ඇමෙරිකාවේ නිරුවත
ඇමෙරිකාවේ මානව හිමිකම් නිරුවත
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිව සිටි රොබට් බ්ලේක් මානව හිමිකම් ගැන විටින් විට හඬ නගා ඇත. ඒ අතර ලෝකයේ ප්‍රධානතම මානව හිමිකම් රකින්නා යෑයි කියාගන්නා ඇමරිකාව මානව හිමිකම් රකින ආකාරය ඉන්දියාවේ සුපිරි තරුවක් වන ශාරුක් ඛාන් පැය දෙකක් තිස්සේ ඇමරිකාවේ නිව්යෝක් ගුවන් තොටුපලේ රඳවාගෙන ප්‍රශ්න කිරිමෙන් පසක් විය. ඇමරිකාව ශාරුක් ඛාන්ට මෙසේ කළේ ඇයි? මෙයට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු ආගමන විගමන බලධාරීන් පවසන්නේ ශාරුක්ගේ ගමන් මලු අතුරුදන්වීම නිසා ඔහු රඳවා ගත් බවයි. එහෙත් මේ ප්‍රකාශය ශාරුක් ඛාන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත.
"මාත් සමඟ තවත් විස්සක් පමණ මඟීන් කාමරයේ රඳවාගෙන සිටියා. ඔවුන්ගේ ගමන් මලු නැති වී තිබුණේ නැහැ. මගේ නම පරිගණකයේ දුටු විගස ඔවුන් මාව රඳවාගෙන ප්‍රශ්න කළා. එසේම මට දුරකථන ඇමතුමක් ලබා ගැනීමට අවසර දුන්නේ පැය දෙකකට පසුව යෑයි ශාරුක් ඛාන් කියා සිටියේය.
මානව හිමිකම් ගැන හඬ නගන ඇමරිකානු බලධාරීහු ශාරුක් ඛාන්ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට පවා එරටට ඒමට ඉඩ දුන්නේ නැත.
මෙම සිද්ධියේදී ඇමරිකානු මාධ්‍ය ක්‍රියා කළේ කෙසේද? ශාරුක්ට ගුවන් තොටුපලේදී ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවූයේ මුස්ලිම් නමක් නිසා යෑයි ඇමරිකානු මාධ්‍ය කියා සිටියේය.
මෙවැනි දෙයක් සිදුවෙතැයි මා සිතුවේ නැහැ. නමුත් මට නිදහස් වීමට හැකි වූයේ දුරකථන ඇමතුම් කීපයක් ගැනීමෙන් පසුව යෑයි ශාරුක් ඛාන් පැවසීය.
ආගමන විගමන බලධාරින්ගෙන් ශාරුක් නිදහස් වූයේ ඇමරිකාවේ ඉන්දීය තානාපති නිලධාරින්ගේ මැදිහත්වීම නිසාය. ඉන්දීය සුපිරි නළුවාට සිදුවූ මේ අකරතැබ්බය ගැන ඉන්දීය ජනතාවගේ දැඩි විරෝධය මතුවී තිබේ. එක ගුවන් මගියකුගෙන් විනාඩි දහයක් හෝ විස්සක් ප්‍රශ්න කළ හැකියි. එහෙත් පැය දෙකක් තිස්සේ ප්‍රශ්න කිරීම කළේ ඇයි? යෑයි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය පී. චිතම්බරම් සඳහන් කළේය.
ඉන්දීය ආරංචි මාර්ගවලට අනුව ශාරුක් ඛාන්ව මුදාහැරීමට ක්‍රියාකර ඇත්තේ කොන්ග්රස් මන්ත්‍රී රජිව් ශුක්ලා ඇමරිකානු බලධාරීන් අමතා එකී සිද්ධිය ගැන විමසීමෙන් පසුවය.
ඇමරිකාවේ චිකාගෝ නුවර පැවැති මිට් ඇන්ඩ් ග්‍රීට් නමැති සංදර්ශනයට සහභාගිවීම පිණිස ඇමරිකාවට පැමිණි ශාරුක් ඛාන් මේ සිද්ධියෙන් පසු පැවසුවේ තමාට ඇමරිකානු රජයේ සමාව අයෑදීම අවශ්‍ය නැති බවත්, ඉතා ඉක්මනින් සිය රට බලා යැමට කටයුතු කරන බවය.
ශාරුක් ඛාන් පිළිබඳ සිද්ධියේදී ඇමරිකානු බලධාරීන් නිදහසට කරුණු දක්වන්නේ මෙසේය. අපේ අරමුණ සියලුම පුරවැසියන්ව ත්‍රස්තවාදී ක්‍රියාවලින් රැක ගැනීමයි. ඕනෑම සංචාරයකු මෙරටට ඇතුළුවන්නේ නම් පරීක්ෂාවට ලක්වෙනවා." යෑයි ඇමරිකානු රේගු හා දේශසීමා ආරක්ෂක ඒකකයේ ප්‍රකාශක මිල්ටර් කාමෝර් කියා සිටියේය.
ඇමරිකාවට තම රට ත්‍රස්ත ක්රියාවලන් රැක ගැනීමට අවශ්‍ය නම් එම හිමිකම් අනිකුත් රටවලට ද තිබේ. එහෙත් ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් හා මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක් අවතැන් වූවන්ගේ කඳවුරු වසා දමා එහි සිටින පිරිස මුදාහරින්නැයි මෙරට රජයට කියා සිටියි.
ශාරුක් ඛාන් ත්‍රස්තවාදියකු යෑයි සැකකර පැය දෙකක් රඳවාගත් ඇමරිකාවට කොටින් හා සිවිල් ජනතාව රැඳී සිටින අවතැන් කඳවුරු වසන්නැයි ඉල්ලීමට සදාචාරමය හිමිකමක් තිබේද?
රොබට් බ්ලේක් යුද මෙහෙයුම් නතර කිරීමට දැඩි ලෙස උත්සාහ කළ ෙද්‍ර`හී තානාපති නිලධාරියෙකි. ඔහු හා මෙරට කාර්යභාර නිලධාරි ඡේම්ස් මුරේ මෑතකදී ඇමරිකානු ඊළාම්වාදීන් ගෙන්වා රහස් සාකච්ඡාවක් ද පවත්වා ඇත.
මේ නිසා ඇමරිකාව දෙබඩි පිළිවෙතක් අනුගමනය කරන බව පැහැදිලිය.
මේ අතර ශාරුක් ඛාන්ට ඇමරිකානු ආගමන විගමන බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවීමට මුල් වූ කරුණු මෙලෙස සිදුවිය හැකි යෑයි ඉන්දීය මාධ්‍ය විසින් අනුමාන කර ඇත. මේ එම දෙබසයි.
දේශසීමා ආරක්ෂක ඒකකය - ඛාන් මහතාණෙනි, ඔබ මෙරටට ආවේ ඇයි?
ශාරුක් ඛාන් - අග්නිදිග ආසියානු සංදර්ශනයක් ඇමතීමට මට ඇරයුම් කළා.
දේශසීමා ආරක්ෂක ඒකකය - ඒ කුමන සංදර්ශණයක් ද?
ශාරුක් ඛාන් - අග්නිදිග ආසියානු ජනතාව අතර සමගිය පෙන්වන උත්සවයක්.
දේශසීමා ආරක්ෂක ඒකකය - අග්නිදිග ආසියාව - ඒ රටක්ද?
ශාරුක් ඛාන් - ඔව්. ඉන්දියාව, පකිස්තානය, ඇෆ්ගනිස්තානය.
දේශසීමා ආරක්ෂක ඒකකය - පකිස්තානය. ඇෆ්ගනිස්තානය . කරුණාකර කාමරයට යන්න. ඔබගෙන් ප්‍රශ්න කළ යුතුව තිබෙනවා.
ඇමරිකානු බලධාරීහු ඉන්දීය සුපිරි නළුවකු රඳවාගෙන ප්‍රශ්න කළ මුල් අවස්ථාව මෙය නොවේ.
මෙයට පෙර තමිල්නාඩු නළු කමලහසන්වද රඳවාගෙන ප්‍රශ්න කෙරුණි. එහෙත් ඇමරිකාව හඬ නගන්නේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල මානව හිමිකම් ගැන ය. තම පුරවැසියන් රැක ගැනීම සඳහා යෑයි කියමින් ඇමැරිකානු බලධාරීහු එරටට එන සෑම විදේශිකයකුම විමර්ශනයට ලක් කරද්දී කැනඩාවේ හිටපු අගමැති බොබ්රේව කටුනායකදී රඳවා ගැනීම තානාපති අංශවලට බරපතල ප්‍රශ්නයක් ය.