හදපු ඇෆ්ගන් විමුක්ති සටන්කාමීන් ධවල මන්දිරයේ

    අද වෙද්දී තලෙයිබාන් ත්‍රස්තවාදීන් ඇෆ්ගනිස්තානයෙන් සෑහෙන භූමියක් අත්පත් කරගෙන.ඒ කියන්නේ අවුරුදු 20 තිස්සේ වියදම් කරපු ට්‍රිලියනයක ආසන්න මුදල අපතේ ගිහින් නේද..

    e47a18ee08bf405694136d4d4a78a3a0_6.jpeg

    තද නිල් පාටින් තියෙන්නේ තලෙයිබාන් පාලන ප්‍රදේශ


    අන්තිම ට්‍රම්ප් හමුදාවත් අයින් කරගන්න තීරණය කලා.අලුත් ජනාධිපති මේ තීරණය කල් දමයි හුගක් වෙලාවට.

    ඇෆ්ගනිස්තානය කියන්නේ යුද්ධයක් ලේසියෙන් දිනන්න පුලුවන් තැනක් නෙමෙයි.එකක් භූවිෂමතාවය.මේ භූවිෂමතාවය ගරිල්ලා සටන්වලට කදිමයි.

    ඇයි ඉතින් තවමත් ඇමෙරිකාව තමන්ගේ හමුදාව ඇෆ්ගනිස්තානයේ තියාගෙන ඉන්නේ?

    ඇමෙරිකානුවෙක්ගෙන් බලාපොරොත්තු නොවන විදියේ පිළිතුරක් මේකට දෙනවා ලෝරන්ස් විල්කෙර්සන් කියන විශ්‍රාමික ඇමෙරිකානු හමුදා කර්නල්වරයා.මෙයා ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ආණ්ඩුවේ රාජ්‍ය ලේකම් කොලින් පවෙල්ගේ සම්බන්ධීකරකයා විදියට සේවය කරලා තියෙනවා.පවෙල්ව නම් මතක ඇතිනේ.ඉරාකයේ සමූල ඝාතක අවි තියෙනවා කියලා ලෝකෙම ගොනාට අන්දපු ඩයල් එක..

    Colin_Powell_anthrax_vial._5_Feb_2003_at_the_UN.jpg

    ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වුන පළවෙනි අප්‍රිකානු සම්භවය සහිත ඇමෙරිකානුවා.

    ඒ බොරුකාරයා ළඟ හිටිය ඩයල් එකක් කියන දේවල් අපි පිළිගන්න ඕනේද කියලා කෙනෙක් අහයි දැන්.ඒක ඉතින් පොරගේ කතාව අහලම තීරණය කරන්න.

    rw041218_wilkerson.jpg

    කර්නල් ලෝරන්ස්

    කර්නල් ලෝරන්ස් කියන විදියට ඇමෙරිකානු හමුදාව තවත් අවුරුදු 50ක් වත් ඇෆ්ගනිස්තානයේ කඳවුරු බැදගෙන ඉදිවි.ඔහු මෙහෙම කියලා තියෙන්නේ 2017 අවුරුද්දෙදී.ඒකට හේතුව විදියට දෙන්නේ ඇෆ්ගනිස්තානයේ පිහිටීම.

    ඔහු කියනවා,චීනයටයි,රුසියාවටයි විරුද්ධව ඇමෙරිකාවට ක්‍රියාත්මක වෙන්න පුලුවන් එකම ස්ථානය ඇෆ්ගනිස්තානය කියලා.

    2018 අවුරුද්දේ ලෝරන්ස් තවත් කතාවකදී මෙහෙම කියනවා.

    1.ඇමෙරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයේ ඉන්නේ චීනයේ අලුත් සේද මාවතට බාධා කරන්න.සේද මාවත කිව්වේ කියන දැවැන්ත ව්‍යාපෘතියට.මේ ව්‍යාපෘතියට යුද ශක්තියෙන් බලපෑමක් කරන්න ඕනේ නම් ඒකට ගැලපෙනම තැන ඇමෙරිකානු හමුදාව ඉන්නවා කියලා ලෝරන්ස් කියනවා.

    silk-road-one-belt-one-road-02.jpg




    2.අනිත් කාරණය තමයි පාකිස්තානයේ න්‍යෂ්ඨික අවි.මේ වෙද්දී පාකිස්තානය කියන්නේ අස්ථාවර රටක්.වහබ්වාදය,සුන්නි අන්තවාදය හින්දා කෙලෝ ගත්තු රටක්.ත්‍රස්තවාදියෝ අන්තවාදියෝ හදනවා විතරක් නෙමෙයි අපනයනයත් කරනවා.අන්තිමට අනුන්ට කපපු වලේම උන් වැටිලා දැන්.රට පුරා බෝම්බ පුපුරනවා.එහෙම රටක තියෙන න්‍යෂ්ඨික අවි ඉස්ලාමීය අන්තවාදියෝ,ත්‍රස්තවාදියෝ අතට පත් වුනොත් මොන වගේ වෙයිද? කෙනෙක් අහයි 2001ට කලිනුත් ඔහොම අවදානමක් පාකිස්තානයට තියෙන්න ඇතිනේ කියලා.පාකිස්තානය න්‍යෂ්ඨික අවි හදන්න පටන් ගන්නේ 1972 ඉදලා.80 සහ 90 දශකවලදී තමයි න්‍යෂ්ඨික අවි අත්හදා බලන්නේ.හුගක් අත්හදා බැලීම් 90 දශකයේ අග භාගයේදී සිද්ධ කලා කියලා වාර්තා වෙනවා.ඒ කියන්නේ ඇමෙරිකානු ඇෆ්ගන් ආක්‍රමණයත් එක්ක බලද්දී වැඩි කාලයකුත් නෑනේ.විසිවන සියවසේදී පාකිස්තානය අද තරම් අස්ථාවර නෑ කියලා පිළිගන්න වෙනවා.ඉතින් එහෙම රටක න්‍යෂ්ඨික අවි ත්‍රස්තවාදීන්ගේ අතට පත් වුනොත් සිද්ධ වෙන දේ අමුතුවෙන් කියන්න ඕනේද.න්‍යෂ්ඨික ත්‍රස්තවාදයේ යුගය එතනින් පටන් ගනියි.ලෝකේ අස්ථාවරම න්‍යෂ්ඨික අවි සංචිතය තියෙන්නේ පාකිස්තානයේ කියන්න හේතුව ඒකයි.

    map_nuclear2016.jpg




    3.අනෙක් හේතුව තමයි චීනයෙ ෂින්ජියැන් උයුගුර් ස්වයපාලන කලාපයේ මෙහෙයුම් සිද්ධ කරන්න සී අයි ඒ සංවිධානයට ඉඩලැබෙන්නේ ඇමෙරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයේ හිටියොත් තමයි.සිතියමක් අරන් බැලුවොත් පෙනෙයි ඇෆ්ගනිස්තානය චීනයට කොයි තරම් ලගින්ද තියෙන්නේ කියලා.ඔය කිව්ව පලාතේ මුස්ලිම් බෙදුම්වාදයට උදව් කරලා චීනය අස්ථාවර කරන්න මෙහෙයුම් සිද්ධ කරන්න ඕනේ නම් ඇෆ්ගනිස්තානය තමයි හොඳම තැන.ලෝරන්ස් මේකට උදාහරණයක් දෙනවා,ඒ රට තමයි සිරියාව.සිරියාව අස්ථාවර කරන්න පාවිච්චි කලේ සුන්නි මුස්ලිම් බහුතරය.සිරියාවේ යුද්ධය සඳහා ඇමෙරිකාව පාවිච්චි කලේ තුර්කිය ,ජෝර්දානය වගේ අසල්වැසි රටවල්,මේවාත් සුන්නි මුස්ලිම් රටවල්.අපේ රටේත් වැඩිපුරම ඉන්නේ සුන්නි මුස්ලිම් සෙට් එක තමයි.අදටත් තුර්කියේ ත්‍රස්තවාදියෝ පුහුණු කරන කඳවුරු තියෙනවා.මේවායේ පුහුණු කරපු උන් තමයි ලිබියාවට,අසර්බයිජානයට යැව්වේ.මුන්ව ඉන්දියාවටත් යවන කතාවක් පහුගිය කාලේ පැතිරුණා.පකිස්තානේ වැඩේ දැන් එර්ඩොගන් භාර අරන් නේද...අනුන්ට වල කපපු උන්ට ඒ වලේම වැටෙන්න වෙනවා,හොඳම උදාහරණය පාකිස්තානය.මද්‍රාසා පාසල් අටෝලා ඇෆ්ගනිස්තානය විනාශ කලා වගේම,පාකිස්තානයට ඒ ඉරණමම අත් වුනා.තුර්කියේ ඉරණම කොහොම වෙයිද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ.

    uyghur-yarkand-county-kashgar-prefecture-xinjiang-map-aug25-2016.gif
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    pakkonge missile range eke api na welwata indiawatanam baduma thamai nuclear arsenal eka terrorist lage athata watunoth.

    නානලා නම් ගහන්නේ නෑ බන්.. රෝ එක දාලා උන්ම ගස්ස ගත්තොත් තමයි :P
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නානලා නම් ගහන්නේ නෑ බන්.. රෝ එක දාලා උන්ම ගස්ස ගත්තොත් තමයි :P

    kiyanna ba terrorist la athata ochara power ekak awoth un monwa karida kiyala pakkonam lewth gahnne na habai arun alla gathoth nam un game ekak gahnna balai raw eka monwa karath untama nuke nam gassa ganne na.
     
    • Like
    Reactions: kinkon and NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    දන්න තරමින් තලිබාන්ලව හැදුවෙ ඇමරිකාව. හේතුව රුසියාව හදපු මුදහජීන් ලට විරුද්ධව. බොහොම යුරෝපීය ටයිප් මිත්‍රශීලී රටක් විදිහට තිබ්බ ඇෆ්ගනිස්ථානෙ බලේ රුසියාව බැකප් කරපු මුදහජීන්ල අල්ලගත්ත. පස්සෙ ඒක බැලන්ස් කරන්න තලිබාන්ලව හැදුව යූ එස් වලන්. අන්තිමට ජනතාව කබලෙන් ලිපට වැටුන. බොහොම නිදහසේ හිටපු ජාතියන් ආගමික උන්මත්තකයින්ට බලේ පතුරවලා යටකරලා පීඩනයට ලක්කරන්න ඇමරිකාව , රුසියාව සහ ඒ ආපු ප්‍රෙශර් එක හැන්ඩ්ල් කරගන්න බැරිඋන ඒ කාලෙ හිටපු රජය යන හැම අංසෙම දායක උනා...

    මුදහජීන්, තලිබාන්, අල් කයිඩා ආගමික අන්තවාදීන් බලය අල්ලගන්න පෙර ඇෆ්ගනිස්ථානය.

    c0c98ad0b2e6b9304664b4426da1e744.jpg



    1960s-afghanistan.jpg

    afghanistan-1960-bill-podlich-photography-128__880.jpg


    ඔසාම හැංගිලා හිටියෙ පකිස්ථානයේ වසිරිස්ථානය කියන යන්න බොහොම අපහසු, කාන්තාර දුර්ග ආදියෙන් පිරිච්චි පලාතක. අයිති පකිස්ථානෙට කිව්වට ඒක වෙනම රටක් වගෙයි ඇත්තටම. රජයේ නීතියක් නැති කරම්. පරණ ගෝත්‍රික , බෙඩුයින් නීති එක්ක ඒ ගෝත්‍රික . බෙඩුයින් අය තමයි ජීවත් වෙන්නෙ