ඇඹිලිපිටියේදී මුස්ලිම් වෙළෙඳුන් පැන්නී&#
ඇඹිලිපිටියේදී මුස්ලිම් වෙළෙඳුන් පැන්නීම ගැන පූර්ණ පරීක්ෂණයක්
භික්ෂුන් වහන්සේ කිහිප නමක් විසින් මුස්ලිම් ජාතික වෙළෙඳුන් දෙදෙනකුට ඇඹිලිපිටිය වෙළෙඳපොළේ වෙළෙඳාමට ඉඩ නොදී පලවා හැරීම හා ඊට පසු ඇති වූ සිදුවීම් ගැන පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සබරගමුව පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියම කර ඇත.
පෙරේදා (23දා) මෙම සිද්ධියත්, එක්තරා පිරිසක් හලාල් භාණ්ඩ වර්ජනය කරන්නැයි ඉල්ලා ඊයේ (24දා) ඇඹිලිපිටියේ උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමා කළ පැමිණිල්ලකට අනුව ආරක්ෂක ලේකම්වරයා මේ පියවර ගත් බව නාගරික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ.එච්.එම්. ෆවුසි මහතා පැවසීය.
‘මේ මුස්ලිම් ජාතික වෙළෙඳුන් දෙදෙනා සමෘද්ධිලාභීන්ය. ඔවුන් සමෘද්ධියෙන් ලැබෙන මුදලින් සුළු වෙළෙඳාමක් කරගෙන ජීවත් වුණා. එක්තරා පිරිසක් ඔවුන් දෙදෙනාට පහරදී පන්නා දමා තිබෙනවා. ජාතික සමගිය අවශ්‍ය අවස්ථාවක සමහරු තිබෙන සමගිය නැති කරන්න හදනවා. මේ දෙදෙනා හා එහි අනෙක් පිරිස ඉතා සමගියෙන් සිටින බව දැනගෙන, ඊයේ තවත් කණ්ඩායමක් හලාල් වර්ජනය කරන ලෙස උද්ඝෝෂණය කර තිබෙනවා.’ යයිද ඒ මහතා පැවසීය.
source: LCN

..