2024 ගැන මොකද හිතෙන්නේ?
අපි හැමෝම කැමතියි හැමදේම හොඳින් සිදු වෙනවට. තමන් සාර්ථක වෙනවට. දවසක් හරි ජීවිතේ දියුණුවට පත් වෙනවට.
ඒ බලාපොරොත්තු ඔක්කොම මැද්දේ අපි 2024 ට යන්න සූදානමින් හිටියට අපිට හිතන තරම් 2024 ලස්සන නොවෙන්න පුළුවන්. ඒ ඇත්තෙන්ම රට ඇතුලේ අවුලකට වඩා ගෝලීය තත්ත්වය නිසා.
මිනිස්සු ප්‍රශ්න විසඳගන්න එක ක්‍රමයක් තමයි ගහමරා ගන්න එක. නැත්නම් යුද්ධ කරන එක. 2024 බොහෝ විට ලෝකයේ යුද තත්ත්වය උත්සන්න කරන්නක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා.
කාලයක් සාමයෙන් තිබුන ලෝකයේ ඇමෙරිකාව තමයි තනි බලවතා උනේ. හැබැයි දැන් බලවතුන් රාශියක් ඇති වෙලා. ඔවුන් එකිනෙකා පරයා යන්න ලොකු සටනක්. ඇමරිකාව ණය බරින් මිරිකිලා. ඇමෙරිකාවේ වෙළෙඳපොළ අධිකාරිය බිඳිලා. ලොකුම අවුල ඔවුන්ගේ නායකත්ව අර්බුදය. ඇමරිකාවට මේ වෙලාවේ ඉන්න නායකයින්ට රට යුද්ධයකට ගෙන යන්න තරම් හැකියාවක් නෑ. ඔවුන්ට හොඳ ශක්තිමත් නායකත්වයක් නිර්මාණය කර ගන්න පසුබිමකුත් නෑ. ඒක ප්රජාතන්ත්රවාදය ගැන උදම් අනන රාජ්‍යයක මුහුණ දෙන්න තියෙන අමාරු ප්‍රශ්නයක්. ඒ බහුජන කැමැත්තෙන් වඩාත් සුදුස්සා පත් කර ගන්න බැරි කම. ඒ තත්ත්වයට ලෝකයේ අනිත් පැත්තෙන් ෂී ජින් පිං සහ පුටින්. ඉරානයත් ඒ පෙරමුණේ. ඔවුන් බලය අල්ලා ගෙන ඉන්න සාපේක්ෂව ඒකාධිපතියන්. ඔවුන් ප්‍රභලයි, සටන් කාමීන්. ජනතාවට වගකීයන ස්වභාවය අඩුයි. ජනතාවට වෙනස් කළ නොහැකියි. අඩ සියවසක සිට ඇමෙරිකාව අරාබියට කරපු අඩම්තේට්ටම් වලට එරෙහිව ඔවුන් ඕන මොහොතක නැගිටින්න සූදානම්. ඔවුන් සතුව ධන බලය, සහ සටන් කාමී ත්‍රස්තවාදී සංවිධාන තිබෙනවා.
ඇමෙරිකාවේ සහයට ඉන්න නේටෝව, යුරෝපය කාලයක් තිස්සේ එන ආර්ථික අර්බුද වලින් දුර්වල වෙලා. යුරෝපය නියෝජනය කරන ප්‍රභල නායකත්වයක් නැති තරම්. ඔවුන් යුද ශක්තිය අතින් ඇමෙරිකාව මත රඳා පවතිනවා. එංගලන්තය ඉතිහාසයේ නැති තරම් දුර්වල තැනක. ජපානය සහ ඕස්ට්‍රේලියාව සාපේක්ෂව ඇඟ බේර ගන්න ස්වභාවයක් පෙන්නුම් කරන්නේ.
මේ තත්ත්වය එක්ක 2022 සිට එය රුසියානු යූක්‍රේන යුද්ධය, මීට මාස 3 කට පෙර ආරම්භ වූ හමාස්-ඊශ්‍රාය සටන සහ එය කේන්ද්‍ර කර ගනිමින් අරාබිය පුරා සිදු වන ඇමෙරිකාව ප්රමුඛ බටහිරට එරෙහිව සිදු වන සටන ටික ටික අරාබියෙන් එලියට වැක්කෙරෙන්න පටන් අරගෙන. විශේෂයෙන් රතු මුහුදේ සිදු වන හවුතීන්ගේ නැව් ප්‍රහාර ගෝලීය ආර්ථිකයට සෘජුවම බලපෑම් එල්ල කරන්නක්.
මේ හැම යුද්ධයක්ම කෙරෙන්නේ ඇමෙරිකානු බලපෑමට එරෙහිව. ඒ හැම සටන් පෙරමුණකම කෙළවරේ ඉන්නේ ඇමෙරිකාව. අනිත් කෙළවරේ ඉන්නේ ඇමෙරිකානු විරෝධී කඳවුර. පුටින්, ෂී ජින්පිං සහ ඉරානය...
ඉතිං මේක ඉවර වෙන එකක් නෙවෙයි. ආයේ ආයේ පත්තු වෙන එකක්. මේවා එකිනෙකට වෙන් වුන ඒවත් නෙවෙයි. එකිනෙකට බැඳුණු ඒවා. ටිකෙන් ටිකෙන් ඇමෙරිකාව සතු සම්පත් වැය කරගෙන, ඔවුන්ගේ වියදම ඉහළ දාගෙන, ඒකට තවත් ණය අරගෙන ලෝකය පුරා යුද්ධ සමූහයකට ඇමෙරිකාව මැදි වෙනවා. මේ තත්ත්වය කිසිවිටෙක සමනය වෙන්නේ නෑ. ඒක සමනය වෙන්නේ ඇමෙරිකාව දුර්වල වෙලා ලෝක බලවතුන් ලිස්ට් එකේ දෙවැනියට වැටීමෙන් අනතුරුව. ඒ කියන්නේ දෙවැනි ලෝක යුද්ධය දින්නත් තමන්ගේ අධිරාජ්‍ය අහිමි වුන එංගලන්තය වගේ, ඇමෙරිකාව දෙවැනියට වැටෙනවා. ඔය බල හුවමාරුව වෙන්නෙ අනිවාර්යයෙන් උත්සන්න වූ ගෝලීයව පැතිරුණ යුද්ධයක් හරහා. ඒක දැන් පටන් අරගෙන අවුරුදු දෙකක්. 2024 කියන්නේ ඒ ගමනේ තවත් තීරණාත්මක වසරක්.
මේ යුද්ධයෙදී වැදගත්ම සාධකය න්‍යෂ්ටික අවි පාවිච්චි කරයිද කියන එක? ඇත්තෙන්ම මෙච්චර කල් යුද්ධ නොකර ඉන්න හේතුව තමයි න්‍යෂ්ටික බෝම්බ. එකක් ගැහැව්වොත් කොහෙන් කෙළවර වෙයිද කියලා කාටවත් වගවෙන්න බැරි එක. හැබැයි එතනින් එහාට ගිය අවි දැන් ලෝකේ ඇති. 1945 දි හොයා ගත්ත තාක්ෂණය එතනින් ඔබ්බට ගිහින් නෑ කියලා හිතන එක මෝඩ කමක්. ඒ යුද්ධයක් මහ පොළොවෙන් ඔබ්බට ගිහින් අභයවකාශය දක්වා පැතිරුණු එකක් වෙන්න පුළුවන්.
ඒ නිසා අපි ඉන්නේ ගෝලීය ඓතිහාසික මංසන්ධියක. ඒ අර්බුදය 2024 දී තව ත්‍රීවුර වීම හැර සමනය වීමක් විය නොහැකියි.
අපි රටක් විදියට දරුණු අර්බුදයකට පස්සේ ඔළුව උස්සන්න ගත්තා විතරයි. මේ ගෝලීය අස්ථාවරත්වය අපේ ආර්ථිකයටත් සෘජුවම බලපානවා. ඉතිරි කර ගත් සම්පත් නොමැති කම, සංචිත නොමැති කම, ආහාර සුරක්ෂිතතාවය තහවුරු කර ගෙන නැති කම ආදිය අපිට ලොකුවට බලපානවා. ඒ වගේම අර උඩින් කිව්ව වගේම තියෙන දුර්වල නායකත්වය. පවතින නායකත්වය ජනතාව විශ්වාස නොකිරීමත්, එවන් නායකත්වයක් වටා ජනතාව විශ්වාසයෙන් එකතු නොවීමත්, එවන් අවස්ථාවකට සුදුස්සන් පාර්ලිමේන්තුවේ නොමැති වීමත් අපිට තියෙන අභියෝග. මේ සියල්ල ඇතුලේ අපේ රටේ ආර්ථික අස්ථාවරත්වයක් ඇති වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ කියන්නේ ඒ එක්කම දේශපාලන අස්ථාවරත්වයක් ඇති වෙනවා. ඡන්ද තියන්න, ඡන්ද දාන්න බලාගෙන හිටියට අපිට කරන්න වෙන්නේ වෙනම දෙයක් වෙන්න පුළුවන්.
මේ කිසිවක් මෙසේ නොවේවා යන්න මගේම ප්‍රාර්ථනයයි. ඒත් ලෝකයේ ස්වභාවය අනුව ඒක කැරකෙනවා මිසක් අපිට ඕන වංගු ඒ විදියටම යන එකක් නෑ. ඒත් ඒකට මුහුණ දෙනවා ඇර වෙන කරන්න දෙයක් නෑ.
මම ඔබට දෙන එකම පණිවිඩය, ලෝක යුද්ධයක් ඇති වෙන්නෙ නෑම කියන මතයේ පමණක් ඉඳගෙන කටයුතු කරන්න එපා කියන එක. මොකද එහෙම එකක් වෙන්න පොඩි හරි චාන්ස් එකක් තියෙනවා. ප්රශ්නය ඔබ එදාට කොහොමද මුහුණ දෙන්නේ කියන එක.
හිතන්න.
පැතුම් කර්නර් #හරිත