ඇමෙරිකා නාවික හමුදාවේ ජංගම රෝහල් නෞකාව ත&#3530

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඇමෙරිකා නාවික හමුදාවේ ජංගම රෝහල් නෞකාව ත&#3530

    ඇමෙරිකා නාවික හමුදාවේ ජංගම රෝහල් නෞකාව ත්‍රිකුණාමලයට

    ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ජංගම රෝහල් නෞකාව වන ‘යු.එස්.එන්.එස් මර්සි’ නෞකාව ත්‍රිකුණාමල වරයාට අද (25) සේන්දු විය.
    ‘2018 ශාන්තිකර (පැසිෆික්) සහයෝගීතාව’ පැවැත්වීමේ අරමුණින් මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි අතර මැයි මස 8 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳි සිටියි.

    ‘2018 ශාන්තිකර (පැසිෆික්) සහයෝගීතාව’ යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ වෙනත් රටවල හමුදා වෛද්‍යවරුන් හා වෛද්‍ය වෘත්තිකයන් දේශීය ප්‍රජා වෙත ප්‍රතිකාර ලබාදීම ඔවුන් සමඟ වෛද්‍ය පිළිවෙත් හුවමාරු කරගැනීම සහ මෙරට වෛද්‍යවරුන් හා වෛද්‍ය වෘත්තිකයන් සමඟ ඒකාබද්ධව කටයුතු කරනු ඇත.

    ඊට අමතරව ඇමෙරිකාව සහ හවුල්කාර රටවල ජාතික සේවා සාමාජිකයන් ශ්‍රී ලංකාවේ සම සහකරුවන් හා එක්ව මෙරට සිවිල් ඉංජිනේරු ව්‍යාපෘති, මානුෂීය සහාය සැපයීම් සහ ආපදා සහන, සූදානම් පුහුණු සහ මහජනතාව වෙත ගොස් සේවා ලබාදීම වැනි කටයුතුවලද නිරත වීමට නියමිතය.

    ‘යු.එස්.එන්.එස් මර්සි’ නෞකාව අංග සම්පූර්ණ ශල්‍ය මෙහෙයුම් කාමර 12ක්, ඇඳන් 1000කින් සමන්විත වන අතර රෝහල් පහසුකම්, ඩිජිටල් විකිරණ සේවා, වෛද්‍ය රසායනාගාරයක්, ඔසුසලක්, අක්ෂි අංශය පිළිබඳ රසායනාගාරයක්, ස්කෑන් යන්ත්‍රයක්, ඔක්සිජන් නිෂ්පාදන යන්ත්‍ර දෙකකින් සමන්විත වේ. එමෙන්ම විශාල ප්‍රමාණයේ හමුදා හෙලිකොප්ටර් ගොඩබැස්සවීම සඳහා යාත්‍රාංගනයකින් ද මෙම නෞකාව සමන්විතය.

    2018 මෙහෙවර යටතේ මෙම නෞකාව ඉන්දුනීසාය සහ මැලේසියාවේ මෙහෙවර ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකාවට පසු ඉන්දු - ශාන්තිකර (පැසිෆික්) කලාපය තුළ හවුල්කාරීත්ව, මිත්‍ර සබඳතා සහ බහුපාර්ශවීක වියට්නාමය සහ ජපානය වෙත ළඟා වීමට නියමිතය.

    055
    image_899f208cb1.jpg



     
    • Like
    Reactions: donkosala

    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    ඕක හෙන සයිස් බන්.ජැටියට ගන්නත් බෑ.වරාය ඇතුලෙ තියෙන්නෙ