ඇමෙරිකා-රුසියා න්‍යෂ්ඨික අවි සංසන්දනය
එක්සත් ජනපදය සිය න්‍යෂ්ඨික අවි සංචිතය සහ හැකියාව පුළුල් කරගැනීම සහ ශක්තිමත් කරගැනීමට ක්‍රියාකල යුතු යැයි අලුතින් තේරීපත් පත්වූ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය 23දා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබිණි.තවද ඔහු සිය ජනපතිවරණ විවාද වලදී ප්‍රකාශ කර තිබුණු කරුණක් වන්නේ රුසියාව එහි න්‍යෂ්ඨික අවි ප්‍රසාරණය කරගන්නා බවත් අපට වඩා නව හැකියාවක් ඔවුන්ට තිබෙන බවත්ය.
නමුත් සමහරක් විශේෂඥයින්ට අනුව නම් ට්‍රම්ප් ගේ ප්‍රකාශ 100%ක් සත්‍යය නොවේ.නමුත් ඇමෙරිකාව සිය න්‍යෂ්ඨික අවි සංචිත ප්‍රමාණය ඉහළ දැමීමට කටයුතු කල හොත් ගෝලීය න්‍යෂ්ඨික අවි තරඟය වේගවත් කිරීමට සහ වඩාත් නරක අතට හැරවීමටද හේතුවක් වේ.ඒ හරහා යුද්ධයක් ඇතිවීමේ අවදානමද නොසලකා හැරිය නොහැකි බවයි ඔවුන්ගේ අදහස.
කෙසේවෙතත් පසුගිය සමයේ රුසියාව යම් ආකාරයකින් ඇමෙරිකාවේ න්‍යෂ්ඨික ප්‍රහාරක හැකියාව අභිබවා ගියේ යැයි කියන ප්‍රකාශය සම්පුර්ණයෙන්ම අසත්‍යයක් නොවේ.රුසියාව සිය න්‍යෂ්ඨික අවි සංචිතයට වඩාත් සංකීර්ණ,දියුණු සහ බලසම්පන්න අවි පසුගිය සමයේදී එකතු කරගත් බව ලෝකයට රහසක් නොවේ.
රුසියාව ආර් එස්-24 යාර්ස් අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලය හඳුන්වාදුන්නේ 2000 දශකයේ මැද භාගයේදී පමණය.එම මිසයිලය යොදාගෙන එක්සත් ජනපදයේ ඕනෑම තැනකට එකිනෙකට ස්වාධීනව ඉලක්ක කල හැකි න්‍යෂ්ඨික අවි ශීර්ෂ 10ක් යැවිය හැකිය.ගොඩබිම් මූලික අවියක් වන මෙය ජංගම මිසයිල දියත්කරණ හෝ භූගත මිසයිල ගබඩා වල සිට දියත් කරනු ලැබේ.
මෙම න්‍යෂ්ඨික අවි ශීර්ෂ පෘථිවි වායුගෝලයට ඇතුලුවන්නේ අධිධ්වනික වේගයෙනි-තත්ත්පරයට සැතපුම් 5ක වේගයෙන්.චීනයද මේ හා සමාන මිසයිල ප්ලැට්ෆෝම් එකක් නිර්මාණය කර තිබෙන බව සඳහන් වේ(ඩීඑෆ්-41 නමින් හඳුන්වන මෙම මිසයිල චීනයේ ඕනෑම ස්ථානයක සිට ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල කල හැකිය.විශේලේෂකයින්ට අනුව නම් ඩීඑෆ්-41 මිසයිලයට උත්තර ධ්‍රැවය හරහා ගොස් මිනිත්තු 30කදී හෝ පැසිෆික් සාගරය හරහා ගොස් මිනිත්තු කිහිපයකදී ඇමෙරිකාවේ ඉලක්ක 10කට පහරදීමේ හැකියාව තිබේ).
නමුත් මෙම මිසයිල තර්ජනවලින් ආරක්ෂා වීමට ඇමෙරිකාවට කිසිදු ක්‍රමයක් නොමැත.ඔවුන්ට කල හැකිවන්නේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීම පමණි.ඇමෙරිකාව සතුව තිබෙන්නේ මිනිට්මෑන්-3 අන්තර් මහද්වීපික මිසයිලයි.ඒවා දියත් කල පසු නැවත වායුගෝලයට ඇතුල්වන්නේ සුපර්සොනික් වේගයෙනි.නමුත් ගෙන යා හැක්කේ එක් න්‍යෂ්ඨික අවි ශීර්ෂයක් පමණි.මිනිට්මෑන් -3 මිසයිලය 1970 දශකයේදී හඳුන්වා දී තිබේ.
අන්තර් මහද්වීපික මිසයිල නිපදවීමේදී රුසියාව ඇමෙරිකාවට වඩා වෙනස් සැලසුමක් තෝරාගෙන තිබේ.සිය මිසයිල ට්‍රක් රථවල නැංවීම රුසියාවන් වඩාත් ප්‍රිය කරයි.ඇමෙරිකාව සිය මිසයිල භූගත ගබඩාවලට සීමා කර තිබේ.රුසියාව සිය මිසයිල පෙළපාලි වලදී නිතර ප්‍රදර්ශනය කරන්නට උත්සුක වේ.ස්ටැටස්-6 නම් රුසියානු කුරුමිටි සබ්මැරීනයක් සම්බන්ධව තොරතුරු 2015 වර්ෂයේදී හෙළිදරව් විය.මෙය සබ්මැරීනයකට වඩා න්‍යෂ්ඨික බෝම්බයක් සහිත ටෝර්පිඩෝවක් ලෙස හැඳින්වීම නිවැරදිය.වෙරළාශ්‍රිත සතුරු ආර්ථික මර්මස්ථාන වැනසීම මෙම අවියේ නිපදවීමේ අරමුණ ලෙස සඳහන් වේ.ඒ හරහා අදාල ප්‍රදේශය බොහෝ කාලයකට මනුෂ්‍ය වාසයට නුසුදුසු තත්ත්වයකට පත්වේ.ඇමෙරිකානු පාර්ශ්වයට අනුව රුසියානුවන්ට වඩා තමන් න්‍යෂ්ඨික අවි සම්බන්ධව සුපරීක්ෂාකාරී,ප්රදර්ශනවාදී නොවන බව පිරිසකි.
රුසියාවේ විනාශකාරී න්‍යෂ්ඨික අවි හමුවේ ආරක්ෂා වීමට හැකියාවක් ඇමෙරිකාවට නොමැත.රුසියාවේ අන්තර් මහද්වීපික න්‍යෂ්ඨික මිසයිල පෘථිවි කක්ෂයේදී පිපිරී,ආපසු හැරී එකිනෙකට ස්වාධීන අවි ශීර්ෂවලට වෙන්වී සිය ඉලක්ක කර ගමන් කරන්නේ මාච් 23 පමණ වේගයකිනි.නමුත් සිතාගැනීමට පවා අසීරු වේගයකින් සිය රට වෙතට ඇදෙන න්‍යෂ්ඨික අවි ශීර්ෂ 10ක් නවත්වාලීමට හැකි ආරක්ෂක පද්ධතියක් නිර්මාණය කිරීම එක්සත් ජනපදයට පහසු කාර්යයක් නොවේ.මෙම ප්‍රශ්නයට එක් විසදුමක් වන්නේ මිසයිලය වායුගෝලයෙන් ඉවත්ව යෑමට පෙර රුසියානු ගුවන් සීමාව තුලදීම බිම හෙළීමයි.අනෙක් ක්‍රමය අභ්‍යාවකාශයේ තිබෙන චන්ද්‍රිකාවල සිට මිසයිල විනාශ කිරීමයි.
වසරකට ඩොලර් ට්‍රිලියන ගණනින් වියදම් කරනවාට වඩා,අවි තරගය තීව්ර කරනවාට වඩා වෙනස් සැලැස්මක් ඇමෙරිකාව සතුව තිබිණි.එය mutually assured destruction හෙවත් MAD නමින් හැඳින්වීය.අවශ්‍ය වුවහොත් සෝවියට් දේශය මුළුමනින්ම විනාශ කිරීමට ප්‍රමාණවත් න්‍යෂ්ඨික අවි ප්‍රමාණයක් නිපදවීමට ජෝන්.එෆ්.කෙනෙඩි පාලන සමයේදී තීරණය කරන ලදි.වරක් රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් පවසා තිබුණේ රුසියාවට පැය භාගයක් හෝ ඊට අඩු කාලයකදී එක්සත් ජනපදය විනාශ කර දැමිය හැකි බවයි(2011දී).නමුත් එවැනි විනාශයක් සිය රටට අත්කර දෙන තෙක් ඇමෙරිකාව ප්‍රතික්‍රියාවක් නොදක්වා සිටියි යන්න විහිළුවකි.
න්‍යෂ්ඨික අවි සහිත රටවල් බොහොමයක් ඒවා සතුරු රටවලට එල්ල කිරීමේ ප්‍රධාන ක්‍රම 3ක් භාවිතා කරයි.පළමුවැන්න ගොඩබිම සිට මිසයිල දියත් කිරීමයි.බොහොමයක් රටවල් භාවිතා කරන්නේ මෙම ක්‍රමයයි.ඇමෙරිකාව,චීනය යන රටවල් බහුලවම භූගතව සිය මිසයිල දියත්කරණ පද්ධති පවත්වාගෙන යයි.රුසියාව ට්‍රක් රථවල මිසයිල රැදවීමට වැඩි ආශාවක් දක්වයි.මන්ද මෙම ජංගම රථ සතුරන්ට අනාවරණය කරගැනීම පහසුනොවන නිසා සහ පහසුවෙන් ,වේගයෙන් මිසයිල තැනින් තැනට ගෙන යා හැකි නිසාය.ඊට අමතරව සෝවියට් දේශය පැවති සමයේ භාවිතා කල දුම් රිය මාර්ග යොදාගෙනද න්‍යෂ්ඨික මිසයිල ප්‍රවාහනය කරයි.දෙවැන්න ගුවනින් ප්‍රවාහනය කිරීමයි.මේ ක්‍රමය අතින් වඩාත් ඉදිරියෙන් සිටින්නේ එක්සත් ජනපදයයි.මන්ද ඔවුන්ගේ බී-2 නම් ස්ටෙල්ත් බෝම්බ හෙළන යානය සතුරු රේඩාර් පද්ධතිවලට අනාවරණය නොවී ලබාදුන් ඉලක්කයට බෝම්බය හෙළා පැමිණීමේ හැකියාවෙන් යුක්ත වන නිසාය.එවැනි ගුවන් යානයක් රුසියාව සතුව හෝ නොමැත.අනෙක් න්‍යෂ්ඨික බලවතුන් සාම්ප්‍රදායික බෝම්බ හෙළන යානා මෙම කාර්යය සඳහා භාවිතා කරයි.තුන්වැනි ක්‍රමය සබ්මැරීන ඔස්සේ මිසයිල දියත් කිරීමයි.මේ සඳහා බහුලවම භාවිතා කරන්නේ න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක සබ්මැරීනයි.රුසියාව සහ ඇමෙරිකාව මෙම ප්ලැට්ෆෝම් එක සම්බන්ධව කෙළ පැමිණ තිබේ.
Source:businessinsider.com
-HarshaLulzSec-

ආර්-36එම්(එස් එස්-18 සාතන්)මිසයිලය-රුසියාව සතු ලොව විශාලතම අන්තර්මහද්වීපික න්‍යෂ්ඨික අවි ගෙන යන මිසයිලය
නමුත් සමහරක් විශේෂඥයින්ට අනුව නම් ට්‍රම්ප් ගේ ප්‍රකාශ 100%ක් සත්‍යය නොවේ.නමුත් ඇමෙරිකාව සිය න්‍යෂ්ඨික අවි සංචිත ප්‍රමාණය ඉහළ දැමීමට කටයුතු කල හොත් ගෝලීය න්‍යෂ්ඨික අවි තරඟය වේගවත් කිරීමට සහ වඩාත් නරක අතට හැරවීමටද හේතුවක් වේ.ඒ හරහා යුද්ධයක් ඇතිවීමේ අවදානමද නොසලකා හැරිය නොහැකි බවයි ඔවුන්ගේ අදහස.
2015 මොස්කව් විජයග්‍රාහී පෙළපාලියට එක් කර තිබූ ආර් එස්-24 යාර්ස් අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයක් සහ ප්‍රවාහනය කරන ට්‍රක් රථය
කෙසේවෙතත් පසුගිය සමයේ රුසියාව යම් ආකාරයකින් ඇමෙරිකාවේ න්‍යෂ්ඨික ප්‍රහාරක හැකියාව අභිබවා ගියේ යැයි කියන ප්‍රකාශය සම්පුර්ණයෙන්ම අසත්‍යයක් නොවේ.රුසියාව සිය න්‍යෂ්ඨික අවි සංචිතයට වඩාත් සංකීර්ණ,දියුණු සහ බලසම්පන්න අවි පසුගිය සමයේදී එකතු කරගත් බව ලෝකයට රහසක් නොවේ.
ඇමෙරිකාව සතු මින්ට්මෑන්-3 මිසයිලයක් භූගත ගබඩාවක තිබෙන අයුරු(1989)
රුසියාව ආර් එස්-24 යාර්ස් අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලය හඳුන්වාදුන්නේ 2000 දශකයේ මැද භාගයේදී පමණය.එම මිසයිලය යොදාගෙන එක්සත් ජනපදයේ ඕනෑම තැනකට එකිනෙකට ස්වාධීනව ඉලක්ක කල හැකි න්‍යෂ්ඨික අවි ශීර්ෂ 10ක් යැවිය හැකිය.ගොඩබිම් මූලික අවියක් වන මෙය ජංගම මිසයිල දියත්කරණ හෝ භූගත මිසයිල ගබඩා වල සිට දියත් කරනු ලැබේ.
චීනයේ ඩීඑෆ්-41 මිසයිලය
මෙම න්‍යෂ්ඨික අවි ශීර්ෂ පෘථිවි වායුගෝලයට ඇතුලුවන්නේ අධිධ්වනික වේගයෙනි-තත්ත්පරයට සැතපුම් 5ක වේගයෙන්.චීනයද මේ හා සමාන මිසයිල ප්ලැට්ෆෝම් එකක් නිර්මාණය කර තිබෙන බව සඳහන් වේ(ඩීඑෆ්-41 නමින් හඳුන්වන මෙම මිසයිල චීනයේ ඕනෑම ස්ථානයක සිට ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල කල හැකිය.විශේලේෂකයින්ට අනුව නම් ඩීඑෆ්-41 මිසයිලයට උත්තර ධ්‍රැවය හරහා ගොස් මිනිත්තු 30කදී හෝ පැසිෆික් සාගරය හරහා ගොස් මිනිත්තු කිහිපයකදී ඇමෙරිකාවේ ඉලක්ක 10කට පහරදීමේ හැකියාව තිබේ).
නමුත් මෙම මිසයිල තර්ජනවලින් ආරක්ෂා වීමට ඇමෙරිකාවට කිසිදු ක්‍රමයක් නොමැත.ඔවුන්ට කල හැකිවන්නේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීම පමණි.ඇමෙරිකාව සතුව තිබෙන්නේ මිනිට්මෑන්-3 අන්තර් මහද්වීපික මිසයිලයි.ඒවා දියත් කල පසු නැවත වායුගෝලයට ඇතුල්වන්නේ සුපර්සොනික් වේගයෙනි.නමුත් ගෙන යා හැක්කේ එක් න්‍යෂ්ඨික අවි ශීර්ෂයක් පමණි.මිනිට්මෑන් -3 මිසයිලය 1970 දශකයේදී හඳුන්වා දී තිබේ.
ස්ටැටස්-6 ටෝර්පිඩෝවක්
අන්තර් මහද්වීපික මිසයිල නිපදවීමේදී රුසියාව ඇමෙරිකාවට වඩා වෙනස් සැලසුමක් තෝරාගෙන තිබේ.සිය මිසයිල ට්‍රක් රථවල නැංවීම රුසියාවන් වඩාත් ප්‍රිය කරයි.ඇමෙරිකාව සිය මිසයිල භූගත ගබඩාවලට සීමා කර තිබේ.රුසියාව සිය මිසයිල පෙළපාලි වලදී නිතර ප්‍රදර්ශනය කරන්නට උත්සුක වේ.ස්ටැටස්-6 නම් රුසියානු කුරුමිටි සබ්මැරීනයක් සම්බන්ධව තොරතුරු 2015 වර්ෂයේදී හෙළිදරව් විය.මෙය සබ්මැරීනයකට වඩා න්‍යෂ්ඨික බෝම්බයක් සහිත ටෝර්පිඩෝවක් ලෙස හැඳින්වීම නිවැරදිය.වෙරළාශ්‍රිත සතුරු ආර්ථික මර්මස්ථාන වැනසීම මෙම අවියේ නිපදවීමේ අරමුණ ලෙස සඳහන් වේ.ඒ හරහා අදාල ප්‍රදේශය බොහෝ කාලයකට මනුෂ්‍ය වාසයට නුසුදුසු තත්ත්වයකට පත්වේ.ඇමෙරිකානු පාර්ශ්වයට අනුව රුසියානුවන්ට වඩා තමන් න්‍යෂ්ඨික අවි සම්බන්ධව සුපරීක්ෂාකාරී,ප්රදර්ශනවාදී නොවන බව පිරිසකි.
ලෝක විනාශ අවි නොමැතිව එක්සත් ජනපදය,රුසියාව නවතාලන්නේ කෙසේද?
රුසියාවේ විනාශකාරී න්‍යෂ්ඨික අවි හමුවේ ආරක්ෂා වීමට හැකියාවක් ඇමෙරිකාවට නොමැත.රුසියාවේ අන්තර් මහද්වීපික න්‍යෂ්ඨික මිසයිල පෘථිවි කක්ෂයේදී පිපිරී,ආපසු හැරී එකිනෙකට ස්වාධීන අවි ශීර්ෂවලට වෙන්වී සිය ඉලක්ක කර ගමන් කරන්නේ මාච් 23 පමණ වේගයකිනි.නමුත් සිතාගැනීමට පවා අසීරු වේගයකින් සිය රට වෙතට ඇදෙන න්‍යෂ්ඨික අවි ශීර්ෂ 10ක් නවත්වාලීමට හැකි ආරක්ෂක පද්ධතියක් නිර්මාණය කිරීම එක්සත් ජනපදයට පහසු කාර්යයක් නොවේ.මෙම ප්‍රශ්නයට එක් විසදුමක් වන්නේ මිසයිලය වායුගෝලයෙන් ඉවත්ව යෑමට පෙර රුසියානු ගුවන් සීමාව තුලදීම බිම හෙළීමයි.අනෙක් ක්‍රමය අභ්‍යාවකාශයේ තිබෙන චන්ද්‍රිකාවල සිට මිසයිල විනාශ කිරීමයි.
ඇමෙරිකානු මිසයිල ආරක්ෂණ පද්ධතියක්.නමුත් මේවා යොදාගෙන සම්පුර්ණ මහද්වීපයක්ම අධිධ්වනි මිසයිල දහස් ගණනකින් රැකගැනීම කල නොහැක්කකි.
වසරකට ඩොලර් ට්‍රිලියන ගණනින් වියදම් කරනවාට වඩා,අවි තරගය තීව්ර කරනවාට වඩා වෙනස් සැලැස්මක් ඇමෙරිකාව සතුව තිබිණි.එය mutually assured destruction හෙවත් MAD නමින් හැඳින්වීය.අවශ්‍ය වුවහොත් සෝවියට් දේශය මුළුමනින්ම විනාශ කිරීමට ප්‍රමාණවත් න්‍යෂ්ඨික අවි ප්‍රමාණයක් නිපදවීමට ජෝන්.එෆ්.කෙනෙඩි පාලන සමයේදී තීරණය කරන ලදි.වරක් රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් පවසා තිබුණේ රුසියාවට පැය භාගයක් හෝ ඊට අඩු කාලයකදී එක්සත් ජනපදය විනාශ කර දැමිය හැකි බවයි(2011දී).නමුත් එවැනි විනාශයක් සිය රටට අත්කර දෙන තෙක් ඇමෙරිකාව ප්‍රතික්‍රියාවක් නොදක්වා සිටියි යන්න විහිළුවකි.
හිටපු ජනපති ජෝන් එෆ්.කෙනඩි කියුබානු මිසයිල අර්බුදය සමයේ
න්‍යෂ්ඨික අවි සහිත රටවල් බොහොමයක් ඒවා සතුරු රටවලට එල්ල කිරීමේ ප්‍රධාන ක්‍රම 3ක් භාවිතා කරයි.පළමුවැන්න ගොඩබිම සිට මිසයිල දියත් කිරීමයි.බොහොමයක් රටවල් භාවිතා කරන්නේ මෙම ක්‍රමයයි.ඇමෙරිකාව,චීනය යන රටවල් බහුලවම භූගතව සිය මිසයිල දියත්කරණ පද්ධති පවත්වාගෙන යයි.රුසියාව ට්‍රක් රථවල මිසයිල රැදවීමට වැඩි ආශාවක් දක්වයි.මන්ද මෙම ජංගම රථ සතුරන්ට අනාවරණය කරගැනීම පහසුනොවන නිසා සහ පහසුවෙන් ,වේගයෙන් මිසයිල තැනින් තැනට ගෙන යා හැකි නිසාය.ඊට අමතරව සෝවියට් දේශය පැවති සමයේ භාවිතා කල දුම් රිය මාර්ග යොදාගෙනද න්‍යෂ්ඨික මිසයිල ප්‍රවාහනය කරයි.දෙවැන්න ගුවනින් ප්‍රවාහනය කිරීමයි.මේ ක්‍රමය අතින් වඩාත් ඉදිරියෙන් සිටින්නේ එක්සත් ජනපදයයි.මන්ද ඔවුන්ගේ බී-2 නම් ස්ටෙල්ත් බෝම්බ හෙළන යානය සතුරු රේඩාර් පද්ධතිවලට අනාවරණය නොවී ලබාදුන් ඉලක්කයට බෝම්බය හෙළා පැමිණීමේ හැකියාවෙන් යුක්ත වන නිසාය.එවැනි ගුවන් යානයක් රුසියාව සතුව හෝ නොමැත.අනෙක් න්‍යෂ්ඨික බලවතුන් සාම්ප්‍රදායික බෝම්බ හෙළන යානා මෙම කාර්යය සඳහා භාවිතා කරයි.තුන්වැනි ක්‍රමය සබ්මැරීන ඔස්සේ මිසයිල දියත් කිරීමයි.මේ සඳහා බහුලවම භාවිතා කරන්නේ න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක සබ්මැරීනයි.රුසියාව සහ ඇමෙරිකාව මෙම ප්ලැට්ෆෝම් එක සම්බන්ධව කෙළ පැමිණ තිබේ.
ඇමෙරිකානු න්‍යෂ්ඨික ත්‍රිකය
න්‍යෂ්ඨික ත්‍රිකය නමින් හඳුන්වන මෙම ක්‍රම තුන අතින් ඇමෙරිකා එක්සත් ජනපදය රුසියාවට වඩා ඉදිරියෙන් සිටියි.ඒ නිසා රුසියාවෙන් ඇමෙරිකාවට න්‍යෂ්ඨික අවි ප්‍රහාරයක් එල්ල වුවහොත් එහි ප්‍රතිවිපාකද ඒ හා සමාන බවට සැකයක් නැත.
Source:businessinsider.com
-HarshaLulzSec-